ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?

ඔබට වැටහෙන ආකාරයට, ව්‍යායාම සහ කෑම පාලනය නිවැරදිව සහ ක්‍රමාණුකූලව කරන විටදීත්, ඔබේ ශරීරයේ බර වැඩිවීම දිගටම සිදුවෙනවාද? එසේනම්, කොතැනක හෝ යම් වැරැද්දක් තිබිය යුතුය. ශරීරයේ බර පාලනය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ කලකිරීමට සහ තරබාරු වූවාට කම් නැතැයි හිත හදාගැනීමට පෙර, ඔබේ බර පාලනය කිරීමේ වැඩසටහන නැවත පරීක්ෂා කිරීම සහ එහි යම් යම් වෙනස්කම් කිරීම වඩාත් උචිත වේ. ඇතැම් පුරුදු සහ වැරදි ක්‍රමවේදයන්, ඔබේ ඉලක්කය කරා ලඟාවීමට බාධා කරනවා විය හැක.   ආහාර පාලනයේ ඇති ඇතැම් වැරදි බර වැඩිවීමට හේතුවිය හැක. ඔබේ ආහාරයේ ඇත්තේ, ඔබ සිතන කැලරි ප්‍රමාණයම දැයි මදක් විමසා බලන්න. ඔබ ගන්නා ආහාරයේ බර සහ ප්‍රමාණය මැනීමකින් තොරව, බර…


විටමින් E වැඩිපුර ගැනීම අවදානම්!

ඇතැම් කාන්තාවන්, විවිධ රූපලාවන්‍ය ගැටළු වලට පිළියමක් ලෙස, විටමින් E විවිධ ආකාරයෙන් ලබාගන්නා අයුරු දක්නට ලැබේ. එවැනි රූපලාවන්‍ය ගැටළු අතර, අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටළු බහුලව දක්නට ලැබේ. නමුත්, විටමින් ඌණතාවයක් ඇතැයි විධිමත් අයුරින් හඳුනාගැනීමකින් තොරව, හිතුමතේ විටමින් E පමණක් නොව වෙනත් විටමින් වර්ග ද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් ඌණතාවයක් නොමැතිව, හිතුමතේ විටමින් වර්ග ගැනීමෙන්, වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ ඔබේ සෞඛ්‍යයට හානියක් බව සිතට ගැනීම වැදගත් වේ. මෙසේ, විටමින් E වැඩිපුර ගැනීමෙන් වන හානි මොනවාද? විටමින් E යනු මේදයේ දියවන, ජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසා, ශරීරය තුළ විටමින් E ගබඩා වී පවතින්නේ මේද…


ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?

බොහෝ නිවෙස් වල කොට්න් බඩ් (Cotton buds) දක්නට ලැබේ. බොහෝවිට, මේවා උපයෝගී කරගන්නේ කන් කලාඳුරු ඉවත්කිරීම සඳහායි. මෙය ඔබ නිතර භාවිතා කරන දෙයක් වුවත්, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නම් නොවෙයි. ඒ, ඔබේ දරුවාගේ කන් කලාඳුරු ඉවත්කිරීමට කොට්න් බඩ් යොදාගැනීම, අනතුරුදායක දෙයක් බැවිනි. එබැවින්, කන් කලාඳුරු පිළිබඳව සහ ඒවාට කුමක් කල යුතුද යන්න මදක් විමසා බලමු. සාමාන්‍යයෙන්, කන තුළ කන් කලාඳුරු සෑදෙන්නේ, කනට අවශ්‍ය ප්‍රමාණයටය. නමුත්, ඇතැම් අයගේ වැඩිපුර කන් කලාඳුරු සෑදෙන අවස්ථාද දක්නට ලැබේ. කුඩා දරුවන්ගේද, ඉතා කලාතුරකින් කන් කලාඳුරු වැඩියෙන් සෑදෙන අවස්ථා දැකිය හැක. ඒවා දරුවාගේ ඇසීමට බාධාවක් වන්නේ නම්, හෝ දරුවාට කනේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිකරන්නේ නම්, වෛද්‍යවරයෙකු…


සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

සෑම දෙනෙකුගේම අපේක්ෂාව වන්නේ සෞඛ්‍ය සම්පන්නව දිගුකලක් ජීවත් වීමයි. නමුත්, වර්තමාන සමාජයේ සැලකිය යුතු පිරිසකට සෞඛ්‍ය ගැටළු එකක් හෝ කිහිපයක් පවතී. ඒවායින් සමහරකට, ජීවිත කාලය කෙටි කිරීමට හැකියාව ඇති අතර, ඇතැම් ඒවා ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කෙසේ වුවත්, ජීවන රටාවේ ඇතිකරගන්නා ඇතැම් වෙනස්කම් වලට ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ඔබේ දිවියේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත් හැකියාව ඇත. සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක් පිළිබඳව මදක් විමසා බලමු.   ශාරීරික ක්‍රියාකාරකම් ශාරීරිකව ක්‍රියාකාරී වීමට අප මැළිකමක් දක්වනවා. සරළ ලෙස පවසනවා නම්, අප බොහෝ දෙනෙක් “ශරීර හොරු” ලෙස හැඳින්විය හැකියි. ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, වත්මන් සමාජයේ පවතින ඉතා බරපතල ගැටළු…


හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.

දැනට, පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස, ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන හෝමෝන කරල් තැන්පතුව (Sub-dermal implant) වන්නේ ජඩෙල් (Jadelle) නම් වූ වර්ගයයි. එහි, ලීවොනෝජෙස්ට්‍රල් (Levonorgestrel) නම් වූ ප්‍රොජෙස්ටොජන් හෝමෝන වර්ගය අඩංගු වන අතර, එක් තැන්පතුවක ලීවොනෝජෙස්ට්‍රල් මිලිග්‍රෑම් 75 ක් බැගින් වූ සිහින් කරල් දෙකක් පවතී. මෙම හෝමෝන කරල් දෙක, වෛද්‍යවරයෙකු විසින් අතේ උඩු බාහුවේ ඇතුල් පැත්තේ කුඩා කැපුමක් තුළින් සමට යටින් තැන්පත් කෙරේ. එය සිදුකරන්නේ හිරිවැට්ටවීමෙන් අනතුරුවය. එක් හෝමෝන කරල් තැන්පතුවක් මගින්, වසර 5 කට ගැබ් ගැනීම වළක්වා ගත හැක. එම අවුරුදු 5 අවසානයේදී, පවත්නා කරල් ඉවත් කිරීම හෝ පවත්නා කරල් ඉවත්කර අලුත් හෝමෝන තැන්පතුවක් තැන්පත් කරගැනීම කල හැක. වසර 5…


ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවකි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. මක්නිසාද, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික බර, තරබාරු, සාමාන්‍ය බර ඇති අයගේ මෙන්ම, ඇතැම්විට බර අඩු අයගේද දක්නට ලැබෙන්නකි. සැබැවින්ම කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද, එහි ඇති ප්‍රයෝජන මොනවාද, ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. කොලෙස්ටරෝල් යනු අප ශරීරයේ සෛල වල බිත්තියේ ඇති මේදමය සංඝටකයකි. කොලෙස්ටරෝල්, අප ශරීරය තුළ ඇතැම් හෝමෝන, පිත් අම්ල (Bile acids), විටමින් D, සහ වෙනත් සංඝටක නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනවත් වේ. එමනිසා, රුධිර සංසරණය තුළ කොලෙස්ටරෝල් ගමන් කිරීම වැදගත් වේ. නමුත්, කොලෙස්ටරෝල්…


පියවර 7 කින් මනා ශාරීරික යෝග්‍යතාවයක් ඇතිකර ගනිමු.

ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් මගින් ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කරයි. සෞඛ්‍ය සම්පන්න බව පමණක් විඳිනවාට වඩා, එයින් ඔබ්බට පවතින දෙයක් ලෙස ශාරීරික යෝග්‍යතාවය හැඳින්විය හැකිය. මනා ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීමෙන්, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට, අනතුරු අවම කරගැනීමට, මානසික තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට, සහ ඇතැම් පිළිකා, ආඝාතය, අධික රුධිර පීඩනය වැනි රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට අමතරව නිතිපතා ව්‍යායාම කිරීමද අවශ්‍ය වේ. වාසනාවකට මෙන්, මනා ශාරීරික යෝග්‍යතාවයක් සඳහා දිනපතා පැය ගණනක් ව්‍යායාම කිරීම සහ ව්‍යායාම ශාලාවක ජීවත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. ඔබගේ ජීවන රටාවේ කුඩා වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීමෙන්, ව්‍යායාම ඔබගේ…


පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ

ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ (Progestogen injections) යනු ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති වඩාත් ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයකි. එය වසරක කාලයක් භාවිතා කලහොත්, ගැබ් ගැනීමට ඇති හැකියාව 0.1-2% ක් පමණ වන අතර, එහි මූලිකම ක්‍රියාකාරීත්වය වන්නේ ඩිම්බ මෝචනය වැළැක්වීමයි. එයට අමතරව, ප්‍රොජෙස්ටොජන් මගින් ගැබ් ගෙලෙහි ශ්‍රාවයන් ඝනකම් කිරීම නිසා, ශුක්‍රාණු වලට යෝනි මාර්ගයේ සිට ගර්භාෂයට ගමන් කිරීමට නොහැකි වේ. එමෙන්ම, ප්‍රොජෙස්ටොජන් වල ක්‍රියාකාරීත්වය හේතුවෙන්, ගර්භාෂයේ ඇතුලත ආස්තරය තුනී වන අතර, එමගින් සංසේචනය වූ ඩිම්බය අධිරෝපණය වීම ද වැළැක්වේ. ප්‍රධාන වශයෙන්, ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ වර්ග 2 ක් පවතී. ඒවා නම්, ඩිපෝ මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් (Depot medroxyprogesterone acetate or DMPA) නෝඑතිස්ටරෝන් එනැන්තේට් (Norethisterone enanthate)   ඩිපෝ මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් මෙම…


කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?

ඔබ පැතලි උදරයක් ගැන සිහින මවමින්, දිවීම, ඇවිදීම, බයිසිකල් පැදීම, ව්‍යායාම් ශාලාවක (Gymnasium) ව්‍යායාම කිරීම ආදිය කලත්, ඔබ පැතූ සිහිනය ඉටු නොවනවා වෙන්නට පුලුවන. කොතරම් වෙහෙස වී, කාලය ගෙවමින් විවිධ ශාරීරික ක්‍රියාකාරකම් කලත්, ශරීරයේ වෙනත් ප්‍රදේශ වල මේදය අඩුවෙද්දී, උදරයේ ඇති මේදය නොවෙනස්ව, එලෙසම පවතින බව ඇතැම්විට දක්නට ලැබේ. කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි? මෙය බොහෝ දෙනෙකුට මතුවන ගැටළුවක්. ඉලක්ක කරන බර අඩුවීම ව්‍යායාම කරන විට කැලරි දහනය වන බවත්, එවිට ශරීරයේ අමතර මේදය දහනය වන බවත් ඔබ දන්නවා ඇති. ඔබගේ ශරීරයේ ඇති අමතර මේදය, උදරයේ, අත් වල, උකුලේ, කලවා වල, සහ තට්ටම ප්‍රදේශයේ විසිරී පවතින්නට පුලුවනි. නමුත්,…


ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති (Progestogen-only pills/POP/mini-pills) වල අඩංගු වන්නේ දෙවන සහ තෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් හෝමෝනයි. දෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් ලෙස නෝඑතිස්ටරෝන් (Norethisterone), නෝජෙස්ට්‍රල් (Norgestrel), හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත වේ. තෙවන පරම්පරාවේ ප්‍රොජෙස්ටොජන් ලෙස ඩිසොජෙස්ට්‍රල් (Desogestrel) පවතී. ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති වල ඵලදායීතාවය, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills) වලට සාපේක්ෂව මදක් අඩුය. එනම්, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වසරක කාලයක් ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව 0.1-1% ක් පමණ වන අතර, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති වසරක කාලයක් ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව 1-3% ක් පමණ වේ. මිශ්‍ර ගිලින පවුල් සැලසුම්…


ධාන්‍ය මූලික කොටගත් ආහාර වේල් 3 ක් දිනකට ගනිමු.

වසර දහස් ගණනක් තිස්සේ, ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත් විය. බත් සහ අනෙකුත් ධාන්‍ය වර්ග මූලික කොටගත් ප්‍රධාන ආහාර වේල් තුනක් ගැනීමෙන්, අපගේ දිනක කැලරි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන ධාන්‍යමය ආහාර වන්නේ බත්, කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු, සහ තිරිඟු ය. ධාන්‍යමය ආහාර වලට අමතරව, මාෂ භෝග, අල වර්ග, රනිල භෝග, පිටි සහිත එළවළු, සහ පළතුරු මගින් ද සැලකිය යුතු කැලරි ප්‍රමාණයක් ලැබෙන අතර, ඒවා ධාන්‍යමය ආහාර වලට විකල්ප ලෙසද භාවිතා කල හැක. අපගේ දිනක කැලරි අවශ්‍යතාවයෙන් 50-65% ක් පමණ ධාන්‍යමය ආහාර වලින් ලැබේ. ධාන්‍ය වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය 6-12% ක් පමණ අඩු අගයක්…


ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම

ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම (Progestogen-only preperations) වල ඊස්ට්‍රජන් හෝමෝනය (Oestrogen) අඩංගු නොවන අතර, ප්‍රොජෙස්ටොජන් හෝමෝන පමණක් අඩංගු වේ. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් යන හෝමෝන දෙකම කාන්තා හෝමෝන වුවත්, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති වලට වඩා සෞඛ්‍යාරක්ෂිත වේ. එමනිසා, ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම, හෘද රෝග වැළඳීමට අවදානම් සාධක ඇති කාන්තාවකට පවා භාවිතා කල හැක.   ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පෙති (Progestogen-only pills) ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ (Progestogen injections) හෝමෝන කරල් තැන්පතුව (Subdermal implant) හෝමෝන නිදහස් කරන අන්තර් ගර්භාෂිත පද්ධතිය (Hormone-releasing intrauterine system or IUS)   ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති…


දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?

මළ බද්ධය (Constipation) යනු කුඩා දරුවන් අතර බහුලව ඇතිවන තත්ත්වයකි. ඔබේ දරුවා සතියකට අවම වශයෙන් 3 වරක් වත් මළපහ කරන්නේ නැති නම්; දරුවාට මළපහ කිරීමේ අපහසුතාවයක් ඇත්නම්; හෝ දරුවාගේ මළපහ තද, වියලි, සහ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල නම්, එය මළ බද්ධය ලෙස හැඳින්විය හැක. බොහෝවිට, කුඩා දරුවන්ගේ ඇතිවන මළ බද්ධය සැලකිය යුතු වෛද්‍ය ගැටළුවක් නොවේ. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ශාරීරික ක්‍රියාකාරකම් මගින් එය පහසුවෙන් සමනය කරගැනීමේ හැකියාව පවතී.   මළ බද්ධය ඇතිවීමට හේතු මොනවාද? මළ බද්ධය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ දරුවාගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් තන්තු (Fibre) සහ ජලය නොමැති වීමයි. මක්නිසාද, තන්තු සහ ජලය මළපහ කිරීම පහසු කිරීමට ඉවහල්…