පිළිකා

ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?

ගර්භාෂය ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින් සෑදී තිබුණත්, එහි අභ්‍යන්තර බිත්තිය ආවරණය කරන පටක ස්ථරයක් (Endometrium) පවතී. ගර්භාෂයේ පිළිකා යනු ගර්භාෂය ආස්තරණය කරන මෙම පටක ස්ථරයේ හෙවත් ගර්භාෂයේ ඇතුළු බිත්තියේ හටගන්නා පිළිකා වර්ගයකි. මෙම පිළිකා වර්ගය, කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතර මූලික ස්ථානයක් ගැනීම විශේෂ ලක්ෂණයක් වේ. ගර්භාෂයේ පිළිකා තරුණ කාන්තාවන් අතර එතරම් සුලභ රෝගයක් නොවන අතර, ගර්භාෂයේ පිළිකා වැළඳෙන බොහොමයක් කාන්තාවන් වයස අවුරුදු 50 ට වැඩි අය වීම විශේෂ ලක්ෂණයකි. එනම්, ආර්තවාභාවය හෙවත් ආර්තවහරණය (Menopause) සිදුවූ කාන්තාවන්ට ගර්භාෂයේ පිළිකා වැළඳීමට වැඩි අවදානමක් පවතී. වාසනාවකට මෙන්, මූලික අවස්ථා වලදී හඳුනාගැනීම මගින්, ගර්භාෂයේ පිළිකා බොහෝවිට සුවකිරීමට හැකියාව ලැබේ. ගර්භාෂයේ පිළිකා හටගැනීමට…


මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකා වර්ගය මුඛ පිළිකාව බව ඔබ දන්නවාද? සැබැවින්ම, මුඛ පිළිකා නිසා දවසකට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්වත් මිය යයි. මුඛ පිළිකාව ඇතිවීම සඳහා අවදානම් සාධක ගණනාවක් ඇති අතර, මුඛ පිළිකා රෝගයෙන් වැළකිය හැක්කේ එම අවදානම් සාධක වලින් වැළකී සිටීමෙනි. මුඛ පිළිකා රෝගය වැළඳීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධක මොනවාද? බුලත් විට සැපීම. පුවක්, පුවක් පැකට්, සහ වෙනත් පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීම. දුම්පානය කිරීම (සිගරට්, බීඩි, සුරුට්ටු). මත්පැන් පානය කිරීම. මුඛ පිළිකා ඇතිවීමට හේතුවන අනෙකුත් අවදානම් සාධක මොනවාද? පෝෂණ ඌණතා අයහපත් මුඛ සෞඛ්‍යය මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus) ආසාදනය පහත සඳහන් අයට මුඛ පිළිකා රෝගය වැළඳීමට වැඩි…


පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11.7% කටම හේතුව පිළිකා රෝගයයි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග වලට පමණි. කෙසේ වුවත්, පිළිකා වලින් 1/3 ක් වැළඳීම වළක්වාගත හැකිය. ඒ සඳහා ඔබ කලයුත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සහ ඔබේ සෞඛ්‍යයට හිතකර පරිසරයක් පවත්වා ගැනීම පමණි.   දුම්පානයෙන් වැළකීම මෙහිදී සක්‍රීය දුම්පානයෙන් මෙන්ම අක්‍රීය දුම්පානයට ගොදුරුවීමෙන්ද වැළකීම වැදගත් වේ. දුම්පානය නිසා පෙනහළු පිළිකා මෙන්ම, මුත්‍රාශයේ, ගැබ්ගෙලෙහි, මහා බඩවැලෙහි, ගුද මාර්ගයේ, ගලනාලයේ, වකුගඩු වල, ස්වරාලයේ, අක්මාවේ, මුඛයේ, උගුරේ, අග්න්‍යාශයේ,…


සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී. එමෙන්ම, සමේ පිළිකාව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගනී. නවයොවුන් වියේ සිටින දරුවන්ටද, සමේ පිළිකා වැළඳෙන මුත්, කුඩා දරුවන්ට මෙම රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකිනි. හිරු එළියට නිරාවරණය වනවිට, සුදු පැහැති සම, තද පැහැති සමකට වඩා පිළිස්සීමට ලක්වුවත්, ඕනෑම සමේ වර්ණයක් ඇති අයෙකුට සමේ පිළිකාවක් වැළඳිය හැක. හිරු එළියට පිළිස්සීම සිදුනොවන තරම් තද පැහැති සමක් ඇති අයෙකුට වුවද, සමේ පිළිකා වැළඳීම සිදුවේ. මෙහිදී, ඔබේ සම සුදු පැහැතිද, අඳුරු පැහැතිද,…


බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති. කෙසේ වුවද, වත්මන් තරුණ පරපුර අතර බුළත්විටට ඇති ජනප්‍රියත්වය මදක් අඩුවී ඇති සෙයක් පෙනේ. බුළත්විටක් තුළ, බුළත් කොල, හුණු, පුවක්, සහ දුම්කොළ අන්තර්ගත වන අතර, බුළත්විට කෙරෙහි ඇබ්බැහි වන ස්වභාවයක් දක්නට ලැබේ. එයට බොහෝවිට හේතුවන්නේ, දුම්කොළ සහ පුවක් වල ඇති ඇතැම් රසායන ද්‍රව්‍යයන්ය. කෙසේ වුවත්, දිගුකලක් තිස්සේ බුළත්විට සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු හානියක් සිදුවේ.   පුවක් මගින් ශරීරයට සිදුවන හානි මොනවාද? පුවක් වල ඇති රසායන ද්‍රව්‍ය මගින්, ශරීරයේ සියළුම අවයව පද්ධති වලටම පාහේ…


පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. එය, මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත්, කාන්තා ඔබගේ සුන්දරත්වය මෙන්ම, ජීවිතයද රැකගැනීමට හැකියාව ලැබේ. ඔබේ පියයුරු වල මෑතකදී ඇතිවූ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, එය පියයුරු පිළිකාවක මූලික ලක්ෂණ වීමට ඉඩ ඇති බැවිනි. පියයුරෙහි ඇතිවන සෑම වෙනස්කමක්ම හෝ ගැටිත්තක්ම පියයුරු පිළිකාවක් නොවේ. නමුත්, ඇතැම්විට එවැනි වෙනස්කමක් හෝ ගැටිත්තක් පියයුරු පිළිකාවක් විය හැක. එමනිසා, පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න. පියයුරු පිළිකාවක් වැළඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද? වයස්ගත වීමත් සමග පියයුරු පිළිකා අවදානම වැඩිවේ. පියයුරු තද ස්වභාවයක් ගන්නා කාන්තාවන් පියයුරේ වෙනත් රෝග පිළිබඳ පෙර රෝග ඉතිහාසයක් ඇති කාන්තාවන් පියයුරු…


පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ. එසේ නම්, වළක්වා ගැනීමට හැකියාව ඇති පිළිකා ඇතිවීම වළක්වා ගනිමු. පිළිකා ඇතිවීමට හේතුවන අවදානම් සාධක දුම්කොළ භාවිතය සහ දුම්පානය මත්පැන් පානය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම මානසික ආතතිය පරිසර දූෂණය දුම්කොළ භාවිතය සහ දුම්පානය දුම්කොළ භාවිතය සහ දුම්පානය නිසා හෘදයාබාධ, අංශභාගය, දිගුකාලීන ශ්වසන රෝග, මෙන්ම පිළිකා ද ඇතිවේ. දුම්පානය මගින් මුඛ කුහරයේ සහ…


ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වේ. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව (Cervical cancer) හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය මෙය වේ. වාසනාවකට මෙන්, මෙම තත්ත්වය පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට පුලුවන. බොහෝවිට, ගැබ්ගෙල ආශ්‍රිතව හටගන්නා මානව පැපිලෝමා වෛරස් (Human papillomavirus or HPV) ආසාදනය දිගුකලක් පැවතීම නිසා ගැබ්ගෙල පිළිකාව ඇතිවිය හැක. ගැබ්ගෙල පිළිකාව හටගැනීමට පෙර පූර්ව පිළිකා අවධියක් පවතී. මෙම පූර්ව පිළිකා අවධිය හඳුනාගැනීම සඳහා පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ ලිංගික සංසර්ගයට පසුව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම. යෝනි මාර්ගයෙන් අක්‍රමවත්…


ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

සෑම කාන්තාවක්ම ඇයගේ වයස විසි ගණන් වනවිට ස්වයං පියයුරු පරික්ෂාව (Self breast examination) සිදුකිරීම ආරම්භ කල යුතුවේ. සාමාන්‍යයෙන්, තම පියයුරු වල පෙනුම සහ පියයුරු තම අතට දැනෙන ආකාරය පිළිබඳ මනා වැටහීමක් සෑම කාන්තාවකටම තිබීම වැදගත් වේ. එසේ ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමේදී, ඔබගේ පියයුරු වල යම් වෙනසක් ඇතැයි හැඟුනොත්, ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයාට එය පැවසිය යුතුය. ඔබගේ පියයුරු වල ඇතිවන සෑම වෙනසක්ම, අනිවාර්යයෙන් පියයුරු පිළිකාවක් ලෙස සිතා අනිසි බියක් ඇති කරගැනීම ද අවශ්‍ය නැත. නමුත්, නිතර නිවැරදිව ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමෙන්, පියයුරු පිළිකාවක් මූලික අවධියේදීම සොයාගැනීමට හැකිවන බව සිතට ගත යුතුවේ. ස්වයං පියයුරු පරික්ෂාව පියවරෙන් පියවර නිවැරදිව කරන ආකාරය සෑම කාන්තාවක්ම දැනසිටීම…


මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

මත්පැන් හෙවත් ඇල්කොහොල් භාවිතය පිළිකා වලට අත වනන්නේ කොහොමද? නවතම පර්යේෂණයක් මගින් මත්පැන් භාවිතය ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන තිබෙනවා. දිනකට ඇල්කොහොල් ග්‍රෑම් 10 ක් (බියර් කෑන් 1 ක්, වයින් මිලිලීටර් 150 ක්, අරක්කු, රම්, විස්කි, හෝ වොඩ්කා මිලිලීටර් 45 ක් පමණ) පානය කිරීමෙන් පවා පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන බව සොයාගෙන තිබෙනවා. ඇල්කොහොල් භාවිතා කරන ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම අවදානම තවත් ඉහළ යන බවයි පැවසෙන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණ වලින් මත්පැන් භාවිතා කිරීම හෘද රෝග වලින් ආරක්ෂා වීමට හොඳ උපක්‍රමයක් බව අතීතයේ දී මිනිසුන් විශ්වාස කලා. නමුත්, නව පර්යේෂණය මගින් මත්පැන් භාවිතය පිළිකාවට අත වනන බව සොයාගැනීම නිසා, මත්පැන්…