මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?

මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills or COCP) යනු ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වන අතර, එහි කාන්තා හෝමෝන වර්ග දෙකක් වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් (Oestrogen and progestogen) වල මිශ්‍රණයක් අඩංගු වේ. එය පහසුවෙන් භාවිතා කලහැකි පවුල් සැලසුම් ක්‍රමයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින ‘මිතුරි‘ පෙති මේ සඳහා උදාහරණයකි. මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති 99% ක සාර්ථකත්වයක් ඇති පවුල් සැලසුම් ක්‍රමයක් වේ. එය තරුණ, සෞඛ්‍ය සම්පන්න කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිත වන අතර, ලිංගික එක්වීමට බාධා ඇති නොකරයි.     බොහෝ මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති පැකට්ටුවල හෝමෝන අඩංගු පෙති 21 ක් සහ යකඩ අඩංගු පෙති 7…


පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!

ගැබ් ගැනීම වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම සඳහා විශේෂිත ක්‍රමයක් හෝ උපකරණයක් භාවිතා කිරීම පවුල් සැලසුම් කිරීම ලෙස හැඳින්වේ. පවුල් සැලසුම් කිරීම, මානවයා විසින් වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කරන ලද ක්‍රමවේදයකි. ඇතැම් අය එකවර පවුල් සැලසුම් ක්‍රම එකකට වඩා භාවිතා කරන අවස්ථාවන්ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, පවුල් සැලසුම් පෙති භාවිතා කරන අතරතුර, කොන්ඩම් භාවිතා කිරීම දැක්විය හැක. පවුල් සැලසුම් ක්‍රම වලින් සමහරක්, සමාජයේ වෙසෙන ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කලහැකි අතර, ඇතැම් ඒවා භාවිතා කල හැක්කේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණි. කෙසේ වෙතත්, සමාජයේ වෙසෙන සාඵල්‍ය (Fertile) පුද්ගලයන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව එතරම් දැනුමක් නොමැත. එය ඇතැම් පවුල්…


ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්

මෙලොව ලැබිය හැකි උතුම්ම ලාභය සුවපත්බව හෙවත් සෞඛ්‍යය ලෙස හැඳින්විය හැක. සුවැති දිවියක් ගතකිරීමට අකමැති අයෙක් මිහිතලය මත සිටීනම්, එය පුදුමයක් වනු නොඅනුමානය. මක්නිසාද, සැවොම සෞඛ්‍ය සම්පන්නව තම ජීවිතය ගතකිරීමට කැමතිය. නමුත්, අපගේ ජීවිතයේ විවිධ කාල වලදී, අපගේ සෞඛ්‍යයට යම් යම් තර්ජණ ඇතිවීම වැළැක්විය නොහැකි වේ. කෙසේවුවත්, යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම හා පවත්වා ගැනීම, සහ අයහපත් පුරුදු වලින් වැළකීම මගින්, සුවැති දිවියක් ගතකිරීමට අපට හැකියාව ලැබේ. ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක් මෙම ලිපිය මගින් පැහැදිළි කෙරේ. කල්තබා ගත් හෝ පරණ වූ ආහාර වෙනුවට, හැකි සෑමවිටම අලුත් සහ නැවුම් ආහාර තෝරාගන්න. වැඩිපුර කොළ පැහැ එළවළු, පළතුරු, කුරුට්ට සහිත…


දණහිසේ ආත්‍රයිටිස් වලට ව්‍යායාම මගින් ප්‍රතිකාර

යම් සන්ධියක ඇතිවන ප්‍රදාහයක් (Inflammation) හේතුවෙන්, එම සන්ධියේ වේදනාව, ඉදිමීම, සහ චලනය කිරීමට අපහසුතාවයක් ඇතිවීම ආත්‍රයිටිස් (Arthritis) ලෙස හැඳින්වේ. වයස අවුරුදු 55 ට වඩා වැඩි පුද්ගලයන් දුබලතාවයට පත්කරන හේතූන් අතර ප්‍රධානතම හේතුවක් ලෙස ආත්‍රයිටිස් හැඳින්විය හැක. ආත්‍රයිටිස් තත්ත්වයේදී, අදාළ සන්ධිය සහ එය චලනය කිරීමට උපකාරී වන මාංශ පේශි වල වේදනාව, දුර්වල වීම, සහ තද ස්වභාවයක් ඇතිවීම සිදුවේ. මෙම ලිපිය මගින්, දණහිසේ ආත්‍රයිටිස් වලට ව්‍යායාම මගින් ලැබෙන ප්‍රතිලාභ මොනවාදැයි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ. දණහිසේ ආත්‍රයිටිස් තත්ත්වය ඇතිවීම නිසා, දණහිස් සන්ධිය සහ චතුර්මුර්ධකය (Quadriceps) නැමැති මාංශ පේශිය දුර්වල වීම, වේදනාකාරී වීම, ඉදිමීම, සහ තද ස්වභාවයක් ගැනීම සිදුවේ. මෙම මාංශ පේශිය, දණහිස චලනය…


දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක. ශරීරයේ සීනි පාලනය කිරීමේ හැකියාව දුර්වල වූ (Impaired glucose tolerance) අය, ආහාර ගන්නා රටාව වෙනස් කිරීම සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ආදිය අනුගමනය කලහොත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම වළක්වා ගත හැක. සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගෙන එය පවත්වා ගන්න. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්…


සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.

ශරීරයේ ක්‍රියාකාරීත්වයටත්, මානසික හා කායික වර්ධනයටත් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. අප ඒවා ලබාගන්නේ ආහාර මගිනි. අප කෑමට ගන්නා ඕනෑම ආහාරයක පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් විවිධ ප්‍රමාණ වලින් ඇතිමුත්, එක් ආහාරයක සියළු පෝෂ්‍ය පදාර්ථයක්ම අන්තර්ගත නොවේ. එමනිසා, අපගේ ශරීරයට අවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබාගැනීම සඳහා දිනපතා විවිධ ආහාර ගත යුතුවේ. එනම්, ආහාර වල විවිධත්වයක් පවත්වා ගත යුතුය. මෙලෙස සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අවශ්‍ය ප්‍රමාණවලින් අඩංගු ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලෙස හැඳින්වේ. සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්නේ කෙසේද? ආහාරයේ විවිධත්වය ඇතිකර, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් සකසා ගැනීම සඳහා ආහාර කාණ්ඩ හයකට බෙදා ඇත. සෑම කාණ්ඩයකම ආහාර වර්ග අඩංගු…


ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ කෙසේද?

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම, හදවත් රෝග වලදී ඇතිවන රෝග ලක්ෂණයකි. එය පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තද ස්වභාවයක්, තද කිරීමක්, හෝ බර ස්වභාවයක් වැනි වේදනාවක් ලෙස හටගනී. එම වේදනාව බාහු වල ඇතුළු පැත්තට සහ/හෝ හකු ප්‍රදේශය හෝ ගෙල දෙසට පැතිරිය හැක. ඇන්ජයිනා තත්ත්වය, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් වේ. දැඩි වේදනාවක් ඇතිවුවහොත්, ඒ සමග බිය, අධික දහඩිය දැමීම, සහ හුස්ම ගැනීමේ අපහසුව ද ඇතිවනු දැකිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ ඇයි සහ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. සාමාන්‍යයෙන්, ඇන්ජයිනා තත්ත්වය මතුවන්නේ කායිකව වෙහෙසීමකදී හෝ මානසිකව උද්වේගයක් ඇතිවූ අවස්ථාවකදීය. එම වේදනාව මදක් විවේක ගත්විට…


ස්ථුලභාවය සහ ආහාර පාලනය

ස්ථුලභාවයෙන් මිදීම සඳහා ආහාර පාලනය අත්‍යාවශ්‍ය සාධකයකි. එදිනෙදා කැලරි භාවිතය අඩු කිරීම මත එය රඳා පවතී. ස්ථුලභාවය පාලනය සඳහා යොදාගන්නා බොහොමයක් ආහාර සැලසුම් (Diet plans) වලින්, දිනකට ආහාර මගින් ගන්නා කැලරි ප්‍රමාණය 1000 කට පමණ සීමා කිරීම සිදුකරයි. දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්නෙකුට නම් එම අගය කැලරි 1500 ක් පමණ වේ. ඇතැම් පෝෂණවේදීන්, කෙටි කාලයකට පමණක් සීමාවූ, කැලරි ප්‍රමාණය අතිශයින්ම සීමා කරන ආහාර සැලසුම් නිර්දේශ කරයි. කෙසේ වුවත්, ඕනෑම ආහාර සැලසුමක්, ජීවන රටාවේ වෙනස්කම් (Lifestyle modifications) සමග එකතු කර ක්‍රියාත්මක නොකරයි නම්, නැවත ශරීරයේ බර වැඩිවීම වැළැක්වීමට අපහසු වේ. ඔබට වැඩි ප්‍රමාණයක් අමතර මේදය දහනය කිරීමට අවශ්‍ය නම්, ඔබේ ආහාර…


පිහිනීම නිසා ඔබේ සෞඛ්‍යයට ඇතිවන වාසි

පිහිනීම ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වුවත්, මෑත කාලයේදී එය ජනප්‍රිය වෙමින් පවතී. බොහොමයක් අය පිහිනීමට යොමු නොවන්නේ ජලයට ඇති බිය, දෙමව්පියන් අවසර නොදීම, අසනීප වේ යැයි ඇති බිය ආදී කාරණා නිසාවෙනි. නමුත්, නිතිපතා පිහිනීම මගින් සෞඛ්‍යයට ඇතිවන වාසි බොහොමයක් පවතී. වාසනාවකට මෙන්, පිහිනීමට කුඩා දරුවන් යොමුවීම සහ යොමුකිරීම ක්‍රමයෙන් වැඩිවීම දක්නට ලැබේ. පිහිනීම සඳහා වයස් බේදයක් නොපවතී. කුඩා, තරුණ, මැදිවිය, සහ මහළු යන වයස් කාණ්ඩ වල ඕනෑම අයෙකුට පිහිනීම සඳහා යොමුවීමට පුළුවනි. පිහිනීම යනු ඉතා හොඳ ශාරීරික ක්‍රියාකාරකමක්. මක්නිසාද, එහිදී ඔබට ජලයේ ඇති ප්‍රතිරෝධයට එරෙහිව ශරීරය චලනය කරන්න සිදුවේ. ගොඩබිම ශාරීරික ක්‍රියාකාරකම් කරනවාට වඩා 12%-14% ක වැඩි…


සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගත යුත්තේ කෙසේද?

ඇතැම් අය මස්, මාළු, කිරි, සහ බිත්තර වැනි සත්ත්වමය ආහාර කිසිවක් අනුභව කරන්නේ නැහැ. සමහරවිට, එයට හේතුව වන්නේ සමහර ආගමික අදහස් සහ විශ්වාස පැවතීමයි. ඇතැම්විට, සත්ත්වමය ආහාර ප්‍රිය නොකිරීම නිසාත් මෙය සිදුවෙනවා. කෙසේ වුවත්, සත්ත්වමය ආහාර නොගැනීම නිසා, වැඩි ගුණාත්මක බවකින් යුතු ප්‍රෝටීන ලබාගැනීමට ඇති පහසු මගක් මගහැරී යනවා.මෙම ලිපියෙහි අරමුණ ආගමික විශ්වාස හෝ එක් එක් අයගේ රුචිකත්වය අභියෝගයට ලක්කිරීම නොවේ. සත්ත්වමය ආහාර වලින් තොරව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාගන්නේ කොහොමද යන්න සත්ත්වමය ආහාර කිසිවක් නොගන්නා අයටත් ගැටළුවක් වෙලා ඇති. ඇත්තටම, සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගන්නේ කොහොමද? සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන, සෞඛ්‍ය සම්පන්න අයෙකුට ඔහුගේ හෝ ඇයගේ බර කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම්…


ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

අනාගතයේදී, මාරාන්තික හෘදයාබාධයක් වැළඳීමට අවදානමක් ඇතිබවට අනතුරු හැඟවීමේ සංඥාවක් හෙවත් රෝග ලක්ෂණයක් ලෙස ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම හැඳින්විය හැක. පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තදවීමක්, බර ස්වභාවයක්, හෝ තද කිරීමක් ලෙස දැනෙන වේදනාවක් ඇන්ජයිනා ලෙස හැඳින්වේ. එම වේදනාව පපුව මැද ප්‍රදේශයේ සිට ගෙල, යටි හණුව, සහ/හෝ අත්වල ඉහළ බාහුවේ ඇතුළු පැත්තට පැතිරිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් විය හැක. තද වේදනාවක් ඇතිවුවහොත්, බිය, හුස්ම ගැනීමේ අපහසුව, සහ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ද ඇතිවිය හැක. මෙම ඇන්ජයිනා නැමැති පපුවේ වේදනාව, කායිකව වෙහෙසීම, කෝපය, මානසිකව උද්වේගයක් ඇතිවීම, ආහාර ගැනීම, සීතල, සහ සුලං සහිත පරිසරයක…


දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?

ඔබ සිඟිති දරුවෙකු ලබාගැනීමට සිහින මවනවා විය හැක. දුම්පානය ඔබේ සිහිනය බොඳ කිරීමට සමත් බව ඔබ දන්නවාද? එනම්, දුම්පානය ඔබ නිසරු කිරීමට හේතුවේ. දුම්පානය කිරීම ඔබේ සරුභාවයට සැලකිය යුතු හානියක් කරන අතර, එමගින් කාන්තා ඔබ ගර්භණීභාවයට පත්වීම වැළැක්වීමට එයට හැකියාව ලැබේ. ඔබ ගර්භණීභාවයට පත්වුවත්, සාර්ථකව දරු උපත දක්වා ගමන් කිරීමට දුම්පානය ඔබට බාධා ඇතිකරයි. සක්‍රීය සහ අක්‍රීය දුම්පානය (Active and passive smoking) යන දෙකම එකසේ ඔබේ සරුභාවයට හානිකරයි. එනම්, කාන්තාවක් වන ඔබ දුම්පානය කලත්, ඔබගේ සැමියා හෝ පවුලේ වෙනත් අයෙක් දුම්පානය කලත් ඔබගේ සරුභාවයට හානි සිදුවේ. ඒ සඳහා, ඔබගේ සැමියා හෝ පවුලේ වෙනත් අයෙකු ඔබ අසල දුම්පානය කිරීමටම අවශ්‍ය නොවේ….


පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ. ඔබේ පියයුරු වල මෑතකදී ඇතිවූ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, එය පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වීමට ඉඩ ඇති බැවිනි. පියයුරෙහි ඇතිවන සෑම වෙනස්කමක්ම හෝ ගැටිත්තක්ම පියයුරු පිළිකාවක් නොවේ. නමුත්, ඇතැම්විට එවැනි වෙනස්කමක් හෝ ගැටිත්තක් පියයුරු පිළිකාවක් විය හැක. එමනිසා, පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න. පියයුරු පිළිකාවක් වැළඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද? වයස්ගත වීමත් සමග පියයුරු පිළිකා අවදානම වැඩිවේ. පියයුරු තද ස්වභාවයක් ගන්නා කාන්තාවන් පියයුරේ වෙනත් රෝග පිළිබඳ පෙර රෝග ඉතිහාසයක් ඇති කාන්තාවන් පියයුරු…