සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ බෝනොවන රෝගයි. ඒ වගේම, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය (Quality of life) සැලකිය යුතු ලෙස පහත දමන්නටත් මෙම බෝ නොවන රෝග වලට හැකියාව තිබෙනවා. බෝනොවන රෝග යනු මොනවාද? බෝනොවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම හෙවත් බෝවීම සිදුනොවන රෝගයි. උදාහරණ කිහිපයක් ලෙස හෘදයාබාධය, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝග දැක්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධ බව ඔබ දන්නවාද? සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) හරහා මෙවැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ඔබට සහය…