ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද? සැබැවින්ම, අපේ සිතට දුක, තනිකම, හෝ මානසික මට්ටම පහත වැටීම දැනෙන අවස්ථා නැතුවාම නොවේ. මානසිකව වැටීම යනු යමක් අහිමි වූ විට, ජීවිතය කම්කටොලු වලින් පිරුණු විට, හෝ ආත්ම විශ්වාසය බිඳුනු විට ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. නමුත්, එවැනි හැඟීම් කායික රෝග ලක්ෂණ ඇතිකිරීම, රෝග ලක්ෂණ දිගුකාලයක් පැවතීම, සාමාන්‍ය ක්‍රියාශීලී දිවියෙන් ඈත්වීම දක්වා වර්ධනය වියහැක. මේ අවස්ථාවේදී, වෛද්‍ය උපදෙස් පැතීම ඇඟට ගුණය. මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් ඔබට විෂාදයේ රෝග ලක්ෂණ ඇතිදැයි පරීක්ෂා කර, නිසි ප්‍රතිකර්ම යෙදීමට හැකියාව ඇත.
නිසි ප්‍රතිකර්ම නොකලහොත් දැඩි විෂාදයේ (Major depression) රෝග ලක්ෂණ උත්සන්න වී මාස ගණනක් හෝ ඇතැම්විට වසර ගණනාවක් වුවද පැවතිය හැක. එවිට සිදුවන්නේ සමීපතම අයගේ අවධානයට ලක්නොවී රෝගීයා පීඩා විඳීම සහ අවසානයේදී සියදිවි නසාගැසීමට පෙළඹීමය. බොහෝවිට දැඩි විෂාදයේ ප්‍රධානතම ගැටළුව වන්නේ රෝග නිර්ණය සහ ප්‍රතිකර්ම කිරීම සඳහා රෝග ලක්ෂණ හඳුනාගැනීමය. අවාසනාවකට මෙන්, විෂාදයේ රෝග ලක්ෂණ ඇති රෝගීන්ගෙන් භාගයක් පමණ රෝග නිර්ණය කිරීමකට හෝ ප්‍රතිකර්ම වලට ලක්නොවේ. විෂාදය සඳහා නිසි ප්‍රතිකර්ම නොලැබීම රෝගියාගේ ජීවිතයට හානිකර වියහැක. මක්නිසාද, විෂාදයෙන් පෙළෙන 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා සියදිවි හානිකරගැනීම දක්නට ලැබෙන දෙයකි.
විෂාදයේ රෝග ලක්ෂණ මොනවාද?
- විඩාව සහ ශක්තියක් නොමැති සේ දැනීම.
- සිත එකඟ කරගැනීමට, මතක තබාගැනීමට, සහ තීරණ ගැනීමට අපහසු වීම.
- වරදකාරී හැඟීමක්, තමා නොවටිනා බවක්, සහ/හෝ අසරණ බවක් දැනීම.
- නින්ද නොයාම, කලින් අවදිවීම, හෝ අධික ලෙස නිදාගැනීම.
- බළාපොරොත්තු රහිත ස්වභාවයක් දැනීම සහ/හෝ නිතර අශුභවාදීව සිතීම.
- වෙනදා කැමැත්තෙන් කරන ක්‍රියාවන් කෙරෙහි කැමැත්තක් නැතිවීම.
- නොරුස්සනාසුලු වීම සහ නොසන්සුන් වීම.
- කෑම අරුචිය හෝ පාලනයකින් තොරව ආහාර ගැනීම.
- දිගටම හෝ නිතරම දුක, අනිසි බිය, හෝ හිස් බවක් දැනීම.
- සාමාන්‍ය පරිදි ප්‍රතිකාර ගත්විට පවා සුවනොවන දිගටම පවත්නා ශාරීරික වේදනා, හිසේ රුදාව, හෝ අජීරණ තත්ත්වයන් පැවතීම.
- සියදිවි හානිකර ගැනීමට සිතීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම.
විෂාදය ඇති අයෙක් සියදිවි හානිකර ගැනීමට ඉඩ ඇතිබවට අනතුරු හඟවන සංඥා මොනවාද?
විෂාදය පැවතීම, සියදිවි හානිකර ගැනීම සඳහා ප්‍රබල අවදානම් සාධකයකි. සියදිවි හානිකර ගැනීමට අදහස් හෝ සිතුවිලි ඇත්තෙකු කිසිවිටෙකත් නොසලකා හැරීම නොකල යුතුය. එවන් අයෙක් ප්‍රමාද නොකර වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකල යුතුවේ.
විෂාදය ඇති අයෙක් සියදිවි හානිකර ගැනීමට ඉඩ ඇතිබවට අනතුරු හඟවන සංඥා:
- ඉතා දුකෙන් පසුවී එකවරම, ඉතා සන්සුන් හෝ සතුටින් ඉන්නා බවක් පෙනීම.
- දුක, කිසිවක් කෙරෙහි කැමැත්තක් නැතිවීම, නින්ද නොයාම, අධිකව නිදාගැනීම, ආහාර නොගැනීම, අධිකව ආහාර ගැනීම වැනි රෝග ලක්ෂණ ක්‍රමයෙන් උත්සන්න වීම.
- නිතර මරණය ගැන සිතීම හෝ කථාකිරීම.
- එදිනෙදා කරන දේවල් කෙරෙහි පවා කැමැත්තක් නොමැතිවීම.
- අන්තිම කැමැත්ත ගැන සිතීම හෝ කථාකිරීම.
- ඉරණම පරීක්ෂා කිරීම සඳහා මරණයට පවා හේතුවිය හැකි අවදානම් ක්‍රියා කිරීමට පෙළඹීම.
- බලාපොරොත්තු රහිත භාවය, අසරණභාවය, හෝ තමා නොවටිනා කෙනෙක් යැයි ප්‍රකාශ කරන අදහස් ප්‍රකාශ කිරීම.
- මම යා යුතුයි හෝ මම ඉපදුනේ නැත්නම් හොඳ යැයි හැඟෙන වාක්‍ය ප්‍රකාශ කිරීම.
- එකිනෙකට පෙළගස්වා යුතුකම් සහ වගකීම් අවසන් කිරීමට කටයුතු කිරීම, කැමැත්තක් වෙනස් කිරීම.
- කුමන ආකාරයකින් හෝ සියදිවි හානිකර ගැනීම පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීම.
- තමාගේ සමීපතයන් බැලීමට යාම හෝ එවැන්නන්ට දුරකථනයෙන් කථාකිරීම.
විෂාදය ඇති අයෙක් ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ පෙන්වයි නම්, ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වී මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකල යුතුවේ.
නවයොවුන් වියේ අයෙකුට විෂාදය ඇතිවිට හටගන්නා රෝග ලක්ෂණ මොනවාද?
නවයොවුන් අය අසතුටෙන් පසුවීම නිතර දැකිය හැකි දෙයකි. කෙසේ වුවත්, එය සති දෙකකට වඩා පවතී නම්, සහ විෂාදයේ වෙනත් රෝග ලක්ෂණ පවතී නම්, ඔහු හෝ ඇය නවයොවුන් විෂාදයෙන් පෙළෙනවා වියහැක. සෑම දරුවන් 33 කගෙන් එක් අයෙක් සහ නවයොවුන් දරුවන් අට දෙනෙකුගෙන් එක් අයෙක් පමණ විෂාදයේ බලපෑමට නතුවිය හැක. ඔබේ නවයොවුන් දරුවා විෂාදයෙන් පෙළෙන්නේ යැයි සැකකරන්නේ නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත්ය.
(ඡායාරූප අනුග්‍රහය: ryan melaugh)
සබැඳි ලිපි:
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
මානසික ආතතිය මාරාන්තික විය හැකියි
ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?
© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
ලිපිය හොදයි ඒත් හැදින්වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ රෝග සදහා කරනා ප්‍රතිකාර හා පිලියම් ටිකත් දැම්මොත් හොදයි.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ලිපි පලකිරීමට අදහස් කරනවා.
මේක මටම හරියන ලිපියක් මම හොද කරගන්න ඩොක්ටර්ලා ලගට ගියාට හරි ගියේ නෑ බෙහෙත්බිව්වම වැඩී නාලක ප්‍රියන්ත ඩොක්ට ඔබව මම හමු වෙන්න එන්නම්
ඔබගේ ගැටළුවට පිළියම් කිරීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් (Consultant Psychiatrist) මුණගැසී සාකච්ඡා කල යුතුය.