ප්‍රකාශන අයිතිය

සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත සියළු දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධිමය දේපළ පනත මගින් ද, ශාස්ත්‍රීය සහ කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීම පිළිබඳ බර්න් සම්මුතියට (The Berne Convention for the protection of literary and artistic works) අයත් වන සාමාජික රටවල් සියල්ල තුළ, අදාළ රටෙහි ජාතික නීති පද්ධතියට අනුව ද ආරක්ෂා වේ. ප්‍රකාශන අයිතියෙහි හිමිකරු වන්නේ සුව සෙවන වෙබ් අඩවිය සහ එහි කර්තෘවරයා වන වෛද්‍ය එස්. එච්. නාලක ප්‍රියන්ත යන දෙපාර්ශවය වේ.

සුව සෙවන සන්නාමය

සුව සෙවන Suwasewana

2003 වසරේ අංක 36 දරන බුද්ධිමය දේපල පනතට (Intellectual property act No: 36 of 2003) අනුව, “වෙබ් අඩවි” ගණයේ ලියාපදිංචි අංක 208460 යටතේ “සුව සෙවන” නම සහ ලාංජනය සන්නාමයක් (A mark) ලෙස ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ (National Intellectual Property Office of Sri Lanka) ලියාපදිංචි කර ඇත. එබැවින්, ඉහත සඳහන් සුව සෙවන ලාංජනය (Logo) සහ/හෝ “සුව සෙවන” නාමය (Name) වෙබ් අඩවියක ලාංජනය සහ/හෝ නාමය ලෙස භාවිතා කිරීමට අවසර ඇත්තේ සුව සෙවන වෙබ් අඩවියේ කර්තෘවරයා වන වෛද්‍ය එස්. එච්. නාලක ප්‍රියන්ත ට පමණි.

ලියාපදිංචි සහතිකය – “සුව සෙවන” නාමය සහ ලාංජනය

Suwasewana Registration Certificate

සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත, කර්තෘවරයා විසින් නිර්මාණය කරන ලද, පිටු, ලිපි, වාක්‍ය, ඡායාරූප, චිත්‍ර, ලාංඡන, වීඩියෝ දර්ශන, ශබ්ද, කේත, සැලසුම, සහ/හෝ මෘදුකාංග ඇතුළු සියළු දේ සුව සෙවන වෙබ් අඩවියේ සහ එහි කර්තෘවරයාගේ බුද්ධිමය දේපළ වන අතර, ඒවා කර්තෘවරයාගේ නිසි අවසරයකින් තොරව, කිසිම ආකාරයකින් සංශෝධනය කිරීම, වාණිජමය කටයුත්තකට යොදාගැනීම, පිටපත් කිරීම, ප්‍රතිනිෂ්පාදනය, නැවත ප්‍රසිද්ධ කිරීම, බෙදාහැරීම, පළකිරීම, සම්ප්‍රේෂණය කිරීම, හෝ අන්තර්ජාලයට හෝ වෙනත් පරිගණක ජාලයකට එක්කිරීම නොකල යුතුය. සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගතයෙන් ඔබ කැමති, විවිධ කොටස් ඔබගේ පෞද්ගලික පරිහරණය (වාණිජමය නොවන) සඳහා පමණක් මුද්‍රණය කිරීමට හෝ භාගත කිරීමට අවසර ඇත. නමුත්, එහි අන්තර්ගත ප්‍රකාශන අයිතිය සහ හිමිකාරත්වය පිළිබඳ සටහන් වෙනස් කිරීම හෝ මකාදැමීම නොකල යුතුවේ.

සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, අපගේ වගකීම් අත්හැරීමේ ප්‍රකාශයට අනුව, ප්‍රකාශන අයිතිය පිළිබඳ පහත සඳහන් වගන්ති සහ කොන්දේසිවලට ද ඔබ යටත් සහ එකඟ බව ප්‍රකාශ වේ. ඔබ මෙම වගන්ති සහ කොන්දේසිවලට එකඟ නොවේ නම් සුව සෙවන වෙබ් අඩවිය භාවිතාකිරීමෙන් වැළකිය යුතුවේ.

සුව සෙවනෙහි දැනට පවත්නා සහ ඉදිරියට එකතුකිරීමට නියමිත ඕනෑම මාධ්‍යයක් ඔස්සේ විද්‍යුත් ලිපි මගින් හෝ වෙබ් අඩවියේ මහජනතාවට විවෘත ස්ථාන මගින් ප්‍රසිද්ධ වනසේ හෝ දර්ශණය වනසේ ඇතුළු කරන ඕනෑම දෙයක් හෝ තොරතුරක් (නව සහ වැඩිදියුණුකල නිෂ්පාදන සහ සේවාවන් සඳහා අදහස් ඇතුළුව) ප්‍රතිනිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට, සම්ප්‍රේෂණයට, සහ වෙනස් කිරීමට අවශ්‍ය අසීමිත, කර්තෘභාගයකින් තොර අතුරු සහ නිත්‍ය අවසරය ඔබ විසින් ලබාදීමට එකඟ වේ. ඔබ විසින් ඇතුළුකරන ලද තොරතුරු සහ සියළු වෙළඳ ප්‍රචාරණය, අලෙවිකරණය, සහ ප්‍රවර්ධනය සබැඳි තොරතුරු සම්බන්ධයෙන් ඔබගේ නම භාවිතා කිරීමට ඔබ සුව සෙවනට අයිතිය ලබාදේ. සුව සෙවන සමග ඔබගේ තොරතුරු හුවමාරුව හෝ සන්නිවේදනය සම්බන්ධයෙන් චෝදනා කිරීමට, අයිතිවාසිකම් කඩකලේ යැයි පැවසීමට, අයුතු ලෙස අත්කරගත්තේ යැයි පැවසීමට, හෝ හිමිකාරත්වය පැවසීමට ඔබට අයිතියක් නොමැති බවට ඔබ එකඟ වේ.