ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

ඔමේගා 3

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය. එසේ සොබා දහම නිමැවූ එක් අනර්ඝ ආහාරයක් වන, මාළු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක බව ලොවම දන්නා සත්‍යයකි. මක්නිසාද, මත්ස්‍යයන් තුළ ඔබේ සිරුරට හිතකර ඔමේගා 3 මේද අම්ල (Omega 3 fatty acids) පවතින බව බොහොමයක් දෙනා දන්නා කරුණකි. ඔමේගා 3 මගින් ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්න කරන අතර, මොළයේ ස්නායු වල හා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ද ඔමේගා 3 වැදගත් වේ. සැබැවින්ම, සෞඛ්‍ය සම්පන්න දිවියකට ඔබට ඔමේගා 3 කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේදැයි ඔබ දන්නවාද?

මෙම ප්‍රශ්නයට නිසි පිළිතුර දැනගැනීම සඳහා ඔබේ සිරුර තුළ පවතින ඔමේගා 3 මේද අම්ලය හා ඔමේගා 6 මේද අම්ලය (Omega 6 fatty acids) අතර පවතින සමතුලිතතාවය පිළිබඳව දැනගැනීමට අවශ්‍ය වේ. සුවැති දිවියක් සඳහා, මිනිස් සිරුරේ පවතින ජාන මගින් ඔමේගා 6 හා ඔමේගා 3 අතර අනුපාතය 1 : 1 ක් විය යුතු බවට තීරණය කර ඇතත්, අපගේ අවිධිමත් ආහාර රටාව හා ජීවන චර්යාව විසින් අපේ සෞඛ්‍යයට හානිදායක වන පරිදි මෙම අනුපාතය වෙනස් කර ඇති බව ඔබ දන්නවාද? ලෝකයේ විවිධ රටවල මිනිසුන් දහස් ගණනක් යොදාගෙන මෑතකදී සිදුකරන ලද පර්යේෂණයක් මගින්, වත්මන් සමාජයේ වෙසෙන මිනිසුන්ගේ සිරුරු තුළ පවතින ඔමේගා 6 හා ඔමේගා 3 අතර සාමාන්‍ය අනුපාතය 25 : 1 ක් බව සොයාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (World Health Organization/WHO) නවතම නිර්දේශයන්ට අනුව, ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්නව පැවතීම සඳහා ඔමේගා 6 හා ඔමේගා 3 අතර අවම අනුපාතය 5 : 1 ක් බව සඳහන් වේ. නමුත්, බොහොමයක් විද්‍යාඥයන්ගේ නිර්දේශය වන්නේ මෙම අනුපාතය අවම වශයෙන් 3 : 1 ක් වත් විය යුතු බවයි.

අපගේ ආහාරයේ පවතින ඔමේගා 3 අඩංගු වන මාළු හා ඇට වර්ග වැනි ආහාර වල ඔමේගා 3 වලට අමතරව පොලිෆීනෝල් (Polyphenols) නැමැති සංඝටකයක් ද අඩංගු වේ. පොලිෆීනෝල් මගින් ඔබේ සිරුරේ ඇති සෛල තුළ හා සෛලයේ ප්ලාස්මා පටලය තුළ සිදුවන ඔක්සිකරණ (Oxidation) ක්‍රියාවලිය වළක්වා ලයි. ෆොලිෆීනෝල් වල මෙම ක්‍රියාකාරීත්වය, ඔබේ සිරුරේ පවතින සෛල වල සෞඛ්‍ය සම්පන්න භාවය සඳහා ඉතා වැදගත් වේ. මක්නිසාද, පොලිෆීනෝල් මගින් ඔමේගා 3 මේද අම්ල සෛල තුළදී ඔක්සිකරණය වී විනාශ වීම වළක්වමින්, එහි ක්‍රියාකාරීත්වය උපරිම අගයක පවත්වා ගැනීම සිදුකරයි. නමුත්, ඔමේගා 3 අඩංගු කරල්, ෆිෂ් ඔයිල් (Fish oil), සිරප් වැනි ඖෂධ නිපදවන බොහොමයක් කර්මාන්ත හා සමාගම් අසාර්ථක වන්නේ මෙතැනදීය. මක්නිසාද, ඔමේගා 3 කරල්, ෆිෂ් ඔයිල්, සිරප් වැනි ඖෂධ නිපදවීමේදී ඔවුන් පොලිෆීනෝල් අමතක කර දමති.

මෙයට පිළියමක් ලෙස යුරෝපයේ සින්සිනෝ (Zinzino) ආයතනය විසින් ඉහළ ගුණාත්මක අගයකින් යුතු ඔමේගා 3 මේද අම්ල සමග හොඳින් පැසීමට පෙර නෙලාගත් ඔලිව් වලින් වෙන්කරගත් ගුණාත්මක පොලිෆීනෝල් නිසි අනුපාතයට මිශ්‍රකර ඖෂධීය දියරයක් (Syrup) ලෝකයේ ප්‍රථම වරට නිපදවා ඇත. මෙම සංඝටක දෙකම නිසි අනුපාත වලට මිශ්‍ර කිරීම මගින්, එක් එක් සංඝටකයේ ක්‍රියාකාරීත්වය උපරිම තලයක පවතින ආකාරයට සහක්‍රියාකාරීත්වයක් (Synergy) ගොඩනැගීමට සින්සිනෝ සමාගමේ විද්‍යාඥයන් සමත්ව ඇත, එයට අමතරව එහි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිකිරීම සඳහා විටමින් D3 ද එකතු කර ඇත. එමගින්, ඔබේ දිවියට තවත් සෞඛ්‍ය සම්පන්න වසර ගණනාවක් වැඩිපුර එකතු කිරීමට හැකියාව ලැබී ඇත. මෙම සිරප් වර්ගය අනෙකුත් ඔමේගා 3 නිෂ්පාදන වලින් හාත්පසින්ම වෙනස් වන්නේ ද, ඉහළ ගුණාත්මකභාවයකින් යුතු වන්නේ ද මෙම සියළු කාරණා නිසාවෙනි. අවසානයේදී එය Zinzino Balance Oil නමින් එළිදක්වා ඇති අතර, එහි පවතින ඖෂධීය සංඝටක මිශ්‍රණය නිපදවීම සඳහා ලෝකයේ සිටින එකම නිසි බලධාරියා වන්නේ ද සින්සිනෝ ආයතනයම පමණි. Zinzino Balance Oil ඔබට විවිධ රස ගණනාවකින් භාවිතා කළ හැකි අතර, Zinzino Balance Oil Aqua X ජලය සමග හෝ ඔබ පානය කරන වෙනත් ඕනෑම දියරයක් සමග මිශ්‍ර කර භාවිතා කිරීමට ද හැකියාව පවතී. දැනට භාවිතා කළ අයගෙන් ඉහළ, ගුණාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බැවින්, මෙම අනගි යුරෝපීය නිෂ්පාදනය ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. Zinzino Balance Oil භාවිතා කර ඔබේ දිවියට සුවැති වෙනසක් ඇතිකර ගන්න, ඔබම වෙනස වටහා ගන්න.

ඔබට Zinzino Balance Oil සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවැසි නම්, මෙම වෙබ් අඩවිය හරහා, E-mail මගින්, හෝ “සුව සෙවන” Facebook පිටුව ඔස්සේ මා ඇමතීම සිදුකළ හැක.

(ඡායාරූප අනුග්‍රහය: Zinzino AB)

සබැඳි Links:

“සුව සෙවන” Facebook පිටුව
විද්‍යුත් ලිපිනය (E-mail) ඔස්සේ සම්බන්ධ වන්න.

© 2019 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*