හෘත්වාහිනික ව්‍යායාම කිරීමෙන් තොරව බර අඩුකරගත හැකිද?

හෘත්වාහිනික ව්‍යායාම (Cardiovascular exercises) එකක්වත් නොකර බර අඩුකරගැනීමට හැකියාව ඇතැයි කිවහොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත්, එය සත්‍යයකි. ඔබ හෘත්වාහිනික ව්‍යායාම කිරීමට අකමැති නම් හෝ දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට හැකියාව නැත්තෙක් නම්, ඔබේ ශරීරයේ බර අඩුකරගැනීමට සහ පවතින සෞඛ්‍ය සම්පන්න බර පවත්වා ගැනීමට විකල්ප ක්‍රම ගණනාවක්ම ඇත. ඔබ කලයුත්තේ සරළ සිද්ධාන්ත කිහිපයක් අනුගමනය කිරීම පමණි.   ඔබේ ආහාර වේල පිළිබඳව පරීක්ෂාකාරී වන්න. ඔබේ ශරීරයේ බර අඩුකරගැනීම සඳහා එදිනෙදා ඔබට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කල යුතුය යන්න ඔබ විසින් සිතේ තබාගත යුතු එක් සිද්ධාන්තයකි. ශරීරයේ ඇති මේදය කිලෝග්‍රෑම් එකක් යනු අමතර කැලරි 7778…


සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?

ශ්‍රී ලාංකීය සමාජය තුළ සකස් කරන ලද ආහාර භාවිතයේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. සකස් කරන ලද ආහාර මිළ අධික වුවත්, සමාජ ආර්ථික පසුබිමේ සීඝ්‍ර වෙනස්වීම, කාන්තා රැකියා නියුක්තිය ඉහළ යාම, සහ ආදායම ඉහළ යාම වැනි සාධක හේතුවෙන් නාගරික සහ අර්ධ නාගරික සමාජය මෙවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.   පිරිසැකසුම් ආහාර යනු මොනවාද? භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම…


ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට (Safety standards) අනුකූල වියයුතු බව ඔබ දන්නවාද? එසේ නොවුනහොත්, ඔබේ ආදරණීය දරුවාගේ විනෝදය පිණිස ලබාදෙන සෙල්ලම් බඩුවක් දරුවාට මාරාන්තික අනතුරක් සිදුකිරීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය වෙළඳපොලෙහි ඇති බොහොමයක් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට අනුකූල නොවේ. එමනිසා, ඔබේ ආදරණීය දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දෙමව්පියන් වශයෙන් ඔබ සහ අනෙකුත් වැඩිහිටියන් සතු වගකීමක් බව සිතට ගන්න. සෙල්ලම් බඩු පිළිබඳ පහත සඳහන් ඉඟි ඔබේ දරුවාට ආරක්ෂිත සෙල්ලම් බඩු තෝරාගැනීමේදී වැදගත් වියහැක. එමෙන්ම, ආරක්ෂිත සෙල්ලම් බඩුවක් දරුවාට ලබාදුන් පසුවද, එහි කැඩීගිය හෝ බුරුල් වූ කොටස් ඇතිදැයි…


මාංශ පේශි වර්ධනය වෙනකොට මොකද වෙන්නේ?

මාංශ පේශි මත අමතර බලයක් හෙවත් ආතතියක් යෙදීම නිසා ඇතිවන මාංශ පේශි වර්ධනය වීමේ ක්‍රියාවලිය, ශරීරය තුළ සිදුවන සංකීර්ණ ප්‍රතික්‍රියාවන් ගණනාවක ප්‍රතිඵලයකි. ව්‍යායාම යනු ඔබේ ශරීරය හැඩගස්වන එක්තරා ආකාරයක ආතතියක් ලෙස හැඳින්විය හැක. වාසනාවකට මෙන්, මෙම හැඩගැසීම ඔබට ක්‍රමයෙන් ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity) වැඩිකිරීමට උදවු කරන අතර, ව්‍යායාම මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සක්‍රීයව තබාගැනීමටත් ඉවහල් වේ. නමුත්, මාංශ පේශි වර්ධනය වීමේ ක්‍රියාවලිය සිතන තරම් ඉක්මනින් සිදුවන දෙයක් නොවේ. නිතිපතා ව්‍යායාම කිරීම මෙන්ම නිසි පෝෂණයද මාංශ පේශි වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධක ලෙස හැඳින්විය හැක.   මාංශ පේශි වලට හානි සිදුවීම සහ අලුත්වැඩියා කරගැනීම ඔබ මාංශ පේශි වර්ධනය කරගන්නේ බර එසවීමෙන් වුවත්,…


මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

මද සරුභාවය (Subfertility) සඳහා පරීක්ෂණ පැවැත්වීමට පෙර, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඔබේ සහ සහකරුගේ ලිංගික චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලබාගන්නා අතර, එය පදනම් කරගනිමින් ඔහු හෝ ඇය යම් යම් නිර්දේශයන් ලබාදෙනු ඇත. මද සරුභාවය ඇති ඇතැම් අඹු සැමියන්ට ඒ සඳහා හේතුවිය හැකි කිසිඳු විශේෂ හේතුවක් හඳුනාගත නොහැක. කෙසේ වුවත්, මද සරුභාවය ඇති අඹු සැමියන් දෙපළම සඳහා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව රෝග විනිශ්චයට එළඹිය හැක.   පුරුෂයන් සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද? පුරුෂයන්ගේ සරුභාවය සඳහා ඔහුගේ වෘෂණ තුළ ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නිපදවීම සිදුවිය යුතුය. එමෙන්ම, ලිංගික එක්වීමකදී සහකාරියගේ යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු නිසි ලෙස විසර්ජනය වියයුතු අතර, ඒවා ඩිම්බය දක්වා ඵලදායී…


මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.

ගැබ්ගැනීමක් සිදුවීමට නම් ඩිම්බ මෝචනය සහ සංසේචනය ආශ්‍රිත සියළු පියවර පිළිවෙලින් සහ නිවැරදිව සිදුවිය යුතුය. ඇතැම්විට, මද සරුභාවයෙන් පෙළෙන අඹු සැමියන් යුවලෙහි, ඒ සඳහා හේතුවන ගැටළු උපතේ සිටම පැවත එන ඒවා මෙන්ම, පසුකාලීනව වර්ධනය වන ඒවාද විය හැක. එමනිසා, මද සරුභාවය ඇතිවීමට හේතු පිළිබඳව මදක් විමසා බැලීම වැදගත් විය හැක. සාමාන්‍යයෙන්, මද සරුභාවය ඇතිවූ අයගෙන් තුනෙන් එකකට පුරුෂයාගේ ඇති ගැටළු නිසා එය ඇතිවන අතර, තවත් තුනෙන් එකකට කාන්තාවගේ ඇති ගැටළු නිසා එය ඇතිවනු දැකිය හැක. ඉතිරි තුනෙන් එක හටගන්නේ දෙදෙනාගේම ඇති ගැටළු නිසාවෙන් හෝ කිසිඳු ගැටළුවක් හඳුනාගැනීමට නොහැකිවය.   මද සරුභාවය ඇතිවීමට පුරුෂයන්ගේ දක්නට ලැබෙන හේතු මොනවාද? අසාමාන්‍ය ශුක්‍රාණු නිපදවීම…


ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය. මෙම වෛරස් ආසාදනය මගින් ඇතිකරන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සහ සෙම්ප්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝවිට කිසිඳු ප්‍රතිකාරයකින් තොරවම සුව වේ. නමුත්, ඇතැම් පුද්ගල කාණ්ඩ වලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත.   ඉන්ෆ්ලුවෙන්සා රෝගය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද? වයස අවුරුදු 2 ට අඩු දරුවන් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් ගර්භණී මාතාවන් ප්‍රතිශක්තිය…


ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද?

ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද? සැබැවින්ම, අපේ සිතට දුක, තනිකම, හෝ මානසික මට්ටම පහත වැටීම දැනෙන අවස්ථා නැතුවාම නොවේ. මානසිකව වැටීම යනු යමක් අහිමි වූ විට, ජීවිතය කම්කටොලු වලින් පිරුණු විට, හෝ ආත්ම විශ්වාසය බිඳුනු විට ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. නමුත්, එවැනි හැඟීම් කායික රෝග ලක්ෂණ ඇතිකිරීම, රෝග ලක්ෂණ දිගුකාලයක් පැවතීම, සාමාන්‍ය ක්‍රියාශීලී දිවියෙන් ඈත්වීම දක්වා වර්ධනය වියහැක. මේ අවස්ථාවේදී, වෛද්‍ය උපදෙස් පැතීම ඇඟට ගුණය. මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් ඔබට විෂාදයේ රෝග ලක්ෂණ ඇතිදැයි පරීක්ෂා කර, නිසි ප්‍රතිකර්ම යෙදීමට හැකියාව ඇත. නිසි ප්‍රතිකර්ම නොකලහොත් දැඩි විෂාදයේ (Major depression) රෝග ලක්ෂණ උත්සන්න වී මාස ගණනක් හෝ ඇතැම්විට වසර…


ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?

ඇතැම්විට, ඔබේ හොඳම යහළුවා කිසිම පාලනයකින් තොරව ආහාර ගනිමින් සිටින විට පවා ඔහුගේ හෝ ඇයගේ බර වැඩි නොවීම ඔබට පුදුමයට කාරණයක් වියහැක. ඒ අතරතුර, ඔබ ඉඳහිට කුඩා කේක් කැබැල්ලක් ආහාරයට ගත්විට පවා ඔබගේ බර වේගයෙන් වැඩිවීම සිදුවිය හැක. මෙයට හේතුව වන්නේ ඇතැම් ජානමය සාධක සහ ආහාර හා ජීවන රටාවන්ට එක් එක් අයගේ ශරීරය දක්වන ප්‍රතිචාරය එකිනෙකට වෙනස්වීමය. කෙසේ වුවත්, කොතරම් උත්සාහ කරද්දීත් ඔබේ බර දිගටම වැඩිවෙමින් පවතී නම්, වෛද්‍යවරයෙකු හමුවීම වඩා සුදුසුය. මක්නිසාද, ඇතැම් අභ්‍යන්තර රෝග සහ තත්ත්ව නිසාද එවැන්නක් සිදුවීමට ඉඩ ඇත. සැබැවින්ම, ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි දැයි විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.   ජාන සහ බර…


අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) නිසා ඔබේ ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවීමෙන්, ඒවාට සහ ඔබේ ශරීරයේ අවයව වලට හානි සිදුවිය හැක. රුධිර පීඩනය වැඩිවන තරමට සහ රුධිර පීඩනය පාලනය නොවී පවතින කාලය වැඩිවන තරමට, ඔබේ ශරීරයට සිදුවන හානිය වැඩිවේ. එමනිසා, අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. පාලනය නොකරන අධික රුධිර පීඩනය නිසා පහත සඳහන් සංකූලතා ඇතිවිය හැක.   හෘදයාබාධය සහ අංශභාගය අධික රුධිර පීඩනය මගින් ධමනි බිත්ති වල ආස්තරය (Lining) ට හානි වීමෙන්, කොලෙස්ටරෝල් තැන්පත්වීම ඇරඹේ. එමගින්, ධමනි බිත්ති ඝනකම්වීම සහ නම්‍යශීලීභාවය නැතිවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය Atherosclerosis ලෙස හැඳින්වෙන…


තන්තු බහුල ආහාර ගැනීමෙන් ඔබට වාසි රැසක්

තන්තු වැඩිපුර ආහාරයට ගන්න යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. නමුත්, තන්තු බහුල ආහාර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන්නේ ඇයිද යන්න ගැන අදහසක් ඔබට තිබෙනවාද? තන්තු බහුල ආහාර ලෙස පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය, සහ රනිල භෝග දැක්විය හැකියි. ඇතැම්විට, මෙවැනි ආහාර ගැනීමෙන් මළ බද්ධය සුවවන බව හෝ වැළකෙන බව ඔබ අසා තිබෙන්නට පුලුවන්. කෙසේ වුවත්, තන්තු බහුල ආහාර ගැනීමෙන් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවේ. ඒවා අතර, ශරීරයේ බර පාලනය, සහ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමට ඇති අවදානම අඩුවීම වැනි වාසිද දැකිය හැක.   ආහාරයේ ඇති තන්තු යනු කුමක්ද? තන්තු යනු ශාඛමය ආහාර වල අන්තර්ගත වන සංඝටකයක්. එහි විශේෂත්වය වන්නේ මිනිස්…


නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්. ඔවුන් පාසලට, පංති වලට මෙන්ම, විවිධ පාඨමාලා වලටත් සහභාගී වෙනවා. ඒ වගේම, ඔවුන් ක්‍රීඩා වලටත් සක්‍රීයව සහභාගී වෙන්නෙ මෙම අවධියෙදී. ඔවුන්ගේ මස්පිඩු වර්ධනය, උස යාම, සහ කොණ්ඩය වැවීම ආදිය හොඳින් සිදුවන්නෙත් නව යොවුන්වියේ පසුවන විටදී. එම නිසා, ශරීරයේ යකඩ අවශ්‍යතාවය මෙම අවධියේදී තරමක් වැඩිවීම දක්නට ලැබෙන්නක්. නමුත්, ඇතැම් වැරදි ආහාර පුරුදු නිසා ඔබේ දරුවාගේ ශරීරයට ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවිය…


ඔබ කොපමණ කාලයක් බර එසවීමේ ව්‍යායාම කල යුතුද?

බර එසවීමේ ව්‍යායාම කිරීම සඳහා ඔබ කැපකල යුතු කාලය රඳා පවතින්නේ, බර එසවීමේ ව්‍යායාම කිරීමට ඇති පළපුරුද්ද සහ ඔබගේ ඉලක්කයන් මතය. පළපුරුදු බර ඔසවන්නෙකුට පුහුණුවීමේදී වැඩි ආතතියක් දරාගැනීමට හැකි අතර, ව්‍යායාම වල ප්‍රතිඵලයන් දිගටම වර්ධනය කරගැනීම සඳහා වැඩි පුහුණු සැසි (Sessions) සංඛ්‍යාවකට සහභාගී වීමද කල යුතුවේ. නමුත්, ආධුනිකයෙකුට තම මාංශ පේශි නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වැඩි විවේක කාලයක් අවශ්‍ය වේ. එය, පමණ ඉක්මවා ව්‍යායාම කිරීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමටද වැදගත්ය. එමෙන්ම, පුහුණුවීමේදී ඇතිවන ආතතිය වැඩිවන තරමට, මාංශ පේශි යථා තත්ත්වයට පත්වීම සඳහා ව්‍යායාම සැසි දෙකක් අතර වැඩි විවේක කාලයක් තිබීම අවශ්‍ය වේ. එහෙයින්, ඔබ කොපමණ කාලයක් බර එසවීමේ…