ඔබේ බත්පත කෙසේ සකස් විය යුතුද?

ආහාර ගන්නා රටාව මගින්, ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටිනවාද, නැතහොත් අනාගතයේදී දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අංශභාගය, කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම වැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම වැඩිවෙනවාද යන්න තීරණය වේ. එමනිසා, ඔබේ බත්පත, ඔබේ අනාගතය පෙන්වන කැඩපතක් වැනිය. එබැවින්, ඔබේ ආහාර වේල සෞඛ්‍ය සම්පන්නව සකසා ගැනීම, යුගයේ අවශ්‍යතාවයක්ව පවතී. මක්නිසාද, සමාජයට වඩාත්ම අවශ්‍ය වන්නේ නිරෝගී පුරවැසියන්ය.   ඔබේ ආහාර වේල සෞඛ්‍ය සම්පන්නව සකසාගත යුත්තේ කෙසේද? ඔබගේ ආහාර වේල, ප්‍රධාන ආහාර කාණ්ඩ හයකින් සමන්විත යුතුය. ඒවා, පහත අයුරින් සඳහන් කල හැක. පළමු කාණ්ඩය බත්, කඩල , කව්පි, මුං ඇට, කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග, පාන්, පාන් පිටි සහ සහල්…


දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?

සාමාන්‍යයෙන්, හිසරදයක් පවතින්නේ කෙටිකාලයක් වන අතර, එය ඇතිවීමට හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතර, නිදිවැරීම, ඇස් විඩාවට පත්වීම, මානසික ආතතිය, කෝටර දාහය, හිසට පහරක් වැදීම වැනි හේතූන් පවතී. ඇතැම් විට, හිසරදය වෙනත් රෝග ලක්ෂණ සමග වැඩි වේලාවක් පවතින අවස්ථාද ඇත. ඉතාමත් කලාතුරකින්, හිසරදය යනු, වෙනත් බරපතළ රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වියහැක.   රෝග ලක්ෂණ කුඩා දරුවන්ට සහ නවයොවුන් වියේ දරුවන්ට වැළඳෙන හිසරදයේ බහුළතම ආකාර දෙක ලෙස ආතති හිසරදය (Tension headache) සහ ඉරුවාරදය (Migraine) හැඳින්විය හැක. ආතති හිසරදයේ රෝග ලක්ෂණ හිසේ ඉදිරිපස, දෙපස, සහ පිටුපස හිසේ මිරිකීමක් හෝ පීඩනයක් මෙන් වේදනාවක් හටගැනීම එකම ආකාරයට දිගටම පවතින හිසරදය ක්‍රියාකාරී වීමෙන් හිසරදය උත්සන්න…


ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි

සමාජයේ වෙසෙන බොහොමයක් අය, තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ වැවීමට පුරුදුව සිටිනවා. ගෙවත්තේ වැවීමට භාවිතා කරන ශාඛ අතර එළවළු, පළතුරු, මල් වර්ග, සහ වෙනත් විසිතුරු පැළෑටි දැකිය හැකියි. නමුත්, ඒ සඳහා කිසිඳු උනන්දුවක් නොදක්වන පිරිසකුත් අප අතර සිටිනවා. අප මේ ලිපියෙන් පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ, ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි පිළිබඳවයි.   පාරිසරික වාසි ඔබේ ගෙවත්තේම, ඔබට හැකි අයුරින් එළවළු සහ පළතුරු භෝග කිහිපයක් වවන විට, නිෂ්පාදනයට සාපේක්ෂව වැයවන ශක්ති ප්‍රමාණය බොහෝවිට අඩුවේ. එමෙන්ම, අසුරා තැබීමට, ගබඩා කිරීමට, හෝ ප්‍රවාහනය කිරීමට විශාල ඉඩක් වැය නොවන අතර, ඒ සඳහා අමුද්‍රව්‍ය වැයවීමත් ඉතාම අඩුය. ඔබම වවන විට, පරිසරයට හානිකර…


ඇඟ උණුසුම් කරගෙන ව්‍යායාම කරමු.

ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමට පෙර කෙටි කාලයක් ඇඟ උණුසුම් කරගැනීම මගින්, ශරීරය ශාරීරික ක්‍රියාකාරකම් වලට සූදානම් කිරීම සිදුවේ. එය, ඔබේ කාලය තවත් විනාඩි කිහිපයක් වැඩිපුර වැයකරන්නක් වුවත්, ඔබගේ හෘදයට සහ මාංශ පේශි වලට ඇතිවන ආතතිය අඩුකරයි. ඇඟ උණුසුම් කරගැනීමේදීද සිදුවන්නේ, අඩු වේගයකින් සහ අඩු තීව්‍රතාවයකින් යුතුව ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීමයි. ඒ සඳහා ඔබ වැයකල යුත්තේ විනාඩි 5-10 ක් පමණ කාලයකි. ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන විට, ඔබේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය සහ රුධිර සංසරණය ක්‍රමයෙන් වැඩිවේ. එමගින්, මාංශ පේශි වලට ගලායන රුධිරය ප්‍රමාණය වැඩිවන අතර, මාංශ පේශි වල වේදනාවක් හටගැනීම සහ මාංශ පේශි වලට අනතුරු සිදුවීමට ඇති අවදානම අවමවීම සිදුවේ. සාමාන්‍යයෙන්, ඇඟ…


ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීම සිදුවේ. මෙය ගර්භණී සමයේ දියවැඩියාව (Gestational diabetes) ලෙස හැඳින්වේ. බොහෝවිට, දරුවා බිහිවීමෙන් අනතුරුව මෙම රෝග තත්ත්වය පහවී යයි. මෙසේ, ගර්භණී සමයේ දියවැඩියාව පහව ගියත්, එවැනි කාන්තාවකට ජීවිතයේ පසු කලකදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී. එමෙන්ම, එවැනි කාන්තාවක් බිහිකරන ලද දරුවාටද, අනාගතයේදී තරබාරු වීමට සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට වැඩි අවදානමක් ඇත. එසේනම්, ගර්භණී සමයේ දියවැඩියාව වැළඳුනු ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් කුමක් කල හැකිදැයි මදක් විමසා බලමු.   ඔබ වෙනුවෙන් කලහැකි දේ කුමක්ද? දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරගන්න. ඔබේ දරුවා බිහිවී, සති 6 ත් 12 ත් අතර කාලයකදී දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා…


බර අඩුකරගැනීමට සරළ ඉඟි 3 ක් අනුගමනය කරමු.

තම ශරීරයේ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන බොහොමයක් අයගේ තිබෙන වැරදි ආකල්පයක් නම්, බර අඩුකරගැනීම සඳහා ජීවන රටාවේ විශාල වෙනස්කම් කලයුතු බවය. ඇතැම් අය ඒ සඳහා, සංකීර්ණ ව්‍යායාම වැඩසටහනකට යොමුවීමට, ව්‍යායාම ශාලාවකට (Gymnasium) සම්බන්ධ වීමට, හෝ ආහාර රටාවේ සංකීර්ණ වෙනස්කම් කිරීමට අවශ්‍ය යැයි සිතයි. එවැනි දේවල් කරා යොමුවීමේ වරදක් නොපෙනුනත්, ගැටළුව වන්නේ බොහෝ අයට එය දිගටම කරගෙන යාමට අපහසු වීමයි. නමුත්, බර අඩුකරගැනීම සඳහා එවැනි විශාල වෙනස්කම් ඔබේ ජීවන රටාව තුළ ඇතිකරගැනීම තවදුරටත් අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. ඔබේ බර අඩුකරගැනීම සඳහා කලයුතු මූලිකම දෙය වන්නේ, ක්‍රමයෙන් ඔබේ ජීවන රටාවට, කුඩා සහ සරළ වෙනස්කම් කිහිපයක් එකතු කරගැනීම පමණි. මෙහිදී, ඔබේ ජීවිතයේ සැලකිය යුතු…


සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී. එමෙන්ම, සමේ පිළිකාව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගනී. නවයොවුන් වියේ සිටින දරුවන්ටද, සමේ පිළිකා වැළඳෙන මුත්, කුඩා දරුවන්ට මෙම රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකිනි. හිරු එළියට නිරාවරණය වනවිට, සුදු පැහැති සම, තද පැහැති සමකට වඩා පිළිස්සීමට ලක්වුවත්, ඕනෑම සමේ වර්ණයක් ඇති අයෙකුට සමේ පිළිකාවක් වැළඳිය හැක. හිරු එළියට පිළිස්සීම සිදුනොවන තරම් තද පැහැති සමක් ඇති අයෙකුට වුවද, සමේ පිළිකා වැළඳීම සිදුවේ. මෙහිදී, ඔබේ සම සුදු පැහැතිද, අඳුරු පැහැතිද,…


ඔබේ බර ඔබට අනතුරුදායකද?

ඔබේ උසට සරිලන බරක් පැවතීම, සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය කාරණයකි. එසේ නම්, ඔබේ බර ප්‍රමාණවත් දැයි සොයාගන්නේ කෙසේද? මේ සඳහා උපයෝගී කරගත හැකි ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index or BMI) නම්වූ සරළ සිද්ධාන්තයක් ඇත. එය ගණනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ, ඔබේ උස සහ බර දැනගැනීම පමණි. ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම මගින්, ඔබේ බර ඔබට අනතුරුදායක දැයි දැනගත හැක. මක්නිසාද, එය ඔබගේ ශරීරයේ පෝෂණ තත්ත්වය විදහා දක්වයි.   ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරන්නේ කෙසේද? ඔබේ බර කිලෝග්‍රෑම් වලින් මැනගන්න. ඔබේ උස මීටර් වලින් මැනගෙන එහි වර්ගය ගණනය කරන්න. එනම්, උස මීටර් වලින් මැන, නැවත එම අගයෙන්ම වැඩිකරන්න. ඔබගේ බර…


දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?

තම දරුවා කැපුම් තුවාළයක් සිදුකරගත් විට, බොහොමයක් දෙමව්පියන් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දෙයක්. නමුත්, බොහොමයක් කුඩා කැපුම් තුවාළ, දරුවාට හානියක් ඇති නොකරයි. කෙසේ වුවත්, විශාල කැපුමක් සිදුවුවහොත්, ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ. දරුවාගේ ශරීරයේ තුවාළය සිදුවූ ස්ථානය සහ එහි ස්වභාවය අනුව, ස්නායු, පේශි කණ්ඩරා, සහ රුධිර වාහිනී වලට හානි සිදුවීමට අවදානමක් පැවතිය හැක.   කැපුම් තුවාළයක් සිදුවූ විට, කුමක් කලයුතුද? කුඩා කැපුමකින් හෝ සීරීමකින් සුළු රුධිර වහනයක් සිදුවන විට: තුවාළය ගලායන ජලයෙන් හොඳින් සෝදා දූවිළි හෝ වෙනත් අපද්‍රව්‍ය ඇත්නම් ඉවත්කරන්න. ඉන් පසුව, තුවාළය මෘදු සබන් වර්ගයක් යොදා, ජලයෙන් හොඳින් සෝදන්න. කුඩා තුවාළයකට, ආසාදන වැළැක්වීම සඳහා විෂබීජ නාශක…


අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම යනු සැබැවින්ම අභියෝගයක්. ඒ නිසාවෙන්ම, බොහොමයක් දෙමව්පියන්, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළම තලයකට ගෙන ඒමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය දකින්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සැලකිය යුතු සාර්ථකත්වයක් ඇතිකරගැනීමට පහතින් දක්වා ඇති ඉඟි අනුගමනය කිරීම ඉවහල් වියහැකි අතර, ඒවා ක්‍රමානුකූලව තම අධ්‍යාපන රටාවට එකතුකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු නිසැකය. මුළින්ම, හොඳ කාලසටහනක් සාදාගන්න. සැමවිටම, පාඩම් කිරීම සඳහා ඔබේ මනස අවදියෙන් සිටින වෙලාවක් තෝරාගන්න. පාඩම් කරන කාලය වැඩිවූ පමණින්, අධ්‍යාපන කටයුතු සාර්ථක වේයැයි සිතන්න එපා. ඔබ පාඩම් කරන කාලය තුළ ඔබගේ කාර්යක්ෂමතාවය, අධ්‍යාපන කටයුතු වල සාර්ථකභාවය තීරණය කරයි. පාඩම් කිරීම සඳහා, බාධා අවම වන නිස්කලංක තැනක් තෝරාගන්න….


ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ඔබේ මතකය, සංවේදන, කෙටිකාලීන, සහ දිගුකාලීන මතකයන් ලෙස කොටස් තුනකට බෙදෙන බවත්, එම කොටස් තුනෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව සරළ පැහැදිලි කිරීමකුත් පසුගිය ලිපියකින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්නයි. මතකය සැලකිය යුතු ලෙස වැඩිකරගැනීමට යම් යම් ක්‍රමවේදයන් භාවිතා කල හැකියි. මතකය කාර්යක්ෂම කරගැනීමට නම්, මතකය හා සබැඳි “R” අකුරු තුන අමතක කරන්න බැහැ. Reception (ප්‍රතිග්‍රහණය) Retention (ධාරණය කරගැනීම) Recollection (මතකයට නැගීම)   ප්‍රතිග්‍රහණය (Reception) ප්‍රතිග්‍රහණය කරගැනීමේදී, අවධානයෙන් සහ පරීක්ෂාකාරීව සිටීම කල යුතුවේ. ඔබ ඉගෙනගන්නවා නම්, ඔබේ ගුරුවරයා උගන්වන දේවල් හොඳින් අසා සිටීම, අවධානයෙන් පොත් කියවීම වැනි දේවල් මෙයට ඇතුලත් වේ. එසේ කිරීමෙන්, ඔබට වැදගත්…


ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.

මතකය ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අමතක වෙන්නේ ඇයි? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ අයට අමතක වීම ගැටළුකාරී වුවත්, එය සාමාන්‍ය මෙන්ම අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. එයට හේතුව, අපගේ මොළයට ඇත්තේ සීමිත ධාරිතාවයක් වීම සහ දිනපතා අපගේ මොළයට මිලියන ගණනක් තොරතුරු ඇතුළු වීමයි. මේ තරම් විශාල තොරතුරු සමුදායක් මතකයේ තබාගැනීමට අපේ මොළයට හැකියාවක් නොමැති අතර, එවන් වූ විශාල තොරතුරු ප්‍රමාණයක් හැසිරවීමටත් මොළයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවේ. එහෙයින්, අපගේ සිත මොළයට ලැබෙන සෑම තොරතුරක්ම, වැදගත් සහ නොවැදගත් ලෙස බෙදා වෙන්කරයි. මෙය සිදුවන්නේ, අපට නොදැනුවත්වමය. මෙසේ, නොවැදගත් යැයි වර්ගීකරණයට ලක්වූ සෑම තොරතුරක්ම, වැදගත් තොරතුරු වලට වඩා ඉක්මනින් අමතක වීම සාමාන්‍ය දෙයකි….


නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?

සිටගෙන සිටීමෙන් විඩාවට පත්වූ අයෙකුට අසුනක් දකින්නට ලැබෙනවා යන්න මිහිරි අත්දැකීමකි. ඒ තරමටම, අපි ඉඳගෙන සිටීමට ඇල්මක් දක්වන්නෙමු. නමුත්, ඉඳගෙන සිටීම හානිකර යැයි පැවසුවහොත්, ඇතැමෙක් පුදුමයට පත්වේවි. අසුනක් යනු, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවන බව, මදක් විමසා බැලුවහොත් ඔබට වැටහේවි. නිතර ඉඳගෙන සිටීම, දුම්පානය කිරීම තරමටම ඔබේ සෞඛ්‍යයට හානිකර වියහැකි බව විද්වතුන් විසින් සොයාගෙන ඇත. එමගින්, ස්ථුලභාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය හෙවත් අංශභාගය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ඇතැම් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳීමට ඇති අවදානම ඉහළ යයි. වසර 14 ක් තිස්සේ, පුද්ගලයන් 185,000 ක සහභාගීත්වයෙන් කල පර්යේෂණයක්, වසංගත අධ්‍යයනය පිළිබඳ ඇමරිකානු සඟරාවේ (American Journal of Epidemiology) පළවිය….