සාමාන්‍ය සෞඛ්‍යය

කොරෝනා එන්නත සහ එහි වැදගත්කම ගැන දැනගනිමු.

?????? ????? ??? ???? ???? ??? ?????? ?????? ????? ????? ???? ?????? ???? ???? ????????? ??????? (Critical tool) ??? ????????? ???. ????????, ???? ?????? ??? ?????? ??? ??????? ????????? (Effective testing) ?? ?????????? ??????????? (Prevention measures) ??? ???? ?????? ????? ?????, ?????? ?????? ????? ????? ???? ?????? ????? ????? ?????????? ??????? ??. ?????, ????? ??? ?????, ???? ?????? ??? ??? ? ?????? ?????? ??????? ??????? ?????? ????? ????? ??????? ???????? ??????? ??? ????? ??????? ??? ???? ?????? ??????? ????. ?????? ?????? ??????? ?? ????????????? ??????? ?????? ????? ???????? ????? ???????? ??? ??? ???? ????? ????? ??????? ????? ??????? ??????? ??????….

තව කියවන්න >>

අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?

අංශභාගය (Stroke) හෙවත් ආඝාතය වැළඳෙන්නේ මොළයේ පවතින රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙනි. එසේ වීම නිසා ස්නායු සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් අවහිර වූ හෝ පිපිරී ගිය රුධිර වාහිනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස මිය යාමට පටන් ගනී. අංශභාගය නිසා හානි වූ මොළයේ ප්‍රදේශය මගින් පාලනය වන සිරුරේ කොටස් වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම දැකිය හැක. මොළයේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙන් පසුව විනාඩි කිහිපයක් තුළ අදාළ ප්‍රදේශයේ ස්නායු වලට හානි වීම ඇරඹේ. එමනිසා, අංශභාගය නිසා ඇතිවන රෝග ලක්ෂණ වහා හඳුනාගෙන, ඉක්මනින් ක්‍රියාකාරී වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් නිසි ප්‍රතිකාර කලහොත්, මොළයට සිදුවන හානිය…


දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක. දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව…


දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

දියවැඩියාව නිසා සංකූලතා ඇතිවීමට දිගුකාලයක් ගතවන අතර, ඒවා වර්ධනය වන්නේ සෙමින් ය. දියවැඩියාව වැළඳී පැවතුන කාලය වැඩිවන විට සහ දියවැඩියාව නිසි ලෙස පාලනය නොවන විට සංකූලතා හටගැනීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවේ. අවසානයේදී, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ක්‍රමයෙන් රෝගියා අබල දුබල කිරීම හෝ ජීවිතයට හානියක් වන අයුරින් වර්ධනය වීම සිදුවේ. හෘත්වාහිනික රෝගය (Cardiovascular disease) දියවැඩියාව ක්‍රමයෙන් හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඒවා අතර, පපුවේ වේදනාවත් (ඇන්ජයිනා) සමග එන කිරීටක ධමනි රෝගය (Coronary artery disease) හෙවත් හෘදයේ ඇති කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වී සිහින්වීම හෝ අවහිර වීම, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි සිහින් වීම (Atherosclerosis) ප්‍රමුඛතාවයක්…


තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්,…