ජීවිතය

ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය. එසේ සොබා දහම නිමැවූ එක් අනර්ඝ ආහාරයක් වන, මාළු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක බව ලොවම දන්නා සත්‍යයකි. මක්නිසාද, මත්ස්‍යයන් තුළ ඔබේ සිරුරට හිතකර ඔමේගා 3 මේද අම්ල (Omega 3 fatty acids) පවතින බව බොහොමයක් දෙනා දන්නා කරුණකි. ඔමේගා 3 මගින් ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්න කරන අතර, මොළයේ ස්නායු වල හා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ද ඔමේගා 3 වැදගත් වේ. සැබැවින්ම, සෞඛ්‍ය සම්පන්න දිවියකට ඔබට ඔමේගා 3 කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේදැයි ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නයට නිසි…


ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඟවන සලකුණු

නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර ලෙස බලපානු ඇත. සැබවින්ම, ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඳුනාගන්නේ කොහොමද? සමේ ඇතිවන වෙනස්කම් ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, ඉක්මනින්ම ඒ බව හඟවන අවයවයක් ලෙස ඔබේ සම දැක්විය හැක. ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම සහ සමේ කුරුළෑ හටගැනීම අතර සම්බන්ධයක් පවතින බව පර්යේෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයන් දක්වන්නේ සිරුරේ හොමෝන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, නින්ද නොයාම නිසා අක්‍රමවත්…


මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු…


අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක. කෙසේ වුවත්, කාලයක් තිස්සේ අයහපත් පුරුදු පැවතීම නිසා අනාගතයේදී හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, ඇතැම් පිළිකා වැනි රෝග සහ වෙනත් සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා විය හැක. එමනිසා, අයහපත් පුරුදු වලින් වැළකෙමින් එවැනි බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට ඇති අවදානම අවම කරගෙන, ඒවායින් වැළකී සිටීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. දුම්පානය (Smoking) දුම්පානය සැලකීමේදී…


සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු.

අපි හැමෝම සතුටින් ජීවත්වෙන්න කැමතියි. නමුත්, අපේ ජීවිතයේ විවිධ අවධි වල වරින් වර මතුවන ගැටළු, දුක් කම්කටොළු, රෝග වැනි දේවල් නිසා සතුට අප හැරයන අවස්ථාද උද්ගත වේ. එවැනි අත්දැකීම් ඇතිවීම වැළැක්විය නොහැකි මුත්, ඇතැම් උපාය මාර්ග අනුගමනය කිරීමෙන් අප ජීවිතයේ සතුටින් සිටින කාලය වැඩිකරගන්න පුළුවනි. එසේ සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. ඇවිදින විට උනන්දුවෙන් ඇවිදින්න. පර්යේෂකයන්ට අනුව, ඇවිදින විට හොඳින් සෘජුව කය තබාගනිමින්. දෑත් හොඳින් පද්දමින් ගමන්කරනවා නම්, ධනාත්මක සිතුවිලි හටගැනීම වැඩිවේ. ඔබ සතුටින් නොසිටින විට පවා එසේ කිරීමෙන්, ඔබ යලි යථා තත්ත්වයට පත්වන තෙක්, අවම වශයෙන් අන් අයට ඔබ හොඳින් බව හඟවන්නට…


දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි සිදුවන බව ඔබ දැනගත යුතුය. එමනිසා, ඔබ දුම්පානය කිරීම නොකලත් අක්‍රීය දුම්පානයට නතුවන අයෙක් නම්, ඔබේ දිවිය අනතුරට ලක්වීම වැලැක්වීමට අපහසු වේ. සන්ධි ඔබගේ සන්ධි ඉදිමීමකට ලක්වී වේදනා ගෙනදෙනවාද? දුම්පානය කරන්නන්ට රූමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis ) නැමැති සන්ධි ප්‍රදාහය වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව පර්යේෂණ මගින් හෙළිවී ඇත. එමෙන්ම, රූමැටොයිඩ් පර්වදාහය ඇති අයෙක් දුම්පානය කරන්නේ නම්, එම රෝගය මර්ධනය කිරීම සඳහා ලබාගන්නා…


දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

සමහර විට, යම් යම් තීරණ ගැනීමේදී අප දෙගිඩියාවකට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය නිතරම ඉස්මතුවීම සාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් විට, ව්‍යාධියක් වැනි දෙගිඩියාව ඔබේ ජීවිතයේ විවිධාකාර පැති අවුල්සහගත කිරීමට පුළුවන. අප අතරින් බොහොමයකට එවැනි මට්ටමකට දෙගිඩියාව ඇති නොවූවත්, වත්මන් සමාජයේ පවතින තෝරාගැනීම් සංඛ්‍යාව වැඩිවීමත් සමග දෙගිඩියාවක් ඇතිවීමට ඇති සම්භාවිතාවය මදක් වැඩිය. අපගේ මොළයේ නළල ආසන්නයේ ඇති ලලාට බාහිකය (Frontal cortex) නැමැති කොටසෙහි ඉදිරියෙන්ම ඇති ප්‍රදේශය (Prefrontal cortex) ට පිං සිදුවන්නට, නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේ. නමුත්, එම කොටසට එකවර හැසිරවිය හැක්කේ ආසන්න වශයෙන් තොරතුරු 7 ක් පමණි. කෙසේ වුවත්, මදක් වෙනස් ආකාර වලට තීරණ ගැනීමට ඔබ කැමැත්තක් ඇතිකරගතහොත්, නිවැරදි තීරණ…


සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්

අප සැමදෙනාටම මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය බව කිවහොත් එය නිවැරදියි. නමුත්, ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද? අප දන්නා පරිදි සුවැති දිවියක් ගතකරන අය දුම්පානය නොකරයි, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගනියි, ව්‍යායාම කරයි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ගනියි. පෙනෙන ආකාරයට එය සරළ දෙයක් ලෙස සිතීමට පුලුවන. නමුත්, එසේ කිරීම සඳහා තම දිනචර්යාවේ වෙනස්කම් කිරීමට උත්සාහ කල අයෙකුට එය කියන තරම් පහසු නොවන බව වැටහෙනු ඇත. ඇතැම් අය එකවරම තම දිවියේ විශාල වෙනස්කම් කිරීමට උත්සාහ කර අපහසුතා වලට මුහුණ දෙයි. එවිට, උනන්දුව හීනවීම නිසාවෙන් උත්සාහය අත්හැරීම බහුලව සිදුවන දෙයකි. එසේ නම්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කලයුත්තේ කුමක්ද?…


වෙහෙස දැනීම අඩුකරගන්නේ කොහොමද?

එක දිගටම කායිකව හෝ මානසිකව මහන්සි වී වැඩකරන විට වෙහෙස දැනීම එතරම් අරුමයක් නොවේ. ඔබ පෙරදින නිදිවරාගෙන වැඩකලේ නම් හෝ උදෑසනම පැවරුමක් කිරීමට හෝ විභාගයකට මුහුණදීමට තිබේ නම්, තරමක වෙහෙසකාරී බවක් ගතට මෙන්ම සිතටද දැනීම සාමාන්‍ය දෙයකි. එවන් විටෙක අපේ ශරීර ශක්තිය මදක් හීනවී ඇති සෙයක් අපට දැනේ. මානසික ආතතියද එයට එක් හේතුවකි. වෙහෙස අඩුකරගැනීම සඳහා උණුසුම් කෝපි කෝප්පයකට මදක් පිහිට වියහැකි යැයි සිතන මුත්, නිදිවරාගෙන වැඩකරන විට පාන්දර 2 ට 3 ට පමණ කැෆේන් අඩංගු එවැනි පානයක් ගැනීමෙන් ඔබේ මුළු නින්දම අවුල් සහගත වීමට එය හේතුවක් වියහැක. එවිට, පසුදින ඔබට දැනෙන වෙහෙසකාරී බව නැවත ඔබ කෝපි හෝ තේ කෝප්පයක්…


සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

ඔබට ජීවත්වීමට ඇත්තේ සකස්කරන ලද ආහාර වලට මුල් තැනක් දෙමින්, ව්‍යායාම වලින් තොරව, මිතුරන් සමග විනෝද වීමට අවස්ථාවක් නැතිව නම්, සුවැති දිවියක් ගතකිරීම සැබැවින්ම අභියෝගයක් වියහැක. කෙටි ආහාර බහුලව ඇත්නම්, ශාරීරික ක්‍රියාකාරකම් අල්ප නම්, සහ මත්පැන් කරා නිතර යොමුවන්නේ නම්, සුවැති දිවියක් කරා ගමන්කිරීමට ඔබට ඇති අවස්ථා ක්‍රමයෙන් ඇහිරෙනු ඇත. කෙසේ වුවත්, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිවන අතර, එමගින් ජීවිත කාලයද දිගුවනු ඇත. සැබැවින්ම, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?   රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම හෘද රෝග, දියවැඩියාව, අංශභාගය වැනි ඔබේ දිවියේ ගුණාත්මකභාවයට සැලකිය යුතු ලෙස හානිකරන රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම, සුවැති දිවියකින් ලැබෙන දිගුකාලීන…


මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ශාරීරික යෝග්‍යතාවය සහ නිසි පෝෂණය ආදී සාධක ඇත්නම් වැඩිහිටියෙකුට දිගු ආයුකාලයක් ගතකිරීම එතරම් අපහසු දෙයක් නොවේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සංඝටක දෙකක් ලෙස ආහාර සහ ව්‍යායාම දැක්විය හැක. කෙසේ වුවත්, මෙහිදී මනස සහ ශරීරය අතර පවතින සම්බන්ධතාවයද අප අමතක නොකල යුතුය. දශක ගණනාවක් තිස්සේ, ව්‍යායාම, කායවර්ධනය, තන්තු බහුල ආහාර, එළවළු, පළතුරු ආදී සෞඛ්‍ය සම්පන්න දිවියකට අවැසි සාධක කතාබහට ලක්වුවත්, ඇතැම් විට පහසුවෙන් අමතක වන වැදගත් සාධකයක් වන්නේ අපේ මොළයයි. සමහර වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, කායික රෝග ගණනාවක්ම හටගැනීම සඳහා අපේ මොළය ක්‍රියාත්මක වන ආකාරය සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එබැවින්, මානසික සුවතාවය යනු අපට ඉතාම වැදගත් වන දෙයකි. හදිසි අනතුරකින් සිදුවූ…


ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

මිතුරන් හා ඥාතීන් ඇසුරුකරන විට මෙන්ම, නිවසේදී හා කාර්යාලයේදී කටයුතු කරන විට මතුවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමටද ආත්ම විශ්වාසය වැදගත් වේ. ආත්ම විශ්වාසය නැතිවුවහොත්, ඔබේ දෛනික කටයුතු කරගැනීමට පවා අපහසු බවක් ඔබට දැනෙනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය පළුදු කරන සිතුවිලි සහ හැසිරීම් සියල්ල ඉවත්කිරීමට ඔබට නොහැකි වුවත්, ඇතැම් ක්‍රියාකාරකම් වලට ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කලහැක.   සෘණාත්මක සිතුවිලි හඳුනාගැනීම. ඔබේ සිතුවිලි ආත්ම විශ්වාසය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන්නේ යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. ඔබ අතින් අත්වැරදීමක් සිදුවන සැමවිටම “මම කොතරම් මෝඩ දෙයක්ද කලේ?” හෝ “ඇයි මම එහෙම කලේ?” වශයෙන් සිතුවිලි ඔබේ සිත තුළ ඉබේම ජනිත වියහැක. මෙවැනි සිතුවිලි කෙරෙහි අවධානය යොමුකරන්න. ඉන්…


නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු.

2016 වසරට සමු දී අප 2017 නව වසරට පා තබා ඇත්තෙමු. නව වසරේදී සුවැති දිවියක් පවත්වා ගැනීම සඳහා ඔබට සපුරාගැනීමට යම් යම් ඉලක්ක පැවතිය හැක. එය, බර අඩුකරගැනීම, දුම්පානය නතර කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට හුරුවීම වැනි දෙයක් විය හැක. එසේනම්, ඔබේ ඉලක්කය සපුරාගැනීම සඳහා එයට අනුගත වියයුතු හොඳම ක්‍රමය කුමක්ද? මනෝ විද්‍යාඥයන්ට අනුව, යම් ඉලක්කයක් හොඳින්ම සාර්ථක කරගැනීම සඳහා, ඔබගේ ප්‍රධාන ඉලක්කය විශේෂිත, ප්‍රමාණවත්, නියමිත කාලයක් තුළ සපුරාගැනීමට හැකි කුඩා ඉලක්ක කිහිපයක් බවට පත්කල යුතුවේ. නව වසරේදී, සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සකස් කරගත යුතු ආකාරය පිළිබඳ ඉඟි ගණනාවක් පහත දැක්වේ. එක් ප්‍රධාන ඉලක්කයක් වෙන්කර ගන්න. එවිට, ඔබේ…