සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

අප බොහොමයකගේ ජීවිත සංකීර්ණ වෙලා. එයට හේතුව අප සැමවිටම සරල බවින් ඈත්වීමට නැඹුරුතාවයක් දැක්වීමයි. කෙසේ වෙතත්, සංකීර්ණ ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ නැහැ. අපගේ ජීවිත සරල කරගන්නේ කොහොමද? සරල ලෙස ජීවත්වන්නේ කෙසේද? මෙම ලිපියෙන් සරල ජීවිතයකට අත්වැලක් වෙන්නයි අපි සූදානම් වෙන්නේ.

  • ඔබේ හැකියාවන් අඳුරගන්න. ඔබට සාර්ථක කරගැනීමට හැකි තාත්වික ඉලක්ක පමණක් ඇතිකරගන්න.
  • ඔබගේ ඊලඟ දිනය සඳහා නිසි සැලසුමක් සාදාගන්න. එහි ඔබ විසින් කලයුතු කාර්යයන් ලැයිස්තුවක් සාදාගන්න. නමුත්, ඔබගේ සම්පූර්ණ දවසම කාර්යයන් වලින් පුරවාගන්න එපා. අදාළ දිනය තුල කිරීමට හැකි අයුරින් කලයුතු කාර්යයන් සැලසුම් කරගන්න.
  • ඔබගේ කාර්යයන් කිරීමට පෙර, ඒවා අධ්‍යයනය කිරීම වැදගත් වේ. සැමවිටම අදාළ කාර්යය කිරීමට හැකි සරල ක්‍රම ගැන සිතන්න.
  • එකවර එක් කාර්යයක් පමණක් කරන්න. කාර්යයන් කිහිපයක් එකවර කිරීමට යාමේදී ඒවා අසාර්ථක වීමට ඇති හැකියාව වැඩිවේ.
  • ඔබගේ කාර්යයක් අවසානයේදී ලැබෙන ප්‍රතිලාභය වැදගත් දෙයක් වේ නම්, එම කාර්යය අතහරින්න එපා.
  • කාර්යයන් දෙකක් අතරතුර මදක් විවේක ගන්න.
  • සැමවිටම විනීත සහ අවංක වෙන්න.
  • සැමවිටම හොඳ මිතුරන් ආශ්‍රය කරන්න. හොඳ මිතුරන් සමග අදහස් සහ හැඟීම් හුවමාරු කරගන්න.
  • ඔබේ විනෝදාංශ වලටත් කාලය වෙන්කර ගන්න.
  • ඔබ සුරතල් සතුන් ඇතිකරන්නේ නම්, ඔවුන්ට ආදරය කරන්න. ඔවුන් හොඳින් රැකබලා ගන්න.
  • මානසික ආතතිය පාලනය කිරීමට හුරුවන්න.
  • ඔබගේ කාර්යය විනෝදාත්මක කරගන්න. ඔබගේ කාර්යය කිරීමට හොඳින් මනස යොදවන්න.
  • ඔබට කාලය වෙන්කරගැනීමට හැකිනම්, භාවනා කිරීමට මද වේලාවක් වෙන්කර ගන්න. භාවනා කිරීම මානසික ආතතිය අඩුකරන අතර, ඔබගේ සිතීමේ හැකියාව සහ මානසික ඒකාග්‍රතාවය වැඩි කරයි.
  • දිනකට පැය 6-8 ක් නිදාගන්න. හොඳ නින්දක් ඔබගේ ශරීරයේ හානි වුනු පටක අලුත්වැඩියා කරන අතර මානසික ආතතිය අඩුකරයි. එමනිසා, ඊලඟ දිනයේදී නැවුම්ව වැඩකිරීමට ඔබට හැකියාව ලැබේ.
  • ඔබගේ අසාර්ථක වීම් පිළිබඳව අනවශ්‍ය ලෙස පසුතැවෙන්න එපා. මක්නිසාද, ඔබට වැරදුනු තැන් සැමවිටම යම් කාර්යයක් නිවැරදිව, සාර්ථකව කිරීමට උගන්වයි. ඔබගේ ජීවිතයේ කල සෑම වැරැද්දකින්ම ජීවිතය සාර්ථක කරගැනීමට යමක් ඉගෙන ගන්න.
  • ඔබට පමණක් විසඳාගත නොහැකි ඕනෑම ගැටලුවක් ඔබට වඩා ප්‍රවීණයෙකුගෙන්, යහලුවෙකුගෙන්, ඥාතියෙකුගෙන්, හෝ ඔබට ආදරය කරන, සමීපතම පුද්ගලයෙකුගෙන් ඇසීමට පැකිලෙන්න එපා.
  • දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් කරන්න. එය ඔබගේ සෞඛ්‍යය වැඩිදියුණු කරන අතර, මනස සහ ශරීරය සැහැල්ලු කරයි.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. වැඩිපුර ආහාරයට ගැනීමෙන් වලකින්න.
  • ඔබගේ සෞඛ්‍යය ගැනත් අවධානය යොමුකරන්න.
  • දුම් පානය කිරීම වැනි නරක පුරුදු නවතා දමන්න.
  • හැකි සෑම විටම අන් අයට උදවු කරන්න. එවිට, ඔබට උදවු අවශ්‍ය විටදීත්, අන් අය උදවු කරාවි.
  • අන් අයගේ අදහස් සහ යෝජනා වලටත් සවන් දෙන්න. එමගින් ඔබට වැදගත් කරුණු එකතුකර ගැනීමට හැකියාව ලැබේවි.
  • ඔබගේ සීමාව ඉක්මවා වියදම් කිරීම නොකල යුතුයි. අනාගතය සඳහා මුදල් ඉතිරි කිරීමත් වැදගත් වෙනවා. සැමවිටම ඔබේ ජීවිතයට වඩාත් වැදගත් දේවල් මිළදී ගන්න. ඔබට අඩුවෙන් වැදගත් වන දේවල් මිළදී ගැනීමෙන් වලකින්න. ඔබගේ බිල්පත් නිසි කලට ගෙවා අවසන් කරන්න.
  • ඔබගේ නිවස සහ රාජකාරි කරන ස්ථානය පිළිවෙලට තබාගන්න.
  • අන් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. අනෙක් අයගේ සාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමට පුරුදුවන්න.
  • සිනාසීමට අවශ්‍ය සැමවිටම සිනාසෙන්න පසුබට වෙන්න එපා.
  • සැමවිටම අන් අයගේ සිත්ගන්නා අයුරින් කටයුතු කරන්න.
  • ලජ්ජා සහගත වෙන්න එපා. ඉදිරිපත් වීමට පසුබට නොවන්න.
  • සමාව ඉල්ලීමට හෝ ඔබගේ වරදක් පිළිගැනීමට අවශ්‍යවන විටකදී, කිසිවිටෙක පසුබට වෙන්න එපා.
  • ඔබගේ ජීවිතයේ හෝ සමාජයේ පවතින වෙනස් කිරීමට නොහැකි දේවල් වෙනස් කිරීමට උත්සාහකරන්න එපා.
  • සැමවිටම ධනාත්මකව සිතන්න. සෘණාත්මක සංකල්ප ඔබගේ මනසින් බැහැර කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Julian Tysoe)

 

සබැඳි ලිපි:

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
මානසික ආතතිය මාරාන්තික විය හැකියි
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*