අංශභාගය

ක්ෂුද්‍ර අංශභාගය ගැන මදක් දැනගනිමු.

ක්ෂුද්‍ර අංශභාගය (Mini stroke/Transient ischaemic attack/TIA) සමග ඇතිවන රෝග ලක්ෂණ, අංශභාගය හෙවත් ආඝාතය සමග ඇතිවන රෝග ලක්ෂණ වලට සමානය. නමුත්, ක්ෂුද්‍ර අංශභාගයේදී ඇතිවන රෝග ලක්ෂණ පැය 24 ක කාලයක් තුළදී පහව යයි. කෙසේ වුවත්, මෙම තත්ත්වය හටගැනීම, නුදුරු දිනකදී ඇතිවන දරුණු අංශභාගයක් පිළිබඳ අනතුරු හැඟවීමක් බව අමතක නොකළ යුතුය. එම නිසා, ක්ෂුද්‍ර අංශභාග තත්ත්වයක් ඇතිවුවහොත්, හැකි ඉක්මනින් රෝහල්ගත වීමට අවශ්‍ය වන අතර, හදිසි වෛද්‍යමය අවස්ථාවක් (Medical emergency) ලෙස සලකා ප්‍රතිකාර කිරීම කළ යුතුවේ. ක්ෂුද්‍ර අංශභාගය වැළඳුනු සෑම රෝගියෙකුම ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක්විය යුතුය. වෛද්‍යවරයෙකුට එවැනි රෝගියෙක් ABCD2 මිනුම (ABCD2 scale) භාවිතයෙන් තක්සේරුවකට ලක් කළ හැකිය. ABCD2 මිනුම යනු කුමක්ද? රෝගියාගේ…


යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණ වලින් 8.4% ක් සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (Stroke) නිසාවෙනි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණි. එමෙන්ම, එක් වරක් අංශභාගය වැළඳුනහොත්, නැවත වරක් අංශභාගය වැළඳීමට ද වැඩි අවදානමක් පවතී. නමුත්, ඇතැම් වැදගත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින්, අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකිවනවා මෙන්ම, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකිවේ. එක්වරක් අංශභාගය වැළඳුන අයෙක් යළි අංශභාගය වැළඳීම වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුදැයි මෙම ලිපියෙන් මදක් විමසා බලමු. ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට නිසිලෙස ප්‍රතිකාර ලබාගන්න. ඔබට දැනටමත් අධික රුධිර පීඩනය (Hypertension or high blood…


අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?

අංශභාගය (Stroke) හෙවත් ආඝාතය වැළඳෙන්නේ මොළයේ පවතින රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙනි. එසේ වීම නිසා ස්නායු සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් අවහිර වූ හෝ පිපිරී ගිය රුධිර වාහිනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස මිය යාමට පටන් ගනී. අංශභාගය නිසා හානි වූ මොළයේ ප්‍රදේශය මගින් පාලනය වන සිරුරේ කොටස් වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම දැකිය හැක. මොළයේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙන් පසුව විනාඩි කිහිපයක් තුළ අදාළ ප්‍රදේශයේ ස්නායු වලට හානි වීම ඇරඹේ. එමනිසා, අංශභාගය නිසා ඇතිවන රෝග ලක්ෂණ වහා හඳුනාගෙන, ඉක්මනින් ක්‍රියාකාරී වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් නිසි ප්‍රතිකාර කලහොත්, මොළයට සිදුවන හානිය…


අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එයට හේතුව වන්නේ, අප ක්‍රමයෙන් නවීන පන්නයේ ජීවන රටාවකට හුරුවීමය. කෙසේ වුවත්, මෙම අලස වීම අපගේ සෞඛ්‍යයට සැලකිය යුතු ගැටළු රාශියක් ඇතිකර ඇත. අප ක්‍රියාශීලී ජීවිතයෙන් බැහැර වීම නිසා, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවී ඇත. එනම්, ක්‍රියාශීලී නොවීම යන්න බෝනොවන රෝග සඳහා ප්‍රබල අවදානම් සාධකයක් වී හමාරය. මෙය කොතරම් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතිදැයි අවබෝධ කරගැනීමට, වසරකදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් බෝනොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව…


අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිවයුත්තා වන්නේ අංශභාගයයි. අංශභාගය ඇතිවීමේදී, මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම සිදුවේ. එවිට, එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස, ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යයි. එමනිසා, එලෙස මොළයේ අක්‍රීය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙම ක්‍රියාවලිය අංශභාගය හෙවත් ආඝාතය ලෙස හැඳින්වේ. අංශභාගයේ රෝග ලක්ෂණ අංශභාගය නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කරකැවිල්ල. කථාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම, හෝ කථා…


අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?

අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි. අංශභාගය යනු ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්‍රමුඛස්ථානයක් ගනී. අංශභාගය ඉක්මනින් හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද? අංශභාගය ඉක්මනින් හඳුනාගෙන වහාම රෝගියා රෝහලකට ගෙනයාමෙන්, රෝගියා ආබාධිත තත්ත්වයට පත්වන…