මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.
නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු…