ඇඟේ බර යොදාගෙන කරන සංයුක්ත ව්‍යායාම ගැන දැනගනිමු.

ඒක හෙවත් තනි ව්‍යායාම (Isolation exercises) සහ සංයුක්ත ව්‍යායාම (Compound exercises) වශයෙන් ව්‍යායාම ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැක. ඒක ව්‍යායාම යනු ශරීරයේ එක් මාංශ පේශි කාණ්ඩයක් සඳහා පමණක් සිදුකරන ව්‍යායාම වේ. ශරීරයේ මාංශ පේශි කාණ්ඩ කිහිපයකට එකවර සිදුකරන ව්‍යායාම සංයුක්ත ව්‍යායාම ලෙස හැඳින්විය හැක. එබැවින්, සංයුක්ත ව්‍යායාම, ඒක ව්‍යායාම වලට වඩා මාංශ පේශි වර්ධනය සහ අමතර මේද දහනය සඳහා වඩාත් ඵලදායී වන බව ඔබට පැහැදිලි වනු ඇත. සංයුක්ත ව්‍යායාම වලදී ශරීරයේ සන්ධි ගණනාවක් එකවර චලනය වන අතර, එමගින් මාංශ පේශි විශාල සංඛ්‍යාවකට ව්‍යායාමය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි මේදය ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. ඔබට ව්‍යායාම ශාලාවකට (Gymnasium) යාමට ඉඩක්…


සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුකිරීමට බලපාන හේතු සාධක මත සිසේරියන් ශල්‍යකර්මය (Cesarean delivery or C-section) මදක් වෙනස්විය හැකි මුත්, එය සිදුකරන අනුපිළිවෙල බොහෝදුරට සමානය. එමනිසා, සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය සරළ ලෙස පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය සකස්කර ඇත. සැත්කම කිරීමට පෙර පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයකට පෙර, ගර්භණී මවට සබන් යොදා හොඳින් ස්නානය කිරීමට උපදෙස් ලබාදේ. එමගින්, සැත්කම කිරීමෙන් පසුව ආසාදනය වීම් ඇතිවීම අවම කරගැනීමට හැකියාව ලැබේ. නමුත්, හදිසි සිසේරියන් ශල්‍යකර්මයකට මවක් සූදානම් කිරීමේදී එසේ කිරීමට කාලය නොලැබෙන්න පුලුවනි. එමෙන්ම, සැත්කම කිරීමට පෙර යටිබඩ සහ ලිංගාශ්‍රිත රෝම ඉවත්කිරීමටද උපදෙස් ලබාදෙන අතර, මුත්‍රාශය හිස්ව තබාගැනීම සඳහා මුත්‍රා බටයක් ඇතුළුකිරීම සිදුකරනු ලැබේ….


දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ. ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද? ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම…


දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

සමහර විට, යම් යම් තීරණ ගැනීමේදී අප දෙගිඩියාවකට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය නිතරම ඉස්මතුවීම සාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් විට, ව්‍යාධියක් වැනි දෙගිඩියාව ඔබේ ජීවිතයේ විවිධාකාර පැති අවුල්සහගත කිරීමට පුළුවන. අප අතරින් බොහොමයකට එවැනි මට්ටමකට දෙගිඩියාව ඇති නොවූවත්, වත්මන් සමාජයේ පවතින තෝරාගැනීම් සංඛ්‍යාව වැඩිවීමත් සමග දෙගිඩියාවක් ඇතිවීමට ඇති සම්භාවිතාවය මදක් වැඩිය. අපගේ මොළයේ නළල ආසන්නයේ ඇති ලලාට බාහිකය (Frontal cortex) නැමැති කොටසෙහි ඉදිරියෙන්ම ඇති ප්‍රදේශය (Prefrontal cortex) ට පිං සිදුවන්නට, නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේ. නමුත්, එම කොටසට එකවර හැසිරවිය හැක්කේ ආසන්න වශයෙන් තොරතුරු 7 ක් පමණි. කෙසේ වුවත්, මදක් වෙනස් ආකාර වලට තීරණ ගැනීමට ඔබ කැමැත්තක් ඇතිකරගතහොත්, නිවැරදි තීරණ…


මේදය දහනය කිරීම සඳහා අධි-තීව්‍ර විරාම පුහුණුව යොදාගනිමු.

අධි-තීව්‍ර විරාම පුහුණුව (High-intensity interval training or HIIT) යනු තීව්‍රතාවය වැඩි ව්‍යායාම ඛණ්ඩ ගණනාවක්, සෑම ව්‍යායාම ඛණ්ඩ දෙකක් අතරම කෙටි විරාමය බැගින් ලබාගනිමින් සිදුකරන ව්‍යායාම වර්ගයකි. මෙහිදී, ලබාගන්නා කෙටි විරාමයන් සියල්ල අඩු තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් වලින් යුතුවේ. සැබැවින්ම, අධි-තීව්‍ර විරාම පුහුණුව ඔබේ අමතර මේදය දහනය කිරීම සඳහා ඉවහල් වන්නේ කෙසේදැයි විමසා බලමු. අධි-තීව්‍ර විරාම පුහුණුව පසුපස තිබෙන යාන්ත්‍රණය තරමක් සංකීර්ණ එකක් වන මුත්, එය සරළව පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු. ඔබ ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාගැනීමට හැකි මට්ටමට යම් ශාරීරික ක්‍රියාකාරකමක් සිදුකරන්නේ යැයි මදක් සිතන්න. උදාහරණ වශයෙන්, ඇවිදීම, සෙමෙන් දිවීම (Jogging) වැනි ශාරීරික ක්‍රියාකාරකම් දැක්විය හැක. මෙවැනි ශාරීරික ක්‍රියාකාරකම් කිරීම…


නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

මුලින්ම, ලැබුවා වූ අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකිකයන්ට සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි, නිරෝගීබව සුරැකෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ලුණු භාවිතය ටිකක් අඩුකිරීමෙන් සුවැති දිවියකට මංපෙත විවර කරගන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කිරීමටය. සැබැවින්ම, අපේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ලුණු ස්වල්ප වශයෙන් අත්‍යාවශ්‍ය වේ. වැඩිහිටියෙකුට නම් මෙම ලුණු ප්‍රමාණය දිනකට තේ හැඳි 1 ක් හෙවත් ග්‍රෑම් 5 ක් වේ. එනම්, සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ලුණු ග්‍රෑම් 500 ක පැකට් එකක් සෑහේ. නමුත්, ශ්‍රී ලාංකිකයන් අතරින් බොහොමයක් මෙම ප්‍රමාණය මෙන් 2-3 ගුණයක් ලුණු ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එසේනම්, නව වසරේ ඔබේ ලුණු භාවිතය ටිකක්…


දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද? වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න…


විනාඩි 30 ක බර එසවීමේ ව්‍යායාම වැඩසටහන්

ඔබට ව්‍යායාම කිරීම සඳහා දවසකට ඇත්තේ විනාඩි 30 ක කාලයක් පමණක් නම්, ව්‍යායාම නොකර සිටීම සඳහා තවදුරටත් එය නිදහසට කාරණයක් නොවේ. මක්නිසාද, විනාඩි 30 ක් යනු ශරීරය උණුසුම් කරගැනීමට, බර එසවීමේ ව්‍යායාම (Weight training) කිරීමට, සහ ශරීරයේ උෂ්ණත්වය පහත හෙලීමට බෙහෙවින්ම ප්‍රමාණවත් කාලයකි. එමෙන්ම, එසේ කිරීමෙන් දවසේ ඉතිරි කාලය නිදහසේ ගතකිරීමටද අවකාශ සැලසේ. කෙසේ වුවත්, ව්‍යායාම වැඩසටහනක් සිදුකරන කාලය අඩුකිරීම යන්නෙන් එය පහසුවන බවක් හැඟවෙන්නේ නැත. විනාඩි 30 ක ව්‍යායාම සැසියක් (Session) යනු, දිගු ව්‍යායාම වැඩසටහනකට සාපේක්ෂව තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද, ව්‍යායාම වැඩසටහනක කාලය අඩුවත්ම, ඔබේ ඉලක්කයන් සපුරාගැනීම සඳහා විවේක කාලයන් අඩුකල යුතු අතර, වැඩි තීව්‍රතාවයකින් යුතු (High-intensity) ව්‍යායාම කල…


සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?

ඔබේ දරුවා බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් (Cesarean delivery or C-section) සිදුකිරීමට සැලසුම්කර තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ඔබව යොමුකරනු ඇත. මක්නිසාද, බොහෝවිට සිසේරියන් සැත්කම සිදුකරන්නේ කොඳු ඇට පෙළට ඖෂධයක් නික්ෂේපනය කර, ඔබේ නාභියෙන් පහළ හිරිවැට්ටවීමෙන් අනතුරුවයි. එමනිසා, සැත්කම අතරතුර ඔබ සිහියෙන් පසුවුවත් වේදනාවක් ඇතිවීම සිදුනොවේ. නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඔබව පරීක්ෂා කරනු ලබන්නේ, මෙම නිර්වින්දන ක්‍රමවේදයට ලක්වීමට ඔබ සුදුසු දැයි සහ එයින් යම් සංකූලතාවයක් ඇතිවිය හැකි දැයි පරීක්ෂාකර බැලීමටයි. හදිසි අවස්ථාවකදී, නාභියෙන් පහළ හිරිවැට්ටවීම වෙනුවට, ඔබව සිහිනැතිකර සිසේරියන් සැත්කම සිදුකිරීමට තීරණය කලහැකියි. එවිට, නාභියෙන් පහළ හිරිවැට්ටවීම මෙන් නොව, සැත්කම අතරතුර සිදුවන කිසිවක් ඔබට දැකීමට, ඇසීමට, හෝ දැනීමට…


දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

වසර 2015 වනවිට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් මිලියන 1.16 ක් දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් 8.5% ක් විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 1.6% ක් සිදුවන්නේ දියවැඩියාව නිසා වීම, දියවැඩියා රෝගයේ ඇති බරපතලකම මොනවට විදහා දක්වයි. දියවැඩියා රෝගය නිසා ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින්, වෛද්‍ය වෘත්තිකයෙකුට දියවැඩියාව රෝග විනිශ්චය සිදුකල හැක.   දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අනුව රෝගීන් කාණ්ඩ 3 කට වර්ගීකරණය කරනු ලබයි. රෝග ලක්ෂණ රහිත (Asymptomatic) ආකාරය තීව්‍ර (Acute) ආකාරය උපතීව්‍ර (Sub-acute) ආකාරය…


සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්

අප සැමදෙනාටම මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය බව කිවහොත් එය නිවැරදියි. නමුත්, ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද? අප දන්නා පරිදි සුවැති දිවියක් ගතකරන අය දුම්පානය නොකරයි, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගනියි, ව්‍යායාම කරයි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ගනියි. පෙනෙන ආකාරයට එය සරළ දෙයක් ලෙස සිතීමට පුලුවන. නමුත්, එසේ කිරීම සඳහා තම දිනචර්යාවේ වෙනස්කම් කිරීමට උත්සාහ කල අයෙකුට එය කියන තරම් පහසු නොවන බව වැටහෙනු ඇත. ඇතැම් අය එකවරම තම දිවියේ විශාල වෙනස්කම් කිරීමට උත්සාහ කර අපහසුතා වලට මුහුණ දෙයි. එවිට, උනන්දුව හීනවීම නිසාවෙන් උත්සාහය අත්හැරීම බහුලව සිදුවන දෙයකි. එසේ නම්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කලයුත්තේ කුමක්ද?…


දිනකට අමතර කැලරි 700 ක් දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම්

ඔබගේ ඉලක්කය දිනකට අමතර කැලරි 700 ක් දහනය කිරීම නම්, දින 6 කදී ඔබේ බර ග්‍රෑම් 500 කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇත. එනම්, දින 6 කදී අමතර කැලරි 4200 ක් දහනය වන අතර, එහිදී ඔබේ බර ග්‍රෑම් 540 කින් අඩුවිය යුතුය. බර අඩුකරගැනීම සඳහා යොදාගත හැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස, අමතර මේද දහනය ඉලක්ක කරගනිමින් ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩිකිරීම දැක්විය හැක. දිනකට අමතර කැලරි 700 ක් දහනය කිරීම සඳහා යොදාගත හැකි ශාරීරික ක්‍රියාකාරකම් වල තීව්‍රතාවය (Intensity) මදක් වැඩිය. ඕනෑම ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කරන විට මෙන්, මෙහිදීද ශාරීරික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම සුදුසු වේ. තවද, ඔබට එකවර…


කෝපි වලට වඩා හරිත තේ පානය කිරීමෙන් ඇතිවන වාසි මොනවාද?

තේ සහ කෝපි යනු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පානයන් දෙකක්. සැබැවින්ම, ඒවා ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අංගයක් වී හමාරය. ජලය හැරුණුකොට තේ සහ කෝපි යනු අප අතර ජනප්‍රියම පානයන් දෙක යැයි කිවහොත්, එය නිවැරදිය. සාමාන්‍ය තේ පරිභෝජනයට වඩා හරිත තේ (Green tea) පරිභෝජනය සාපේක්ෂව අඩුවුවත්, හරිත තේ පානය කිරීම ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. කෝපි වෙනුවට හරිත තේ පානය කිරීමට යොමුවීමෙන් අත්වන වාසි, එහි අඩංගු කැෆේන් (Caffeine) ප්‍රමාණය, ආම්ලිකතාවය, සහ