ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?
ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. ඒ හේතුවෙන්, Vaginismus තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීම ප්‍රියජනක වන්නේ නැහැ. කෙසේ වුවත්, Vaginismus තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන් ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කිරීමට ඇති ලජ්ජාව සහ අපහසුතාවය නිසා ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ. රෝග ලක්ෂණ ලිංගික එක්වීම වේදනාකාරී වීම යම් කාන්තාවකට Vaginismus තත්ත්වය ඇති බව හඟවන පළමු සලකුණ වේ. මෙම වේදනාව ලිංගික එක්වීම ආරම්භයේදී පමණක් ඇතිවන මද අපහසුතාවයක සිට දැඩි…