අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?

අංශභාගය (Stroke) හෙවත් ආඝාතය වැළඳෙන්නේ මොළයේ පවතින රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙනි. එසේ වීම නිසා ස්නායු සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් අවහිර වූ හෝ පිපිරී ගිය රුධිර වාහිනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස මිය යාමට පටන් ගනී. අංශභාගය නිසා හානි වූ මොළයේ ප්‍රදේශය මගින් පාලනය වන සිරුරේ කොටස් වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම දැකිය හැක. මොළයේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙන් පසුව විනාඩි කිහිපයක් තුළ අදාළ ප්‍රදේශයේ ස්නායු වලට හානි වීම ඇරඹේ. එමනිසා, අංශභාගය නිසා ඇතිවන රෝග ලක්ෂණ වහා හඳුනාගෙන, ඉක්මනින් ක්‍රියාකාරී වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් නිසි ප්‍රතිකාර කලහොත්, මොළයට සිදුවන හානිය…


මාංශ පේශි ක්ෂය වෙන්නට නොදී බර අඩු කරගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන්, ඕනෑම අයෙක් හැඩට ඉන්නට බලාපොරොත්තු වන්නේ නම්, බර අඩු කරගැනීමට සහ පාලනය කිරීමට උත්සුක වනු දැකිය හැක. කෙසේ වුවත්, සැබෑ ඉලක්කය විය යුත්තේ සිරුරේ බරට සාපේක්ෂව අමතර මේදය අඩු කරගැනීමයි. ඔබේ බර අඩුවන විට සිරුරෙන් අමතර මේදය ඉවත් විය යුතු අතර, මාංශ පේශි ක්ෂය නොවී පැවතිය යුතුය. කෙසේ වුවත්, බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේදී ඔබ ප්‍රවේශමෙන් කටයුතු නොකලහොත්, මේදය සමග මාංශ පේශි ද ක්ෂය වීම සිදුවිය හැක. එසේ නම්, මාංශ පේශි ක්ෂය වෙන්නට නොදී මේදය පමණක් අඩුකර ඔබේ බර අඩු කරගන්නේ කෙසේදැයි විමසා බලමු. පළමු පියවර ඔබ දැනට ගන්නා කැලරි ප්‍රමාණයෙන් දිනකට කැලරි 500-1000 ක් පමණ අඩු කිරීමට උත්සාහ කරන්න….


පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.

අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම, හොඳින් පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගැනීමට හැකිවේ. අප ජලය පානය කළ යුත්තේ ඇයි? උණුකර නිවාගත් ජලය පානය කරන්නේ නම් වඩාත් සුදුසුය. එමෙන්ම, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය දවස පුරා සමානව බෙදී යන අයුරින් පානය කළ යුතුය. බොහෝ අය ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටින මුත්, එසේ කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාද, ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින්, සිරුරෙන් ඉවත්වන ජලය ප්‍රමාණය…


පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

තම දරුවා අසනීප වීමෙන් පසුව, යලි පාසල් යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙමව්පියන්ට නැති බව පෙනේ. ඇතැම් දෙමව්පියන් දරුවා අසනීප තත්ත්වයෙන් සිටියදීම පාසල් යවන්නට උත්සුක වන අතර, ඇතැම් අය අසනීපය හොඳින් සුවවීමට පෙර පාසල් යවන අවස්ථාද පවතී. කෙසේ වුවත්, එය දරුවා අසනීපයෙන් පසු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය වැඩිකිරීමට හේතුවිය හැකි අතරම, ඇතැම්විට දරුවාගේ අසනීපය තවදුරටත් උග්‍ර වීමටද හේතුවිය හැක. වඩාත්ම ගැටළුකාරී වන්නේ බෝවෙන රෝගයකින් පෙලෙන දරුවෙක් සමග ගැවසෙන අනෙක් නිරෝගී දරුවන්ට ද රෝගය බෝවීමට ඇති අවදානම වැඩිවීමයි. එමනිසා, පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි වටහා ගැනීමට අත්වැලක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. ඇතැම්…


ඔබට ගැලපෙන ශක්ති වර්ධන ව්‍යායාම වැඩසටහනක් නිර්මාණය කරගන්නේ කෙසේද?

ශක්ති වර්ධනය එනම්, ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරගැනීම සඳහා කැමැත්තක් දක්වන අයෙක් බොහෝවිට ව්‍යායාම ශාලාවක ව්‍යායාම කිරීම, එළිමහනේ ව්‍යායාම කිරීම, හෝ නිවසේදී ව්‍යායාම කිරීම තෝරාගනු දැකිය හැක. ඇතැම් අය සඟරා, පොත්, හෝ අන්තර්ජාලය භාවිතා කරමින් හොඳ ශක්ති වර්ධන ව්‍යායාම වැඩසටහනක් (Strength-training workout) සෙවීමට උත්සාහ දරයි. නමුත්, ඇතැම් අය නිසි ඉලක්කයක් හෝ දිශානතියක් නොමැතිව, කරන්නන් වාලේ ව්‍යායාම කරන ආකාරයක් දිස්වේ. සැබැවින්ම, ඔබට ගැලපෙන හොඳ ශක්ති වර්ධන ව්‍යායාම වැඩසටහනක් නිර්මාණය කරගන්නේ කොහොමද? එසේ කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඔබ කලයුත්තේ දවසේ ව්‍යායාම කිරීම සඳහා වෙන්කරන කාලය නිසි ලෙස කලමනාකරණය කරගැනීම පමණි. දිනකට විනාඩි 40 ක ව්‍යායාම වැඩසටහනක් සැලසුම්…


ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?

ගර්භාෂය ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින් සෑදී තිබුණත්, එහි අභ්‍යන්තර බිත්තිය ආවරණය කරන පටක ස්ථරයක් (Endometrium) පවතී. ගර්භාෂයේ පිළිකා යනු ගර්භාෂය ආස්තරණය කරන මෙම පටක ස්ථරයේ හෙවත් ගර්භාෂයේ ඇතුළු බිත්තියේ හටගන්නා පිළිකා වර්ගයකි. මෙම පිළිකා වර්ගය, කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතර මූලික ස්ථානයක් ගැනීම විශේෂ ලක්ෂණයක් වේ. ගර්භාෂයේ පිළිකා තරුණ කාන්තාවන් අතර එතරම් සුලභ රෝගයක් නොවන අතර, ගර්භාෂයේ පිළිකා වැළඳෙන බොහොමයක් කාන්තාවන් වයස අවුරුදු 50 ට වැඩි අය වීම විශේෂ ලක්ෂණයකි. එනම්, ආර්තවාභාවය හෙවත් ආර්තවහරණය (Menopause) සිදුවූ කාන්තාවන්ට ගර්භාෂයේ පිළිකා වැළඳීමට වැඩි අවදානමක් පවතී. වාසනාවකට මෙන්, මූලික අවස්ථා වලදී හඳුනාගැනීම මගින්, ගර්භාෂයේ පිළිකා බොහෝවිට සුවකිරීමට හැකියාව ලැබේ. ගර්භාෂයේ පිළිකා හටගැනීමට…


මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකා වර්ගය මුඛ පිළිකාව බව ඔබ දන්නවාද? සැබැවින්ම, මුඛ පිළිකා නිසා දවසකට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්වත් මිය යයි. මුඛ පිළිකාව ඇතිවීම සඳහා අවදානම් සාධක ගණනාවක් ඇති අතර, මුඛ පිළිකා රෝගයෙන් වැළකිය හැක්කේ එම අවදානම් සාධක වලින් වැළකී සිටීමෙනි. මුඛ පිළිකා රෝගය වැළඳීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධක මොනවාද? බුලත් විට සැපීම. පුවක්, පුවක් පැකට්, සහ වෙනත් පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීම. දුම්පානය කිරීම (සිගරට්, බීඩි, සුරුට්ටු). මත්පැන් පානය කිරීම. මුඛ පිළිකා ඇතිවීමට හේතුවන අනෙකුත් අවදානම් සාධක මොනවාද? පෝෂණ ඌණතා අයහපත් මුඛ සෞඛ්‍යය මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus) ආසාදනය පහත සඳහන් අයට මුඛ පිළිකා රෝගය වැළඳීමට වැඩි…


දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක. දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව…


ඔබේ බර වැඩිවීමට හේතුවන විස්මිත හේතු

ඔබ ආහාර මගින් ගන්නා කැලරි ප්‍රමාණය වැඩිකලහොත් සහ ව්‍යායාම හෝ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් කරන කාලය අඩුකලහොත්, ඔබේ බර වැඩිවීම පිළිබඳව පුදුම වීමට අවශ්‍ය නැත. නමුත්, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සහ ව්‍යායාම කරන කාලය සාමාන්‍ය පරිදි වෙනස් නොවී තිබියදීත්, ඔබේ බර වැඩිවෙනවා නම්, එය තරමක් අසාමාන්‍ය දෙයක් වීමට ඉඩ ඇත. එවන් විටෙක, යම් අසාමාන්‍ය දෙයක් තිබේදැයි හඳුනාගැනීම සඳහා මදක් ගැඹුරෙන් සිතා බැලිය යුතුය. එසේ ඔබේ බර වැඩිවීමට හේතුවිය හැකි විස්මය ජනක හේතු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු. නින්ද නොයාම නින්ද යාමේ රටාව සහ බර වැඩිවීම අතර සම්බන්ධය ආකාර දෙකකි. ඔබ දිනපතා නින්දට යාමට ප්‍රමාද වනවා නම්, රාත්‍රියේදී කෙටි ආහාර පාන…


ඔබ දිනපතා ප්‍රෝටීන් අඩංගු ආහාර ගත යුත්තේ ඇයි?

ශරීරයේ වර්ධනයට, ගෙවී යන පටක කොටස් නැවත අලුත්වැඩියා කරගැනීමට, සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ. ඔබව රෝග වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට ද ප්‍රෝටීන් අවශ්‍ය වේ. ශරීරයට ඇතුළු වන බැක්ටීරියා, වෛරස, දිළීර වැනි රෝගකාරක විනාශ කරන ප්‍රතිදේහ, ප්‍රෝටීන් වර්ගයකි. එමෙන්ම, සිරුරේ ක්‍රියාකාරීත්වයට වැදගත් වන බොහොමයක් හෝමෝන නිපදවීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන අතර, ආහාර ජීර්ණය කිරීමට වැදගත් වන එන්සයිම සියල්ලම පාහේ නිපදවීමට ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ. රුධිරය ඔස්සේ විවිධ ද්‍රව්‍ය සහ සංයෝග ප්‍රවාහනය කිරීමට ද උපකාරී වන්නේ ප්‍රෝටීනයි. උදාහරණයක් වශයෙන්, පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් වායුව සෛල වෙත ප්‍රවාහනය කරන්නේ හිමෝග්ලොබින් නැමැති ප්‍රෝටීනයයි. එමනිසා, ඔබ දිනපතා ප්‍රෝටීන් අඩංගු ආහාර…


දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

අසාත්මිකතාවයක් (Allergy) යනු සාමාන්‍යයෙන් හානිකර නොවන යම් සංයෝගයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) සටන් කිරීමේදී ඇතිවන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. මෙහිදී, එවැනි සංයෝග ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරට හානිකිරීමට පැමිණි ද්‍රව්‍යයන් ලෙස වටහාගැනීමක් සිදුවේ. අසාත්මිකතාවයක් උද්දීපනය කරන එවැනි සංයෝග අසාත්මිකාරක (Allergen) ලෙස හැඳින්වේ. ඇතැම් ආහාර, ඖෂධ, කෘමි දෂ්ට කිරීම්, පරාග, දූවිලි කීඩෑවන්, විවිධ රසායන ද්‍රව්‍ය වැනි දේවල් අසාත්මිකාරක ලෙස ක්‍රියාකල හැක. ඇතැම් ද්‍රව්‍ය වලට පළමු වරට නිරාවරණය වීමේදීම අසාත්මිකතා ඇතිවිය හැකි අතර, මුලින් නිරාවරණය වීමේදී ගැටළුවක් ඇති නොවූ ඇතැම් ද්‍රව්‍ය වලට පසුව අසාත්මිකතාවයන් ඇතිවනු දැකිය හැක. කෙසේ වුවත්, බොහොමයක් අසාත්මිකතා උග්‍ර ගැටළු ඇති නොකරන අතර, ඇතැම් අසාත්මිකතා උග්‍ර සහ ජීවිතයට…


විනාඩි හතේ ව්‍යායාම වැඩසටහන (7-Minute Workout) ගැන දැනගනිමු.

ඔබ කාර්යබහුල නම් සහ ඔබට ව්‍යායාම කිරීම සඳහා දිනකට සැලකිය යුතු වේලාවක් වෙන්කිරීමට අපහසු නම්, විනාඩි හතේ ව්‍යායාම වැඩසටහන (7-Minute Workout) ඔබට ගැලපෙනම ව්‍යායාම වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. මෙම ව්‍යායාම වැඩසටහන සඳහා විනාඩි 30 ක් හෝ පැයක් වැනි කාලයක් ගත නොවේ. විනාඩි හතක් වැනි කුඩා කාලයකදී, සමස්ථ ශරීරයටම ව්‍යායාම කිරීම සඳහා එය සැලසුම් කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ඔලැන්ඩෝ නගරයේ ඇති මානව කාර්ය සාධන ආයතනයේ (Human Performance Institute) පුහුණුකරුවෙක් සහ ව්‍යායාම පිළිබඳ කායික විද්‍යාඥයෙක් විසින් මෙම ව්‍යායාම වැඩසටහන හඳුන්වා දී ඇත. ඒ කාර්ය බහුල අයට, කෙටි කාලයකදී කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ව්‍යායාම කිරීම සඳහා අත්වැලක් ලෙසය. මෙම වැඩසටහනේදී ශරීරයේ…


දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වන ඔබට

මවක් වීම, විවාහක තරුණ කාන්තාවකගේ සිහින වලින් එකක් යැයි පැවසුවහොත් එය නිවැරදියි. නමුත්, දරු පිළිසිඳ ගැනීමකටත් පෙර සූදානම් වීමක් තිබීම ඉතාම වැදගත් බව ඔබ දන්නවාද? ඔබ මවක් වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ දැනගත යුතු සහ අනුගමනය කල යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කිරීමටයි මෙම ලිපිය පලකරන්නේ. දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම වයස සහ කාලය කුමක්ද? තරුණියක් වයස අවුරුදු 18 ක් වීමට පෙර ගැබ්ගැනීම එතරම් හිතකර නොවේ. මක්නිසාද, වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වීමට පෙර ගැහැණු දරුවෙක් දරු පිළිසිඳ ගැනීමකට ශාරීරිකව සහ මානසිකව වර්ධනය වී නැහැ. එමෙන්ම, වයස අවුරුදු 18 කට පෙර ගැබ්ගැනීමක් සිදුවුවහොත්, ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී සංකූලතා හටගැනීමට…