පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය

අප රැස් කරන්නේ කුමන ආකාරයේ තොරතුරුද?

ඔබ විසින් සුව සෙවනෙහි ලියාපදිංචි වීමේදී, යම් සේවාවක් ඉල්ලා සිටීමේදී, ඇණවුම් කිරීමේදී, ෆෝර්මයක් පිරවීමේදී, හෝ අපගේ විද්‍යුත් පුවත් ලිපි සේවාව සඳහා ලියාපදිංචි වීමේදී, අප විසින් ඔබගේ ඇතැම් තොරතුරු රැස් කරනු ඇත.

එවැනි අවස්ථාවක, අවශ්‍ය පරිදි ඔබගේ නම, විද්‍යුත් ලිපිනය, තැපැල් ලිපිනය, දුරකථන අංකය, හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙහි තොරතුරු ඇතුලත් කිරීමට සිදුවිය හැක.

ඇතැම් විට, තෙවන පාර්ශවික විකුනුම්කරුවකු ලෙස ගූගල් ආයතනය ඔබගේ වෙබ් බ්‍රව්සරයේ ඇති ඇතැම් තොරතුරු (කුකීස්) භාවිතා කරනු ඇත. එමගින් ගූගල් ආයතනය ඔබගේ කැමැත්ත හෝ අභිමතය දැන ඒ අනුව වෙළඳ දැන්වීම් ඔබගේ වෙබ් අඩවිය මත ප්‍රචාරණය කරනු ලැබේ.

අප රැස්කරන තොරතුරු භාවිතා කරන්නේ කුමක් සඳහාද?

අප විසින් ලබාගන්නා ඔබගේ ඕනෑම තොරතුරක් පහත සඳහන් ආකාරයට භාවිතා කරනු ඇත.

  • අපගේ වෙබ් අඩවිය ඔබට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කිරීමට (ඔබගේ අවශ්‍යතා වලට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට ඔබගේ ඇතැම් තොරතුරු අපට උපකාරී වේ.)
  • අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට (ඔබගේ ප්‍රතිචාර සහ ඇතැම් තොරතුරු වලට අනුව අපගේ වෙබ් අඩවිය නිරතුරුවම නවීකරණය වනු ඇත.)
  • අපගේ පාරිභෝගික සේවාවන් වැඩිදියුණු කිරීමට (ඔබගේ පාරිභෝගික සේවා ඉල්ලීම් සහ අනෙකුත් සේවා අවශ්‍යතා සඳහා වඩාත් කාර්ය්‍යක්ෂම ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔබගේ තොරතුරු ඉවහල් වේ.)
  • ඔබත් සමග ඇතැම් ගනුදෙනු කිරීමේදී
  • ඔබගේ තොරතුරු (ප්‍රසිද්ධ හෝ පෞද්ගලික) කිසිම විටෙක වෙනත් පාර්ශවයකට හෝ ආයතනයකට විකිණීම, ලබා දීම, හෝ හුවමාරු කිරීම ඔබගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව සිදු නොකෙරේ. (ඔබ විසින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට ඉල්ලීමක් කරන අවස්ථාවකදී, හෝ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ඔබ වෙත ලබා දීමේදී හැර)
  • කලින් කලට ඔබ වෙත විද්‍යුත් ලිපි එවීමට

ඔබට තොරතුරු දන්වා එවීමට හෝ ඔබගේ විමසීම්, ඉල්ලීම්, හෝ ගැටළු වලට ප්‍රතිචාර දැක්වීමට ඔබ විසින් සපයන ලද විද්‍යුත් ලිපිනයන් භාවිතා කරනු ඇත.

අප විසින් ඔබගේ තොරතුරු ආරක්ෂා කරන්නේ කෙසේද?

ඔබ විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමේදී හෝ ඔබගේ පෞද්ගලික තොරතුරු වලට ප්‍රවේශ වීමේදී එම තොරතුරු ආරක්ෂා කිරීම සඳහා අප විසින් ආරක්ෂිත උපක්‍රමයන් භාවිතා කරනු ලැබේ.

අප විසින් කුකීස් (cookies) භාවිතා කරන්නේද?

ඔව්, කුකීස් යනු ඔබගේ වෙබ් බ්‍රව්සරය ඔස්සේ යම් වෙබ් අඩවියක හෝ එහි සේවා සපයන්නෙකුගේ සිට ඔබගේ පරිගනකයේ දෘඩ තැටියට (Hard disk) සංක්‍රමණය වී තැන්පත්වන (ඒ සඳහා ඔබ ඉඩ ප්‍රස්තාව සලසා ඇත්නම් පමණක්) ඉතා කුඩා ගොනු (Files) විශේෂයකි. කුකීස් මගින් ඇතැම් වෙබ් අඩවි හෝ සේවා සපයන්නන් ඔබගේ වෙබ් බ්‍රව්සරය හඳුනා ගන්නා අතර ඔබගේ ඇතැම් තොරතුරු ලබා ගැනීම හෝ මතක තබා ගැනීම සිදු කරයි.

අපගේ වෙබ් අඩවියෙන් සේවා ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන්ගේ ස්වභාවය මෙන්ම අපගේ වෙබ් අඩවිය සමග සම්බන්ධවන ආකාරය දැනගැනීමටත් අප විසින් කුකීස් භාවිතා කරනු ලැබේ. එමගින් ගුණාත්මක සේවාවක් සහ හොඳ අත්දැකීමක් අනාගතයේදී ඔබ වෙත ලබා දීමට හැකි වනු ඇත.

අප විසින් ඔබගේ තොරතුරු පිටස්තර පාර්ශවයකට අනාවරණය කරන්නේද?

අපි ඔබගේ පෞද්ගලිකත්වය හඳුනාගත හැකි කිසිම තොරතුරක් පිටස්තර පාර්ශවයකට විකිනීම, ලබා දීම, හෝ හුවමාරු කිරීම සිදු නොකරමු. නමුත් අපගේ වෙබ් අඩවිය පවත්වා ගෙන යාමට සහාය වන, අපගේ ව්‍යාපාර පවත්වා ගෙන යන, හෝ ඔබට සේවා සපයන විශ්වාසනීය තෙවන පාර්ශවයන් (ඔවුන් ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට බැඳී සිටින තාක්) මෙයට ඇතුළත් නොවේ. ඇතැම් විට ඔබගේ පෞද්ගලික තොරතුරු මුදාහැරීම රට (ශ්‍රී ලංකාව) තුළ පවත්නා නීතියේ අවශ්‍යතාවයකට අනුකූලවන විටදී, අපගේ වෙබ් අඩවියේ ප්‍රතිපත්ති බලගැන්වීමට අවශ්‍යවන විටදී, අපගේ හෝ අනෙකුත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හෝ දේපල ආරක්ෂා කිරීමට අවශ්‍යවන විටදී, හෝ අපගේ හෝ අනෙකුත් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍යවන විටදී සිදුකරනු ඇත. නමුත්, යම් පුද්ගලයෙකු පෞද්ගලිකව හඳුනා ගත නොහැකි ලෙස පවත්නා තොරතුරු ව්‍යාපාරික, වෙළඳ ප්‍රචාරණ, හෝ වෙනත් කටයුතු සඳහා තවත් පාර්ශවයකට ලබාදීම සිදුවිය හැක.
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය පවතින්නේ අන්තර්ජාලය හා සම්බන්ධව සිටින කාලය සඳහා පමණි.

මෙම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය වළංගු වන්නේ ඔබ අන්තර්ජාලය හා සම්බන්ධව සිටින කාලය තුළ අපගේ වෙබ් අඩවිය ඔස්සේ රැස්කරන ඔබගේ පෞද්ගලික තොරතුරු සඳහා පමණි. මෙම ප්‍රතිපත්තිය ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ නොවී සිටින අවස්ථා වලදී රැස් කරන පෞද්ගලික තොරතුරු සඳහා අදාළ නොවේ.

වගකීම් අත්හැරීමේ ප්‍රකාශය

කරුණාකර අපගේ වගකීම් අත්හැරීමේ ප්‍රකාශය කියවන්න.

ඔබගේ අනුමැතිය හෝ අනුමත කිරීම

සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් ඔබ අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය පිළිගන්නා බව තහවුරු කෙරේ.

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරිමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම

අප විසින් අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියෙහි සංශෝධනයක් සිදු කලහොත්, එය සිදුකල දිනය පහතින් සඳහන් කරනු ඇත.

මෙම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ 2021 වසරේ ජනවාරි මස එකොලොස් වන (11) දින දීය.

අප අමතන්න

ඔබට මෙම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව යම් ගැටළුවක් ඇතිවුවහොත්, අප ඇමතීමට පහත තොරතුරු භාවිතා කරන්න.

අපගේ විද්‍යුත් ලිපිනය

ලිපි මගින්:

ශ්‍රී ලංකාව:

වෛද්‍ය නාලක ප්‍රියන්ත,
162/C, බණ්ඩාරනායක මාවත,
අස්ගිරිය,
ගම්පහ.

ඩෙන්මාර්කය:

Nalaka Priyantha
Agtrupvej 54, 1.th
6000 Kolding
Danmark