හෘදයාබාධ

කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු.

හෘදයේ සිට ශරීරයේ පටක වෙත රුධිරය ගලායන්නේ ධමනි (Arteries) නම්වූ රුධිර වාහිනී වර්ගයකිනි. සාමාන්‍යයෙන්, මෙම ධමනි වල බිත්ති මෘදු සහ ඇදෙන සුළු ස්වභාවයකින් යුක්තය. නමුත්, ධමනි වල බිත්තියේ ඇතුළු පැත්තේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඒවායේ මෘදුබව අඩුවී තද ස්වභාවයකට පත්වන අතර, ක්‍රමයෙන් ධමනි වල කුහරය සිහින් වී රුධිර සංසරණය අඩුවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය, හෘදයේ මාංශ පේශි වලට රුධිරය සපයන කිරීටක ධමනි (Coronary arteries) වල සිදුවීම මගින්, කිරීටක ධමනි රෝගය (Coronary artery disease or CAD) හටගනී. එමනිසා, කිරීටක ධමනි රෝගයට නතුවූ හෘදයේ මාංශ පේශි වලට රුධිරය ඔස්සේ ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවේ. කාලය ගතවත්ම, කිරීටක ධමනියක බිත්තියෙහි කොලෙස්ටරෝල් තැන්පත් වූ…


අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එයට හේතුව වන්නේ, අප ක්‍රමයෙන් නවීන පන්නයේ ජීවන රටාවකට හුරුවීමය. කෙසේ වුවත්, මෙම අලස වීම අපගේ සෞඛ්‍යයට සැලකිය යුතු ගැටළු රාශියක් ඇතිකර ඇත. අප ක්‍රියාශීලී ජීවිතයෙන් බැහැර වීම නිසා, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවී ඇත. එනම්, ක්‍රියාශීලී නොවීම යන්න බෝනොවන රෝග සඳහා ප්‍රබල අවදානම් සාධකයක් වී හමාරය. මෙය කොතරම් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතිදැයි අවබෝධ කරගැනීමට, වසරකදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් බෝනොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව…


බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති. කෙසේ වුවද, වත්මන් තරුණ පරපුර අතර බුළත්විටට ඇති ජනප්‍රියත්වය මදක් අඩුවී ඇති සෙයක් පෙනේ. බුළත්විටක් තුළ, බුළත් කොල, හුණු, පුවක්, සහ දුම්කොළ අන්තර්ගත වන අතර, බුළත්විට කෙරෙහි ඇබ්බැහි වන ස්වභාවයක් දක්නට ලැබේ. එයට බොහෝවිට හේතුවන්නේ, දුම්කොළ සහ පුවක් වල ඇති ඇතැම් රසායන ද්‍රව්‍යයන්ය. කෙසේ වුවත්, දිගුකලක් තිස්සේ බුළත්විට සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු හානියක් සිදුවේ.   පුවක් මගින් ශරීරයට සිදුවන හානි මොනවාද? පුවක් වල ඇති රසායන ද්‍රව්‍ය මගින්, ශරීරයේ සියළුම අවයව පද්ධති වලටම පාහේ…


ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ කෙසේද?

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම, හදවත් රෝග වලදී ඇතිවන රෝග ලක්ෂණයකි. එය පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තද ස්වභාවයක්, තද කිරීමක්, හෝ බර ස්වභාවයක් වැනි වේදනාවක් ලෙස හටගනී. එම වේදනාව බාහු වල ඇතුළු පැත්තට සහ/හෝ හකු ප්‍රදේශය හෝ ගෙල දෙසට පැතිරිය හැක. ඇන්ජයිනා තත්ත්වය, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් වේ. දැඩි වේදනාවක් ඇතිවුවහොත්, ඒ සමග බිය, අධික දහඩිය දැමීම, සහ හුස්ම ගැනීමේ අපහසුව ද ඇතිවනු දැකිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම ඇතිවිට ව්‍යායාම කල යුත්තේ ඇයි සහ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. සාමාන්‍යයෙන්, ඇන්ජයිනා තත්ත්වය මතුවන්නේ කායිකව වෙහෙසීමකදී හෝ මානසිකව උද්වේගයක් ඇතිවූ අවස්ථාවකදීය. එම වේදනාව මදක් විවේක ගත්විට…


ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

අනාගතයේදී, මාරාන්තික හෘදයාබාධයක් වැළඳීමට අවදානමක් ඇතිබවට අනතුරු හැඟවීමේ සංඥාවක් හෙවත් රෝග ලක්ෂණයක් ලෙස ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම හැඳින්විය හැක. පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තදවීමක්, බර ස්වභාවයක්, හෝ තද කිරීමක් ලෙස දැනෙන වේදනාවක් ඇන්ජයිනා ලෙස හැඳින්වේ. එම වේදනාව පපුව මැද ප්‍රදේශයේ සිට ගෙල, යටි හණුව, සහ/හෝ අත්වල ඉහළ බාහුවේ ඇතුළු පැත්තට පැතිරිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් විය හැක. තද වේදනාවක් ඇතිවුවහොත්, බිය, හුස්ම ගැනීමේ අපහසුව, සහ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ද ඇතිවිය හැක. මෙම ඇන්ජයිනා නැමැති පපුවේ වේදනාව, කායිකව වෙහෙසීම, කෝපය, මානසිකව උද්වේගයක් ඇතිවීම, ආහාර ගැනීම, සීතල, සහ සුලං සහිත පරිසරයක…


මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!

ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නා හෘදයාබාධ (Heart attacks) ලෙස හැඳින්විය හැක. එසේ නම්, අංක එකේ මාරයා ලෙස හෘදයාබාධ හැඳින්වීමේ වරදක් නැති තරම්. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද? නමුත්, මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන්නේ කෙසේද යන්නට වඩාත්ම ගැලපෙන පිළිතුරක් දෙන්නට පර්යේෂකයන්ට තවම හැකිවී නැහැ. එක් පර්යේෂණයකට අනුව, සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන අයට වඩා, මානසික පීඩනයකින් යුතුව දිවි ගෙවන පුද්ගලයන්ට, හෘදයාබාධ වැළඳීමට 23% ක වැඩි ඉඩකඩක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මෙම පර්යේෂණයට යුරෝපයේ රටවල් 7 කින්, පුද්ගලයන් 200,000 ක් යොදාගෙන ඇත. මානසික ආතතියකින් යුතුව රැකියාවේ නියැලීම, පළමු හදවත් රෝගය…


විවාහකයන්ගේ හදවත් නිරෝගියි!

ඔබ දන්නවාද? ඔබ විවාහක අයෙක් නම්, ඔබේ හදවත අවිවාහක අයෙකුගේ හදවතට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඔබ විවාහක කාන්තාවක් නම්, ඔබේ හදවත වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. මෙසේ වෙන්නේ ඇයි? ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාල රෝහලේ (The Turku University Hospital in Finland) පර්යේෂකයන් කණ්ඩායමක් වසර 1993 සහ 2002 අතර කාලයේදී පර්යේෂණයක් පවත්වා තිබෙනවා. එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ වෛද්‍ය ඒනෝ ලැමින්ටෝස්ටා (Dr. Aino Lammintausta). ඔවුන් හෘදයාබාධ වැළඳුනු රෝගීන් 15,300 ක ගෙන් තොරතුරු රැස් කරගෙන තිබෙනවා. එම රෝගීන් අතරින් 7,700 ක් පමණ හෘදයාබාධය වැළඳී දින 28 ක් තුළ මිය ගිහින්. ඔවුන් සොයාගත් තොරතුරු විශ්මය ජනකයි. විවාහක පිරිමි අයට වඩා, අවිවාහක පිරිමි අයට හෘදයාබාධ වැළඳීමට 58-66% ක…


හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

හෘදයාබාධයක් යනු ඔබගේ ජීවිතය අතරමග නතර කිරීමට හෝ ඔබව සදාකාලික රෝගියෙක් බවට පත්කිරීමට සමත් භයානක රෝගී තත්ත්වයකි. එමනිසා හෘදයාබාධයක් ඇතිවීම වලක්වා ගැනීම වැදගත් වේ. ඔබගේ ජීවන රටාව මදක් වෙනස් කිරීමෙන් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුවන බව ඔබ දන්නවාද? ජීවන රටාවේ වෙනස්කම් මගින් හෘදයාබාධයක් ඇතිවීම සියයට සියයක්ම වලක්වන්නේ නැතිමුත් හෘදයාබාධයක් හටගැනීමේ අවදානම සැලකිය යුතු ලෙස පහත දමයි. දුම්පානය හෘදයාබාධ ඇතිවීම සමග තදින්ම සම්බන්ධ බැවින් දුම්පානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න. අධික ලෙස මත්පැන් පානය කිරීම හෘදයාබාධ හටගැනීමේ අවදානම වැඩි කරයි. එමනිසා ඔබ මත්පැන් පානය කරන්නේ නම් එය අඩුකිරීම හෝ නවතා දැමීම සුදුසුය. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදීම, දිවීම,…