මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු…


යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණ වලින් 8.4% ක් සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (Stroke) නිසාවෙනි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණි. එමෙන්ම, එක් වරක් අංශභාගය වැළඳුනහොත්, නැවත වරක් අංශභාගය වැළඳීමට ද වැඩි අවදානමක් පවතී. නමුත්, ඇතැම් වැදගත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින්, අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකිවනවා මෙන්ම, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකිවේ. එක්වරක් අංශභාගය වැළඳුන අයෙක් යළි අංශභාගය වැළඳීම වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුදැයි මෙම ලිපියෙන් මදක් විමසා බලමු. ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට නිසිලෙස ප්‍රතිකාර ලබාගන්න. ඔබට දැනටමත් අධික රුධිර පීඩනය (Hypertension or high blood…


එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ්දැරීමේ හැකියාව පවතින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට වැළඳෙන රෝග තත්ත්වයක් බව පෙර ලිපියෙන් ඔබට පැහැදිලි වන්නට ඇත. බොහෝවිට, මද වශයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති කාන්තාවන් හට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. නමුත්, මෙම රෝගය වැළඳුනු ඇතැම් අයට, වේදනාව සහ වෙනත් ගැටළු ඇති වනු දැකිය හැක. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඔබට එකවරම යටිබඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් එකවරම ඇතිවුණි නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න. පෙර වේදනාවකින් තොරව සිදු වූ ඔසප්වීම, වේදනාකාරී වීමට…


එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු.

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ් දැරිය හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට (10% කට පමණ) උද්ගත වන ගැටළුකාරී තත්ත්වයකි. මෙහිදී, ගර්භාෂයේ ආස්තරය සාදන පටක ගර්භාෂයෙන් පිටත ද වර්ධනය වීම දැකිය හැක. මෙම තත්ත්වයේදී සැමවිටම රෝග ලක්ෂණ ඇතිවීමක් දක්නට නොලැබෙන අතර, සාමාන්‍යයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය භයානක හෝ අනතුරුදායක තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය සුළු වශයෙන් පවතින විට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. කෙසේ වුවත්, අන් අවස්ථා වලදී වේදනාව සහ වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ගර්භාෂ ආස්තරයේ පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීම, රෝපණ (Implants) ලෙස හැඳින්වේ. බොහෝවිට, මෙසේ ගර්භාෂ ආස්තරයේ පටක වර්ධනය වන්නේ ඩිම්බ කෝෂ, ෆැලෝපීය නාල (Fallopian tubes), ගර්භාෂයේ පිටත පෘෂ්ඨය, බඩවැල්, සහ උදර කුහරය…


කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර, ආහාර පිසීමේදී අනෙකුත් ස්වාභාවික රසකාරක සමග මිශ්‍රව භාවිතා කරනු දැකිය හැක. කෙසේ වුවත්, ඇතැම් අය කරපිංචා කැඳ වැනි ආහාර පිළියෙල කරනු දක්නට ලැබේ. සැබැවින්ම, කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද? ඔක්සිකාර ආතති අධ්‍යයනය (Oxidative stress study) 2007 වසරේදී රසායන-ජෛව අන්තර්ක්‍රියා (Chemico-Biological Interactions) සඟරාවේ පල වූ සත්ත්වයන් යොදාගෙන සිදුකල පර්යේෂණයක ප්‍රතිඵල අනුව කරපිංචා පත්‍ර වල යුෂ ඔක්සිකාර ආතතිය (Oxidative stress) අඩුකරන බව…


කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීමට හැකි ආහාර සැලසුමක්

කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීම යනු එතරම් පහසු කාර්යයක් නොවේ. මක්නිසාද, ඒ සඳහා සැලකිය යුතු කාලයක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර, සතියකට කිලෝග්‍රෑම් එකකට වඩා අඩුකර ගැනීමට උත්සාහ කිරීම ද එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව කිව යුතුය. එම සීඝ්‍රතාවයට වඩා වැඩි අගයකින් බර අඩුකර ගැනීමේදී මාංශ පේශි ක්ෂය වීම, වෙහෙසකර බව හා සිරුර දුර්වල වීම, සහ අඩු වූ බර නැවත වැඩිවීමට ඇති ප්‍රවණතාවය වැඩිවීම වැනි අවාසි සහගත ප්‍රතිඵල ලැබිය හැක. සැබැවින්ම, බර අඩුකර ගැනීම සඳහා ඔබ නිරාහාරව සිටින බවක් සිරුරට සහ මනසට නොදැනෙන පරිදි, කැලරි ප්‍රමාණය අඩුකර ගතහැකි ආහාර සැලසුමක් අනුගමනය කිරීම කළ යුතුවේ. එනම්, පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය,…


මාංශ පේශි උළුක්කුවක් හඳුනාගන්නේ කොහොමද?

එදිනෙදා වැඩකටයුතු, බර එසවීම, ව්‍යායාම කිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් කිරීමේදී ඇතැම් විට මාංශ පේශි උළුක්කු වීම් ඇතිවනු දැකිය හැක. මාංශ පේශි උළුක්කුවක්, ඇදීමක්, හෝ ඉරී යාමක් ලෙසින් අදහස් වන්නේ මාංශ පේශියකට හෝ එහි පේශි කණ්ඩරා (Tendons) වලට හානියක් සිදුවීමයි. ඔබ එදිනෙදා වැඩකටයුතු, බරක් එසවීම, ක්‍රීඩාවක්, හෝ වෙනත් කාර්යයක් සිදුකරන විටෙකදී මාංශ පේශියක් මත අධික ආතතියක් ඇතිවීම නිසා මාංශ පේශි උළුක්කුවක් ඇතිවිය හැක. මාංශ පේශි උළුක්කුවකදී පේශි තන්තු වල සහ පේශි කණ්ඩරාවේ කොටසක් හෝ ඒවා සම්පූර්ණයෙන්ම ඉරී යන අවස්ථා ද පවතී. මෙසේ මාංශ පේශියක් ඉරී යාමේදී එහි පවතින කුඩා රුධිර වාහිනී වලට හානි සිදුවීම මගින් ස්ථානීය රුධිර වහනයක් හෝ තැල්මක් මෙන්ම,…


දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

විවිධ හේතූන් මත ඇදුම රෝගය (Bronchial asthma) එකවරම උත්සන්න විය හැකියි. මෙම දිනවල පවතින වැසි සහිත ස්වභාවය නිසාද, ඇතැම් අයට ඇදුම රෝගය උත්සන්න වනු දැකිය හැක. කුමන හේතුව නිසා ඇති වුවත්, ඇදුම උත්සන්න වීමේදී පෙනහළු වල පවතින ශ්වාස නාල උද්දීපනය වීම (Irritation) සහ ඉදිමීම (Swelling) සිදුවන අතර, එමගින් හුස්ම ගැනීම අපහසු වේ. සමහර අවස්ථා වලදී ඇදුම රෝගය උත්සන්න වීම මද වශයෙන් සිදු වුවත්, ඇතැම් විටෙක ජීවිතයට තර්ජනයක් වන අයුරින් වුවද උත්සන්න විය හැක. එමනිසා, ඔබේ දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත්, එය හඳුනා ගැනීම සහ එයට නිසි අයුරින් ප්‍රතිකර්ම සිදුකිරීම ඉතාම වැදගත් වේ. ඇදුම රෝගය උත්සන්න වීමේදී දැකිය හැකි රෝග ලක්ෂණ…


මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ. එහි දරුවාට අවශ්‍ය සියළුම පෝෂණ කොටස් අන්තර්ගත වේ. දරු ප්‍රසූතියකින් පසුව මුල් දින කිහිපය තුළදී මවගේ පියයුරු වලින් කුඩා ප්‍රමාණ වලින් නිපදවෙන ලා කහ පැහැති මුල් කිරි හෙවත් කොලොස්ට්‍රම් (Colostrum), අලුත උපන් දරුවාට ප්‍රමාණවත් වේ. මෙම මුල් කිරි සියළු පෝෂණ සංඝටක වලින් අනූන වන අතර, අලුත උපන් දරුවා ආසාදන රෝග වලට ගොදුරු වීම වළක්වයි. එමනිසා, නිපදවෙන මුල් කිරි සියල්ල දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. අලුත උපන් දරුවාට වයස මාස…


මේදය දහනය සඳහා ස්වායු ව්‍යායාම සහ අධි-තීව්‍ර විරාම පුහුණුව ක්‍රියාකරන අයුරු

ඔබේ සිරුරේ අමතර මේදය කිලෝග්‍රෑම් එකකින් අඩුකරගැනීම සඳහා ඔබ ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණයට වඩා කැලරි 7778 ක් නිශ්චිත කාලයක් තුළදී දහනය කල යුතුවේ. දිගු වේලාවක් ස්වායු හෘත්වාහිනික ව්‍යායාම (Aerobic cardiovascular exercises) කිරීමේදී, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් (Moderate-intensity) යුතුව සමස්ථ ව්‍යායාම වැඩසටහන පුරාවටම ව්‍යායාම කරනු ලබයි. කෙසේ වුවත්, අධි-තීව්‍ර විරාම පුහුණුව (High-intensity interval training or HIIT) කදී, මධ්‍යස්ථ තීව්‍රතාවයකින් ව්‍යායාම වැඩසටහන කරගෙන යන අතරතුර, වරින් වර අධි-තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම් (High-intensity physical activities) වලින් යුතු, යම් නිශ්චිත කාල පරාසයකින් එකිනෙක වෙන්වූ ව්‍යායාම ඛණ්ඩ මාලාවක් සිදුකරනු ලැබේ. සාමාන්‍යයෙන්, මේදය දහනය සඳහා ස්වායු ව්‍යායාම සහ අධි-තීව්‍ර විරාම පුහුණුව යන ආකාර දෙකම යොදාගත හැක. නමුත්, ඕනෑම…


ව්‍යායාම කිරීමේදී නිවැරදි ක්‍රමය අනුගමනය කල යුත්තේ ඇයි?

නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම වගේම වැදගත් කමක් උසුලන දෙයක් ලෙස ව්‍යායාමයක් සිදුකරන තාක්ෂණය (Technique) සහ එය සිදුකරන ආකෘතිය (Form) නිවැරදි කරගැනීම දැක්විය හැක. ව්‍යායාම කිරීමේදී නිවැරදි තාක්ෂණය සහ ආකෘතිය අනුගමනය කිරීම මගින් ඔබේ ඉලක්කය කරා ගමන් කිරීම පහසු වන අතර, සිරුර නිසි පරිදි හැඩගැසීම ද සිදුවේ. ව්‍යායාමයක තාක්ෂණය සහ ආකෘතිය යනු එකිනෙකට හාත්පසින් වෙනස් සංකල්ප දෙකක් ලෙස හැඳින්විය හැක. තාක්ෂණය යනු යම් මාංශ පේශි කාණ්ඩ (Muscle groups) සමූහයක් ඉලක්ක කරගැනීම සඳහා ව්‍යායාමයක් සිදුකරන ආකාරයයි. උදාහරණයක් වශයෙන්, පපුවේ එකිනෙකට වෙනස් මාංශ පේශීන් ඉලක්ක කරමින්, අවස්ථා දෙකකදී ලඟින් සහ ඈතින් අල්ලාගෙන (Close and wide grip) bench press ව්‍යායාමය…


දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

ඇතැම් විට, දරුවන් පපුවේ වේදනාවන් පිළිබඳව පැමිණිලි කරනු දැකිය හැක. සැබැවින්ම, ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද? දරුවෙකුගේ පපුවේ වේදනාවන් හටගැනීමට හේතු විය හැකි තත්ත්වයන් ගණනාවක් පවතී. ඇතැම් විට, දරුවෙකුට මාංශ පේශි වල ඇදීමක් හෝ ඇදුම වැනි තත්ත්වයක් නිසා ද පපුවේ වේදනාව ඇති විය හැක. එමනිසා, පපුවේ වේදනාව හටගැනීමට හේතු වන තත්ත්වය මත රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. දරුවෙකුට ඇතිවන පපුවේ වේදනාවක්, හෘදයේ ඇතිවන උග්‍ර ගැටළුවක් නිසා ඇතිවන්නේ කලාතුරකිනි. පපුවේ වේදනාවක් සමග දරුවාට ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද? පපුවේ තද ස්වභාවයක් හෝ තදවීමක් (Tightness). පපුවේ ඇතිවන අපහසුතාවයක් (Discomfort). පපුවේ දැවිල්ලක් (Burning sensation). ගැඹුරින් හුස්ම ගන්නා විට ඇතිවන…


අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක. කෙසේ වුවත්, කාලයක් තිස්සේ අයහපත් පුරුදු පැවතීම නිසා අනාගතයේදී හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, ඇතැම් පිළිකා වැනි රෝග සහ වෙනත් සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා විය හැක. එමනිසා, අයහපත් පුරුදු වලින් වැළකෙමින් එවැනි බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට ඇති අවදානම අවම කරගෙන, ඒවායින් වැළකී සිටීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. දුම්පානය (Smoking) දුම්පානය සැලකීමේදී…