වගකීම් අත්හැරීමේ ප්‍රකාශය

හැඳින්වීම

සුව සෙවන වෙබ් අඩවිය අන්තර්ජාලයේ පවතින සෞඛ්‍ය හා සබැඳි තොරතුරු සේවාවක් වන අතර පහත සඳහන් වගන්ති සහ කොන්දේසි වලට යටත්ව නිර්මාණය කර ඇත. කරුණාකර වෙබ් අඩවියට ඇතුලුවීමට හෝ එය භාවිතා කිරීමට පෙර මෙම ලිපිය සැලකිළිමත්ව කියවන්න. සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් පහත සඳහන් වගන්ති සහ කොන්දේසිවලට ඔබ යටත් සහ එකඟ බව ප්‍රකාශ වේ. ඔබ මෙම වගන්ති සහ කොන්දේසිවලට එකඟ නොවේ නම් සුව සෙවන වෙබ් අඩවිය භාවිතාකිරීමෙන් වළකින්න. සුව සෙවන මගින් ඕනෑම අවස්ථාවක මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති වෙනස්කිරීම සිදුකල හැක. එවැනි වෙනස්කිරීම් සුව සෙවන වෙබ් අඩවියේ පළකල සැනින් ක්‍රියාත්මක සහ බලසහිත වේ. සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් මෙම ගිවිසුම නිරතුරුව පරිශීලනය කිරීමට මෙන්ම එහි වෙනස්වීම් දැනගැනීමට ඔබ එකඟ වේ. මෙම වෙබ් අඩවිය නිරතුරු භාවිතා කිරීමෙන් සංශෝධිත ගිවිසුමට ඔබගේ ඇති නිශ්චිත එකඟතාවය ප්‍රකාශ වේ.

සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා ඔබගේ වයස අවම වශයෙන් අවුරුදු 18 ක් විය යුතුය. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් සහ මෙම ගිවිසුමට එකඟවීමෙන් ඔබගේ වයස අවම වශයෙන් අවුරුදු 18 ක් බව ප්‍රකාශ සහ තහවුරු කෙරේ.

වෛද්‍ය අවවාද පිළිබඳ වගකීම් අත්හැරීමේ ප්‍රකාශය

සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත සියළු අදහස් සහ තොරතුරු මාගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම හා ප්‍රවීණතාවය, නවතම සෞඛ්‍ය නිර්දේශ, සහ පිළිගත් පර්යේෂණ මත පදනම්ව පළකර ඇත. සුව සෙවන ඔබගේ සෞඛ්‍යය සහ රෝගයන් පහසුවෙන් අවබෝධ වන ආකාරයට ඔබවෙත මෙම තොරතුරු ඉදිරිපත් කරයි. කර්තෘවරයා මෙම සෞඛ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ හුදෙක් සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. කර්තෘවරයා සුව සෙවන වෙබ් අඩවිය තුළින් කිසිම ආකාරයක වෛද්‍ය අවවාද ලබාදීමක් සිදුනොකරයි. මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත කිසිම තොරතුරක් වෛද්‍ය අවවාදයක් සේ නොසැලකිය යුතු වේ. සුව සෙවන වෙබ් අඩවිය භාවිතාකිරීමෙන්, එයට ඇතුළුවීමෙන්, සහ/හෝ කර්තෘවරයාට ඔබගේ පෞද්ගලික හෝ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක් ලබාදීමෙන් ඔබ සහ කර්තෘවරයා අතර කිසිම ආකාරයක වෛද්‍ය-රෝගී සබඳතාවයක් ඇතිනොවන බව සැලකිය යුතු වේ. සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත කිසිම තොරතුරක් ඔබ සහ කර්තෘවරයා අතර වෛද්‍ය-රෝගී සබඳතාවයක් ඇතිනොකරන අතර එය ඔබගේ ප්‍රදේශයේ හෝ රටේ සුදුසුකම්ලත්, ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ හෝ සෞඛ්‍ය සේවකයෙකුගේ අවවාදයක්, නිර්දේශයක්, හෝ සේවාවක් සඳහා ආදේශකයක් නොවන බව සැලකිය යුතු වේ. ඔබ සුව සෙවනෙහි කිසිම තොරතුරක් මත පදනම්ව ක්‍රියා නොකල යුතු අතර ඔබගේ සියලු සෞඛ්‍ය ගැටළු සඳහා ඔබගේ ප්‍රදේශයේ හෝ රටේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ උපදෙස් පිළිපැදිය යුතු වේ. සුව සෙවන වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් එහි අන්තර්ගත කිසිම තොරතුරක් හෝ තොරතුරක කොටසක් මත පදනම්ව කිසිම වෛද්‍යමය හෝ සෞඛ්‍යමය තීරණයක් නොගන්නා බවට ඔබ සහතික වේ.

ඔබට වැඩිදුර විස්තර හෝ පැහැදිළිකිරීමක් අවශ්‍ය නම් අප වෙත විද්‍යුත් ලිපියක් (E-mail) එවීම හෝ වෙබ් අඩවිය ඔස්සේ අදහස් දැක්වීමක් (comment) කල හැක.

වාණිජමය, නීතිමය, සහ අනෙක් උපදෙස් පිළිබඳ වගකීම් අත්හැරීමේ ප්‍රකාශය

සුව සෙවන වෙබ් අඩවිය තුළ කිසිම වාණිජමය, ආයෝජණ, නීතිමය, සහ/හෝ වෘත්තිමය උපදෙස් කිසිවක් නොමැති බවත් ඔබ සහ කර්තෘවරයා අතර කිසිම ආකාරයක වෘත්තිමය සබඳතාවයක් ඇති නොවන බවත් ඔබ මෙයින් පිළිගනී. සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත කිසිම තොරතුරක් හෝ තොරතුරක කොටසක් මත පදනම්ව කිසිම වාණිජමය, ආයෝජණ, නීතිමය, සහ/හෝ වෙනත් තීරණයක් නොගන්නා බවටත් ඔබ මෙයින් සහතික වේ.

තොරතුරු පිළිබඳ වගකීම් අත්හැරීමේ ප්‍රකාශය

සුව සෙවන, කර්තෘවරයා පෞද්ගලිකව නිර්මාණය කරන ලද වෙබ් අඩවියක් වන අතර එය කර්තෘවරයාගේ පෞද්ගලික හැකියාව මත සකසා ඇත.

සුව සෙවන කර්තෘවරයාගේ ඕනෑම අදහසක් නිර්මාණය වී ඇත්තේ යම් විශේෂිත තොරතුරක් මත පදනම්ව, යම් විශේෂිත තත්ත්ව යටතේ, හෝ යම් උපකල්පන මත පදනම්ව වේ. එම අදහස් වෙනත් ඕනෑම අරමුණක් උදෙසා යොදාගැනීම හෝ විශ්වාස නොකළ යුතුය. එම අදහස් කිසිම නීතිමය පටිපාටිකරයක් උදෙසා කිසිම ආකාරයකින් යොදාගැනීම හෝ විශ්වාස නොකළ යුතුවේ.

සුව සෙවනෙහි අන්තර්ගත ඇතැම් තොරතුරු කිසිම දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි අතර ඒවා සම්පූර්ණ, නිවැරදි, කාලීන, වත්මන්, හෝ නවතම තොරතුරු ලෙස සහතික කල නොහැක. ඕනෑම මුද්‍රිත තොරතුරක් සේම සුව සෙවනෙහි අඩංගු තොරතුරු කල් ඉකුත්වූ හෝ යල් පැනගිය ඒවා බවට පත්විය හැක. සුව සෙවනෙහි අන්තර්ගත ඕනෑම තොරතුරක් නවීකරණය කිරීමට කර්තෘවරයා බැඳී නොසිටියි. නමුත්, කර්තෘවරයා තමන්ගේ අභිමතය පරිදි ඇතැම්විට ඇතැම් තොරතුරු කිසිදු පෙර දැනුම්දීමකින් තොරව යාවත්කාල (update) කිරීම හෝ නවීකරණය කිරීම සිදුකල හැක. සුව සෙවනෙහි අන්තර්ගත ඕනෑම තොරතුරක් ඕනෑම විටෙක කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වෙනස් කිරීමේ හෝ මකා දැමීමේ අයිතිය කර්තෘවරයා සතුවේ.

අපේක්ෂිත ප්‍රේක්ෂකයන්

සුව සෙවන වෙබ් අඩවිය මූලික වශයෙන් වයස අවුරුදු 18 ට වැඩි සුවැති දිවියකට කැමති ඕනෑම අයෙකු උදෙසා නිර්මාණය කර ඇත. වයස අවුරුදු 18 ට අඩු ඕනෑම පුද්ගලයෙකු සුව සෙවන වෙබ් අඩවිය භාවිතාකිරීම හෝ එයට ඇතුළුවීම නොකල යුතුය.

අදහස් දැක්වීම්

සුව සෙවන වෙබ් අඩවිය මහජන පරිහරණය උදෙසා විවෘතව පවතී. එමනිසා, ඔබගේ අදහස් දැක්වීම් ප්‍රවේශමෙන් සහ වැදගත් ලෙස කිරීමට වගබලාගත යුතුවේ. ඔබගේ පෞද්ගලිකත්වය අනිසි ලෙස හෙළිවන හෝ ඔබ විසින් පෞද්ගලිකව තබාගත යුතු කිසිදු තොරතුරක් ඔබගේ අදහස් දැක්වීම් තුළට ඇතුල්කිරීමෙන් වළකින්න. වැදගත් සාකච්ඡාවකට හෝ උණුසුම් විවාදයකට පවා හේතුවන අදහස් දැක්වීම් අප පිළිගන්නෙමු. ඔබගේ අදහස් සුව සෙවනෙහි ඇතුළත් කිරීමෙන් හෝ කර්තෘවරයාට පිවිසිය හැකිලෙස යම් තොරතුරක් ඕනෑම ආකාරයකට ඇතුළුකිරීමෙන්, ඔබ විසින් එවැනි තොරතුරක් බෙදාහැරීමට, ප්‍රසිද්ධ කිරීමට, ප්‍රදර්ශණය කිරීමට, පිටපත්කිරීමට, නැවත භාවිතයට, සහ ප්‍රතිනිෂ්පාදනය කිරීමට කර්තෘවරයාට සීමාරහිත, සදාතනික බලයක් ලබාදේ.

ඔබ විසින් ප්‍රසිද්ධ කරනු ලබන ඕනෑම තොරතුරක වගකීම ඔබ සතුවේ. ඔබ වෙනත් පුද්ගලයෙකු ලෙස හැඟෙන සේ සුව සෙවනෙහි අදහස් දැක්වීම නොකල යුතුය. ඔබ විසින් කිසිම විටෙක නොවැදගත්, තර්ජණාත්මක, අපකීර්තිමත්, ආක්‍රමණශීලී, වංචනික, අනෙක් පුද්ගලයෙකුගේ පෞද්ගලික හිමිකම් වලට හානිවන, හෝ නීති විරෝධී අදහස් ප්‍රසිද්ධ නොකල යුතුවේ. එමෙන්ම, යම් පුද්ගලයෙකුගේ, දේපළක, හෝ දෙයක බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන කිසිම තොරතුරක් සුව සෙවනෙහි පළකිරීම නොකල යුතුවේ. පරිගණක වෛරස අඩංගුවන හෝ ඕනෑම පරිගණක දෘඩාංගයක හෝ මෘදුකාංගයක ක්‍රියාකාරීත්වයට බාධාකරන, හානි කරන, හෝ සීමා පමුණුවන ඕනෑම තොරතුරක් සුව සෙවනෙහි ප්‍රසිද්ධකිරීම නොකල යුතුවේ.

යම් තොරතුරක් පළකිරීමෙන් හෝ ඇතුළුකිරීමෙන්, ඔබ සුව සෙවනෙහි කර්තෘවරයාට හෝ කර්තෘවරයාගේ පාලනය තුළ පවතින ඕනෑම සමාගමකට හෝ සංවිධානයකට මෙම ගිවිසුමේ වගන්ති සහ කොන්දේසිවලට ප්‍රතිවිරුද්ධ වන හෝ අනුකූල නොවන ඔබගේ ඕනෑම තොරතුරක් හෝ අදහස් දැක්වීමක් කර්තෘවරයාගේ තනි අභිමතය පරිදි ඉවත් කිරීමට බලය ලබාදේ. එමගින් කර්තෘවරයාට හෝ කර්තෘවරයාගේ පාලනය යටතේ පවතින ඕනෑම සමාගමකට හෝ සංවිධානයකට ඕනෑම තොරතුරක් වෙනස් කිරීමට, සංශෝධනය කිරීමට, සහ අනුවර්තනය කිරීමට අවසර ලබාදේ.

අදහස් දැක්වීම් වලට සහ සාකච්ඡා වලට සහභාගිවීමට, සහ ඔබගේ සියළු ගැටළු වලට සහ විද්‍යුත් ලිපිවලට (E-mails) පිළිතුරු සැපයීමට අපි සැමවිටම උත්සාහ කරන්නෙමු.

බාහිර සම්බන්ධතා (External Links)

සුව සෙවනෙහි ඇතැම් පිටු තුළ ඔබගේ පහසුව තකා වෙනත් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා බාහිර සම්බන්ධතා (external links) ඇතුළත් වියහැක. නමුත්, සුව සෙවන එම බාහිර වෙබ් අඩවි පවතින බවට හෝ එම වෙබ් අඩවි තුළ පවතින කිසිම තොරතුරක් සම්බන්ධව වගකියනු නොලැබේ. එම වෙබ් අඩවි තුළ පවතින හෝ ලබාදෙන සේවාවන්, භාණ්ඩ, හෝ තොරතුරු සහතික කිරීමක් හෝ වගකීමක් සුව සෙවන මගින් නොකරන බව කරුණාවෙන් සලකන්න.

වෙළඳ දැන්වීම්

සුව සෙවන වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පළකරනුයේ වාණිජමය අවශ්‍යතා මත පමණක් බව සැලකිය යුතුය. එම වෙළඳ දැන්වීම් පළකිරීම මගින් එහි සඳහන් කිසිදු සේවාවක්, නිෂ්පාදනයක්, හෝ සමාගමක් පිළිබඳව සුව සෙවන වගකීමක් නොදරන බවත් සහ නිර්දේශ කිරීමක් නොකරන බවත් සැලකිය යුතුවේ.

ක්ෂණිකව පැන නගින වෙළඳ දැන්වීම් (pop-up ads)

සුව සෙවන වෙබ් අඩවිය නරඹන විටදී, ඇතැම් විට ඔබගේ වෙබ් බ්‍රව්සරය මගින් ක්ෂණිකව පැන නගින වෙළඳ දැන්වීම් හටගැනීම සිදුවිය හැක. මෙවැනි වෙළඳ දැන්වීම් බොහෝවිට හටගන්නේ ඔබ විසින් නරඹන ලද වෙනත් වෙබ් සහ බ්ලොග් අඩවි මගින් හෝ ඔබගේ පරිගණකයේ පිහිටුවන ලද ඇතැම් තෙවන පාර්ශවික මෘදුකාංග මගින් බව කරුණාවෙන් සලකන්න. සුව සෙවන නරඹන විටදී හටගන්නා මෙවැනි වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරණය කරන කිසිදු සේවාවක් හෝ භාණ්ඩයක් සුව සෙවන මගින් නිර්දේශ කිරීම, ප්‍රචාරණය කිරීම, හෝ අනුමත කිරීම නොකරන බව සැලකිය යුතුවේ.

වෙබ් අඩවිය භාවිතාකිරීම

සුව සෙවන වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන්නේ යැයි පැහැදිළිව හඳුනාගත හැකි තොරතුරු, භාණ්ඩ, හෝ සේවාවන් හැර, සුව සෙවන මගින් අන්තර්ජාලයේ පවතින කිසිම තොරතුරක්, භාණ්ඩයක්, හෝ සේවාවක් කිසිදු ආකාරයකින් ක්‍රියා කරවන්නේ, පාලනය කරන්නේ, හෝ අනුමත කරන්නේ නැතිබව ඔබ දැනගත යුතුය. සුව සෙවන විසින් ඉදිරිපත් කරන්නේ යැයි පැහැදිළිව හඳුනාගත හැකි තොරතුරු, භාණ්ඩ, හෝ සේවාවන් හැර, වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන සහ සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ පවතින අනෙක් සියළු තොරතුරු, භාණ්ඩ, සහ සේවාවන් ඉදිරිපත් කරන්නේ තෙවන පාර්ශවයන් විසින් බවද ඒවා සුව සෙවන හා අනුබද්ධ නොවන බවද සැලකිය යුතුය. සුව සෙවන වෙබ් අඩවිය හරහා භාගත හැකි කිසිම ගොනුවක් (file) තුළ ආසාදනය වියහැකි පරිගණක වෛරස හෝ වෙනත් හානිකර මෘදුකාංග නොමැතිබවට සුව සෙවන සහතික නොවේ. ඒ පිළිබඳව සුව සෙවන කිසිම ආකාරයකින් වගකියනු නොලැබේ. දත්ත ඇතුළත් කිරීමේ හෝ භාගත කිරීමේ නිරවද්‍යතාවය රැකගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ක්‍රමවේද යෙදීම සහ නැතිවූ දත්ත ප්‍රතිනිර්මාණය කරගැනීමට වෙබ් අඩවියට පරිබාහිර ක්‍රමවේද පවත්වාගැනීම ඔබගේ වගකීම වේ.

මෙම වෙබ් අඩවිය සහ අන්තර්ජාලය භාවිතා කිරීමේ වගකීම සහ අවදානම ඔබ සතුවේ. සුව සෙවනෙන් ඉදිරිපත්කරන වෙබ් අඩවිය සහ ඒහා සබැඳි තොරතුරුවල ගුණාත්මකභාවය පිළිබඳව ඔබ තෘප්තිමත් නම් පමණක් සුවසෙවන වෙබ් අඩවිය භාවිතා කල යුතුවේ. සුව සෙවන වෙබ් අඩවිය යම් සේවාවක් ලෙස සපයන හෝ සාමාන්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ සපයන ඕනෑම සේවාවක්, හෝ ඕනෑම වාණිජ තොරතුරක් හෝ සේවාවක් සම්බන්ධයෙන් සුව සෙවන ලිඛිත හෝ වාචික වගකීමක්, නියෝජනය කිරීමක් හෝ සහතිකයක් ලබා නොදේ. එවැනි ඕනෑම ගනුදෙනුවක් නිසා සෘජුව හෝ වක්‍රව සිදුවන ඕනෑම අලාභයක් හෝ හානියක් පිළිබඳව සුව සෙවන වගකියනු නොලැබේ. යම් සේවාවක් ඔස්සේ හෝ සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා සපයන සියළු මත, නිගමන, අවවාද, සේවාවන්, ගනුදෙනු, සහ අනෙක් තොරතුරු වල නිරවද්‍යතාවය, පරිපූර්ණත්වය, සහ ඵලදායීතාවය විනිශ්චය කිරීම ඔබ සතු වගකීමකි. සුව සෙවන යම් සේවාවක අඛණ්ඩතාවය, දෝෂ රහිත බව, හෝ එම දෝෂ නිවැරදිකරන බවට කිසිවිටෙක සහතික නොවේ.

වගකීමේ හෝ බැඳීසිටීමේ සීමාව

පහත සඳහන් කිසිම අවස්ථාවක සුව සෙවන වගකීමක් දරණු නොලැබේ.

  • යම් සේවාවක්, ඕනෑම තොරතුරක්, සේවාවකට සබැඳි ගනුදෙනුවක්, හෝ භාගත කරනලද ගොනුවක් භාවිතා කිරීමෙන් හෝ නොකිරීමෙන්, හෝ එවැනි සේවාවක හෝ තොරතුරක ප්‍රමාදවීමක් නිසා ඇතිවන ඕනෑම අනියම්, වක්‍ර, හෝ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන හානි (දේපළ හානි, ව්‍යාපාර බිඳවැටීම්, වැඩසටහන් හානි, මෘදුකාංග හානි, දත්ත සහ තොරතුරු හානි ඇතුලත්ව). සුව සෙවන හෝ එහි බලයලත් නියෝජිතයෙකු එවැනි හානි සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳ අවවාදකර ඇති විටෙකදී පවා මෙය වළංගු වේ.
  • යම් සේවාවක, සහ/හෝ සේවාවක් ඔස්සේ භාගත කරනලද ද්‍රව්‍ය හෝ තොරතුරුවල දෝෂ, අඩුපාඩු, හෝ සාවද්‍යතාවය සඳහා වන ඕනෑම හිමිකමක් සම්බන්ධයෙන්

සුව සෙවන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වියහැකි හෝ සුව සෙවනට සම්බන්ධකර ඇති කිසිම වෙබ් අඩවියක් සුව සෙවන මගින් නියෝජනය නොකරයි. සුව සෙවනට පරිබාහිර ඕනෑම වෙබ් අඩවියක් සුව සෙවන වෙබ් අඩවියෙන් ස්වාධීනව පවතින බවත් එහි පාලනය සුව සෙවන සතු නොවන බවත් ඔබ වටහාගත යුතුවේ. සුව සෙවන වෙබ් අඩවියට සම්බන්ධතාවයක් (link) ලබාදීමෙන් එවැනි වෙබ් අඩවියක් භාවිතය හෝ එහි අන්තර්ගතය පිළිබඳ කිසිදු වගකීමක් හෝ සහතික කිරීමක් අදහස් නොවේ.

ප්‍රකාශන අයිතිය

සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත සියළු දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධිමය දේපළ පනත මගින් ද, ශාස්ත්‍රීය සහ කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීම පිළිබඳ බර්න් සම්මුතියට (The Berne Convention for the protection of literary and artistic works) අයත් වන සාමාජික රටවල් සියල්ල තුළ, අදාළ රටෙහි ජාතික නීති පද්ධතියට අනුව ද ආරක්ෂා වේ. ප්‍රකාශන අයිතියෙහි හිමිකරු වන්නේ සුව සෙවන වෙබ් අඩවිය සහ එහි කර්තෘවරයා වන වෛද්‍ය එස්. එච්. නාලක ප්‍රියන්ත යන දෙපාර්ශවය වේ.

2003 වසරේ අංක 36 දරන බුද්ධිමය දේපල පනතට (Intellectual property act No: 36 of 2003) අනුව, “වෙබ් අඩවි” ගණයේ ලියාපදිංචි අංක 208460 යටතේ “සුව සෙවන” නම සහ ලාංජනය සන්නාමයක් (A mark) ලෙස ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ (National Intellectual Property Office of Sri Lanka) ලියාපදිංචි කර ඇත. එබැවින්, ඉහත සඳහන් සුව සෙවන ලාංජනය (Logo) සහ/හෝ “සුව සෙවන” නාමය (Name) වෙබ් අඩවියක ලාංජනය සහ/හෝ නාමය ලෙස භාවිතා කිරීමට අවසර ඇත්තේ සුව සෙවන වෙබ් අඩවියේ කර්තෘවරයා වන වෛද්‍ය එස්. එච්. නාලක ප්‍රියන්ත ට පමණි.

සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගත, කර්තෘවරයා විසින් නිර්මාණය කරන ලද, පිටු, ලිපි, වාක්‍ය, ඡායාරූප, චිත්‍ර, ලාංඡන, වීඩියෝ දර්ශන, ශබ්ද, කේත, සැලසුම, සහ/හෝ මෘදුකාංග ඇතුළු සියළු දේ සුව සෙවන වෙබ් අඩවියේ සහ එහි කර්තෘවරයාගේ බුද්ධිමය දේපළ වන අතර, ඒවා කර්තෘවරයාගේ නිසි අවසරයකින් තොරව, කිසිම ආකාරයකින් සංශෝධනය කිරීම, වාණිජමය කටයුත්තකට යොදාගැනීම, පිටපත් කිරීම, ප්‍රතිනිෂ්පාදනය, නැවත ප්‍රසිද්ධ කිරීම, බෙදාහැරීම, පළකිරීම, සම්ප්‍රේෂණය කිරීම, හෝ අන්තර්ජාලයට හෝ වෙනත් පරිගණක ජාලයකට එක්කිරීම නොකල යුතුය. සුව සෙවන වෙබ් අඩවියේ අන්තර්ගතයෙන් ඔබ කැමති, විවිධ කොටස් ඔබගේ පෞද්ගලික පරිහරණය (වාණිජමය නොවන) සඳහා පමණක් මුද්‍රණය කිරීමට හෝ භාගත කිරීමට අවසර ඇත. නමුත්, එහි අන්තර්ගත ප්‍රකාශන අයිතිය සහ හිමිකාරත්වය පිළිබඳ සටහන් වෙනස් කිරීම හෝ මකාදැමීම නොකල යුතුවේ.

සුව සෙවනෙහි දැනට පවත්නා සහ ඉදිරියට එකතුකිරීමට නියමිත ඕනෑම මාධ්‍යයක් ඔස්සේ විද්‍යුත් ලිපි මගින් හෝ වෙබ් අඩවියේ මහජනතාවට විවෘත ස්ථාන මගින් ප්‍රසිද්ධ වනසේ හෝ දර්ශණය වනසේ ඇතුළු කරන ඕනෑම දෙයක් හෝ තොරතුරක් (නව සහ වැඩිදියුණුකල නිෂ්පාදන සහ සේවාවන් සඳහා අදහස් ඇතුළුව) ප්‍රතිනිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට, සම්ප්‍රේෂණයට, සහ වෙනස් කිරීමට අවශ්‍ය අසීමිත, කර්තෘභාගයකින් තොර අතුරු සහ නිත්‍ය අවසරය ඔබ විසින් ලබාදීමට එකඟ වේ. ඔබ විසින් ඇතුළුකරන ලද තොරතුරු සහ සියළු වෙළඳ ප්‍රචාරණය, අලෙවිකරණය, සහ ප්‍රවර්ධනය සබැඳි තොරතුරු සම්බන්ධයෙන් ඔබගේ නම භාවිතා කිරීමට ඔබ සුව සෙවනට අයිතිය ලබාදේ. සුව සෙවන සමග ඔබගේ තොරතුරු හුවමාරුව හෝ සන්නිවේදනය සම්බන්ධයෙන් චෝදනා කිරීමට, අයිතිවාසිකම් කඩකලේයැයි පැවසීමට, අයුතු ලෙස අත්කරගත්තේයැයි පැවසීමට, හෝ හිමිකාරත්වය පැවසීමට ඔබට අයිතියක් නොමැති බවට ඔබ එකඟ වේ.

මුක්තිදානය (වන්දි ගෙවීම)

ඔබ විසින් යම් සේවාවක් පරිශීලනය කිරීමේදී ඔබගේ නොසැලකිලිමත්භාවය, අයුතු කල්ක්‍රියාව, හෝ මෙම ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා ඇතිවන සියළු අලාබ, වියදම්, සහ හානි (සාධාරණ නීතිඥ ගාස්තු ඇතුලත්ව) සඳහා සුව සෙවන වෙබ් අඩවියට, එහි නිළධාරීන්ට, වෘත්තිකයන්ට, නියෝජිතයන්ට, බළපත්‍රලාභීන්ට, සැපයුම්කරුවන්ට, සහ ඕනෑම තෙවන පාර්ශවික තොරතුරු සපයන්නන්ට වන්දිපූර්ණය කිරීමට, ඔවුන් එම හානි වලින් ආරක්ෂාකිරීමට, උපද්‍රව රහිතව පවත්වා ගැනීමට ඔබ එකඟ වේ.

තෙවන පාර්ශවික හිමිකම්

මෙම වෙබ් අඩවිය භාවිතය පිළිබඳ ගිවිසුම සහ වන්දිපූර්ණය කිරීම් සුව සෙවන වෙබ් අඩවියේ, එහි නිළධාරීන්ගේ, වෘත්තිකයන්ගේ, නියෝජිතයන්ගේ, බළපත්‍රධාරීන්ගේ, සැපයුම්කරුවන්ගේ, සහ ඕනෑම තෙවන පාර්ශවික තොරතුරු සපයන්නකුගේ අර්ථලාභය (යහපත) උදෙසා වේ. ඔබට එරෙහිව ඔවුන් වෙනුවෙන් සෘජුවම මෙම ගිවිසුමේ වගන්ති බලාත්මක කිරීමට සහ ප්‍රභාෂණය කිරීමට මෙහි සඳහන් ඕනෑම අයෙකුට අයිතියක් පවතී.

ගිවිසුම අවසන්කිරීම

මෙම ගිවිසුම අවසන් කිරීම ඕනෑම පාර්ශවයකට ඕනෑම අවස්ථාවක ඕනෑම හේතුවක් මත පෙර දැනුම්දීමකින් තොරව සිදුකල හැක. මෙම ගිවිසුම අවසන්කිරීමෙන් පසුව වුවද, ප්‍රකාශන අයිතිය, වෙබ් අඩවිය භාවිතාකිරීම, වන්දිපූර්ණය, තෙවන පාර්ශවික හිමිකම්, සහ විවිධ ගිවිසුම්වල සියළු වගන්ති බලාත්මක සහ වළංගු වේ.

විවිධ

මෙම ගිවිසුම අර්ථ විග්‍රහ කරන්නේ සහ බලපැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින සම්මුති සහ නීතිය ප්‍රකාර වේ. ඔබ සහ සුව සෙවන අතර මෙම ගිවිසුම හෝ එක් එක් පාර්ශවයන්ගේ අවනතභාවය පිළිබඳ ඕනෑම හේතුවක් නිසා ඇතිවන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාව තුළ අධිකරණයකදී පමුණුවනු ලැබේ. යම් සේවාවක් සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ හානිපූර්ණයක් එවැනි හානිපූර්ණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ඉදිරිපත්කිරීමෙන් හෝ වළක්වාලීමෙන් පසුව වසරක් තුළ ආරම්භකල යුතුය. සුව සෙවන මගින් මෙම ගිවිසුමේ ඕනෑම වගන්තියක් දැඩිව ක්‍රියාවට නැංවීමට බලකර සිටීමට හෝ බලාත්මක කිරීමට අපොහොසත් වීමෙන් එම වගන්තිය හෝ අයිතිය අත්හැරීමක් හෝ ලිහිල්වීමක් ලෙස අර්ථ විග්‍රහ නොවේ. පාර්ශවයන් අතර ක්‍රියාකලාපය හෝ වෙළඳ ප්‍රතිපත්තිය මත මෙම ගිවිසුමේ කිසිම වගන්තියක් සංශෝධනය නොවේ. සුව සෙවන සතු මෙම ගිවිසුම යටතේ ඇති අයිතීන්, හිමිකම්, හෝ වගකීම් ඕනෑම අවස්ථාවක ඔබවෙත දැනුම්දීමකින් තොරව ඕනෑම පාර්ශවයකට පවරාදීම සිදුවිය හැක.

සමස්ත ගිවිසුම

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සහ එහි අන්තර්ගත තොරතුරු පිළිබඳව ඔබ සහ කර්තෘවරයා අතර පවතින සම්පූර්ණ අවබෝධය මෙම ගිවිසුම මගින් නිරූපණය වන බව මෙයින් ඔබ පිළිගන්නේය.

සංශෝධනය කිරීම

ඔබ වෙත කරන පෙර දැනුම්දීමකින් තොරව, කර්තෘවරයා තම තනි අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී ඕනෑම හේතුවක් මත මෙම ගිවිසුමේ වගන්ති සහ කොන්දේසි සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් වෙනස්කල හැක. එම සංශෝධනය කරන ලද වගන්ති සහ කොන්දේසි සුව සෙවනෙහි පළකල සැනින් එතෙක් පැවති වගන්ති සහ කොන්දේසි අවලංගු වන අතර නව ගිවිසුම බලාත්මක වේ.

කර්තෘවරයා නිර්මාණය කරන ලද සුව සෙවන වෙබ් අඩවිය සහ එහි අන්තර්ගත තොරතුරු හුදෙක් සෞඛ්‍ය අධ්‍යාපනය උදෙසා පමණක් ඉදිරිපත්කර ඇත. එම තොරතුරු කිසිවිටෙකත් වෛද්‍ය අවවාද ලෙස නොසැලකිය යුතුය. සුව සෙවන වෙබ් අඩවියට ඇතුළුවීමෙන් කර්තෘවරයා සහ ඔබ අතර වෛද්‍ය-රෝගී සබඳතාවයක් ඇති නොවන බව ඔබ පිළිගනී. තවද, සුව සෙවන වෙබ් අඩවිය ඔබ ප්‍රදේශයේ හෝ ශ්‍රී ලංකාවේ පිළිගත් ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ අවවාද හෝ නිර්දේශ සඳහා ආදේශකයක් නොවන බවද ඔබ පිළිගනී.

මෙහි විධිමත් ලෙස සඳහන් නොකල සියලු හිමිකම්ද මෙයින් ආරක්ෂිත වේ.

මෙම වගකීම් අත්හැරීමේ ප්‍රකාශය අවසන් වරට සංශෝධනය කරන ලද්දේ 2020 වසරේ මැයි මස 26 වන දින දීය.