ඔබේ දරුවා

දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?

සැබැවින්ම, සෑම දරුවෙක්ම දෙමව්පියන්ට මෙන්ම දැයට ද ආශිර්වාදයකි. එමෙන්ම, සෑම දරුවෙක්ටම සෞඛ්‍ය සම්පන්න දිවියකට සහ උපරිම දක්ෂතාවයන් ලඟාකර ගැනීමට දෙමව්පියන්ගේ නිසි රැකවරණය ලැබිය යුතුමය. එමනිසා, සෑම දරුවෙක්ටම ආදරය සහ රැකවරණය නිසි ලෙස, සමව ලැබීමට දරු උපත් අතර නිසි පරතරයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ගර්භණී සමය යනු මවට මෙන්ම, කුස තුළ වැඩෙන දරුවාට ද ආවේණික වූ අවදානම් පවතින කාලයක් බැවින් සියළුම දරු උපත් සැලසුම් සහගත වීම වැදගත් වේ. මව්පිය යුවලක් ඊළඟ දරු පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමේදී, සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැක. සෞඛ්‍ය තත්ත්වය වයස දරුවන් ලැබීමේ සහ රැක බලා ගැනීමේ හැකියාව සාමාජයීය සහ ආර්ථික ගැටළු තමන්ට අවශ්‍ය…


දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

අස්ථි බිඳීම් (Fractures) යනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අනතුරු විශේෂයක් යැයි කිවහොත් එය නිවැරදිය. විශේෂයෙන්ම, වැටීමකින් අනතුරුව එසේ වීමට හැකියාව පවතී. සිරුරේ කුමන කොටසක අස්ථි බිඳීමක් වුවද, අස්ථි බිඳීම කෙතරම් කුඩා හෝ විශාල වුවද, සියළු අස්ථි බිඳීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුමය. සැබැවින්ම, ඔබේ දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද? දරුවාගේ අස්ථියක් බිඳී ඇති බවට සැකකළ හැකි අවස්ථා මොනවාද? දරුවාට අනතුරක් සිදුවන අවස්ථාවකදී, කැඩෙන, බිඳෙන, හෝ ඇඹරෙන ශබ්දයක් ඇසීම. ඉදිමීමක්, රතුවීමක්, හෝ ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කිරීමට අපහසු වීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කරන විට, ස්පර්ශ කරන විට, හෝ සිරුරේ බර දරන…


දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?

දරුවාගේ නාසයෙන් ලේ ගැලීම, බොහොමයක් දෙමව්පියන් හා වැඩිහිටියන් කලබලයට මෙන්ම, බියට පත්කරන සිදුවීමකි. කෙසේ වුවත්, නාසයෙන් ලේ ගැලීම දරුවන් අතර සුලබව දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර, එය බොහෝ අවස්ථා වලදී බරපතළ ගැටළුවක් නොවේ. නාසයෙන් ලේ ගැලීම් සිදුවන අවස්ථා බොහොමයක් ඉබේම සමනය වන අතර, ඒ සඳහා ආරක්ෂාකාරී ලෙස නිවසේදීම ප්‍රතිකාර කිරීමට හැකියාව පවතී. නාසයෙන් ලේ ගැලීම් සිදුවන අවස්ථා බොහොමයක් සිදුවන්නේ පරිසරය වියළි වන විට සහ අධික ලෙස සිසිල් වන විටය. දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද? දරුවාට ඉඳගැනීමට සලස්වා දරුවාගේ හිස මදක් ඉදිරියට ඇල කරන්න. දරුවාට හිස පිටුපසට ඇල කරන්න දෙන්න එපා. හිස පිටුපසට ඇල කලහොත්, හුස්ම ගැනීමට අපහසු…


දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක. කෙසේ වුවත්, මුත්‍රා කරන විට වේදනාවක් හටගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ මුත්‍රල පද්ධතියේ හටගන්නා ආසාදනයන්ය. සැබැවින්ම, ඔබේ දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් ඔබ කුමක් කළ යුතුද? රෝග ලක්ෂණ මුත්‍රා පිටකරන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම. වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම. දැඩි ගන්ධයක් සමග, රුධිරය මුසුවූ, හෝ තද පැහැති මුත්‍රා පිටවීම. උණ හෝ වෙව්ලීම හටගැනීම. ආහාර රුචිය අඩුවීම හෝ දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩුවීම….


දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

විවිධ හේතූන් මත ඇදුම රෝගය (Bronchial asthma) එකවරම උත්සන්න විය හැකියි. මෙම දිනවල පවතින වැසි සහිත ස්වභාවය නිසාද, ඇතැම් අයට ඇදුම රෝගය උත්සන්න වනු දැකිය හැක. කුමන හේතුව නිසා ඇති වුවත්, ඇදුම උත්සන්න වීමේදී පෙනහළු වල පවතින ශ්වාස නාල උද්දීපනය වීම (Irritation) සහ ඉදිමීම (Swelling) සිදුවන අතර, එමගින් හුස්ම ගැනීම අපහසු වේ. සමහර අවස්ථා වලදී ඇදුම රෝගය උත්සන්න වීම මද වශයෙන් සිදු වුවත්, ඇතැම් විටෙක ජීවිතයට තර්ජනයක් වන අයුරින් වුවද උත්සන්න විය හැක. එමනිසා, ඔබේ දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත්, එය හඳුනා ගැනීම සහ එයට නිසි අයුරින් ප්‍රතිකර්ම සිදුකිරීම ඉතාම වැදගත් වේ. ඇදුම රෝගය උත්සන්න වීමේදී දැකිය හැකි රෝග ලක්ෂණ…


මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ. එහි දරුවාට අවශ්‍ය සියළුම පෝෂණ කොටස් අන්තර්ගත වේ. දරු ප්‍රසූතියකින් පසුව මුල් දින කිහිපය තුළදී මවගේ පියයුරු වලින් කුඩා ප්‍රමාණ වලින් නිපදවෙන ලා කහ පැහැති මුල් කිරි හෙවත් කොලොස්ට්‍රම් (Colostrum), අලුත උපන් දරුවාට ප්‍රමාණවත් වේ. මෙම මුල් කිරි සියළු පෝෂණ සංඝටක වලින් අනූන වන අතර, අලුත උපන් දරුවා ආසාදන රෝග වලට ගොදුරු වීම වළක්වයි. එමනිසා, නිපදවෙන මුල් කිරි සියල්ල දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. අලුත උපන් දරුවාට වයස මාස…


දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

ඇතැම් විට, දරුවන් පපුවේ වේදනාවන් පිළිබඳව පැමිණිලි කරනු දැකිය හැක. සැබැවින්ම, ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද? දරුවෙකුගේ පපුවේ වේදනාවන් හටගැනීමට හේතු විය හැකි තත්ත්වයන් ගණනාවක් පවතී. ඇතැම් විට, දරුවෙකුට මාංශ පේශි වල ඇදීමක් හෝ ඇදුම වැනි තත්ත්වයක් නිසා ද පපුවේ වේදනාව ඇති විය හැක. එමනිසා, පපුවේ වේදනාව හටගැනීමට හේතු වන තත්ත්වය මත රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. දරුවෙකුට ඇතිවන පපුවේ වේදනාවක්, හෘදයේ ඇතිවන උග්‍ර ගැටළුවක් නිසා ඇතිවන්නේ කලාතුරකිනි. පපුවේ වේදනාවක් සමග දරුවාට ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද? පපුවේ තද ස්වභාවයක් හෝ තදවීමක් (Tightness). පපුවේ ඇතිවන අපහසුතාවයක් (Discomfort). පපුවේ දැවිල්ලක් (Burning sensation). ගැඹුරින් හුස්ම ගන්නා විට ඇතිවන…


පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

තම දරුවා අසනීප වීමෙන් පසුව, යලි පාසල් යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙමව්පියන්ට නැති බව පෙනේ. ඇතැම් දෙමව්පියන් දරුවා අසනීප තත්ත්වයෙන් සිටියදීම පාසල් යවන්නට උත්සුක වන අතර, ඇතැම් අය අසනීපය හොඳින් සුවවීමට පෙර පාසල් යවන අවස්ථාද පවතී. කෙසේ වුවත්, එය දරුවා අසනීපයෙන් පසු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය වැඩිකිරීමට හේතුවිය හැකි අතරම, ඇතැම්විට දරුවාගේ අසනීපය තවදුරටත් උග්‍ර වීමටද හේතුවිය හැක. වඩාත්ම ගැටළුකාරී වන්නේ බෝවෙන රෝගයකින් පෙලෙන දරුවෙක් සමග ගැවසෙන අනෙක් නිරෝගී දරුවන්ට ද රෝගය බෝවීමට ඇති අවදානම වැඩිවීමයි. එමනිසා, පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි වටහා ගැනීමට අත්වැලක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. ඇතැම්…


දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

අසාත්මිකතාවයක් (Allergy) යනු සාමාන්‍යයෙන් හානිකර නොවන යම් සංයෝගයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) සටන් කිරීමේදී ඇතිවන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. මෙහිදී, එවැනි සංයෝග ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරට හානිකිරීමට පැමිණි ද්‍රව්‍යයන් ලෙස වටහාගැනීමක් සිදුවේ. අසාත්මිකතාවයක් උද්දීපනය කරන එවැනි සංයෝග අසාත්මිකාරක (Allergen) ලෙස හැඳින්වේ. ඇතැම් ආහාර, ඖෂධ, කෘමි දෂ්ට කිරීම්, පරාග, දූවිලි කීඩෑවන්, විවිධ රසායන ද්‍රව්‍ය වැනි දේවල් අසාත්මිකාරක ලෙස ක්‍රියාකල හැක. ඇතැම් ද්‍රව්‍ය වලට පළමු වරට නිරාවරණය වීමේදීම අසාත්මිකතා ඇතිවිය හැකි අතර, මුලින් නිරාවරණය වීමේදී ගැටළුවක් ඇති නොවූ ඇතැම් ද්‍රව්‍ය වලට පසුව අසාත්මිකතාවයන් ඇතිවනු දැකිය හැක. කෙසේ වුවත්, බොහොමයක් අසාත්මිකතා උග්‍ර ගැටළු ඇති නොකරන අතර, ඇතැම් අසාත්මිකතා උග්‍ර සහ ජීවිතයට…


දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම්, ඒ සඳහා හේතුවිය හැකි තත්ත්ව ගණනාවක් පවතී. නමුත්, වමනය කිරීම සඳහා බොහෝවිට හේතුවන්නේ අජීරණ තත්ත්වයකි. කෙසේ වුවත්, වමනය කිරීම නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය, ලවණ, සහ ඛණිජ ඉවත්වීමට හැකියාව පවතී. දිගටම වමනය පැවතුනහොත්, විජලනය සහ අයන අසමතුලිතතා හටගැනීම වැනි සංකීර්ණ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. එමනිසා, එසේ ඉවත්වන දියර, ඛණිජ, සහ ලවණ නැවත දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. දරුවා වමනය කරන්නේ නම්, කලයුත්තේ කුමක්ද? වමනය කරමින් සිටින දරුවෙක්ට කිරි ආහාර හෝ ඝන ආහාර දීමෙන් වළකින්න. දියර කුඩා ප්‍රමාණ වලින් ලබාදෙන්න. ළදරුවන් සඳහා: සෑම විනාඩි 15-20 කට වරක් ජීවනී මේස හැඳි 1 ක් පමණ දෙන්න. එකවරකට කෙටි වේලාවක්…


දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවන්ගේ සමේ ආසාදන (Skin infections) හටගැනීම එතරම් දුලබ දෙයක් නොවන අතර, විසර ගෙඩි සහ සෛලීයදාහය (Cellulitis) දරුවන් අතර දක්නට ලැබෙන සමේ ආසාදන වලට උදාහරණ ලෙස දැක්විය හැක. විසර ගෙඩි හටගැනීමේදී සමේ යම් නිශ්චිත ස්ථානයක සැරව එකතුවීම සිදුවේ. සෛලීයදාහයේදී සමේ ගැඹුරු පටක ස්ථර වල සහ සමට යටින් පවතින පටක වල බැක්ටීරියා ආසාදනයක් හටගැනීම සිදුවේ. බොහොමයක් සමේ ආසාදන වලට හේතුවන්නේ Streptococcus සහ Staphylococcus නැමැති බැක්ටීරියා ගණ දෙකයි. කෙසේ වුවත්, මෙම ආසාදන වර්ග දෙකටම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ. ඔබේ දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද? සමේ ආසාදනයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? විසර ගෙඩි: සමට යටින් ඉදිමීමක් හටගැනීම. ගෙඩිය කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන්…


දරුවා විජලණයට ලක්වුවහොත් කුමක් කල යුතුද?

දරුවෙකුගේ ශරීරයේ සමස්ථ බරෙන් 60-80% ක් පමණ පවතින්නේ ජලයයි. උපතේදී, ශරීරයේ බරෙන් 80% ක් පමණ ජලය පවතින අතර, ක්‍රමයෙන් වයස වැඩිවත්ම ශරීරයේ පවතින ජලය ප්‍රතිශතය අඩුවීම සිදුවේ. සාමාන්‍යයෙන්, දහඩිය, මුත්‍රා, මළපහ වැනි තරල සහ ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරෙන් ජලය ඉවත්වීම සිදුවේ. එලෙස ඉවත්වන ජලය ප්‍රමාණය නැවත පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කරන්නේ නැතිනම්, විජලණය (Dehydration) වීම සිදුවිය හැක. එනම්, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකරන දරුවෙක් විජලණයට ලක්වේ. එමෙන්ම, ශරීරයේ පවතින ජලය වැඩිපුර ඉවත්වීමට ලක්විය හැකි රෝගයකදී හෝ තත්ත්වයකදී වුවද විජලණය වීම දැකිය හැක. උදාහරණ වශයෙන්, දිගටම පවතින වමනය, දියර ලෙස මළපහ පිටවීම, සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැක….


දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි. හිසේ උකුණන් වාසය කිරීම සැබැවින්ම කරදරකාරී දෙයක් වුවද, ඔවුන් හානිකර වන්නේ හෝ රෝග පතුරවන්නේ නැත. ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද? උකුණන් බෝවී ඇති බවට සලකුණු හෝ රෝග ලක්ෂණ මොනවාද? දරුණු හිසේ කැසිල්ලක් හටගැනීම හිස්කෙස් වල ලේඬියන් දක්නට ලැබීම. ලේඬියන් යනු හිසකෙස් වලට ඇලී පවතින උකුණන්ගේ බිත්තර වන අතර, ඒවා අළු හෝ සුදු පැහැයට හුරු කහ පැහැයෙන් යුක්ත වේ. රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත උකුණන් හිසකෙස් මත දක්නට ලැබීම. හිසේ…