සුවැති දිවිය

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.

මතකය ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අමතක වෙන්නේ ඇයි? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ අයට අමතක වීම ගැටළුකාරී වුවත්, එය සාමාන්‍ය මෙන්ම අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. එයට හේතුව, අපගේ මොළයට ඇත්තේ සීමිත ධාරිතාවයක් වීම සහ දිනපතා අපගේ මොළයට මිලියන ගණනක් තොරතුරු ඇතුළු වීමයි. මේ තරම් විශාල තොරතුරු සමුදායක් මතකයේ තබාගැනීමට අපේ මොළයට හැකියාවක් නොමැති අතර, එවන් වූ විශාල තොරතුරු ප්‍රමාණයක් හැසිරවීමටත් මොළයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවේ. එහෙයින්, අපගේ සිත මොළයට ලැබෙන සෑම තොරතුරක්ම, වැදගත් සහ නොවැදගත් ලෙස බෙදා වෙන්කරයි. මෙය සිදුවන්නේ, අපට නොදැනුවත්වමය. මෙසේ, නොවැදගත් යැයි වර්ගීකරණයට ලක්වූ සෑම තොරතුරක්ම, වැදගත් තොරතුරු වලට වඩා ඉක්මනින් අමතක වීම සාමාන්‍ය දෙයකි….


නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?

සිටගෙන සිටීමෙන් විඩාවට පත්වූ අයෙකුට අසුනක් දකින්නට ලැබෙනවා යන්න මිහිරි අත්දැකීමකි. ඒ තරමටම, අපි ඉඳගෙන සිටීමට ඇල්මක් දක්වන්නෙමු. නමුත්, ඉඳගෙන සිටීම හානිකර යැයි පැවසුවහොත්, ඇතැමෙක් පුදුමයට පත්වේවි. අසුනක් යනු, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවන බව, මදක් විමසා බැලුවහොත් ඔබට වැටහේවි. නිතර ඉඳගෙන සිටීම, දුම්පානය කිරීම තරමටම ඔබේ සෞඛ්‍යයට හානිකර වියහැකි බව විද්වතුන් විසින් සොයාගෙන ඇත. එමගින්, ස්ථුලභාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය හෙවත් අංශභාගය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ඇතැම් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳීමට ඇති අවදානම ඉහළ යයි. වසර 14 ක් තිස්සේ, පුද්ගලයන් 185,000 ක සහභාගීත්වයෙන් කල පර්යේෂණයක්, වසංගත අධ්‍යයනය පිළිබඳ ඇමරිකානු සඟරාවේ (American Journal of Epidemiology) පළවිය….


බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතරින් 24.6% ක් අධික බර සහ 6.9% ක් තරබාරු වී ඇති බව සොයාගෙන ඇත. කාන්තාවන් අතරින් 14.9% ක් කෘෂ බවට පත්ව ඇත. එනම්, කාන්තාවන්ගෙන් 46.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැති බව පෙනේ. පුරුෂයන් සැලකූ විට, 22% ක් අධික බර සහ 4.2% ක් තරබාරුභාවයට පත්ව ඇත. පුරුෂයන් අතරෙන් 16.2% ක් කෘෂ බවට පත්වී ඇත. එනම්, පුරුෂයන්ගෙන් 42.4% කට සෞඛ්‍ය සම්පන්න බරක් නොමැත. මෙයින් ගම්‍ය වන්නේ, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය සම්පන්න නොවන බවය. එසේ තිබියදීත්, ශරීරයේ බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි? ශරීරයේ බර පාලනය කිරීම යන කාරණය සැලකූ විට, වත්මන් සමාජයේ එයට ඇති උනන්දුව…


ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?

බොහෝ අයට තමන් කවුදැයි නියමාකාරයෙන් හඳුනාගැනීමට නොහැකිව සිටිති. එමගින්, ගැටළු මතුවන අවස්ථා එමටය. නමුත්, තමා තුළ සිටින තමන් හඳුනාගැනීම අභියෝගයකි. සැබැවින්ම ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කෙසේද? ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගතහොත්, ඔබට වෙනෙකෙකු නොවී, ඔබම විය හැක. එවිට, ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම තවදුරටත් අපහසු කාර්යයක් නොවනු ඇත. මදක් සිතා බැලුවහොත්, ඔබේ ජීවිතයේ සිදුවන සහ ඇතිවන බොහෝ දේවල්, රඳාපවතින්නේ ඔබ, ඔබේ අභ්‍යන්තරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න මත බව ඔබට වැටහෙනු ඇත. එසේනම්, ඔබ තුළ සිටින ඔබව නිසි අයුරින් හඳුනා නොගතහොත්, ඔබේ ජීවිතයේ සිදුවන දේවල් නියමාකාරයෙන් වටහා ගන්නේ කෙසේද? ක්‍රමයෙන් තරුණ වියට එළඹෙත්ම, අපි, අප තුළින්ම විවිධ අනන්‍යතාවයන් හඳුනාගැනීමට පෙළඹීම…


යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…

ශ්‍රී ලංකාව තුළ, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම බෝනොවන රෝග (Non-communicable diseases) නිසා සිදුවන බව ඔබ දන්නවාද? මේ බෝනොවන රෝග මොනවාද? බෝනොවන රෝග යනු ආසාදනය වීමක් නිසා ඇති නොවන, කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම සිදුනොවන රෝග තත්ත්වයන්ය. ඒවා දිගුකාලයක් තිස්සේ පවතින අතර, ඉතා සෙමෙන් වර්ධනය වේ. බෝනොවන රෝග බොහොමයක් ඇතිවන්නේ අපගේ ජීවිත වල ඇති අවදානම් චර්යාවන් නිසාය. එමෙන්ම, ඒවා දිගුකාලීන සංකූලතා ඇතිකිරීමටද සමත් වේ. යහපත් ජීවන රටාවක් මගින්, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරගෙන, සුවදායී දිවියක් කරා ගමන්කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ප්‍රධාන බෝනොවන රෝග ලෙස හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය හෙවත් ආඝාතය, පිළිකා, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම,…


ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත. දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක්…


සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 5 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික…


ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්

සරළ බසින් පැවසුවහොත්, ආත්ම විශ්වාසය යනු, තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටෙන විට ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම්, අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවීම සිදුවේ. ඔබ දිවිය පුරාම බිඳවැටුණු ආත්ම විශ්වාසය සමග ගැටෙමින් ජීවත් වූවා විය හැක. නැතහොත්, මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා ආත්ම විශ්වාසය බිඳවැටුනා විය හැක. කෙසේ වුවත්, යලි ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ප්‍රමාද නැත. එසේ නම්, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කුමක් කල යුතුද? ඵලදායී යමක් කරන්න. ඔබ සතුව යම් කාර්යයන් ලැයිස්තුවක් තිබෙන මුත්, යම් යම් හේතූන් මත ඒවා ක්‍රියාත්මක නොකර පසෙකට කර තිබෙනවා විය හැක. එසේ නම්, යලි වැඩකිරීම ආරම්භ…


සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

සෑම දෙනෙකුගේම අපේක්ෂාව වන්නේ සෞඛ්‍ය සම්පන්නව දිගුකලක් ජීවත් වීමයි. නමුත්, වර්තමාන සමාජයේ සැලකිය යුතු පිරිසකට සෞඛ්‍ය ගැටළු එකක් හෝ කිහිපයක් පවතී. ඒවායින් සමහරකට, ජීවිත කාලය කෙටි කිරීමට හැකියාව ඇති අතර, ඇතැම් ඒවා ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කෙසේ වුවත්, ජීවන රටාවේ ඇතිකරගන්නා ඇතැම් වෙනස්කම් වලට ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ඔබේ දිවියේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත් හැකියාව ඇත. සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක් පිළිබඳව මදක් විමසා බලමු.   ශාරීරික ක්‍රියාකාරකම් ශාරීරිකව ක්‍රියාකාරී වීමට අප මැළිකමක් දක්වනවා. සරළ ලෙස පවසනවා නම්, අප බොහෝ දෙනෙක් “ශරීර හොරු” ලෙස හැඳින්විය හැකියි. ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, වත්මන් සමාජයේ පවතින ඉතා බරපතල ගැටළු…


ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවකි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. මක්නිසාද, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික බර, තරබාරු, සාමාන්‍ය බර ඇති අයගේ මෙන්ම, ඇතැම්විට බර අඩු අයගේද දක්නට ලැබෙන්නකි. සැබැවින්ම කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද, එහි ඇති ප්‍රයෝජන මොනවාද, ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. කොලෙස්ටරෝල් යනු අප ශරීරයේ සෛල වල බිත්තියේ ඇති මේදමය සංඝටකයකි. කොලෙස්ටරෝල්, අප ශරීරය තුළ ඇතැම් හෝමෝන, පිත් අම්ල (Bile acids), විටමින් D, සහ වෙනත් සංඝටක නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනවත් වේ. එමනිසා, රුධිර සංසරණය තුළ කොලෙස්ටරෝල් ගමන් කිරීම වැදගත් වේ. නමුත්, කොලෙස්ටරෝල්…


ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්

මෙලොව ලැබිය හැකි උතුම්ම ලාභය සුවපත්බව හෙවත් සෞඛ්‍යය ලෙස හැඳින්විය හැක. සුවැති දිවියක් ගතකිරීමට අකමැති අයෙක් මිහිතලය මත සිටීනම්, එය පුදුමයක් වනු නොඅනුමානය. මක්නිසාද, සැවොම සෞඛ්‍ය සම්පන්නව තම ජීවිතය ගතකිරීමට කැමතිය. නමුත්, අපගේ ජීවිතයේ විවිධ කාල වලදී, අපගේ සෞඛ්‍යයට යම් යම් තර්ජණ ඇතිවීම වැළැක්විය නොහැකි වේ. කෙසේවුවත්, යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම හා පවත්වා ගැනීම, සහ අයහපත් පුරුදු වලින් වැළකීම මගින්, සුවැති දිවියක් ගතකිරීමට අපට හැකියාව ලැබේ. ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක් මෙම ලිපිය මගින් පැහැදිළි කෙරේ. කල්තබා ගත් හෝ පරණ වූ ආහාර වෙනුවට, හැකි සෑමවිටම අලුත් සහ නැවුම් ආහාර තෝරාගන්න. වැඩිපුර කොළ පැහැ එළවළු, පළතුරු, කුරුට්ට සහිත…


දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක. ශරීරයේ සීනි පාලනය කිරීමේ හැකියාව දුර්වල වූ (Impaired glucose tolerance) අය, ආහාර ගන්නා රටාව වෙනස් කිරීම සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ආදිය අනුගමනය කලහොත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම වළක්වා ගත හැක. සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගෙන එය පවත්වා ගන්න. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්…


සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?

ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ බෝනොවන රෝගයි. ඒ වගේම, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය (Quality of life) සැලකිය යුතු ලෙස පහත දමන්නටත් මෙම බෝ නොවන රෝග වලට හැකියාව තිබෙනවා. බෝනොවන රෝග යනු මොනවාද? බෝනොවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම හෙවත් බෝවීම සිදුනොවන රෝගයි. උදාහරණ කිහිපයක් ලෙස හෘදයාබාධය, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, පිළිකා, වකුගඩු රෝග, ඇදුම වැනි රෝග දැක්විය හැකියි. ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායක වන්නේ හෘදයාබාධ බව ඔබ දන්නවාද? සුවදිවි මධ්‍යස්ථාන (Healthy Lifestyle Center/HLC) හරහා මෙවැනි බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීම සඳහා ඔබට සහය…