සාමාන්‍ය සෞඛ්‍යය

බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්

බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) යනු කෙටිකාලීන ආසාදනයක් නිසා ඇති නොවන, දිගුකාලීනව ප්‍රතිකාර ගතයුතු හා සංකූලතා ඇතිකරන රෝග සමූහයකි. මෙවැනි රෝග, එක් පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකුට බෝවීම හෙවත් පැතිරීම සිදුනොවේ. බෝනොවන රෝග සඳහා උදාහරණ ලෙස හෘදයාබාධය, පිළිකා, අංශභාගය හෙවත් ආඝාතය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, සහ දියවැඩියාව දැක්විය හැක. බෝනොවන රෝග පිළිබඳව සමාජයේ වැරදි මත ගණනාවක් පවතින අතර, එයින් කිහිපයක් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකිරීම මෙම ලිපියෙහි අරමුණයි.   අධික රුධිර පීඩනය සහ දියවැඩියාව කාලයක් ප්‍රතිකාර ගන්නා විට සුවවේ. යම් පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳුනු පසුව, එය සම්පූර්ණයෙන්ම සුවකිරීම කල නොහැකි දෙයකි. රෝගය වැළඳීමෙන් පසුව කලහැක්කේ, දියවැඩියාව පාලනය…


ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු.

ඇදුම රෝගය (Bronchial asthma) යනු පෙනහලු තුළට වාතය ගෙනයන ශ්වාසනාල වල ඇතිවන දිගුකාලීන ප්‍රදාහයකි (Chronic inflammation). එය, ශ්වාසනාල (Airways) වල ඇතිවන අසාත්මිකතාවයක් (Allergy) වශයෙන්ද හැඳින්විය හැක. එමෙන්ම, ඇදුම රෝගය පරම්පරාවෙන්, පරම්පරාවටද ඇතිවිය හැකි රෝගයකි. ඇතැම්විට, පවුලේ එක් අයෙකුට වඩා ඇදුම රෝගයෙන් පීඩා විඳියි නම්, පවුලේ තවත් කෙනෙකුට ඇදුම රෝගය වැළඳීමට අවදානමක් පවතී. කෙසේ වුවත්, ඇදුම රෝගියෙකුගෙන්, නිරෝගී අයෙකුට රෝගය බෝවන්නේ නැත. ඇදුම රෝගය, සුළු රෝග තත්ත්වයක සිට දරුණු රෝග ලක්ෂණ දක්වා පරාසයක වෙනස් විය හැක. ඇදුම රෝගයේ රෝග ලක්ෂණ කැස්ස, විශේෂයෙන් රාත්‍රී කාලයට ඇතිවේ. හුස්ම ගන්නා විට, පපුවෙන් “රාං රූං” ශබ්දයක් (Wheezing) ඇතිවීම. විශේෂයෙන්, මෙය හුස්ම පිටකරන විට ඇතිවේ. හුස්ම…


උළුක්කුවක්, ඇදීමක් සිදුවුවහොත් කලයුත්තේ කුමක්ද?

දෛනික වැඩ කටයුතු කරගෙන යාමේදී, ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්ය. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් වේ. එමනිසා, උළුක්කුවක් හෝ ඇදීමක් සිදුවුවහොත්, ඔබට කලහැක්කේ කුමක්ද යන්න දැනගැනීම වැදගත් වේ. නමුත්, උළුක්කුවෙහි සහ ඇදීමෙහි අර්ථයන්, සිංහල බසින් එකිනෙක මාරුවී යෙදෙන අයුරු දැකිය හැක.   උළුක්කුවක් (Sprain) යනු කුමක්ද? උළුක්කුවක් යනු සන්ධියක ඇති අස්ථි හෙවත් ඇට එකිනෙක සම්බන්ධ කරන අස්ථි බන්ධනි (Ligaments) වලට සිදුවන අනතුරකි. මෙහිදී, අස්ථි බන්ධනි එකක් හෝ කිහිපයක් ඇදීම හෝ ඉරීයාම සිදුවේ.   උළුක්කුවක් ඇතිවන්නේ ඇයි? හේතු කිහිපයක් නිසා උළුක්කුව ඇතිවිය හැක. වැටීම, ඇඹරීම, හෝ යම් සන්ධියකට පහරක් එල්ලවීම මගින් සන්ධියේ ස්වභාවික…


සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!

සමේ පිළිකා පිළිබඳව පලකරන මෙම ලිපිය ‘සුව සෙවන’ වෙබ් අඩවියේ පලවන 150 වෙනි ලිපියයි. සමේ වර්ණය ලා පැහැති අයට සමේ පිළිකා වැළඳීමට ඇති අවස්ථාව වැඩි වුවත්, ඕනෑම අයෙකුට සමේ පිළිකාවක් වැළඳීමට ඉඩක් පවතී. එමෙන්ම, සමේ පිළිකාව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගනී. නවයොවුන් වියේ සිටින දරුවන්ටද, සමේ පිළිකා වැළඳෙන මුත්, කුඩා දරුවන්ට මෙම රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකිනි. හිරු එළියට නිරාවරණය වනවිට, සුදු පැහැති සම, තද පැහැති සමකට වඩා පිළිස්සීමට ලක්වුවත්, ඕනෑම සමේ වර්ණයක් ඇති අයෙකුට සමේ පිළිකාවක් වැළඳිය හැක. හිරු එළියට පිළිස්සීම සිදුනොවන තරම් තද පැහැති සමක් ඇති අයෙකුට වුවද, සමේ පිළිකා වැළඳීම සිදුවේ. මෙහිදී, ඔබේ සම සුදු පැහැතිද, අඳුරු පැහැතිද,…


බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

බුළත්විට සැපීම, ඈත අතීතයේ පටන් පැවත එන පුරුද්දක් වන අතර, ඇඟ වෙහෙසා වැඩකරන අය අතර ජනප්‍රිය දෙයකි. ඇතැම් අය, ආහාර ගැනීමෙන් අනතුරුව, බුළත්විටක් සැපීමට පුරුදුව සිටිති. කෙසේ වුවද, වත්මන් තරුණ පරපුර අතර බුළත්විටට ඇති ජනප්‍රියත්වය මදක් අඩුවී ඇති සෙයක් පෙනේ. බුළත්විටක් තුළ, බුළත් කොල, හුණු, පුවක්, සහ දුම්කොළ අන්තර්ගත වන අතර, බුළත්විට කෙරෙහි ඇබ්බැහි වන ස්වභාවයක් දක්නට ලැබේ. එයට බොහෝවිට හේතුවන්නේ, දුම්කොළ සහ පුවක් වල ඇති ඇතැම් රසායන ද්‍රව්‍යයන්ය. කෙසේ වුවත්, දිගුකලක් තිස්සේ බුළත්විට සැපීමෙන්, ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු හානියක් සිදුවේ.   පුවක් මගින් ශරීරයට සිදුවන හානි මොනවාද? පුවක් වල ඇති රසායන ද්‍රව්‍ය මගින්, ශරීරයේ සියළුම අවයව පද්ධති වලටම පාහේ…


ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවකි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. මක්නිසාද, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික බර, තරබාරු, සාමාන්‍ය බර ඇති අයගේ මෙන්ම, ඇතැම්විට බර අඩු අයගේද දක්නට ලැබෙන්නකි. සැබැවින්ම කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද, එහි ඇති ප්‍රයෝජන මොනවාද, ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. කොලෙස්ටරෝල් යනු අප ශරීරයේ සෛල වල බිත්තියේ ඇති මේදමය සංඝටකයකි. කොලෙස්ටරෝල්, අප ශරීරය තුළ ඇතැම් හෝමෝන, පිත් අම්ල (Bile acids), විටමින් D, සහ වෙනත් සංඝටක නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනවත් වේ. එමනිසා, රුධිර සංසරණය තුළ කොලෙස්ටරෝල් ගමන් කිරීම වැදගත් වේ. නමුත්, කොලෙස්ටරෝල්…


දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක. ශරීරයේ සීනි පාලනය කිරීමේ හැකියාව දුර්වල වූ (Impaired glucose tolerance) අය, ආහාර ගන්නා රටාව වෙනස් කිරීම සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ආදිය අනුගමනය කලහොත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම වළක්වා ගත හැක. සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගෙන එය පවත්වා ගන්න. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්…


ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?

අනාගතයේදී, මාරාන්තික හෘදයාබාධයක් වැළඳීමට අවදානමක් ඇතිබවට අනතුරු හැඟවීමේ සංඥාවක් හෙවත් රෝග ලක්ෂණයක් ලෙස ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම හැඳින්විය හැක. පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවන තදවීමක්, බර ස්වභාවයක්, හෝ තද කිරීමක් ලෙස දැනෙන වේදනාවක් ඇන්ජයිනා ලෙස හැඳින්වේ. එම වේදනාව පපුව මැද ප්‍රදේශයේ සිට ගෙල, යටි හණුව, සහ/හෝ අත්වල ඉහළ බාහුවේ ඇතුළු පැත්තට පැතිරිය හැක. ඇන්ජයිනා නැමැති පපුවේ රිදුම, මද වේදනාවක සිට දැඩි වේදනාවක් දක්වා වෙනස් විය හැක. තද වේදනාවක් ඇතිවුවහොත්, බිය, හුස්ම ගැනීමේ අපහසුව, සහ දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ද ඇතිවිය හැක. මෙම ඇන්ජයිනා නැමැති පපුවේ වේදනාව, කායිකව වෙහෙසීම, කෝපය, මානසිකව උද්වේගයක් ඇතිවීම, ආහාර ගැනීම, සීතල, සහ සුලං සහිත පරිසරයක…


ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි. ශ්‍රී ලංකාව තුළ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරුවන් විශේෂ දෙක මගින් ඩෙංගු රෝගය පැතිරේ. ඩෙංගු රෝගී පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු විසින් නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරනු ලැබුවහොත්, එම නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික වියහැකි බැවින්, එය වැළැක්වීමට දායක වීම ශ්‍රී ලංකා වාසී අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් වේ. අපි සැවොම ඒ සඳහා පෙළගැසිය යුතුය. 2016 වසරේ මේ දක්වා (2016 ජූලි මස 05 වනදා තෙක්) ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 21,881 ක් වාර්තා වී ඇත. එයින්…


පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!

පිළිකා වලින් 1/3 ක් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකර ගැනීමෙන් වළක්වා ගතහැකි බව ඔබ දන්නවාද? යහපත් ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානයෙන් වැළකීම, දුම්කොළ භාවිතයෙන් වැළකීම, සහ දුම්පානය නොකිරීම වැනි දේ මගින් ඇතැම් පිළිකා වලින් වැළකීමට හැකියාව ලැබේ. එසේ නම්, වළක්වා ගැනීමට හැකියාව ඇති පිළිකා ඇතිවීම වළක්වා ගනිමු. පිළිකා ඇතිවීමට හේතුවන අවදානම් සාධක දුම්කොළ භාවිතය සහ දුම්පානය මත්පැන් පානය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා ශාරීරික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම මානසික ආතතිය පරිසර දූෂණය දුම්කොළ භාවිතය සහ දුම්පානය දුම්කොළ භාවිතය සහ දුම්පානය නිසා හෘදයාබාධ, අංශභාගය, දිගුකාලීන ශ්වසන රෝග, මෙන්ම පිළිකා ද ඇතිවේ. දුම්පානය මගින් මුඛ කුහරයේ සහ…


අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?

සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිවයුත්තා වන්නේ අංශභාගයයි. අංශභාගය ඇතිවීමේදී, මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම සිදුවේ. එවිට, එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස, ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යයි. එමනිසා, එලෙස මොළයේ අක්‍රීය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වේ. මෙම ක්‍රියාවලිය අංශභාගය හෙවත් ආඝාතය ලෙස හැඳින්වේ. අංශභාගයේ රෝග ලක්ෂණ අංශභාගය නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කරකැවිල්ල. කථාව පැටලිලි සහිත වීම, ගොත ගැසීම, හෝ කථා…


පුරුෂාකාරයේ තට්ටය පෑදීම ගැන දැනගනිමු.

හිසකෙස් ගැලවීයාම (Alopecia) අද සමාජයේ බහුලව පවතින ගැටළුවක් වේ. මෙය ආකාර දෙකකට සිදුවේ. පළමු ආකාරය (කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම හෙවත් Non-scarring alopecia) හිසකෙස්වල රෝම කූපයේ (Hair follicle) ඇතිවන ආබාධයක් නිසා ඇතිවේ. මෙහිදී, හිසේ සම සාමාන්‍ය පරිදි දිස්වේ. දෙවන ආකාරය (කැළැල් ඇති කරන හිසකෙස් ගැලවීයාම හෙවත් Scarring or cicatricial alopecia) හිසේ සමෙහි ඇතිවන ගැටළුවක් නිසා සම්පූර්ණයෙන්ම රෝම කූප අහිමිවීමෙන් ඇතිවේ. දෙවන ආකාරය නිසා හිසේ තට්ටය ඇති ප්‍රදේශ ක්ෂය වී, දිලිසෙන සුලු ස්වභාවයක් ගනී. එවැනි ස්ථානවල සමෙහි රෝම කූප නොමැත. පුරුෂාකාරයේ තට්ටය පෑදීම (Male pattern baldness) යනු කුමක්ද? කැළැල් ඇති නොකරන හිසකෙස් ගැලවීයාම ප්‍රධාන වශයෙන් පුරුෂ හෝමෝන (Androgens) ක්‍රියාකාරීත්වය නිසා ඇතිවේ….


අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය සාදයි. අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර…