මුඛ සෞඛ්‍යය

මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකා වර්ගය මුඛ පිළිකාව බව ඔබ දන්නවාද? සැබැවින්ම, මුඛ පිළිකා නිසා දවසකට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්වත් මිය යයි. මුඛ පිළිකාව ඇතිවීම සඳහා අවදානම් සාධක ගණනාවක් ඇති අතර, මුඛ පිළිකා රෝගයෙන් වැළකිය හැක්කේ එම අවදානම් සාධක වලින් වැළකී සිටීමෙනි. මුඛ පිළිකා රෝගය වැළඳීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධක මොනවාද? බුලත් විට සැපීම. පුවක්, පුවක් පැකට්, සහ වෙනත් පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීම. දුම්පානය කිරීම (සිගරට්, බීඩි, සුරුට්ටු). මත්පැන් පානය කිරීම. මුඛ පිළිකා ඇතිවීමට හේතුවන අනෙකුත් අවදානම් සාධක මොනවාද? පෝෂණ ඌණතා අයහපත් මුඛ සෞඛ්‍යය මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus) ආසාදනය පහත සඳහන් අයට මුඛ පිළිකා රෝගය වැළඳීමට වැඩි…


දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

දත් දිරායාම කුඩා දරුවන් අතර සුලබ රෝගයකි. නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු මගින් මෙම රෝගය වළක්වා ගැනීමට පුලුවන. එමනිසා, දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමට දෙමව්පියන් ලෙස ඔබට ලොකු වගකීමක් පවතී. ළමා වියේ දත් දිරායාම වළකා, මුඛ සෞඛ්‍යය රැකගැනීමට දරුවාට සහය වීමට ඔබට හැකිය. ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා, හිතකර ආහාර රටාවකට දරුවා හුරු කිරීම සහ නිවැරදිව දත් මැදීම යන සාධක දෙක ඉතාම වැදගත් වේ. හිතකර ආහාර රටාවකට ඔබේ දරුවා හුරු කරන්නේ කෙසේද? කුඩා කල සිටම ඔබේ දරුවා හිතකර ආහාර රටාවකට හුරු කලයුතු වේ. හැකි සෑමවිටම, දරුවාට නැවුම් පළතුරු, එළවළු, සහ ධාන්‍ය වැනි ස්වාභාවික ආහාර ලබා දෙන්න. පැණිරස, රසකැවිලි, බිස්කට්,…


ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

සාමාන්‍යයෙන්, බොහෝ දරුවන් දිනකට සැලකියයුතු ප්‍රමාණයක් පැණිරස කෑමට හුරුවී සිටිනවා. ඇතැම් දෙමව්පියනුත් තම දරුවා කොතරම් පැණිරස කන්නේදැයි සැලකිලිමත් වන්නේ නැහැ. රසකැවිලි වල සරළ සීනි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, ඔබේ දරුවා නිතර පැණිරස කනවා නම්, ඔහුට හෝ ඇයට තරබාරුවීම, දත් දිරායාම, සහ හැසිරීමේ වෙනස්කම් ඇතිවීම ආදී සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. වාසනාවකට මෙන්, මෙම ගැටළු වළක්වාගැනීමට හැකියාව තිබේ. ආහාර ගැනීමේ සහ ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීමෙන් එවැනි සංකූලතා මගහරවා ගැනීමට හැකියාව ඇත. තරබාරුකම දරුවන් අතර තරබාරුකම ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතී. දරුවන් කුඩා කලම තරබාරු වීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් ලෙස සරළ සීනි අඩංගු ආහාර හැඳින්විය හැකියි. ඔබේ දරුවා දිනකට…


මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද?

මුඛයෙන් දුගඳක් පිටවීම (Halitosis) සමාජයේ බහුලව පවත්නා ගැටළුවකි. එය සමාජය ඉදිරියේ ඔබව අපහසුතාවයට පත්කිරීමට ද සමත්ය. මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා හේතු කිහිපයක් බලපායි. මුඛයෙන් දුගඳක් පිටවන්නේ ඇයි දැයි විමසා බලමු. අයහපත් මුඛ සෞඛ්‍යය මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා ප්‍රධානතම හේතුව අයහපත් මුඛ සෞඛ්‍යය වේ. සාමාන්‍යයෙන්, ඔබගේ දත්, විදුරුමස්, දිව, සහ මුඛයේ ඇති අනෙකුත් පටක මත බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. මෙම බැක්ටීරියා ඔබගේ දත් මතුපිට සුදු පැහැති ද්‍රව්‍යයක් සාදන අතර, දත් අතර සිරවන සහ මුඛය තුළ පවතින ආහාර කැබලි රසායනිකව බිඳ දමමින් දුගඳකින් යුතු වායූන් නිපදවයි. ඔබ නිසියාකාරව දත් මදින්නේ (Brush) සහ දත් අතර නූලකින් පිරිසිදු කරන්නේ (Floss) නැත්නම්, දත් අතර සිරවන…