පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිකරන ක්‍රම 10 ක් ඉගෙන ගනිමු.

පරිවෘත්තීය සීඝ්‍රතාවය (Metabolic rate) යනු ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ශක්තිය වැයකරන වේගයයි. මෙසේ ශක්තිය වැයවන්නේ, ශරීරය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා සඳහාය. යමෙකුගේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිනම්, ඔහුගේ හෝ ඇයගේ කැලරි දහනය වන වේගය වැඩිවන අතර, පරිවෘත්තීය සීඝ්‍රතාවය සාධක කිහිපයක් මත වෙනස් වේ. එම සාධක අතරට, වයස, බර, ස්ත්‍රී පුරුෂ භාවය, ශාරීරිකව ක්‍රියාකාරී වන මට්ටම, සහ ජාන ඇතුළත් වේ. ඇතැම් අයට උපතෙන්ම වැඩි පරිවෘත්තීය සීඝ්‍රතාවයක් හිමිවේ. සාමාන්‍යයෙන්, ගැහැණු අයට වඩා පිරිමි කෙනෙකුගේ පරිවෘත්තීය සීඝ්‍රතාවය වැඩිය. බොහොමයක් අයගේ, පරිවෘත්තීය සීඝ්‍රතාවය, වයස අවුරුදු 40 ට පසු ක්‍රමයෙන් පහත වැටෙනු දැකිය හැක. ඔබගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාන යන සාධක වෙනස්කල නොහැකි මුත්, පරිවෘත්තීය සීඝ්‍රතාවය…


නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?

වසර දහස් ගණනක් පැරණි මානව ශිෂ්ටාචාරය තුළ ආහාර රසගැන්වීම සඳහා ලුණු වලට හිමිවී තිබුණේ ප්‍රමුඛතම ස්ථානයකි. එමනිසා, ලුණු වලින් තොරව ආහාර ගැනීමක් සිතීමටත් අපහසු වී ඇත. එමෙන්ම, මිනිස් ශරීරයේ අභ්‍යන්තර පරිසරය සහ එහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන සෝඩියම් ලබාදෙන ප්‍රධානම ප්‍රභවය ලුණු ලෙස හැඳින්විය හැක. අප ගන්නා ආහාර වල ස්වභාවිකව පවතින සෝඩියම් ප්‍රමාණය, අපගේ දෛනික සෝඩියම් අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් වේ. නමුත්, වැඩිපුර දහඩිය දමන අයට, තරමක වැඩි ලුණු ප්‍රමාණයක් අවශ්‍ය විය හැක. දවසකට ආහාරයට ගතහැකි, අමතරව එක්කරන උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් හෙවත් තේ හැන්දක් ලෙස නිර්දේශ කර ඇත්තේ එබැවිනි. එමනිසා, නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේදැයි…


ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත. දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක්…


සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 5 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික…


බර එසවීමේ ව්‍යායාම පිළිබඳ ඇති වැරදි මත කිහිපයක්

බර එසවීමේ ව්‍යායාම (Weight training) යනු, ශක්ති වර්ධක පුහුණුවක (Strength training) ඇති ප්‍රධාන අංගයක් වේ. එය ශරීරය හැඩගැන්වීමට මෙන්ම, ශක්තිය වර්ධනය කිරීමටද එකසේ ඉවහල් වේ. නමුත්, බර එසවීමේ ව්‍යායාම පිළිබඳව සමාජයේ වැරදි මත ගණනාවක් පවතිනු පෙනේ. බහුලව පවත්නා එවන් වැරදි මත කිහිපයක් සාකච්ඡාවට භාජනය කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ. මක්නිසාද, ඇතැම් වැරදි මත හේතුවෙන්, සැලකිය යුතු පිරිසක් බර එසවීමේ ව්‍යායාම වලින් ඈත්වී සිටිනු දැකිය හැක.   බර එසවීමේ ව්‍යායාම වලින් ස්වායු (Aerobic) හෝ හෘත්වාහිනික (Cardiovascular) වාසි නොලැබේ. ශරීරයේ ශක්තිය වර්ධනය කරනවාට අමතරව, බර එසවීමේ ව්‍යායාම මගින්, හෘත්වාහිනික පද්ධතිය (Cardiovascular system) නිරෝගී හා ශක්තිමත් වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත….


බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්

බොහෝ අය බර අඩුකරගැනීමට වෙහෙසෙන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන්නක්. සැබැවින්ම, බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට අභියෝගයක් වී ඇතිබව පෙනේ. කෙසේ වුවත්, බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත ගණනාවක් සමාජයේ පවතී. එයින්, බොහෝ දෙනෙක් අතර පවතින වැරදි මත 10 ක් විමසා බලමු.   බර අඩුකරගැනීමට දැඩිව ව්‍යායාම කල යුතුයි. මෙය වැරදි මතයක්. සාර්ථක එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න බර අඩුකරගැනීමක් සඳහා ජීවන රටාවේ ඇතිකරගන්නා සුළු වෙනස්කම් ගණනාවක් දිගුකලක් තිස්සේ පවත්වා ගැනීම සිදුකල යුතුයි. එදිනෙදා වැඩකටයුතු සක්‍රීයව සහ කඩිසරව සිදුකිරීමත් මෙයට ඇතුළත් වේ. සාමාන්‍යයෙන්, වැඩිහිටියෙක්, වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක්, සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් කිරීම අවශ්‍ය වේ….


පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම

පිරිමි කොන්ඩමය හෙවත් රබර් කොපුව (Condom) යනු පවුල් සැලසුම් කිරීම සඳහා මෙන්ම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ද, භාවිතා කල හැකි ඉතා තුනී රබර් කොපුවකි. පවුල් සැලසුම් කිරීම සඳහා කොන්ඩමය සාර්ථක ක්‍රමයක් වන අතර, කොන්ඩමයක් නිවැරදිව භාවිතා කලහොත්, ගැබ්ගැනීමට ඇති හැකියාව 3% කට වඩා අඩුය.   කොන්ඩමයෙන් ගැබ්ගැනීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වැළකෙන්නේ කෙසේද? කොන්ඩමය, ප්‍රාණවත් වූ පුරුෂ ලිංගය ආවරණය කරන බැවින්, ලිංගිකව එක්වීමේදී, ශුක්‍රාණු යෝනි මාර්ගය තුළ තැන්පත්වීම වළකයි. එමෙන්ම, කොන්ඩමයේ තුනී රබර් ආවරණය හරහා රෝගකාරක වෛරස, බැක්ටීරියා වැනි විෂබීජ වලට ගමන්කිරීමට අපහසු බැවින්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වියහැකි එකම පවුල් සැලසුම්…


මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු.

අලුත උපන් ළදරුවාට මව්කිරි දීම සැලකූ කල, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයක සිටීම පිළිබඳව, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැක. උපතේ පටන් ළදරුවාට මාස 6 ක් ගතවන තුරු මව්කිරි පමණක් අනිවාර්යයෙන් ලබාදීම ශ්‍රී ලංකාවේ පවතින නිර්දේශයයි. ඉන් අනතුරුව, අමතර ආහාර සමග අවුරුදු 2-3 ක් පමණ මව්කිරි ලබාදීමට නිර්දේශ කෙරේ. මෙයට හේතුව වන්නේ, කුඩා දරුවෙකුට ලබාදිය හැකි හොඳම කිරි වර්ගය මව්කිරි වීමයි. මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි මොනවාදැයි මදක් විමසා බලමු.   මව්කිරි බීමෙන් දරුවාට ලැබෙන වාසි මොනවාද? දරුවා සහ මව අතර දැඩි සම්බන්ධතාවයක් ඇතිවේ. මව්කිරි වල ළදරුවකුගේ වර්ධනයට සහ විකසනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලම පාහේ අඩංගු වේ….


දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

ඇසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වේ. ඒවායින් සමහරක් ඇසට සබන් යාම, ඇසට රොඩු කැබැල්ලක් ඇතුළුවීම වැනි ඒවාය. නමුත්, ඇසට සිදුවන ඇතැම් අනතුරු බරපතළ වියහැකි අතර, එවන් විටෙක වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම අවශ්‍ය විය හැක. බොහෝවිට, දරුවා ක්‍රීඩාවක හෝ ශාරීරික ක්‍රියාකාරකමක නියැලෙන විට, ඇසට එවන් අනතුරු සිදුවීමට ඉඩ ඇත. සැබැවින්ම, දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?   දරුවාගේ ඇසට අනතුරක් වුවහොත් හඳුනාගන්නේ කෙසේද? ඇසට සිදුවන අනතුරකදී, පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. ඇස රතුවීම. ඇසේ වේදනාවක්, දැවිල්ලක්, හෝ කෙවෙන ස්වභාවයක් ඇතිවීම. ඇසෙන් කඳුළු ගැලීම. ආලෝකය දෙස බැලීමට අපහසුවීම. පෙනීම බොඳවීම. ඇසිපිය හෝ ඇස අවට ඉදිමීම. ඇස අවට සමෙහි…


ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්

සරළ බසින් පැවසුවහොත්, ආත්ම විශ්වාසය යනු, තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටෙන විට ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම්, අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවීම සිදුවේ. ඔබ දිවිය පුරාම බිඳවැටුණු ආත්ම විශ්වාසය සමග ගැටෙමින් ජීවත් වූවා විය හැක. නැතහොත්, මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා ආත්ම විශ්වාසය බිඳවැටුනා විය හැක. කෙසේ වුවත්, යලි ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ප්‍රමාද නැත. එසේ නම්, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කුමක් කල යුතුද? ඵලදායී යමක් කරන්න. ඔබ සතුව යම් කාර්යයන් ලැයිස්තුවක් තිබෙන මුත්, යම් යම් හේතූන් මත ඒවා ක්‍රියාත්මක නොකර පසෙකට කර තිබෙනවා විය හැක. එසේ නම්, යලි වැඩකිරීම ආරම්භ…


බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති. කෙසේ වුවද, වත්මන් තරුණ පරපුර අතර බුළත්විටට ඇති ජනප්‍රියත්වය මදක් අඩුවී ඇති සෙයක් පෙනේ. බුළත්විටක් තුළ, බුළත් කොල, හුණු, පුවක්, සහ දුම්කොළ අන්තර්ගත වන අතර, බුළත්විට කෙරෙහි ඇබ්බැහි වන ස්වභාවයක් දක්නට ලැබේ. එයට බොහෝවිට හේතුවන්නේ, දුම්කොළ සහ පුවක් වල ඇති ඇතැම් රසායන ද්‍රව්‍යයන්ය. කෙසේ වුවත්, දිගුකලක් තිස්සේ බුළත්විට සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු හානියක් සිදුවේ.   පුවක් මගින් ශරීරයට සිදුවන හානි මොනවාද? පුවක් වල ඇති රසායන ද්‍රව්‍ය මගින්, ශරීරයේ සියළුම අවයව පද්ධති වලටම පාහේ…


ව්‍යායාම වැඩසටහනක ප්‍රතිඵල නැතිකරන වැරදි 11 ක්

ඔබ ව්‍යායාම වැඩසටහනක් කිරීම අලුතෙන් ආරම්භ කරන්නෙක් හෝ ව්‍යායාම ශාලාවක නිතිපතා ව්‍යායාම කරන්නෙක් විය හැකිය. නමුත්, ඔබගේ ව්‍යායාම වැඩසටහනෙන් බලාපොරොත්තු වන තරම් මේදය දහනය වීමක් හෝ මාංශ පේශි වර්ධනය වීමක් වෙන්නේ නැත්නම්, ව්‍යායාම වැඩසටහන පිළිබඳව නැවත විමසා බැලීමට කාලය එළඹී ඇත. එසේ නම්, ඔබත් ව්‍යායාම වැඩසටහනක ප්‍රතිඵල නැතිකරන පහත සඳහන් වැරදි කරන්නේ දැයි මදක් විමසා බලන්න. එමෙන්ම, ඒවා නිවැරදි කරගැනීමට කටයුතු කිරීමෙන්, ඔබට අවශ්‍ය වන ප්‍රතිඵල ලබාගත හැක.   අනෙක් ව්‍යායාම කරන්නන්ගෙන් ඉගෙන ගැනීම. ඔබට යම් ශාරීරික ක්‍රියාකාරකමක් හෝ ව්‍යායාමයක් නිවැරදිව කරන අයුරු පැහැදිලි නැත්නම් හෝ ව්‍යායාම උපකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහසක් නැත්නම්, ඔබ උදවු ලබාගත යුත්තේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකුගෙන් මිස…


අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.

බොහොමයක් කාන්තාවන් සඳහා, අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය (Intrauterine device or IUD), ආරක්ෂිත සහ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. එය සෙන්ටිමීටර් 2.5 කට ආසන්න ප්‍රමාණයේ, T අකුරේ හැඩය ගත් තඹ සහ ප්ලාස්ටික් මිශ්‍ර නැවෙන සුළු, කුඩා උපකරණයකි. ලූපය තුළ හෝමෝන කිසිවක් අඩංගු නොවේ. වෛද්‍යවරයෙක් විසින්, එය ගර්භාෂය තුළ තැන්පත් කෙරේ. මෙම ලූපය තැන්පත් කිරීමේ ක්‍රියාවලිය මද අපහසුතාවයක් ඇතිකල හැක. ගර්භාෂයේ තැන්පත් කල පසු, ලූපය ගර්භාෂ කුහරය තුළ සිරවී පවතින අතර, අඟල් 1-2 ක් පමණ දිගට, ගර්භාෂයේ සිට යෝනි මාර්ගය තුළට සිහින් නූල්පට දෙකක් එල්ලී පවතිනු ඇත.     ලූපය තැන්පත් කල යුතු කාලය කුමක්ද? ඔසප්වීම ආරම්භ වී, මුල්…