කාන්තා සෞඛ්‍යය

දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?

සැබැවින්ම, සෑම දරුවෙක්ම දෙමව්පියන්ට මෙන්ම දැයට ද ආශිර්වාදයකි. එමෙන්ම, සෑම දරුවෙක්ටම සෞඛ්‍ය සම්පන්න දිවියකට සහ උපරිම දක්ෂතාවයන් ලඟාකර ගැනීමට දෙමව්පියන්ගේ නිසි රැකවරණය ලැබිය යුතුමය. එමනිසා, සෑම දරුවෙක්ටම ආදරය සහ රැකවරණය නිසි ලෙස, සමව ලැබීමට දරු උපත් අතර නිසි පරතරයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ගර්භණී සමය යනු මවට මෙන්ම, කුස තුළ වැඩෙන දරුවාට ද ආවේණික වූ අවදානම් පවතින කාලයක් බැවින් සියළුම දරු උපත් සැලසුම් සහගත වීම වැදගත් වේ. මව්පිය යුවලක් ඊළඟ දරු පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමේදී, සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැක. සෞඛ්‍ය තත්ත්වය වයස දරුවන් ලැබීමේ සහ රැක බලා ගැනීමේ හැකියාව සාමාජයීය සහ ආර්ථික ගැටළු තමන්ට අවශ්‍ය…

තව කියවන්න >>

සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව මවක් අනුගමනය කලයුතු උපදෙස් පිළිබඳව මදක් පැහැදිලි කිරීමට මෙම ලිපිය සකස්කර ඇත. මක්නිසාද, මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන්, මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා හටගැනීම අවම කරගැනීමට හැකියාව ලැබේ. සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇති හිරිවැටුණු ස්වභාවය ඉවත්වීමට පැය 4-5 ක් පමණ ගතවේ. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව අවම කරගැනීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන වේදනා නාශක නිසි පරිදි ගැනීම කල යුතුය. එමෙන්ම, අලුත උපන් දරුවාට හොඳින් මව්කිරි ලබාදීමත් ඉතාම වැදගත්. සැත්කමෙන් පසුව, දෙවන දිනය එළඹෙන විට බොහොමයක් මව්වරු ඇඳෙන් බැස ඇවිදීම සිදුකරයි. කෙසේ වුවත්, සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ශරීරය යථා තත්ත්වයට පත්වීම සඳහා ඇවිදීම වැදගත්…


සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුකිරීමට බලපාන හේතු සාධක මත සිසේරියන් ශල්‍යකර්මය (Cesarean delivery or C-section) මදක් වෙනස්විය හැකි මුත්, එය සිදුකරන අනුපිළිවෙල බොහෝදුරට සමානය. එමනිසා, සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය සරළ ලෙස පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය සකස්කර ඇත. සැත්කම කිරීමට පෙර පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයකට පෙර, ගර්භණී මවට සබන් යොදා හොඳින් ස්නානය කිරීමට උපදෙස් ලබාදේ. එමගින්, සැත්කම කිරීමෙන් පසුව ආසාදනය වීම් ඇතිවීම අවම කරගැනීමට හැකියාව ලැබේ. නමුත්, හදිසි සිසේරියන් ශල්‍යකර්මයකට මවක් සූදානම් කිරීමේදී එසේ කිරීමට කාලය නොලැබෙන්න පුලුවනි. එමෙන්ම, සැත්කම කිරීමට පෙර යටිබඩ සහ ලිංගාශ්‍රිත රෝම ඉවත්කිරීමටද උපදෙස් ලබාදෙන අතර, මුත්‍රාශය හිස්ව තබාගැනීම සඳහා මුත්‍රා බටයක් ඇතුළුකිරීම සිදුකරනු ලැබේ….


සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?

ඔබේ දරුවා බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් (Cesarean delivery or C-section) සිදුකිරීමට සැලසුම්කර තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ඔබව යොමුකරනු ඇත. මක්නිසාද, බොහෝවිට සිසේරියන් සැත්කම සිදුකරන්නේ කොඳු ඇට පෙළට ඖෂධයක් නික්ෂේපනය කර, ඔබේ නාභියෙන් පහළ හිරිවැට්ටවීමෙන් අනතුරුවයි. එමනිසා, සැත්කම අතරතුර ඔබ සිහියෙන් පසුවුවත් වේදනාවක් ඇතිවීම සිදුනොවේ. නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඔබව පරීක්ෂා කරනු ලබන්නේ, මෙම නිර්වින්දන ක්‍රමවේදයට ලක්වීමට ඔබ සුදුසු දැයි සහ එයින් යම් සංකූලතාවයක් ඇතිවිය හැකි දැයි පරීක්ෂාකර බැලීමටයි. හදිසි අවස්ථාවකදී, නාභියෙන් පහළ හිරිවැට්ටවීම වෙනුවට, ඔබව සිහිනැතිකර සිසේරියන් සැත්කම සිදුකිරීමට තීරණය කලහැකියි. එවිට, නාභියෙන් පහළ හිරිවැට්ටවීම මෙන් නොව, සැත්කම අතරතුර සිදුවන කිසිවක් ඔබට දැකීමට, ඇසීමට, හෝ දැනීමට…


සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?

සිසේරියන් සැත්කම (Cesarean delivery or C-section) යනු ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදුකරන කැපුමක් තුලින් දරුවෙකු බිහිකිරීමට සිදුකරන සැත්කමකි. ඇතැම් ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීම නුසුදුසු වන අවස්ථා වලදී, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම සැත්කම නිර්දේශ කිරීම සිදුකරයි. බොහෝවිට එසේ කිරීමට හේතුව වන්නේ ගර්භණී අවධියේදී ඇතැම් සංකූලතා පැවතීම, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් පැවතීම, සහ පෙර දරු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් සිදුකර තිබීම වැනි සාධකයි. ශ්‍රී ලංකාවේ සිදුකරන දරු උපත් අතරින් ආසන්න වශයෙන් 1/3 ක් පමණ සිසේරියන් සැත්කම මගින් සිදුකිරීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන්, සිසේරියන් ශල්‍යකර්මය සඳහා ගතවන්නේ පැයකටත් වඩා අඩු කාලයක් වන අතර, ශ්‍රී ලංකාවේ බොහොමයක්…