අප ගැන

සුව සෙවන – නිරෝගී දැයක් උදෙසා…
සුව සෙවන බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

සුව සෙවන ඔබගේ සුවැති දිවියට මග පෙන්වන අන්තර්ජාලයේ සුව නිවහනයි. ඔබගේ යහපත් සෞඛ්‍යය උදෙසා වැදගත් වන නවතම තොරතුරු සහ ඉඟි රාශියකින් සමන්විතව සුව සෙවන ඔබ වෙත පැමිණේ.

සාමාන්‍ය සෞඛ්‍යය, ළමා රෝග, කාන්තා රෝග, සමේ රෝග, පෝෂණය, මානසික සෞඛ්‍යය, ව්‍යායාම, ශාරීරික යෝග්‍යතාවය, ගර්භණීභාවය, ශරීරයේ බර පාලනය ආදී වැදගත් කරුණු රාශියකින් සුව සෙවන සමන්විත වේ.

සුව සෙවන නිර්මාණය වුනේ ඇයි?

ශ්‍රී ලංකාව තුළ සිංහල භාෂාවෙන් සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා නිර්මාණය වූ ගුණාත්මක වෙබ් අඩවි නොමැති තරම්ය. එමනිසා, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකීය මහජනතාව අතර පරතරය තවදුරටත් අඩුකිරීම සඳහා අත්වැලක් වීමට සුව සෙවන නිර්මාණය විය.

අද සමාජයේ පවතින බොහොමයක් සෞඛ්‍ය ගැටළු සහ රෝග වලක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව අත්‍යාවශ්‍ය සාධකයක් බව අපි තරයේම විශ්වාස කරන්නෙමු. ඔබගේ ජීවිතයේ සරල වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් පමණක් ඔබට යහපත් මානසික සහ කායික සෞඛ්‍යය ඔබගේ දිවියට පහසුවෙන් එකතු කරගත හැක.

සුව සෙවන නිරතුරුවම සෞඛ්‍යය හා සබැඳි නවතම තොරතුරු සහ ඉඟි ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරනු ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය ඔබට සුවැති දිවියකට මං පෙත විවර කරන බව අපගේ විශ්වාසයයි.

සුව සෙවන බ්ලොග් අඩවියෙහි ලිපි නිරතුරුවම යාවත්කාල (Update) වන බැවින්, සුව සෙවන නිතර පරිශීලනය කරන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු. එමගින්, සෑම ලිපියක්ම මග නොහැරී කියවීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. තවද, සුව සෙවනෙහි එක් එක් ලිපි වල ඇමිණුමක් (Link) අපගේ සමාජ ජාල වෙබ් පිටු (Social media pages) වල ද පලකෙරේ. එම සමාජ ජාල වෙබ් පිටු ඔස්සේ ද, අපගේ ලිපි වලට සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත.

අපගේ සමාජ ජාල වෙබ් පිටු…

සුව සෙවන ඔබ වෙත ගෙන එන්නේ කවුද?

සුව සෙවන කර්තෘ වෛද්‍ය නාලක ප්‍රියන්ත

මම වෛද්‍ය නාලක ප්‍රියන්ත. මම ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරමි. ප්‍රජා සත්කාරයක් ලෙස, මම 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පල කරන්නෙමි.

මම 2006 වසරේදි කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්, වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය ලබාගත් අතර මගේ කායික සහ ශල්‍ය රෝග පිළිබඳ සීමාවාසික පුහුණුව අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේදී 2009 වසරේදි අවසන් කලෙමි. මා හට 2009 වසරේදී, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (Sri Lanka Medical Council/SLMC) ලියාපදිංචිය සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට අනුමැතිය හිමිවිය. ඉන් පසුව, මම අම්පාර රෝහලේම වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (Medical Intensive Care Unit/MICU) ටික කලක් සේවය කලෙමි.

ඉන් අනතුරුව වසර ගණනාවක්, මම දිවයිනේ තවත් සෞඛ්‍ය ආයතන කිහිපයකම සේවයේ යෙදුනෙමි.

  • මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල – ශල්‍ය වෛද්‍ය අංශය (Surgery)
  • කල්මුණේ අෂ්රොෆ් අනුස්මරණ රෝහල – දැඩි සත්කාර ඒකකය (Intensive Care Unit/ICU)
  • ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල – කායික (සර්වාංග) රෝග අංශය (Medicine)
  • ජාඇළ දිසා රෝහල – බාහිර රෝගී අංශය (Out Patient Department/OPD) හා සුවදිවි මධ්‍යස්ථානය (Healthy Lifestyle Center/HLC)

ඔබට සුව සෙවන බ්ලොග් අඩවිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, “අප අමතන්න” පිටුව ඔස්සේ අප හා සම්බන්ධ විය හැකිය.