ආහාර හා පෝෂණය

ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය. එසේ සොබා දහම නිමැවූ එක් අනර්ඝ ආහාරයක් වන, මාළු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක බව ලොවම දන්නා සත්‍යයකි. මක්නිසාද, මත්ස්‍යයන් තුළ ඔබේ සිරුරට හිතකර ඔමේගා 3 මේද අම්ල (Omega 3 fatty acids) පවතින බව බොහොමයක් දෙනා දන්නා කරුණකි. ඔමේගා 3 මගින් ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්න කරන අතර, මොළයේ ස්නායු වල හා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ද ඔමේගා 3 වැදගත් වේ. සැබැවින්ම, සෞඛ්‍ය සම්පන්න දිවියකට ඔබට ඔමේගා 3 කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේදැයි ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නයට නිසි…

තව කියවන්න >>

එළවළු සහ පළතුරු දිනපතා ආහාරයට ගෙන සුවැති දිවියක් ගතකරමු.

අප බොහොමයක් දෙනා ආහාර වේලට නිසි ප්‍රමාණ වලින් එළවළු, පළා, සහ පළතුරු එකතුකර නොගැනීම සැබැවින්ම ගැටළුවකි. සාමාන්‍යයෙන් දිනකට එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක්, සහ පළතුරු වර්ග දෙකක් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් (Servings) ආහාරයට ගත යුතුය. දිනපතා එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමෙන්, අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින්, ඛණිජ ලවණ, තන්තු, සහ


සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු.

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ. එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය. සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි. සැබැවින්ම, සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩිකරගන්නේ කොහොමද? අප ගන්නා ඇතැම් ආහාර වල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතුකිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට…


මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි. මහදුරු යනු අසමෝදගම් පවුළේ (Umbelliferae family) ශාඛයක් වන Foeniculum vulgare වල ඇට වර්ගයක් වන අතර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අප්‍රකට වාසි රැසක් රැගත් කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. මහදුරු වල ෆ්ලේවනොයිඩ් (Flavonoid) ගණයට අයත් ප්‍රබල


නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

මුලින්ම, ලැබුවා වූ අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකිකයන්ට සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි, නිරෝගීබව සුරැකෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ලුණු භාවිතය ටිකක් අඩුකිරීමෙන් සුවැති දිවියකට මංපෙත විවර කරගන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කිරීමටය. සැබැවින්ම, අපේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ලුණු ස්වල්ප වශයෙන් අත්‍යාවශ්‍ය වේ. වැඩිහිටියෙකුට නම් මෙම ලුණු ප්‍රමාණය දිනකට තේ හැඳි 1 ක් හෙවත් ග්‍රෑම් 5 ක් වේ. එනම්, සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ලුණු ග්‍රෑම් 500 ක පැකට් එකක් සෑහේ. නමුත්, ශ්‍රී ලාංකිකයන් අතරින් බොහොමයක් මෙම ප්‍රමාණය මෙන් 2-3 ගුණයක් ලුණු ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එසේනම්, නව වසරේ ඔබේ ලුණු භාවිතය ටිකක්…