ඔබේ දරුවා

දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

අස්ථි බිඳීම් (Fractures) යනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අනතුරු විශේෂයක් යැයි කිවහොත් එය නිවැරදිය. විශේෂයෙන්ම, වැටීමකින් අනතුරුව එසේ වීමට හැකියාව පවතී. සිරුරේ කුමන කොටසක අස්ථි බිඳීමක් වුවද, අස්ථි බිඳීම කෙතරම් කුඩා හෝ විශාල වුවද, සියළු අස්ථි බිඳීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුමය. සැබැවින්ම, ඔබේ දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද? දරුවාගේ අස්ථියක් බිඳී ඇති බවට සැකකළ හැකි අවස්ථා මොනවාද? දරුවාට අනතුරක් සිදුවන අවස්ථාවකදී, කැඩෙන, බිඳෙන, හෝ ඇඹරෙන ශබ්දයක් ඇසීම. ඉදිමීමක්, රතුවීමක්, හෝ ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කිරීමට අපහසු වීම. සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කරන විට, ස්පර්ශ කරන විට, හෝ සිරුරේ බර දරන…

තව කියවන්න >>

දරුවා විජලණයට ලක්වුවහොත් කුමක් කල යුතුද?

දරුවෙකුගේ ශරීරයේ සමස්ථ බරෙන් 60-80% ක් පමණ පවතින්නේ ජලයයි. උපතේදී, ශරීරයේ බරෙන් 80% ක් පමණ ජලය පවතින අතර, ක්‍රමයෙන් වයස වැඩිවත්ම ශරීරයේ පවතින ජලය ප්‍රතිශතය අඩුවීම සිදුවේ. සාමාන්‍යයෙන්, දහඩිය, මුත්‍රා, මළපහ වැනි තරල සහ ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරෙන් ජලය ඉවත්වීම සිදුවේ. එලෙස ඉවත්වන ජලය ප්‍රමාණය නැවත පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කරන්නේ නැතිනම්, විජලණය (Dehydration) වීම සිදුවිය හැක. එනම්, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකරන දරුවෙක් විජලණයට ලක්වේ. එමෙන්ම, ශරීරයේ පවතින ජලය වැඩිපුර ඉවත්වීමට ලක්විය හැකි රෝගයකදී හෝ තත්ත්වයකදී වුවද විජලණය වීම දැකිය හැක. උදාහරණ වශයෙන්, දිගටම පවතින වමනය, දියර ලෙස මළපහ පිටවීම, සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැක….


දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි. හිසේ උකුණන් වාසය කිරීම සැබැවින්ම කරදරකාරී දෙයක් වුවද, ඔවුන් හානිකර වන්නේ හෝ රෝග පතුරවන්නේ නැත. ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද? උකුණන් බෝවී ඇති බවට සලකුණු හෝ රෝග ලක්ෂණ මොනවාද? දරුණු හිසේ කැසිල්ලක් හටගැනීම හිස්කෙස් වල ලේඬියන් දක්නට ලැබීම. ලේඬියන් යනු හිසකෙස් වලට ඇලී පවතින උකුණන්ගේ බිත්තර වන අතර, ඒවා අළු හෝ සුදු පැහැයට හුරු කහ පැහැයෙන් යුක්ත වේ. රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත උකුණන් හිසකෙස් මත දක්නට ලැබීම. හිසේ…


දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද? වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න…


දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

කුඩා දරුවන් අතර බඩේ කැක්කුම යනු තරමක් සුලභ රෝග ලක්ෂණයකි. තම දරුවාට බඩේ කැක්කුමක් සෑදුනු විට දෙමව්පියන් තරමක් කලබල වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. දරුවාගේ බඩේ කැක්කුමක් හෙවත් උදරයේ වේදනාවක් හටගැනීමට හේතුවිය හැකි සාධක ගණනාවක් පවතී. ඒ අතර උදරයේ වාතය පිරීම, ආතතිය නිසා ඇතිවන මළ බද්ධය, පමණ ඉක්මවා ආහාර අනුභව කිරීම, හෝ බඩේ අජීරණයක් වැනි හේතුවක් පැවතිය හැක. ඇතැම් විට, ශරීරයේ වෙනත් කොටසක වේදනාවක් හටගැනීම නිසා දරුවාට බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථාද දැකිය හැක.   බඩේ කැක්කුම සමග ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද? වමනය ඔක්කාරය දියර ලෙස මළපහ පිටවීම මළ බද්ධය උගුරේ වේදනාව පපුවේ හෝ…