පෝෂණය

ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය. එසේ සොබා දහම නිමැවූ එක් අනර්ඝ ආහාරයක් වන, මාළු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක බව ලොවම දන්නා සත්‍යයකි. මක්නිසාද, මත්ස්‍යයන් තුළ ඔබේ සිරුරට හිතකර ඔමේගා 3 මේද අම්ල (Omega 3 fatty acids) පවතින බව බොහොමයක් දෙනා දන්නා කරුණකි. ඔමේගා 3 මගින් ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්න කරන අතර, මොළයේ ස්නායු වල හා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ද ඔමේගා 3 වැදගත් වේ. සැබැවින්ම, සෞඛ්‍ය සම්පන්න දිවියකට ඔබට ඔමේගා 3 කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේදැයි ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නයට නිසි…


කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු Cinnamomum zealanicum නැමැති ශාඛ විශේෂයට අයත් වන අතර, ඒවා ශ්‍රී ලංකාවට ආවේණික වේ. ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ කුරුඳු, ස්වාභාවික රසකාරකයක් ලෙස ලොව පුරා ජනප්‍රිය විය. එය, ලෝකයේ අනෙකුත් රටවල පවතින කුරුඳු විශේෂයක් වන Cinnamomum cassia වලට වඩා වැඩි රසයකින් සහ සුවඳකින් යුතු වීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම, කුරුඳු ඖෂධීය රසකාරකයක් ලෙස අතීතයේ සිටම භාවිතා කළ අතර, පුරාණ ඊජිප්තුවේ ද කුරුඳු භාවිතා කළ බවට සාධක හමුවී ඇත. එමනිසා, කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ. කුරුඳු වලින් රුධිරගත සීනි මට්ටම යාමනය වේ. කුරුඳු භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පමණක් නොව, රුධිරගත කොලෙස්ටරෝල් (Cholesterol) හා…


කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.

කහ යනු ශ්‍රී ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේදී නැතිවම බැරි සංඝටකයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. අප ආහාර පිසගැනීමේදී කහ භාවිතා කරන්නේ ස්වාභාවික වර්ණ කාරකයක්, රස කාරකයක්, සහ සුවඳ කාරකයක් ලෙසය. කෙසේ වෙතත්, මෙම ලිපියෙන් බළාපොරොත්තු වන්නේ ආහාර පිසීමේදී කහ භාවිතා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොව, කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් පිළිබඳව හෙළි කිරීමටය. කහ වල ප්‍රබල ඖෂධීය ගුණ සහිත ජෛව-සක්‍රීය සංඝටක (Bio-active compounds) අඩංගු වේ. කහ වල කර්කියුමිනොයිඩ් (Curcuminoid) කාණ්ඩයට අයත් ඖෂධීය රසායනික සංඝටක අඩංගු වන අතර, එයින් කර්කියුමින් (Curcumin) යනු ප්‍රධානතම සංඝටකයයි. කහ අලයක බරෙන් 3% ක් පමණ ප්‍රමාණයක් කර්කියුමින් අඩංගු වන අතර, එය ප්‍රබල ප්‍රති-ප්‍රදාහ (Anti-inflammatory) ගුණාංග…


සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක. සැබැවින්ම, සුදුලූණු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙනවාද? සුදුලූණු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවාදැයි පර්යේෂණාත්මක සාක්ෂි මගින් සරළව පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ. කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර වාහිනී සිහින් වීමේ රෝගය atherosclerosis ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම, මෙය ක්‍රමයෙන් වයස්ගත වීමේදී සිදුවනු දැකිය හැක. මෙහිදී, රුධිර වාහිනී බිත්ති වල නම්‍යශීලීතාවය ක්‍රමයෙන් අඩුවන අතර, හෘදයාබාධය (Heart attack) සහ අංශභාගය (Stroke) වැනි දරුණු රෝග හටගැනීමට පවතින අවදානම ද වැඩිවේ. සුදුලූණු වලට atherosclerosis තත්ත්වය ඇතිවීම අඩුකිරීමට හැකියාව පවතින බවට පර්යේෂණාත්මක සාධක පවතී….


කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර, ආහාර පිසීමේදී අනෙකුත් ස්වාභාවික රසකාරක සමග මිශ්‍රව භාවිතා කරනු දැකිය හැක. කෙසේ වුවත්, ඇතැම් අය කරපිංචා කැඳ වැනි ආහාර පිළියෙල කරනු දක්නට ලැබේ. සැබැවින්ම, කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද? ඔක්සිකාර ආතති අධ්‍යයනය (Oxidative stress study) 2007 වසරේදී රසායන-ජෛව අන්තර්ක්‍රියා (Chemico-Biological Interactions) සඟරාවේ පල වූ සත්ත්වයන් යොදාගෙන සිදුකල පර්යේෂණයක ප්‍රතිඵල අනුව කරපිංචා පත්‍ර වල යුෂ ඔක්සිකාර ආතතිය (Oxidative stress) අඩුකරන බව…


කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීමට හැකි ආහාර සැලසුමක්

කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීම යනු එතරම් පහසු කාර්යයක් නොවේ. මක්නිසාද, ඒ සඳහා සැලකිය යුතු කාලයක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර, සතියකට කිලෝග්‍රෑම් එකකට වඩා අඩුකර ගැනීමට උත්සාහ කිරීම ද එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව කිව යුතුය. එම සීඝ්‍රතාවයට වඩා වැඩි අගයකින් බර අඩුකර ගැනීමේදී මාංශ පේශි ක්ෂය වීම, වෙහෙසකර බව හා සිරුර දුර්වල වීම, සහ අඩු වූ බර නැවත වැඩිවීමට ඇති ප්‍රවණතාවය වැඩිවීම වැනි අවාසි සහගත ප්‍රතිඵල ලැබිය හැක. සැබැවින්ම, බර අඩුකර ගැනීම සඳහා ඔබ නිරාහාරව සිටින බවක් සිරුරට සහ මනසට නොදැනෙන පරිදි, කැලරි ප්‍රමාණය අඩුකර ගතහැකි ආහාර සැලසුමක් අනුගමනය කිරීම කළ යුතුවේ. එනම්, පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය,…


මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ. එහි දරුවාට අවශ්‍ය සියළුම පෝෂණ කොටස් අන්තර්ගත වේ. දරු ප්‍රසූතියකින් පසුව මුල් දින කිහිපය තුළදී මවගේ පියයුරු වලින් කුඩා ප්‍රමාණ වලින් නිපදවෙන ලා කහ පැහැති මුල් කිරි හෙවත් කොලොස්ට්‍රම් (Colostrum), අලුත උපන් දරුවාට ප්‍රමාණවත් වේ. මෙම මුල් කිරි සියළු පෝෂණ සංඝටක වලින් අනූන වන අතර, අලුත උපන් දරුවා ආසාදන රෝග වලට ගොදුරු වීම වළක්වයි. එමනිසා, නිපදවෙන මුල් කිරි සියල්ල දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. අලුත උපන් දරුවාට වයස මාස…


පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.

අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම, හොඳින් පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගැනීමට හැකිවේ. අප ජලය පානය කළ යුත්තේ ඇයි? උණුකර නිවාගත් ජලය පානය කරන්නේ නම් වඩාත් සුදුසුය. එමෙන්ම, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය දවස පුරා සමානව බෙදී යන අයුරින් පානය කළ යුතුය. බොහෝ අය ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටින මුත්, එසේ කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාද, ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින්, සිරුරෙන් ඉවත්වන ජලය ප්‍රමාණය…


ඔබ දිනපතා ප්‍රෝටීන් අඩංගු ආහාර ගත යුත්තේ ඇයි?

ශරීරයේ වර්ධනයට, ගෙවී යන පටක කොටස් නැවත අලුත්වැඩියා කරගැනීමට, සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ. ඔබව රෝග වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට ද ප්‍රෝටීන් අවශ්‍ය වේ. ශරීරයට ඇතුළු වන බැක්ටීරියා, වෛරස, දිළීර වැනි රෝගකාරක විනාශ කරන ප්‍රතිදේහ, ප්‍රෝටීන් වර්ගයකි. එමෙන්ම, සිරුරේ ක්‍රියාකාරීත්වයට වැදගත් වන බොහොමයක් හෝමෝන නිපදවීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන අතර, ආහාර ජීර්ණය කිරීමට වැදගත් වන එන්සයිම සියල්ලම පාහේ නිපදවීමට ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ. රුධිරය ඔස්සේ විවිධ ද්‍රව්‍ය සහ සංයෝග ප්‍රවාහනය කිරීමට ද උපකාරී වන්නේ ප්‍රෝටීනයි. උදාහරණයක් වශයෙන්, පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් වායුව සෛල වෙත ප්‍රවාහනය කරන්නේ හිමෝග්ලොබින් නැමැති ප්‍රෝටීනයයි. එමනිසා, ඔබ දිනපතා ප්‍රෝටීන් අඩංගු ආහාර…


තෙල් භාවිතය අඩුකර සුවැති දිවියක් ගත කරමු.

තෙල් හෙවත් මේදය යනු අපේ ආහාරයේ වැදගත් සංඝටකයකි. එබැවින්, බොහෝ අය තෙල් නොමැති ආහාර ගැනීමක් පිළිබඳව සිතන්නේ වත් නැත. ඒ තරමටම, තෙල් අපේ ජීවිතය හා සම්බන්ධව පවතී. නමුත්, නිසි අවබෝධයකින් තොරව තෙල් ආහාරයට ගැනීම, අපේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බව පැවසිය හැක. එබැවින්, ආහාර පිළියෙල කිරීමේදී නිවැරදිව තෙල් භාවිතය සිදුකරන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. තෙල් සහ මේදය ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදිය හැක. ඒවා නම්: සංතෘප්ත මේදය හෙවත් සංතෘප්ත මේද අම්ල (Saturated fat) ඒක අසංතෘප්ත මේදය හෙවත් ඒක අසංතෘප්ත මේද අම්ල (Mono-unsaturated fat) බහු අසංතෘප්ත මේදය හෙවත් බහු අසංතෘප්ත මේද අම්ල (Poly-unsaturated fat) සංතෘප්ත මේදය හෙවත් සංතෘප්ත මේද අම්ල (Saturated…


එළවළු සහ පළතුරු දිනපතා ආහාරයට ගෙන සුවැති දිවියක් ගතකරමු.

අප බොහොමයක් දෙනා ආහාර වේලට නිසි ප්‍රමාණ වලින් එළවළු, පළා, සහ පළතුරු එකතුකර නොගැනීම සැබැවින්ම ගැටළුවකි. සාමාන්‍යයෙන් දිනකට එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක්, සහ පළතුරු වර්ග දෙකක් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් (Servings) ආහාරයට ගත යුතුය. දිනපතා එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමෙන්, අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින්, ඛණිජ ලවණ, තන්තු, සහ


සිරුර කෙට්ටුවීම ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?

සිරුර කෙට්ටුවීම හෙවත් කෘශභාවය, බර වැඩිවීම තරම් බරපතළ ගැටළුවක් ලෙස අප සිතන්නේ නැත. සෞඛ්‍ය හා සබැඳි බොහොමයක් ලිපි, සඟරා, පොත්පත් වල ශීර්ෂපාඨ වෙන්වී ඇත්තේ බර වැඩිවීම සඳහා පමණි. සැබැවින්ම, බර වැඩිවීම එක්තරා වසංගතයක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වුවත්, එමගින් කෙට්ටුවීම නැමැති මාතෘකාව මදක් ආවරණය වී ඇති ආකාරයක් පෙනේ. අප අතරින් බොහොමයක් කිලෝ එකකින් හෝ දෙකකින් පවා බර අඩුකරගැනීමට උත්සාහ කරනු දැකිය හැක. නමුත්, කෘශභාවය නොසලකා කටයුතු කලයුතු බවක් එයින් අදහස් නොවේ. බොහොමයක් අයට සිරුරේ බර අඩුකරගැනීම ගැටළුවක් වන්නා සේම ඇතැම් අයට බර වැඩිකරගැනීම ද ගැටළුවක් වී ඇත. අප සිරුරේ බර පිළිබඳව දළ අදහසක් ගැනීමට ඇති එක් මිනුමක් ලෙස ශරීර ස්කන්ධ…


සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු.

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ. එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය. සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි. සැබැවින්ම, සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩිකරගන්නේ කොහොමද? අප ගන්නා ඇතැම් ආහාර වල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතුකිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට…