මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද?

ඩෙංගු

ඩෙංගු රෝගය වැළැක්වීමට දායක වීම අප සැවොම සතු යුතුකමක් මෙන්ම, වගකීමකි. එමනිසා, අපි සැවොම ඒ සඳහා පෙළ ගැසිය යුතුය.

සැවොම එකමුතු වී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර, ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කල යුතුය. එමෙන්ම, ඩෙංගු රෝගය වැළඳුනහොත්, එයට නිසි ලෙස ප්‍රතිකාර සහ සත්කාර කිරීමට ද මනාව දැනුවත් වී සිටීම ඉතාම වැදගත් ය. එමගින්, ඩෙංගු රෝගයේ මාරාන්තික සංකූලතා හටගැනීම වළක්වා ගෙන ජීවිතය බේරාගැනීමට අවකාශ ලැබේ.