ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්

ගර්භණී අවධියේදී ඇතිවන සමහර ලක්ෂණ එම කාලය තුළ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වන අතර, ඇතැම් ලක්ෂණ අවදානම් සහගත අවස්ථාවක් පෙන්නුම් කරන ඒවා විය හැකියි. එමනිසා, එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව දැනුවත් වී සිටීම මගින්, කුස තුළ වැඩෙන දරුවාට සහ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එමගින්, ඊළඟ මාතෘ සායන දිනය තෙක් සිට වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන ලක්ෂණ සඳහාද, වහාම රෝහල්ගත විය යුත්තේ කුමන ලක්ෂණ සඳහාද යන්න තීරණය කිරීමට මවට හැකියාව ලැබේ. ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ගර්භණී මවකට ඇත්නම්,…


මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක. එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද? කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්,…


සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු.

අපි හැමෝම සතුටින් ජීවත්වෙන්න කැමතියි. නමුත්, අපේ ජීවිතයේ විවිධ අවධි වල වරින් වර මතුවන ගැටළු, දුක් කම්කටොළු, රෝග වැනි දේවල් නිසා සතුට අප හැරයන අවස්ථාද උද්ගත වේ. එවැනි අත්දැකීම් ඇතිවීම වැළැක්විය නොහැකි මුත්, ඇතැම් උපාය මාර්ග අනුගමනය කිරීමෙන් අප ජීවිතයේ සතුටින් සිටින කාලය වැඩිකරගන්න පුළුවනි. එසේ සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. ඇවිදින විට උනන්දුවෙන් ඇවිදින්න. පර්යේෂකයන්ට අනුව, ඇවිදින විට හොඳින් සෘජුව කය තබාගනිමින්. දෑත් හොඳින් පද්දමින් ගමන්කරනවා නම්, ධනාත්මක සිතුවිලි හටගැනීම වැඩිවේ. ඔබ සතුටින් නොසිටින විට පවා එසේ කිරීමෙන්, ඔබ යලි යථා තත්ත්වයට පත්වන තෙක්, අවම වශයෙන් අන් අයට ඔබ හොඳින් බව හඟවන්නට…


සිරුර කෙට්ටුවීම ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?

සිරුර කෙට්ටුවීම හෙවත් කෘශභාවය, බර වැඩිවීම තරම් බරපතළ ගැටළුවක් ලෙස අප සිතන්නේ නැත. සෞඛ්‍ය හා සබැඳි බොහොමයක් ලිපි, සඟරා, පොත්පත් වල ශීර්ෂපාඨ වෙන්වී ඇත්තේ බර වැඩිවීම සඳහා පමණි. සැබැවින්ම, බර වැඩිවීම එක්තරා වසංගතයක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වුවත්, එමගින් කෙට්ටුවීම නැමැති මාතෘකාව මදක් ආවරණය වී ඇති ආකාරයක් පෙනේ. අප අතරින් බොහොමයක් කිලෝ එකකින් හෝ දෙකකින් පවා බර අඩුකරගැනීමට උත්සාහ කරනු දැකිය හැක. නමුත්, කෘශභාවය නොසලකා කටයුතු කලයුතු බවක් එයින් අදහස් නොවේ. බොහොමයක් අයට සිරුරේ බර අඩුකරගැනීම ගැටළුවක් වන්නා සේම ඇතැම් අයට බර වැඩිකරගැනීම ද ගැටළුවක් වී ඇත. අප සිරුරේ බර පිළිබඳව දළ අදහසක් ගැනීමට ඇති එක් මිනුමක් ලෙස ශරීර ස්කන්ධ…


සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු.

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ. එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය. සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි. සැබැවින්ම, සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩිකරගන්නේ කොහොමද? අප ගන්නා ඇතැම් ආහාර වල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතුකිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට…


දරුවා විජලණයට ලක්වුවහොත් කුමක් කල යුතුද?

දරුවෙකුගේ ශරීරයේ සමස්ථ බරෙන් 60-80% ක් පමණ පවතින්නේ ජලයයි. උපතේදී, ශරීරයේ බරෙන් 80% ක් පමණ ජලය පවතින අතර, ක්‍රමයෙන් වයස වැඩිවත්ම ශරීරයේ පවතින ජලය ප්‍රතිශතය අඩුවීම සිදුවේ. සාමාන්‍යයෙන්, දහඩිය, මුත්‍රා, මළපහ වැනි තරල සහ ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරෙන් ජලය ඉවත්වීම සිදුවේ. එලෙස ඉවත්වන ජලය ප්‍රමාණය නැවත පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කරන්නේ නැතිනම්, විජලණය (Dehydration) වීම සිදුවිය හැක. එනම්, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකරන දරුවෙක් විජලණයට ලක්වේ. එමෙන්ම, ශරීරයේ පවතින ජලය වැඩිපුර ඉවත්වීමට ලක්විය හැකි රෝගයකදී හෝ තත්ත්වයකදී වුවද විජලණය වීම දැකිය හැක. උදාහරණ වශයෙන්, දිගටම පවතින වමනය, දියර ලෙස මළපහ පිටවීම, සහ පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැක….


පහසුවෙන් කලහැකි අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහන් දෙකක්

අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහනක් (High-intensity Interval Training/HIIT) යනු කෙටි කාලයකදී සිදුකරන අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාමයන් දෙකක් අතර විවේක කාලයක් බැගින් ලබාගනිමින් සිදුකරන අධි-තීව්‍ර ව්‍යායාම ශ්‍රේණියක් ලෙස හැඳින්විය හැකියි. එවැනි ව්‍යායාම වැඩසටහනක් මගින් කෙටි කාලයක් තුළ වැඩි අමතර කැලරි ප්‍රමාණයක් දහනය වන අතර, ශාරීරික යෝග්‍යතාවයද හොඳින් වැඩිදියුණු කරගත හැක. සාමාන්‍යයෙන්, අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහනකට පසුව පැය 14-15 ක් පමණ ගතවන තුරු සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමානයක් දහනය වේ. පහසුවෙන් කලහැකි අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහන් දෙකක් පිළිබඳව පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ. පහසුවෙන් කලහැකි ව්‍යායාම වැඩසටහන් දෙකක් ලෙස මාතෘකාවේ සඳහන් වුවද, අධි-තීව්‍ර විරාම පුහුණුවක් සිදුකිරීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත්, එයින් ලැබෙන ප්‍රතිඵල…


සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව මවක් අනුගමනය කලයුතු උපදෙස් පිළිබඳව මදක් පැහැදිලි කිරීමට මෙම ලිපිය සකස්කර ඇත. මක්නිසාද, මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන්, මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා හටගැනීම අවම කරගැනීමට හැකියාව ලැබේ. සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇති හිරිවැටුණු ස්වභාවය ඉවත්වීමට පැය 4-5 ක් පමණ ගතවේ. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව අවම කරගැනීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන වේදනා නාශක නිසි පරිදි ගැනීම කල යුතුය. එමෙන්ම, අලුත උපන් දරුවාට හොඳින් මව්කිරි ලබාදීමත් ඉතාම වැදගත්. සැත්කමෙන් පසුව, දෙවන දිනය එළඹෙන විට බොහොමයක් මව්වරු ඇඳෙන් බැස ඇවිදීම සිදුකරයි. කෙසේ වුවත්, සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ශරීරය යථා තත්ත්වයට පත්වීම සඳහා ඇවිදීම වැදගත්…


ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු. පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි තවමත් නිසි අයුරින් වටහාගෙන නැති මුත්, ඇතැම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව පෙනේ….


දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි සිදුවන බව ඔබ දැනගත යුතුය. එමනිසා, ඔබ දුම්පානය කිරීම නොකලත් අක්‍රීය දුම්පානයට නතුවන අයෙක් නම්, ඔබේ දිවිය අනතුරට ලක්වීම වැලැක්වීමට අපහසු වේ. සන්ධි ඔබගේ සන්ධි ඉදිමීමකට ලක්වී වේදනා ගෙනදෙනවාද? දුම්පානය කරන්නන්ට රූමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis ) නැමැති සන්ධි ප්‍රදාහය වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව පර්යේෂණ මගින් හෙළිවී ඇත. එමෙන්ම, රූමැටොයිඩ් පර්වදාහය ඇති අයෙක් දුම්පානය කරන්නේ නම්, එම රෝගය මර්ධනය කිරීම සඳහා ලබාගන්නා…


උදෑසන දිනචර්යාව මදක් වෙනස්කර බර අඩුකර ගනිමු.

මෙය, සුව සෙවන වෙබ් අඩවියේ පලවන 250 වෙනි ලිපිය බව සතුටින් සඳහන් කරමින් ඔබේ බර අඩුකරගැනීම සඳහා අනුගමනය කලහැකි තවත් සරළ ක්‍රමවේදයක් පිළිබඳව පැහැදිලි කිරීමට අදහස් කරමි. සැබැවින්ම, උදෑසන දිනචර්යාව මදක් වෙනස් කිරීමෙන් බර අඩුකරගත හැකිද? ඔව්, එසේ කලහැක. ඔබේ උදෑසන දිනචර්යාව මත ඔබේ දවසේ ආහාර ගැනීමේ රටාව සහ බර අඩුකරගැනීමේ උත්සාහයන් සියල්ල රඳාපවතී. ඊයේ දිනයේදී, කුමන හේතුවක් මත හෝ ඔබට සාමාන්‍ය ආහාර රටාවෙන් අපගමනය වීමට සිදුවුවද, සෑම උදෑසනක්ම ඔබට ආහාර රටාව වෙනස් කරගැනීමට සහ බර අඩුකරගැනීමේ ඉලක්කයන් ඇතිකරගැනීමට නැවුම් ආරම්භයක් ලබාදේ. එමෙන්ම, උදෑසනම සක්‍රීය වන පුද්ගලයන්ට, සවස් කාලයේ සක්‍රීය පුද්ගලයන්ට වඩා කාර්යක්ෂමව බර අඩුකරගැනීමට මෙන්ම, නියමිත බර පවත්වාගැනීමටද වැඩි…


මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි. මහදුරු යනු අසමෝදගම් පවුළේ (Umbelliferae family) ශාඛයක් වන Foeniculum vulgare වල ඇට වර්ගයක් වන අතර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අප්‍රකට වාසි රැසක් රැගත් කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. මහදුරු වල ෆ්ලේවනොයිඩ් (Flavonoid) ගණයට අයත් ප්‍රබල


දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි. හිසේ උකුණන් වාසය කිරීම සැබැවින්ම කරදරකාරී දෙයක් වුවද, ඔවුන් හානිකර වන්නේ හෝ රෝග පතුරවන්නේ නැත. ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද? උකුණන් බෝවී ඇති බවට සලකුණු හෝ රෝග ලක්ෂණ මොනවාද? දරුණු හිසේ කැසිල්ලක් හටගැනීම හිස්කෙස් වල ලේඬියන් දක්නට ලැබීම. ලේඬියන් යනු හිසකෙස් වලට ඇලී පවතින උකුණන්ගේ බිත්තර වන අතර, ඒවා අළු හෝ සුදු පැහැයට හුරු කහ පැහැයෙන් යුක්ත වේ. රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත උකුණන් හිසකෙස් මත දක්නට ලැබීම. හිසේ…