සුවැති දිවිය

කොරෝනා (Corona) ආසාදනය පිළිබඳ ඔබේ ගැටළු වලට පිළිතුරු

කොරෝනා (Corona) වෛරසය යනු කුමක්ද? කොරෝනා වෛරස යනු, සතුන්ට හා මිනිසුන්ට ආසාදන ඇතිකල හැකි වෛරස සමූහයක්. කොරෝනා වෛරස වලට මිනිසා තුළ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සරළ ආසාදනයක සිට උග්‍ර ආසාදනයක් දක්වා පරාසයක ආසාදන ඇතිකල හැකියි. මින් පෙර ලෝකයේ රටවල් ගණනාවක පැතිරුණු මැද පෙරදිග ශ්වසන සහලක්ෂණය (Middle East Respiratory Syndrome/MERS) සහ අධි තීව්‍ර ශ්වසන සහලක්ෂණය (Severe Acute Respiratory Syndrome/SARS) මෙන්ම, දැනට ලෝකයේ රටවල් බොහොමයක පැතිරෙමින් ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19 නැමැති කොරෝනා ආසාදනය ද, මෙම වෛරස නිසා නිසා ඇතිවන උග්‍ර ආසාදන ලෙස දැක්විය හැක. COVID-19 කොරෝනා ආසාදනය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? COVID-19 කොරෝනා ආසාදනය නිසා වඩාත් බහුලව ඇතිවන රෝග ලක්ෂණ ලෙස…


ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය. එසේ සොබා දහම නිමැවූ එක් අනර්ඝ ආහාරයක් වන, මාළු ආහාරයට ගැනීම ශරීරයට ගුණදායක බව ලොවම දන්නා සත්‍යයකි. මක්නිසාද, මත්ස්‍යයන් තුළ ඔබේ සිරුරට හිතකර ඔමේගා 3 මේද අම්ල (Omega 3 fatty acids) පවතින බව බොහොමයක් දෙනා දන්නා කරුණකි. ඔමේගා 3 මගින් ඔබේ හෘද වස්තුව සෞඛ්‍ය සම්පන්න කරන අතර, මොළයේ ස්නායු වල හා ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සඳහා ද ඔමේගා 3 වැදගත් වේ. සැබැවින්ම, සෞඛ්‍ය සම්පන්න දිවියකට ඔබට ඔමේගා 3 කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේදැයි ඔබ දන්නවාද? මෙම ප්‍රශ්නයට නිසි…


ඔබේ කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?

කනට සතෙක් ඇතුළුවීම ඉතාම අමිහිරි සහ වේදනාකාරී අත්දැකීමක් බව එම අත්දැකීමට මුහුණ දුන් අයෙකුට කිසිවිටෙක අමතක නොවනු ඇත. දරුවන් පමණක් නොව වැඩිහිටියෙක් වුවද කනට සතෙක් ඇතුළු වූ විට නොසන්සුන් වනු දැකිය හැක. බොහෝ විට, කනට ඇතුළුවන්නේ කෘමි සතුන්ය. කනට සතෙක් ඇතුළු වූ පසු නිසි ප්‍රතිකර්මයක් නොකළහොත්, වේදනාව, ආසාදනය වීම, සහ කන ඇසීම අඩුවීම සිදුවිය හැක. සැබැවින්ම, කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද? කිසිවිටෙක, කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, සතා තවත් කන තුළට තල්ලුවීම සහ කනට හානිවීම සිදුවිය හැක. නිසි පළපුරුද්දක් සහ පුහුණුවක් නොමැති අයෙක්, නිසි…


ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

සැබැවින්ම, ඉරුවාරදය (Migraine) සුව කළ නොහැකි තත්ත්වයකි. කෙසේ වුවත්, ඉරුවාරදය ඇතිවන අවස්ථා සඳහා ප්‍රතිකර්ම ලෙස සහ ඉරුවාරදය ඇතිවන ඇතැම් අවස්ථා වැළැක්වීම සඳහා යොදාගත හැකි ඖෂධ ගණනාවක් පවතී. එමෙන්ම, ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන සාධක (Triggering factors) වලින් වැළකී සිටීමෙන්ද, ඉරුවාරදය සෑදෙන වාර ගණන අවම කරගැනීමට හැකියාව ඇත. ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. වේදනාව සමනය කිරීම ඉරුවාරදය වැළඳෙන ඇතැම් අයට වේදනා නාශක ගැනීමෙන් හොඳ සහනයක් ලැබේ. උදාහරණ වශයෙන්, පැරසිටමෝල් (Paracetamol) වැනි වෙළඳපොලෙන් පහසුවෙන් මිළදී ගතහැකි ඖෂධ මෙන්ම, වෛද්‍ය නිර්දේශය මත ගතහැකි ඉබියුප්‍රොෆන් (Ibuprofen), ඩයික්ලොෆෙනැක් සෝඩියම් (Diclofenac sodium) වැනි ස්ටෙරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) දැක්විය…


ඉරුවාරදය (Migraine) ගැන මදක් දැනගනිමු.

ඉරුවාරදය (Migraine), බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය හැක. එම හිසරදය සාමාන්‍යයෙන් පැය 4 සිට දින 3 ක් දක්වා පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථා වලදී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද ඇත. ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද? සැබැවින්ම, එක් එක් හිසරදයන් හටගැනීමට හේතුවන සාධක තවමත් නිසි අයුරින් හඳුනාගෙන නැති බව කිවහොත්, එය නිවැරදිය. කෙසේ වෙතත්, මොළයේ හටගන්නා ඇතැම් වෙනස්කම් මෙන්ම, පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා ඇතැම් ජාන සමග හිසරදයන් වල සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම, ඇතැම් අයට වෙහෙසකර බව, දීප්තිමත් ආලෝකයන්, කාළගුණ වෙනස්වීම්, සහ වෙනත් සාධක මගින් ඉරුවාරදය හටගැනීම උද්දීපනය වන…


ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?

ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නිතැතින්ම සිදුවන්නකි. නමුත්, මෙසේ දැඩි කැමැත්තක් පවතින ආහාර නිතර ගැනීමට පෙළඹීම ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. මක්නිසාද, සාමාන්‍යයෙන් අපට දැඩි ආශාවක් ඇතිවන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කෙරෙහිය. කෙසේ වුවත්, ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වළක්වා ගැනීමට නම්, ඔබ දැඩි ආශාවක් දක්වන ආහාර සහ එම ආහාර කෙරෙහි ඔබ දක්වන කැමැත්ත නිසි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය වේ. එමනිසා, ඔබේ ආහාර රටාව වෙනස් කිරීම සඳහා උත්සාහ කිරීමට පෙර, ඔබ වැඩියෙන්ම ආහාරයට ගැනීමට කැමති ආහාර සහ එම ආහාර ගැනීමට පෙළඹෙන වේලාවන් හඳුනාගත යුතුය. ඇතැම් අය පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වන අතර, සමහරෙක් ලුණු හෝ තෙල් අධික ආහාර…


ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඟවන සලකුණු

නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර ලෙස බලපානු ඇත. සැබවින්ම, ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඳුනාගන්නේ කොහොමද? සමේ ඇතිවන වෙනස්කම් ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, ඉක්මනින්ම ඒ බව හඟවන අවයවයක් ලෙස ඔබේ සම දැක්විය හැක. ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම සහ සමේ කුරුළෑ හටගැනීම අතර සම්බන්ධයක් පවතින බව පර්යේෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයන් දක්වන්නේ සිරුරේ හොමෝන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, නින්ද නොයාම නිසා අක්‍රමවත්…


මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු…


අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක. කෙසේ වුවත්, කාලයක් තිස්සේ අයහපත් පුරුදු පැවතීම නිසා අනාගතයේදී හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, ඇතැම් පිළිකා වැනි රෝග සහ වෙනත් සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා විය හැක. එමනිසා, අයහපත් පුරුදු වලින් වැළකෙමින් එවැනි බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට ඇති අවදානම අවම කරගෙන, ඒවායින් වැළකී සිටීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. දුම්පානය (Smoking) දුම්පානය සැලකීමේදී…


ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය (dengue) වසංගතයක් මෙන් පැතිර යන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරු විශේෂ දෙක මගිනි. ඩෙංගු රෝගය වෛරසයක් නිසා ඇතිවන්නකි. ඩෙංගු රෝගය වැළඳුනු රෝගියෙකුට දෂ්ට කල මදුරුවෙක් යලි නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කලහොත්, නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය බෝවීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීමට දායක වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම, වගකීමකි. එමනිසා, ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කලයුත්තේ කුමක්දැයි මදක් විමසා බලමු. ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය අනුපිළිවෙලින් බිත්තර, කීටයා, පිලවා, සහ මදුරුවා යන අවධි හතරකින් සමන්විතය. ගැහැණු මදුරුවා ජලය අඩංගු භාජන තුළ සහ ජලය එකතුවන ස්ථාන වල…


සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු.

අපි හැමෝම සතුටින් ජීවත්වෙන්න කැමතියි. නමුත්, අපේ ජීවිතයේ විවිධ අවධි වල වරින් වර මතුවන ගැටළු, දුක් කම්කටොළු, රෝග වැනි දේවල් නිසා සතුට අප හැරයන අවස්ථාද උද්ගත වේ. එවැනි අත්දැකීම් ඇතිවීම වැළැක්විය නොහැකි මුත්, ඇතැම් උපාය මාර්ග අනුගමනය කිරීමෙන් අප ජීවිතයේ සතුටින් සිටින කාලය වැඩිකරගන්න පුළුවනි. එසේ සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. ඇවිදින විට උනන්දුවෙන් ඇවිදින්න. පර්යේෂකයන්ට අනුව, ඇවිදින විට හොඳින් සෘජුව කය තබාගනිමින්. දෑත් හොඳින් පද්දමින් ගමන්කරනවා නම්, ධනාත්මක සිතුවිලි හටගැනීම වැඩිවේ. ඔබ සතුටින් නොසිටින විට පවා එසේ කිරීමෙන්, ඔබ යලි යථා තත්ත්වයට පත්වන තෙක්, අවම වශයෙන් අන් අයට ඔබ හොඳින් බව හඟවන්නට…


දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි සිදුවන බව ඔබ දැනගත යුතුය. එමනිසා, ඔබ දුම්පානය කිරීම නොකලත් අක්‍රීය දුම්පානයට නතුවන අයෙක් නම්, ඔබේ දිවිය අනතුරට ලක්වීම වැලැක්වීමට අපහසු වේ. සන්ධි ඔබගේ සන්ධි ඉදිමීමකට ලක්වී වේදනා ගෙනදෙනවාද? දුම්පානය කරන්නන්ට රූමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis ) නැමැති සන්ධි ප්‍රදාහය වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව පර්යේෂණ මගින් හෙළිවී ඇත. එමෙන්ම, රූමැටොයිඩ් පර්වදාහය ඇති අයෙක් දුම්පානය කරන්නේ නම්, එම රෝගය මර්ධනය කිරීම සඳහා ලබාගන්නා…


උදෑසන දිනචර්යාව මදක් වෙනස්කර බර අඩුකර ගනිමු.

මෙය, සුව සෙවන වෙබ් අඩවියේ පලවන 250 වෙනි ලිපිය බව සතුටින් සඳහන් කරමින් ඔබේ බර අඩුකරගැනීම සඳහා අනුගමනය කලහැකි තවත් සරළ ක්‍රමවේදයක් පිළිබඳව පැහැදිලි කිරීමට අදහස් කරමි. සැබැවින්ම, උදෑසන දිනචර්යාව මදක් වෙනස් කිරීමෙන් බර අඩුකරගත හැකිද? ඔව්, එසේ කලහැක. ඔබේ උදෑසන දිනචර්යාව මත ඔබේ දවසේ ආහාර ගැනීමේ රටාව සහ බර අඩුකරගැනීමේ උත්සාහයන් සියල්ල රඳාපවතී. ඊයේ දිනයේදී, කුමන හේතුවක් මත හෝ ඔබට සාමාන්‍ය ආහාර රටාවෙන් අපගමනය වීමට සිදුවුවද, සෑම උදෑසනක්ම ඔබට ආහාර රටාව වෙනස් කරගැනීමට සහ බර අඩුකරගැනීමේ ඉලක්කයන් ඇතිකරගැනීමට නැවුම් ආරම්භයක් ලබාදේ. එමෙන්ම, උදෑසනම සක්‍රීය වන පුද්ගලයන්ට, සවස් කාලයේ සක්‍රීය පුද්ගලයන්ට වඩා කාර්යක්ෂමව බර අඩුකරගැනීමට මෙන්ම, නියමිත බර පවත්වාගැනීමටද වැඩි…