සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ බෝනොවන රෝගයි. ඒ වගේම, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය (Quality of life) සැලකිය යුතු ලෙස පහත දමන්නටත් මෙම බෝ නොවන රෝග වලට හැකියාව තිබෙනවා. බෝනොවන රෝග යනු මොනවාද? බෝනොවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම හෙවත් බෝවීම සිදුනොවන රෝගයි. උදාහරණ කිහිපයක් ලෙස හෘදයාබාධය, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝග දැක්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධ බව ඔබ දන්නවාද? සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) හරහා මෙවැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ඔබට සහය…


සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

එළවළු සහ පළතුරු යනු සෞඛ්‍ය සම්පන්න දිවියකට අවශ්‍ය වැදගත්ම සාධක දෙකකි. දිනපතා නිසි ප්‍රමාණ වලින් එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීමෙන් බොහොමයක් ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකිවනවා මෙන්ම, සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ද හිමිවේ. එමනිසා, පළතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම යනු අනාගත ආයෝජනයකි. සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා, පළතුරු සහ එළවළු දිනකට කොපමණ ප්‍රමාණයක් ගත යුතුද? වැඩිහිටි අයෙක් දිනකට නිර්දේශිත ප්‍රමාණවලින් (Serving) එළවළු සහ පළා වර්ග 3 ක් වත් සහ පළතුරු වර්ග 2 ක් වත් ආහාරයට ගත යුතුවේ. නිර්දේශිත ප්‍රමාණයක් යනු පහත සඳහන් ප්‍රමාණ වලින් එකක් හෝ එයට ආසන්න වශයෙන් සමාන වෙනත් පළතුරු හෝ එළවළු ප්‍රමාණයකි. පිසූ එළවළු මේස හැඳි…


සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

සුවැති දිවිය යනු මිළ කල නොහැකි දෙයකි. එසේ වුවද, සුවැති දිවියක් ලබාගැනීම සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳ ආහාර ගැනීමේ රටාවක් අනුගමනය කිරීම සහ ජීවිතයේ කුඩා වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීම පමණි. සුවැති දිවියක් කරා යන ගමනේදී, ඔබට යම් මුදලක් ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබේ. ඒ ශරීරයට අහිතකර ආහාර බොහොමයක් මිළදී ගැනීමෙන් වැළකීමට හැකිවන නිසා සහ ලෙඩ රෝග වලට වැයකල යුතු මුදල් ප්‍රමාණය අවම වන නිසාය. නමුත්, සුවැති දිවියකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ බොහොමයක් වේ. සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ. (1) ශරීරයේ බර පාලනය කරන්න. අධික බර හෝ…


දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

දත් දිරායාම කුඩා දරුවන් අතර සුලබ රෝගයකි. නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු මගින් මෙම රෝගය වළක්වා ගැනීමට පුලුවන. එමනිසා, දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමට දෙමව්පියන් ලෙස ඔබට ලොකු වගකීමක් පවතී. ළමා වියේ දත් දිරායාම වළකා, මුඛ සෞඛ්‍යය රැකගැනීමට දරුවාට සහය වීමට ඔබට හැකිය. ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා, හිතකර ආහාර රටාවකට දරුවා හුරු කිරීම සහ නිවැරදිව දත් මැදීම යන සාධක දෙක ඉතාම වැදගත් වේ. හිතකර ආහාර රටාවකට ඔබේ දරුවා හුරු කරන්නේ කෙසේද? කුඩා කල සිටම ඔබේ දරුවා හිතකර ආහාර රටාවකට හුරු කලයුතු වේ. හැකි සෑමවිටම, දරුවාට නැවුම් පළතුරු, එළවළු, සහ ධාන්‍ය වැනි ස්වාභාවික ආහාර ලබා දෙන්න. පැණිරස, රසකැවිලි, බිස්කට්,…


බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය හෙවත් පැතිරීම සිදුනොවන රෝග බෝනොවන රෝග (Non-communicable disease/NCD) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට හේතුව බෝනොවන රෝග ලෙස හැඳින්විය හැක. එයින්, අංක එකේ මාරයා හෙවත් වැඩිම මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වන්නා හෘදයාබාධ ලෙස හැඳින්විය හැක. එයට අමතරව අංශභාගය, පිළිකා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි බෝනොවන රෝග ද, සෘජුව හෝ වක්‍රව සැලකියයුතු මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වති. වාසනාවකට මෙන්, මෙම බෝනොවන රෝග බොහොමයක් ඇතිවීමට ඇති අවදානම සැලකියයුතු ලෙස අඩු කරගැනීමට දිනපතා ක්‍රියාශීලී වීමෙන් හැකියාව ලැබේ.   ක්‍රියාශීලී වීමෙන් අපට ලැබෙන වාසි මොනවාද? හෘදය සහ පෙනහළු ශක්තිමත් හා නිරෝගී වේ. හෘද රෝග, දියවැඩියාව,…


ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද?

සුවැති දිවියක් සඳහා ශරීරයේ නිවැරදි ඉරියවු සහ චලනයන් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය අංගයක් වේ. ගර්භණී සමයේදී ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් වලට මුහුණදීමට කාන්තාවකට සිදුවන අතර, බොහොමයක් කාන්තාවන් එම අවදියේදී වැරදි ඉරියවු සහ චලනයන් පවත්වාගෙන යාම දක්නට ලැබේ. එය ඇයගේ සෞඛ්‍යයට ද හානිකර වියහැක. එසේනම්, ගර්භණී සමයේදී ඉරියවු නිවැරදි කරගන්නේ කෙසේද? ගර්භණී කාන්තාවක් නිවැරදි ඉරියවු සහ චලන පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මක්නිසාද, එමගින් ශරීරයේ ඇතිවන වේදනාවන් සහ අපහසුතාවයන් අවම කරගැනීමට හැකියාව ලැබේ. එයට අමතරව, නිවැරදි ඉරියවු සහ චලන පවත්වා ගැනීම මගින් සෞඛ්‍ය සම්පන්නව දරුවා බිහිකිරීමට හැකියාව ලැබෙන අතර, දරුවා බිහිකිරීමෙන් අනතුරුව තම ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත් එය ඉවහල් වේ. කෙසේ වෙතත්, නිවැරදි…


පුරුෂාකාරයේ තට්ටය පෑදීම ගැන දැනගනිමු.

හිසකෙස් ගැලවීයාම (Alopecia) අද සමාජයේ බහුලව පවතින ගැටළුවක් වේ. මෙය ආකාර දෙකකට සිදුවේ. පළමු ආකාරය (කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම හෙවත් Non-scarring alopecia) හිසකෙස්වල රෝම කූපයේ (Hair follicle) ඇතිවන ආබාධයක් නිසා ඇතිවේ. මෙහිදී, හිසේ සම සාමාන්‍ය පරිදි දිස්වේ. දෙවන ආකාරය (කැළැල් ඇති කරන හිසකෙස් ගැලවීයාම හෙවත් Scarring or cicatricial alopecia) හිසේ සමෙහි ඇතිවන ගැටළුවක් නිසා සම්පූර්ණයෙන්ම රෝම කූප අහිමිවීමෙන් ඇතිවේ. දෙවන ආකාරය නිසා හිසේ තට්ටය ඇති ප්‍රදේශ ක්ෂය වී, දිලිසෙන සුලු ස්වභාවයක් ගනී. එවැනි ස්ථානවල සමෙහි රෝම කූප නොමැත. පුරුෂාකාරයේ තට්ටය පෑදීම (Male pattern baldness) යනු කුමක්ද? කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම ප්‍රධාන වශයෙන් පුරුෂ හෝමෝන (Androgens) ක්‍රියාකාරීත්වය නිසා ඇතිවේ….


අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය සාදයි. අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර…



අර්ශස් අමාරුව සුව කරගන්නේ කෙසේද?

අර්ශස් අමාරුව (Haemorrhoids) සඳහා රක්තාරිතාභය සහ මූලරෝගය යන නම්ද භාවිතා වේ. ගුද මාර්ගයේ සහ ගුදයෙහි ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමී, නෙරා විත්, ප්‍රදාහයක් ඇතිවීම අර්ශස් අමාරුව ලෙස හැඳින්විය හැක. මෙය ගුද මාර්ගයේ සහ ගුදයේ නහර ගැටගැසීමක් ලෙසත් හැඳින්වීමට පුලුවන. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 30 ට පසු, ජනගහණයෙන් භාගයකට වඩා මෙම රෝගයෙන් පීඩා විඳී. අර්ශස් අමාරුව ආකාර දෙකකින් පවතී. ඒ බාහිර සහ අභ්‍යන්තර අර්ශස් අමාරුව ලෙසිනි. බාහිර අර්ශස් අමාරුව (External haemorrhoids) බාහිර අර්ශස් අමාරුව ගුද විවරය ආසන්නයේ ඇතිවන අතර, රක්තාරිතාභ (Haemorrhoids) සමෙන් ආවරණය වී පවතී. සාමාන්‍යයෙන් ඒවා වේදනාකාරී නොවේ. නමුත්, රක්තාරිතාභය තුළ ලේ කැටියක් (Blood clot) ඇතිවුවහොත්, එය දැඩි වී, වේදනාකාරී…


ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය

ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය අතර සම්බන්ධතාවය පැහැදිළි කිරීමට පෙර, ඔසප් චක්‍රය (Menstrual cycle) පිළිබඳව සාමාන්‍ය කරුණු කිහිපයක් දැනගනිමු. ඔසප් චක්‍රයේ ස්වභාවය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. සාමාන්‍යයෙන්, ඔසප් වීම (Menstruation) සිදුවන කාල සීමාව දින 3 ත් දින 7 ත් අතර අගයක් ගනී. මෙහිදී, රුධිරය වහනය වන ප්‍රමාණයේ සාමාන්‍යය මිලිලීටර් 35 ක් වේ. කාන්තාවක් ඔසප් අවධිය පසුකල විට, ඔසප් චක්‍රයේ ස්‍යුනික අවධියට (Follicular phase) එළඹේ. එහිදී, ගර්භාෂයේ බිත්තියේ ඇතුළු පැත්තෙහි පටක (අන්තෝමාතෘකය හෙවත් ගර්භක්ෂේත්‍රය/Endometrium) ක්‍රමයෙන් ඝනකම් වීමට පටන් ගනී. එක් ඩිම්බ කෝෂයක ස්‍යුනිකාවක් (Follicle) නැවත ඩිම්බයක් මුදාහැරීම සඳහා ක්‍රමයෙන් වර්ධනය වේ. ඔසප් වීමේදී ඇතිවන ලක්ෂණ ද කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. ආර්තවරීතය…


ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

සාමාන්‍යයෙන්, බොහෝ දරුවන් දිනකට සැලකියයුතු ප්‍රමාණයක් පැණිරස කෑමට හුරුවී සිටිනවා. ඇතැම් දෙමව්පියනුත් තම දරුවා කොතරම් පැණිරස කන්නේදැයි සැලකිලිමත් වන්නේ නැහැ. රසකැවිලි වල සරළ සීනි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, ඔබේ දරුවා නිතර පැණිරස කනවා නම්, ඔහුට හෝ ඇයට තරබාරුවීම, දත් දිරායාම, සහ හැසිරීමේ වෙනස්කම් ඇතිවීම ආදී සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. වාසනාවකට මෙන්, මෙම ගැටළු වළක්වාගැනීමට හැකියාව තිබේ. ආහාර ගැනීමේ සහ ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීමෙන් එවැනි සංකූලතා මගහරවා ගැනීමට හැකියාව ඇත. තරබාරුකම දරුවන් අතර තරබාරුකම ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතී. දරුවන් කුඩා කලම තරබාරු වීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් ලෙස සරළ සීනි අඩංගු ආහාර හැඳින්විය හැකියි. ඔබේ දරුවා දිනකට…


හැඩට ඉන්න මැනලා කන්න

‘හැඩට ඉන්න මැනලා කන්න’ යනු 2016 වසරේ ජුනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසයේ තේමාවයි. මෙය ඉටුකර ගැනීමට අප කලයුත්තේ කුමක්ද යන්න ක්‍රමාණුකූලව පහදා දීම මෙම ලිපියෙහි අරමුණයි. වසරකට වාරයක් මෙවැනි පෝෂණ මාසයක් අවශ්‍ය වන්නේ ඇයි? එයට හේතුව නිසි පෝෂණය වෙනුවට, වත්මන් සමාජය තුළ ඌණ පෝෂණය සහ අධිපෝෂණය ඇතිවීමේ ප්‍රවණතාවය ක්‍රමයෙන් ඉහළ යෑමයි. පෝෂණය යනු කුමක්ද? පෝෂණය යන වදන සරළව පහදනවා නම්, පහත ක්‍රියාවලියන්ගේ එකතුවක් ලෙස හැඳින්විය හැක. ආහාර ගැනීම. ආහාර ජීර්ණය. පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරගැනීම. අවශෝෂණය කරගත් පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීම. යම් පුද්ගලයෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සාධක කිහිපයක් මත රඳා පවතී. වයස වයස සමග ශරීර ප්‍රමාණය වෙනස්…