ඔබේ දරුවා

දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක. කෙසේ වුවත්, මුත්‍රා කරන විට වේදනාවක් හටගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ මුත්‍රල පද්ධතියේ හටගන්නා ආසාදනයන්ය. සැබැවින්ම, ඔබේ දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් ඔබ කුමක් කළ යුතුද?   රෝග ලක්ෂණ මුත්‍රා පිටකරන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම. වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම. දැඩි ගන්ධයක් සමග, රුධිරය මුසුවූ, හෝ තද පැහැති මුත්‍රා පිටවීම. උණ හෝ වෙව්ලීම හටගැනීම. ආහාර රුචිය අඩුවීම හෝ දරුවාගේ ක්‍රියාකාරීත්වය…

තව කියවන්න >>

දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද? වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න…


දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

කුඩා දරුවන් අතර බඩේ කැක්කුම යනු තරමක් සුලභ රෝග ලක්ෂණයකි. තම දරුවාට බඩේ කැක්කුමක් සෑදුනු විට දෙමව්පියන් තරමක් කලබල වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. දරුවාගේ බඩේ කැක්කුමක් හෙවත් උදරයේ වේදනාවක් හටගැනීමට හේතුවිය හැකි සාධක ගණනාවක් පවතී. ඒ අතර උදරයේ වාතය පිරීම, ආතතිය නිසා ඇතිවන මළ බද්ධය, පමණ ඉක්මවා ආහාර අනුභව කිරීම, හෝ බඩේ අජීරණයක් වැනි හේතුවක් පැවතිය හැක. ඇතැම් විට, ශරීරයේ වෙනත් කොටසක වේදනාවක් හටගැනීම නිසා දරුවාට බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථාද දැකිය හැක.   බඩේ කැක්කුම සමග ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද? වමනය ඔක්කාරය දියර ලෙස මළපහ පිටවීම මළ බද්ධය උගුරේ වේදනාව පපුවේ හෝ…


පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට සිදුවන අනතුරු අතර පිළිස්සුම් තුවාළ, ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි තත්ත්වයකි. එය, සුළු පිළිස්සිමක සිට ජීවිතයට අනතුරක් ගෙනදිය හැකි මාරාන්තික පිළිස්සීමක් දක්වා වෙනස් වියහැක. අනතුරක් සිදුවීමට නොදී කුඩා දරුවෙක් සැමවිටම ආරක්ෂාකාරීව බලාගැනීම කල නොහැකි දෙයක් වුවත්, ඇතැම් සරළ ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ දරුවාට පිළිස්සුම් තුවාළ සිදුවීමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැක. ඔබේ සුළු නොසැලකිල්ලකින් ඔබේ දරුවාට හානියක් සිදුවීමට ඉඩ ඇතිබව සැමවිටම මතකයේ තබාගන්න. සැමවිටම ගිණිපෙට්ටි, ලයිටර්, රසායනික ද්‍රව්‍ය, දල්වන ලද ඉටි පන්දම්, ලාම්පු, චිමිනි ආදිය දරුවාට ලඟාවිය නොහැකි ස්ථානයක ආරක්ෂිතව තැබීමට වගබලාගන්න. නිවසේ ඇති දරුවාගේ අතපොවන මානයේ ඇති විදුළි පේනු සහ කෙවෙනි ආවරණය කර තබන්න. විදුළි උපකරණ වල…


දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

උගුරේ වේදනාව යනු දරුවන් අතර තරමක් සුලභ තත්ත්වයකි. බොහොමයක් උගුරේ වේදනාවන් හටගන්නේ වෛරස් ආසාදන හේතුවෙනි. ඒ අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන වෛරස වර්ග ප්‍රමුඛස්ථානයක් ගනී. බැක්ටීරියා ආසාදන නිසාද දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවිය හැක. බොහොමයක් අවස්ථා වලදී, බැක්ටීරියා නිසා ඇතිවන උගුරේ වේදනාව හටගන්නේ Streptococcus pyogenes නැමැති බැක්ටීරියාව නිසාය. කෙසේ වුවත්, එය අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට ඇතිවන්නේ කලාතුරකිනි. උගුරේ වේදනාව ඇතිවන්නේ ආසාදනය වීමක් නිසාම පමණක් නොවේ. ඇතැම්විට, අසාත්මිකතා (Allergies) ඇතිවිට සහ වියළි වාතයට නිරාවරණය වීම නිසාද උගුරේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම, දිගටම ඔබේ දරුවා සිගරට් දුම් වලට නිරාවරණය වේ නම්, කල් පවතින උගුරේ වේදනාවක් ඇතිවිය හැක.  …