සුවැති දිවිය

අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක. කෙසේ වුවත්, කාලයක් තිස්සේ අයහපත් පුරුදු පැවතීම නිසා අනාගතයේදී හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, ඇතැම් පිළිකා වැනි රෝග සහ වෙනත් සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා විය හැක. එමනිසා, අයහපත් පුරුදු වලින් වැළකෙමින් එවැනි බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට ඇති අවදානම අවම කරගෙන, ඒවායින් වැළකී සිටීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.   දුම්පානය (Smoking) දුම්පානය…

තව කියවන්න >>

සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

ඔබට ජීවත්වීමට ඇත්තේ සකස්කරන ලද ආහාර වලට මුල් තැනක් දෙමින්, ව්‍යායාම වලින් තොරව, මිතුරන් සමග විනෝද වීමට අවස්ථාවක් නැතිව නම්, සුවැති දිවියක් ගතකිරීම සැබැවින්ම අභියෝගයක් වියහැක. කෙටි ආහාර බහුලව ඇත්නම්, ශාරීරික ක්‍රියාකාරකම් අල්ප නම්, සහ මත්පැන් කරා නිතර යොමුවන්නේ නම්, සුවැති දිවියක් කරා ගමන්කිරීමට ඔබට ඇති අවස්ථා ක්‍රමයෙන් ඇහිරෙනු ඇත. කෙසේ වුවත්, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිවන අතර, එමගින් ජීවිත කාලයද දිගුවනු ඇත. සැබැවින්ම, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?   රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම හෘද රෝග, දියවැඩියාව, අංශභාගය වැනි ඔබේ දිවියේ ගුණාත්මකභාවයට සැලකිය යුතු ලෙස හානිකරන රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම, සුවැති දිවියකින් ලැබෙන දිගුකාලීන…


මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ශාරීරික යෝග්‍යතාවය සහ නිසි පෝෂණය ආදී සාධක ඇත්නම් වැඩිහිටියෙකුට දිගු ආයුකාලයක් ගතකිරීම එතරම් අපහසු දෙයක් නොවේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සංඝටක දෙකක් ලෙස ආහාර සහ ව්‍යායාම දැක්විය හැක. කෙසේ වුවත්, මෙහිදී මනස සහ ශරීරය අතර පවතින සම්බන්ධතාවයද අප අමතක නොකල යුතුය. දශක ගණනාවක් තිස්සේ, ව්‍යායාම, කායවර්ධනය, තන්තු බහුල ආහාර, එළවළු, පළතුරු ආදී සෞඛ්‍ය සම්පන්න දිවියකට අවැසි සාධක කතාබහට ලක්වුවත්, ඇතැම් විට පහසුවෙන් අමතක වන වැදගත් සාධකයක් වන්නේ අපේ මොළයයි. සමහර වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, කායික රෝග ගණනාවක්ම හටගැනීම සඳහා අපේ මොළය ක්‍රියාත්මක වන ආකාරය සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එබැවින්, මානසික සුවතාවය යනු අපට ඉතාම වැදගත් වන දෙයකි. හදිසි අනතුරකින් සිදුවූ…


ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

මිතුරන් හා ඥාතීන් ඇසුරුකරන විට මෙන්ම, නිවසේදී හා කාර්යාලයේදී කටයුතු කරන විට මතුවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමටද ආත්ම විශ්වාසය වැදගත් වේ. ආත්ම විශ්වාසය නැතිවුවහොත්, ඔබේ දෛනික කටයුතු කරගැනීමට පවා අපහසු බවක් ඔබට දැනෙනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය පළුදු කරන සිතුවිලි සහ හැසිරීම් සියල්ල ඉවත්කිරීමට ඔබට නොහැකි වුවත්, ඇතැම් ක්‍රියාකාරකම් වලට ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කලහැක.   සෘණාත්මක සිතුවිලි හඳුනාගැනීම. ඔබේ සිතුවිලි ආත්ම විශ්වාසය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන්නේ යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. ඔබ අතින් අත්වැරදීමක් සිදුවන සැමවිටම “මම කොතරම් මෝඩ දෙයක්ද කලේ?” හෝ “ඇයි මම එහෙම කලේ?” වශයෙන් සිතුවිලි ඔබේ සිත තුළ ඉබේම ජනිත වියහැක. මෙවැනි සිතුවිලි කෙරෙහි අවධානය යොමුකරන්න. ඉන්…


ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද?

ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද? සැබැවින්ම, අපේ සිතට දුක, තනිකම, හෝ මානසික මට්ටම පහත වැටීම දැනෙන අවස්ථා නැතුවාම නොවේ. මානසිකව වැටීම යනු යමක් අහිමි වූ විට, ජීවිතය කම්කටොලු වලින් පිරුණු විට, හෝ ආත්ම විශ්වාසය බිඳුනු විට ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. නමුත්, එවැනි හැඟීම් කායික රෝග ලක්ෂණ ඇතිකිරීම, රෝග ලක්ෂණ දිගුකාලයක් පැවතීම, සාමාන්‍ය ක්‍රියාශීලී දිවියෙන් ඈත්වීම දක්වා වර්ධනය වියහැක. මේ අවස්ථාවේදී, වෛද්‍ය උපදෙස් පැතීම ඇඟට ගුණය. මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් ඔබට විෂාදයේ රෝග ලක්ෂණ ඇතිදැයි පරීක්ෂා කර, නිසි ප්‍රතිකර්ම යෙදීමට හැකියාව ඇත. නිසි ප්‍රතිකර්ම නොකලහොත් දැඩි විෂාදයේ (Major depression) රෝග ලක්ෂණ උත්සන්න වී මාස ගණනක් හෝ ඇතැම්විට වසර…