කාන්තා සෞඛ්‍යය

දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?

සැබැවින්ම, සෑම දරුවෙක්ම දෙමව්පියන්ට මෙන්ම දැයට ද ආශිර්වාදයකි. එමෙන්ම, සෑම දරුවෙක්ටම සෞඛ්‍ය සම්පන්න දිවියකට සහ උපරිම දක්ෂතාවයන් ලඟාකර ගැනීමට දෙමව්පියන්ගේ නිසි රැකවරණය ලැබිය යුතුමය. එමනිසා, සෑම දරුවෙක්ටම ආදරය සහ රැකවරණය නිසි ලෙස, සමව ලැබීමට දරු උපත් අතර නිසි පරතරයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ගර්භණී සමය යනු මවට මෙන්ම, කුස තුළ වැඩෙන දරුවාට ද ආවේණික වූ අවදානම් පවතින කාලයක් බැවින් සියළුම දරු උපත් සැලසුම් සහගත වීම වැදගත් වේ. මව්පිය යුවලක් ඊළඟ දරු පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමේදී, සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැක. සෞඛ්‍ය තත්ත්වය වයස දරුවන් ලැබීමේ සහ රැක බලා ගැනීමේ හැකියාව සාමාජයීය සහ ආර්ථික ගැටළු තමන්ට අවශ්‍ය…


ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?

ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. ඒ හේතුවෙන්, Vaginismus තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීම ප්‍රියජනක වන්නේ නැහැ. කෙසේ වුවත්, Vaginismus තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන් ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කිරීමට ඇති ලජ්ජාව සහ අපහසුතාවය නිසා ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. රෝග ලක්ෂණ ලිංගික එක්වීම වේදනාකාරී වීම යම් කාන්තාවකට Vaginismus තත්ත්වය ඇති බව හඟවන පළමු සලකුණ වේ. මෙම වේදනාව ලිංගික එක්වීම ආරම්භයේදී පමණක් ඇතිවන මද අපහසුතාවයක සිට දැඩි…


අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

සාමාන්‍යයෙන්, බොහොමයක් කාන්තාවන්ට තම ඔසප් වීම සිදුවීමේදී වැඩිපුර රුධිරය වහනය වීම සහ මද වේදනාවක් හටගැනීම සිදුවන දිනක් හෝ දින කිහිපයක් පවතිනු දැකිය හැක. නමුත්, අධිකව ඔසප් වීම (Menorrhagia) සුලබව හටගන්නා තත්ත්වයක් නොවේ. මෙම අධිකව ඔසප් වීම, ආර්තවරීතය හෙවත් ප්‍රදරය ලෙසද හඳුන්වනු ලැබේ. ඔබටත් මෙම ගැටළුව පවතිනවා නම්, ඇතැම් විට පැයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට තරම් රුධිර වහනය අධිකව සිදුවන අවස්ථා ඇති බවට ඔබට අත්දැකීම් තිබිය හැක. ඇතැම් විටෙක, ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වන තරම් වේදනාවක් ද ඒ සමග ඇතිවිය හැක. ඇතැම් සෞඛ්‍ය තත්ත්ව සහ රෝග හේතුවෙන් අධිකව ඔසප් වීම ඇතිවිය හැකි අතර, අධිකව ඔසප් වීම නිසාද සංකූලතා හටගැනීම…


එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ්දැරීමේ හැකියාව පවතින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට වැළඳෙන රෝග තත්ත්වයක් බව පෙර ලිපියෙන් ඔබට පැහැදිලි වන්නට ඇත. බොහෝවිට, මද වශයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති කාන්තාවන් හට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. නමුත්, මෙම රෝගය වැළඳුනු ඇතැම් අයට, වේදනාව සහ වෙනත් ගැටළු ඇති වනු දැකිය හැක. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඔබට එකවරම යටිබඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් එකවරම ඇතිවුණි නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න. පෙර වේදනාවකින් තොරව සිදු වූ ඔසප්වීම, වේදනාකාරී වීමට…


එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු.

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ් දැරිය හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට (10% කට පමණ) උද්ගත වන ගැටළුකාරී තත්ත්වයකි. මෙහිදී, ගර්භාෂයේ ආස්තරය සාදන පටක ගර්භාෂයෙන් පිටත ද වර්ධනය වීම දැකිය හැක. මෙම තත්ත්වයේදී සැමවිටම රෝග ලක්ෂණ ඇතිවීමක් දක්නට නොලැබෙන අතර, සාමාන්‍යයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය භයානක හෝ අනතුරුදායක තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය සුළු වශයෙන් පවතින විට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. කෙසේ වුවත්, අන් අවස්ථා වලදී වේදනාව සහ වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ගර්භාෂ ආස්තරයේ පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීම, රෝපණ (Implants) ලෙස හැඳින්වේ. බොහෝවිට, මෙසේ ගර්භාෂ ආස්තරයේ පටක වර්ධනය වන්නේ ඩිම්බ කෝෂ, ෆැලෝපීය නාල (Fallopian tubes), ගර්භාෂයේ පිටත පෘෂ්ඨය, බඩවැල්, සහ උදර කුහරය…


ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?

ගර්භාෂය ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින් සෑදී තිබුණත්, එහි අභ්‍යන්තර බිත්තිය ආවරණය කරන පටක ස්ථරයක් (Endometrium) පවතී. ගර්භාෂයේ පිළිකා යනු ගර්භාෂය ආස්තරණය කරන මෙම පටක ස්ථරයේ හෙවත් ගර්භාෂයේ ඇතුළු බිත්තියේ හටගන්නා පිළිකා වර්ගයකි. මෙම පිළිකා වර්ගය, කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතර මූලික ස්ථානයක් ගැනීම විශේෂ ලක්ෂණයක් වේ. ගර්භාෂයේ පිළිකා තරුණ කාන්තාවන් අතර එතරම් සුලභ රෝගයක් නොවන අතර, ගර්භාෂයේ පිළිකා වැළඳෙන බොහොමයක් කාන්තාවන් වයස අවුරුදු 50 ට වැඩි අය වීම විශේෂ ලක්ෂණයකි. එනම්, ආර්තවාභාවය හෙවත් ආර්තවහරණය (Menopause) සිදුවූ කාන්තාවන්ට ගර්භාෂයේ පිළිකා වැළඳීමට වැඩි අවදානමක් පවතී. වාසනාවකට මෙන්, මූලික අවස්ථා වලදී හඳුනාගැනීම මගින්, ගර්භාෂයේ පිළිකා බොහෝවිට සුවකිරීමට හැකියාව ලැබේ. ගර්භාෂයේ පිළිකා හටගැනීමට…


දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වන ඔබට

මවක් වීම, විවාහක තරුණ කාන්තාවකගේ සිහින වලින් එකක් යැයි පැවසුවහොත් එය නිවැරදියි. නමුත්, දරු පිළිසිඳ ගැනීමකටත් පෙර සූදානම් වීමක් තිබීම ඉතාම වැදගත් බව ඔබ දන්නවාද? ඔබ මවක් වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ දැනගත යුතු සහ අනුගමනය කල යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කිරීමටයි මෙම ලිපිය පලකරන්නේ. දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම වයස සහ කාලය කුමක්ද? තරුණියක් වයස අවුරුදු 18 ක් වීමට පෙර ගැබ්ගැනීම එතරම් හිතකර නොවේ. මක්නිසාද, වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වීමට පෙර ගැහැණු දරුවෙක් දරු පිළිසිඳ ගැනීමකට ශාරීරිකව සහ මානසිකව වර්ධනය වී නැහැ. එමෙන්ම, වයස අවුරුදු 18 කට පෙර ගැබ්ගැනීමක් සිදුවුවහොත්, ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී සංකූලතා හටගැනීමට…


PCOS තත්ත්වය හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම ගැන දැනගනිමු.

PCOS තත්ත්වය (Polycystic ovary syndrome) හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම, බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙසද හැඳින්වේ. මෙය කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝගයකි. PCOS වැළඳුනු විට ඔසප් චක්‍රයේ ගැටළු මතුවන අතර, ගැබ්ගැනීමට ද අපහසුතා ඇතිවීම දක්නට ලැබේ. එමෙන්ම, කාන්තා ඔබගේ බාහිර ස්වරූපයද වෙනස් කිරීමට PCOS තත්ත්වයට හැකියාව පවතී. නිසි ප්‍රතිකර්ම නොකලහොත්, කල් ගතවත්ම දියවැඩියාව සහ හෘද රෝග වැනි උග්‍ර සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමටද PCOS තත්ත්වය සමත් වේ. PCOS තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ වල කුඩා බිබිලි වර්ධනය වේ. මෙම තත්ත්වය බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. මෙම කෝෂ්ඨ හෙවත් බිබිලි හානිකර නොවූවත්, හෝමෝන අසමතුලිතතාවයක් ඇතිකිරීමට සමත්ය. එමනිසා, PCOS තත්ත්වය…


ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්

ගර්භණී අවධියේදී ඇතිවන සමහර ලක්ෂණ එම කාලය තුළ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වන අතර, ඇතැම් ලක්ෂණ අවදානම් සහගත අවස්ථාවක් පෙන්නුම් කරන ඒවා විය හැකියි. එමනිසා, එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව දැනුවත් වී සිටීම මගින්, කුස තුළ වැඩෙන දරුවාට සහ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එමගින්, ඊළඟ මාතෘ සායන දිනය තෙක් සිට වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන ලක්ෂණ සඳහාද, වහාම රෝහල්ගත විය යුත්තේ කුමන ලක්ෂණ සඳහාද යන්න තීරණය කිරීමට මවට හැකියාව ලැබේ. ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ගර්භණී මවකට ඇත්නම්,…


සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව මවක් අනුගමනය කලයුතු උපදෙස් පිළිබඳව මදක් පැහැදිලි කිරීමට මෙම ලිපිය සකස්කර ඇත. මක්නිසාද, මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන්, මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා හටගැනීම අවම කරගැනීමට හැකියාව ලැබේ. සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇති හිරිවැටුණු ස්වභාවය ඉවත්වීමට පැය 4-5 ක් පමණ ගතවේ. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව අවම කරගැනීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන වේදනා නාශක නිසි පරිදි ගැනීම කල යුතුය. එමෙන්ම, අලුත උපන් දරුවාට හොඳින් මව්කිරි ලබාදීමත් ඉතාම වැදගත්. සැත්කමෙන් පසුව, දෙවන දිනය එළඹෙන විට බොහොමයක් මව්වරු ඇඳෙන් බැස ඇවිදීම සිදුකරයි. කෙසේ වුවත්, සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ශරීරය යථා තත්ත්වයට පත්වීම සඳහා ඇවිදීම වැදගත්…


සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුකිරීමට බලපාන හේතු සාධක මත සිසේරියන් ශල්‍යකර්මය (Cesarean delivery or C-section) මදක් වෙනස්විය හැකි මුත්, එය සිදුකරන අනුපිළිවෙල බොහෝදුරට සමානය. එමනිසා, සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය සරළ ලෙස පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය සකස්කර ඇත. සැත්කම කිරීමට පෙර පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයකට පෙර, ගර්භණී මවට සබන් යොදා හොඳින් ස්නානය කිරීමට උපදෙස් ලබාදේ. එමගින්, සැත්කම කිරීමෙන් පසුව ආසාදනය වීම් ඇතිවීම අවම කරගැනීමට හැකියාව ලැබේ. නමුත්, හදිසි සිසේරියන් ශල්‍යකර්මයකට මවක් සූදානම් කිරීමේදී එසේ කිරීමට කාලය නොලැබෙන්න පුලුවනි. එමෙන්ම, සැත්කම කිරීමට පෙර යටිබඩ සහ ලිංගාශ්‍රිත රෝම ඉවත්කිරීමටද උපදෙස් ලබාදෙන අතර, මුත්‍රාශය හිස්ව තබාගැනීම සඳහා මුත්‍රා බටයක් ඇතුළුකිරීම සිදුකරනු ලැබේ….


සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?

ඔබේ දරුවා බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් (Cesarean delivery or C-section) සිදුකිරීමට සැලසුම්කර තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ඔබව යොමුකරනු ඇත. මක්නිසාද, බොහෝවිට සිසේරියන් සැත්කම සිදුකරන්නේ කොඳු ඇට පෙළට ඖෂධයක් නික්ෂේපනය කර, ඔබේ නාභියෙන් පහළ හිරිවැට්ටවීමෙන් අනතුරුවයි. එමනිසා, සැත්කම අතරතුර ඔබ සිහියෙන් පසුවුවත් වේදනාවක් ඇතිවීම සිදුනොවේ. නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඔබව පරීක්ෂා කරනු ලබන්නේ, මෙම නිර්වින්දන ක්‍රමවේදයට ලක්වීමට ඔබ සුදුසු දැයි සහ එයින් යම් සංකූලතාවයක් ඇතිවිය හැකි දැයි පරීක්ෂාකර බැලීමටයි. හදිසි අවස්ථාවකදී, නාභියෙන් පහළ හිරිවැට්ටවීම වෙනුවට, ඔබව සිහිනැතිකර සිසේරියන් සැත්කම සිදුකිරීමට තීරණය කලහැකියි. එවිට, නාභියෙන් පහළ හිරිවැට්ටවීම මෙන් නොව, සැත්කම අතරතුර සිදුවන කිසිවක් ඔබට දැකීමට, ඇසීමට, හෝ දැනීමට…


සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?

සිසේරියන් සැත්කම (Cesarean delivery or C-section) යනු ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදුකරන කැපුමක් තුලින් දරුවෙකු බිහිකිරීමට සිදුකරන සැත්කමකි. ඇතැම් ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීම නුසුදුසු වන අවස්ථා වලදී, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම සැත්කම නිර්දේශ කිරීම සිදුකරයි. බොහෝවිට එසේ කිරීමට හේතුව වන්නේ ගර්භණී අවධියේදී ඇතැම් සංකූලතා පැවතීම, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් පැවතීම, සහ පෙර දරු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් සිදුකර තිබීම වැනි සාධකයි. ශ්‍රී ලංකාවේ සිදුකරන දරු උපත් අතරින් ආසන්න වශයෙන් 1/3 ක් පමණ සිසේරියන් සැත්කම මගින් සිදුකිරීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන්, සිසේරියන් ශල්‍යකර්මය සඳහා ගතවන්නේ පැයකටත් වඩා අඩු කාලයක් වන අතර, ශ්‍රී ලංකාවේ බොහොමයක්…