ඩෙංගු උණ

ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය (dengue) වසංගතයක් මෙන් පැතිර යන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරු විශේෂ දෙක මගිනි. ඩෙංගු රෝගය වෛරසයක් නිසා ඇතිවන්නකි. ඩෙංගු රෝගය වැළඳුනු රෝගියෙකුට දෂ්ට කල මදුරුවෙක් යලි නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කලහොත්, නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය බෝවීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීමට දායක වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම, වගකීමකි. එමනිසා, ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කලයුත්තේ කුමක්දැයි මදක් විමසා බලමු. ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය අනුපිළිවෙලින් බිත්තර, කීටයා, පිලවා, සහ මදුරුවා යන අවධි හතරකින් සමන්විතය. ගැහැණු මදුරුවා ජලය අඩංගු භාජන තුළ සහ ජලය එකතුවන ස්ථාන වල…


තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්,…


ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි. ශ්‍රී ලංකාව තුළ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරුවන් විශේෂ දෙක මගින් ඩෙංගු රෝගය පැතිරේ. ඩෙංගු රෝගී පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු විසින් නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරනු ලැබුවහොත්, එම නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික වියහැකි බැවින්, එය වැළැක්වීමට දායක වීම ශ්‍රී ලංකා වාසී අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් වේ. අපි සැවොම ඒ සඳහා පෙළගැසිය යුතුය. 2016 වසරේ මේ දක්වා (2016 ජූලි මස 05 වනදා තෙක්) ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 21,881 ක් වාර්තා වී ඇත. එයින්…