ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන්නේ කොහොමද?

ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම (Warm-up exercises) යනු ව්‍යායාම වැඩසටහනක වැදගත් අංගයක් වුවත්, නිතර මගහැරෙන සුලු කොටසකි. ඇඟ ඇදෙන සුලු ව්‍යායාම (Stretching exercises) කිරීමට පෙර, උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීමෙන්, ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවන අතර, මාංශ පේශි වලට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩිවීම සහ ඒවායේ නම්‍යශීලීභාවය (Flexibility) වැඩිවීම සිදුවේ. එයට අමතරව, ව්‍යායාම කිරීම සඳහා ක්‍රමයෙන් හදවත සූදානම් කරන බැවින්, හදවතට ආරක්ෂාවක්ද ලැබේ. ව්‍යායාම කිරීමට පෙර අවම වශයෙන් විනාඩි දෙකක් වත් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම මගින්, අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම අඩුවන බව සහ හදවතට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යන බව සොයාගෙන ඇත. ඇඟ ඇදෙන සුලු ව්‍යායාම, හෘත්වාහිනික ව්‍යායාම…


මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.

ඊස්ට්‍රජන් (Oestrogen) සහ ප්‍රොජෙස්ටොජන් (Progestogen) හෝමෝන අඩංගු මිශ්‍ර හෝමෝන අලවනය (Combined hormonal patch) යනු ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයකි. එසේ වුවත්, දැනට ශ්‍රී ලංකාව තුළ එය භාවිතා නොකරයි. මෙය සමේ අලවන, හෝමෝන අඩංගු වන ස්ටිකරයක් වැනි දෙයකි. ඔසප්වීම සිදුවූ පළමු දිනයේදී හෝ ඔසප්වීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දිනයේදී, මිශ්‍ර හෝමෝන අලවනයක්, තට්ටම, කලවා, බඩ, හෝ උඩු බාහුවේ පිටත ප්‍රදේශයේ ඇලවිය යුතුය. ඉන් අනතුරුව, සෑම සතියකටම වරක්, අලුත් අලවනයක් බැගින්, මිශ්‍ර හෝමෝන අලවන 3 ක් ඇලවිය යුතුය. එයට පසුව, අලවනයක් ඇලවීමෙන් තොරව දින 7 ක් සිටීමෙන් පසුව, නැවත අලුත් මිශ්‍ර හෝමෝන අලවනයකින් පෙර පරිදි යලි ආරම්භ කල යුතුවේ. මිශ්‍ර හෝමෝන අලවනයක් භාවිතා…


බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් 24.6% ක් අධික බර සහ 6.9% ක් තරබාරු වී ඇති බව සොයාගෙන ඇත. කාන්තාවන් අතරින් 14.9% ක් කෘෂ බවට පත්ව ඇත. එනම්, කාන්තාවන්ගෙන් 46.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැති බව පෙනේ. පුරුෂයන් සැලකූ විට, 22% ක් අධික බර සහ 4.2% ක් තරබාරුභාවයට පත්ව ඇත. පුරුෂයන් අතරෙන් 16.2% ක් කෘෂ බවට පත්වී ඇත. එනම්, පුරුෂයන්ගෙන් 42.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැත. මෙයින් ගම්‍ය වන්නේ, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය සම්පන්න නොවන බවය. එසේ තිබියදීත්, ශරීරයේ බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි? ශරීරයේ බර පාලනය කිරීම යන කාරණය සැලකූ විට, වත්මන් සමාජයේ එයට ඇති උනන්දුව…


කිරි සහ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි?

ඈත අතීතයේ පටන්, කිරි සහ කිරි ආහාර, අප ආහාරයේ ඇති වැදගත් අංගයක් බවට පත්වී ඇත. ඒ තරමටම, කිරි යනු අපගේ දිවිය හා තදින් බද්ධ වී පවතින දෙයකි. සැබැවින්ම, අප කිරි හෝ කිරි ආහාර පරිභෝජනය කලයුත්තේ ඇයි? කිරි වල ඇති පෝෂණ ගුණය මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි. කිරි, මුදවපු කිරි, යෝගට්, සහ චීස් වැනි කිරි ආහාර වල පෝෂ්‍ය පදාර්ථ බහුලව ඇත. කිරි ආහාර වල කැල්සියම් සහ ෆොස්පරස් (Calcium and phosphorus)  වැනි ඛණිජ ලවණ බහුලව ඇති අතර, ඒවා අස්ථි සහ දත් වල වර්ධනයට අවශ්‍ය වේ. එයට අමතරව, කිරි ආහාර වල ලැක්ටෝස් (Lactose) නැමැති කාබෝහයිඩ්‍රේටය, ප්‍රෝටීන්, සහ ඇතැම් විටමින් වර්ග බහුලව ඇත….


දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධ විශ්වාස කිහිපයක්

ඔබේ දරුවාගේ ඇස සහ පෙනීම සම්බන්ධව සමාජයේ පවත්නා විශ්වාස පිළිබඳව මදක් විමසා බලමු. ඇතැම් විශ්වාස, විද්‍යාත්මක පදනමක් නැති, සාවද්‍ය ඒවා වන අතර, ඇතැම් ඒවායේ යම් සත්‍යයක් ගැබ් වී තිබෙනු දැකිය හැකියි.   කැරට් ආහාරයට ගැනීමෙන් පෙනීම වැඩිවේ. කැරට් වල විටමින් A බහුල වන අතර, විටමින් A පෙනීම සඳහා අත්‍යාවශ්‍ය සංඝටකයකි. විටමින් A, කැරට් වල පමණක් නොව, කොළ , තද කහ, සහ තැඹිලි පැහැති එළවළු සහ පළතුරු වලද බහුලව පවතී. විටමින් A බහුල ආහාර වර්ග කතුරුමුරුංගා, නිවිති, තම්පලා, බීට් කොල, රාබු කොල, මුරුංගා කොල, කරපිංචා, ගහල කොල, වෙනත් තද කොළ පැහැති පළා සහ එළවළු වර්ග, කහ බතල, වට්ටක්කා, තක්කාලි, ගස්ලබු, ලාවුලු,…


ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?

බොහෝ අයට තමන් කවුදැයි නියමාකාරයෙන් හඳුනාගැනීමට නොහැකිව සිටිති. එමගින්, ගැටළු මතුවන අවස්ථා එමටය. නමුත්, තමා තුළ සිටින තමන් හඳුනාගැනීම අභියෝගයකි. සැබැවින්ම ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කෙසේද? ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගතහොත්, ඔබට වෙනෙකෙකු නොවී, ඔබම විය හැක. එවිට, ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම තවදුරටත් අපහසු කාර්යයක් නොවනු ඇත. මදක් සිතා බැලුවහොත්, ඔබේ ජීවිතයේ සිදුවන සහ ඇතිවන බොහෝ දේවල්, රඳාපවතින්නේ ඔබ, ඔබේ අභ්‍යන්තරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න මත බව ඔබට වැටහෙනු ඇත. එසේනම්, ඔබ තුළ සිටින ඔබව නිසි අයුරින් හඳුනා නොගතහොත්, ඔබේ ජීවිතයේ සිදුවන දේවල් නියමාකාරයෙන් වටහා ගන්නේ කෙසේද? ක්‍රමයෙන් තරුණ වියට එළඹෙත්ම, අපි, අප තුළින්ම විවිධ අනන්‍යතාවයන් හඳුනාගැනීමට පෙළඹීම…


ව්‍යායාම කරන විට ආහාරපාන ගතයුත්තේ කෙසේද?

අපගේ ශරීරයේ වැඩිපුරම ඇත්තේ ජලයයි. එය ශරීරයේ බරෙන් 60% ක් පමණ වේ. එනම්, රුධිරයේ සහ සෛල වල වැඩි පරිමාවක් අඩංගු වන්නේ ජලයයි. මිනිස් ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යාවශ්‍ය සංඝටකයක් වන අතර ශරීරයේ ඇති ජලය ප්‍රමාණයෙන් 2% ක් පමණ අඩුවන විට පිපාසය දැනීම සිදුවේ. මෙම මට්ටමේදී, ව්‍යායාම හෝ ක්‍රීඩා කිරීමේ කාර්යක්ෂමතාවය 25% ක් දක්වා අඩුවන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමනිසා, ව්‍යායාම කරන විට පිපාසය දැනෙන තෙක් නොසිට, නිතර ජලය පානය කිරීම වැදගත් වේ. එමගින්, ශරීරයේ ජලය ප්‍රමාණය නිසි පරිදි පවත්වාගැනීමට හැකියාව ලැබේ. ව්‍යායාම කරන පුද්ගලයෙක්ගේ ජල අවශ්‍යතාවය මූලික වශයෙන් සාධක කිහිපයක් මත රඳා පවතී. පරිසරයේ උෂ්ණත්වය පරිසරයේ ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය…


බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්

අධික බර හෝ ස්ථුලභාවය ඇති බොහොමයක්, බර අඩුකරගෙන හැඩැති සිරුරක් ලබාගැනීමට සිහින දැකීම අරුමයක් නොවේ. නමුත්, එය සිතන තරම් පහසු කාර්යයක්ද නොවේ. එම නිසාවෙන්ම, බොහෝ අය තම බර අඩුකරගැනීම සඳහා විවිධ දේවල් සහ ක්‍රම අත්හදා බලති. මෙහිදී ඇතැම් අය සාර්ථක වන අතර, ඇතැම් අයගේ උත්සාහය අසාර්ථක වේ. එමනිසා, වඩා පහසුවෙන් සහ ඉක්මනින් බර අඩුකරගැනීම සඳහා උපයෝගී කරගත හැකි ඉඟි 10 ක් පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ප්‍රෝටීන් වැඩි උදෑසන ආහාර වේලක් ගන්න. ප්‍රෝටීන් වැඩි උදෑසන ආහාර වේලක් ගැනීමට හුරුවීමෙන්, දවස පුරා ආහාර ගැනීමට ඇති කෑදරකම අඩුවන අතර, එමගින් ආහාර ඔස්සේ ලැබෙන කැලරි ප්‍රමාණය අඩුකරගත හැක. තවද, ප්‍රෝටීන් මගින්, ශරීරයේ පරිවෘත්තීය…


සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?

ශ්‍රී ලාංකික අපගේ ආහාර වල අඩංගු ප්‍රධාන සංඝටකයක් ලෙස සීනි හැඳින්විය හැක. එහි අන්තර්ගත කැලරි ප්‍රමාණය හැර වෙනත් පෝෂණ ගුණයක් නැති තරම්ය. සීනි වල අඩංගු වන්නේ සරළ කාබෝහයිඩ්‍රේට් වන අතර, ආහාර ජීර්ණය වීමේදී, ආහාරවල අඩංගු තන්තු හැර සියළු කාබෝහයිඩ්‍රේට සීනි බවට බිඳ වැටේ. සරළ සීනි වල අණුක ව්‍යුහය වේගයෙන් බිඳවැටෙන හෙයින්, සරළ සීනි පහසුවෙන් ග්ලූකෝස් බවට පරිවර්තනය වේ. සීනි ප්‍රධාන වශයෙන් ශරීරයට ශක්තිය ලබාදෙන අතර, ඈත අතීතයේ පටන්ම ආහාරපාන රසගැන්වීමට භාවිතා කරයි. හකුරු සහ පැණි සාදන්නේ, කිතුල්, තල්, පොල්, සහ උක් වලින් ලබාගන්නා ශුද්ධ නොකල සාරයන් මගිනි. ඒවා අප රටේ විවිධ ආහාර සෑදීමට භාවිතා කරන අතර, ඛණිජ ලවණ බහුලව අඩංගු…


දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

කුඩා දරුවන් දඟකාරී බැවින්, හිස වද්දාගැනීම නිතර සිදුවන දෙයක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. ඇතැම්විට, ඔවුන් අඬාගෙන විත්, තමාගේ හිස වැදුනු බවත්, ඉන් පසුව හිස රිදෙන බවත් පැමිණිලි කරනු දැකිය හැක. කුඩා අවධියේදී මෙසේ දරුවාගේ හිසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වන අතර, ඒවායේ බලපෑම ඇතිවන්නේ හිසේ බාහිර ප්‍රදේශයට පමණි. නමුත්, ඉතා කලාතුරකින්, හිසට සිදුවන දැඩි අනතුරක් හේතුවෙන්, මොළයේ කුඩා රුධිර වහනයක් හෝ බරපතළ ලේ ගැලීමක් සිදුවිය හැක. හිසට සිදුවන එවැනි අනතුරක්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක්වීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකර්ම කිරීම වැදගත් වේ. බොහෝ දෙමව්පියන් තම දරුවාගේ හිස යමක ගැටුණ විට, කලබලයට පත්වේ.   හිසට සිදුවන අනතුරකදී ඔබේ…


හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.

හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව සිදුවිය හැකි අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට හදිසි පවුල් සැලසුම් ක්‍රම (Emergency contraception) භාවිතා කල හැක. කෙසේ වුවද, මෙම ක්‍රම භාවිතා කිරීම හදිසි අවස්ථාවකට පමණක් සීමාකිරීම ඉතා වැදගත් වේ. මක්නිසාද, හදිසි පවුල් සැලසුම් ක්‍රම මගින්, හෝමෝන අධික ප්‍රමාණයක් එකවර ශරීරගත වන බැවින්, අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි අතර, ඔබේ සෞඛ්‍යයට හානිකර විය හැක. එබැවින්, මෙම ක්‍රම භාවිතා කලයුත්තේ හදිසි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව හෝ දැනට භාවිතා කරන පවුල් සැලසුම් ක්‍රමයක් අසාර්ථක වූ විට (ගිලින පවුල් සැලසුම් පෙති ගැනීමට අමතක වීම හෝ කොන්ඩමය පිපිරීම වැනි අවස්ථා) පමණි. මූලික වශයෙන්, හෝමෝන පෙති භාවිතාකරන හදිසි පවුල් සැලසුම්…


යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…

ශ්‍රී ලංකාව තුළ, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම බෝනොවන රෝග (Non-communicable diseases) නිසා සිදුවන බව ඔබ දන්නවාද? මේ බෝනොවන රෝග මොනවාද? බෝනොවන රෝග යනු ආසාදනය වීමක් නිසා ඇති නොවන, කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම සිදුනොවන රෝග තත්ත්වයන්ය. ඒවා දිගුකාලයක් තිස්සේ පවතින අතර, ඉතා සෙමෙන් වර්ධනය වේ. බෝනොවන රෝග බොහොමයක් ඇතිවන්නේ අපගේ ජීවිත වල ඇති අවදානම් චර්යාවන් නිසාය. එමෙන්ම, ඒවා දිගුකාලීන සංකූලතා ඇතිකිරීමටද සමත් වේ. යහපත් ජීවන රටාවක් මගින්, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරගෙන, සුවදායී දිවියක් කරා ගමන්කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ප්‍රධාන බෝනොවන රෝග ලෙස හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය හෙවත් ආඝාතය, පිළිකා, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම,…


දණහිසේ වේදනාව අඩුකරගැනීමට ඇවිදින්න.

අස්ථිපර්වදාහය හෙවත් ඔස්ටියොආත්‍රයිටිස් (Osteoarthritis) ඇතිවීම දණහිසේ වේදනාව ඇතිවීමට එක් ප්‍රධාන හේතුවකි. මෙම තත්ත්වය ඇතිවන්නේ සන්ධියක කාටිලේජ සහ අස්ථි වලට හානි සිදුවීමෙනි. ඔස්ටියොආත්‍රයිටිස් ඇතිවූ විට දණහිස්වල වේදනාව ඇතිවීම නිසා බොහෝ අය චලනය වීමට මැලිකමක් දක්වති. නමුත්, නිතිපතා ව්‍යායාම කිරීම මගින්, දණහිස්වල වේදනාව සමනය කරගැනීමට හැකියාව ඇත. කෙසේ වුවත්, ඔස්ටියොආත්‍රයිටිස් ඇති කෙනෙක් ව්‍යායාම කිරීම ආරම්භ කරන විට දණහිස්වල සැලකිය යුතු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව, දණහිස්වල ඇතිවන ප්‍රදාහයයි. මෙම තත්ත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක් ව්‍යායාම වලින් ඈත්වී කාලය ගෙවන්නේ එහෙයිනි. මෙසේ සන්ධි වල වේදනාවක් ඇතිවීමෙන්, ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඔබ ඈත්විය යුතු බව අදහස් නොවේ. දණහිස්වල ඔස්ටියොආත්‍රයිටිස් තත්ත්වය ඇත්නම්, කලහැකි හොඳම සහ පහසුම…