සුවැති දිවිය

සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

එළවළු සහ පළතුරු යනු සෞඛ්‍ය සම්පන්න දිවියකට අවශ්‍ය වැදගත්ම සාධක දෙකකි. දිනපතා නිසි ප්‍රමාණ වලින් එළවළු සහ පළතුරු ආහාරයට එක්කර ගැනීමෙන් බොහොමයක් ලෙඩ රෝග වළක්වා ගැනීමට හැකිවනවා මෙන්ම, සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ද හිමිවේ. එමනිසා, පළතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම යනු අනාගත ආයෝජනයකි. සෞඛ්‍ය සම්පන්න දිවියක් උදෙසා, පළතුරු සහ එළවළු දිනකට කොපමණ ප්‍රමාණයක් ගත යුතුද? වැඩිහිටි අයෙක් දිනකට නිර්දේශිත ප්‍රමාණවලින් (Serving) එළවළු සහ පළා වර්ග 3 ක් වත් සහ පළතුරු වර්ග 2 ක් වත් ආහාරයට ගත යුතුවේ. නිර්දේශිත ප්‍රමාණයක් යනු පහත සඳහන් ප්‍රමාණ වලින් එකක් හෝ එයට ආසන්න වශයෙන් සමාන වෙනත් පළතුරු හෝ එළවළු ප්‍රමාණයකි. පිසූ එළවළු මේස හැඳි…


සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්

සුවැති දිවිය යනු මිළ කල නොහැකි දෙයකි. එසේ වුවද, සුවැති දිවියක් ලබාගැනීම සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳ ආහාර ගැනීමේ රටාවක් අනුගමනය කිරීම සහ ජීවිතයේ කුඩා වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීම පමණි. සුවැති දිවියක් කරා යන ගමනේදී, ඔබට යම් මුදලක් ඉතිරි කරගැනීමටත් හැකියාව ලැබේ. ඒ ශරීරයට අහිතකර ආහාර බොහොමයක් මිළදී ගැනීමෙන් වැළකීමට හැකිවන නිසා සහ ලෙඩ රෝග වලට වැයකල යුතු මුදල් ප්‍රමාණය අවම වන නිසාය. නමුත්, සුවැති දිවියකින් ඔබට ලැබෙන ප්‍රතිලාභ බොහොමයක් වේ. සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ. (1) ශරීරයේ බර පාලනය කරන්න. අධික බර හෝ…


බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය හෙවත් පැතිරීම සිදුනොවන රෝග බෝනොවන රෝග (Non-communicable disease/NCD) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට හේතුව බෝනොවන රෝග ලෙස හැඳින්විය හැක. එයින්, අංක එකේ මාරයා හෙවත් වැඩිම මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වන්නා හෘදයාබාධ ලෙස හැඳින්විය හැක. එයට අමතරව අංශභාගය, පිළිකා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි බෝනොවන රෝග ද, සෘජුව හෝ වක්‍රව සැලකියයුතු මරණ සංඛ්‍යාවකට දායකත්වය දක්වති. වාසනාවකට මෙන්, මෙම බෝනොවන රෝග බොහොමයක් ඇතිවීමට ඇති අවදානම සැලකියයුතු ලෙස අඩු කරගැනීමට දිනපතා ක්‍රියාශීලී වීමෙන් හැකියාව ලැබේ.   ක්‍රියාශීලී වීමෙන් අපට ලැබෙන වාසි මොනවාද? හෘදය සහ පෙනහළු ශක්තිමත් හා නිරෝගී වේ. හෘද රෝග, දියවැඩියාව,…



අර්ශස් අමාරුව සුව කරගන්නේ කෙසේද?

අර්ශස් අමාරුව (Haemorrhoids) සඳහා රක්තාරිතාභය සහ මූලරෝගය යන නම්ද භාවිතා වේ. ගුද මාර්ගයේ සහ ගුදයෙහි ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමී, නෙරා විත්, ප්‍රදාහයක් ඇතිවීම අර්ශස් අමාරුව ලෙස හැඳින්විය හැක. මෙය ගුද මාර්ගයේ සහ ගුදයේ නහර ගැටගැසීමක් ලෙසත් හැඳින්වීමට පුලුවන. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 30 ට පසු, ජනගහණයෙන් භාගයකට වඩා මෙම රෝගයෙන් පීඩා විඳී. අර්ශස් අමාරුව ආකාර දෙකකින් පවතී. ඒ බාහිර සහ අභ්‍යන්තර අර්ශස් අමාරුව ලෙසිනි. බාහිර අර්ශස් අමාරුව (External haemorrhoids) බාහිර අර්ශස් අමාරුව ගුද විවරය ආසන්නයේ ඇතිවන අතර, රක්තාරිතාභ (Haemorrhoids) සමෙන් ආවරණය වී පවතී. සාමාන්‍යයෙන් ඒවා වේදනාකාරී නොවේ. නමුත්, රක්තාරිතාභය තුළ ලේ කැටියක් (Blood clot) ඇතිවුවහොත්, එය දැඩි වී, වේදනාකාරී…


හැඩට ඉන්න මැනලා කන්න

‘හැඩට ඉන්න මැනලා කන්න’ යනු 2016 වසරේ ජුනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසයේ තේමාවයි. මෙය ඉටුකර ගැනීමට අප කලයුත්තේ කුමක්ද යන්න ක්‍රමාණුකූලව පහදා දීම මෙම ලිපියෙහි අරමුණයි. වසරකට වාරයක් මෙවැනි පෝෂණ මාසයක් අවශ්‍ය වන්නේ ඇයි? එයට හේතුව නිසි පෝෂණය වෙනුවට, වත්මන් සමාජය තුළ ඌණ පෝෂණය සහ අධිපෝෂණය ඇතිවීමේ ප්‍රවණතාවය ක්‍රමයෙන් ඉහළ යෑමයි. පෝෂණය යනු කුමක්ද? පෝෂණය යන වදන සරළව පහදනවා නම්, පහත ක්‍රියාවලියන්ගේ එකතුවක් ලෙස හැඳින්විය හැක. ආහාර ගැනීම. ආහාර ජීර්ණය. පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරගැනීම. අවශෝෂණය කරගත් පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීම. යම් පුද්ගලයෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සාධක කිහිපයක් මත රඳා පවතී. වයස වයස සමග ශරීර ප්‍රමාණය වෙනස්…


මානසික ආතතිය මාරාන්තික විය හැකියි

අප සෑම කෙනෙකුටම ජීවත් වනවිට යම් ප්‍රමාණයකට මානසික ආතතිය පවතිනවා. මක්නිසාද, එය එදිනෙදා වැඩ කිරීම සඳහා අවශ්‍ය වන දෙයකි. කෙසේ වුවත්, දිගුකාලීන මානසික ආතතිය නිහඬ මාරයෙක් විය හැකියි. මානසික ආතතිය ඇතිවන අවස්ථා වලදී, අපේ ශරීරයේ ඇති අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වලින් කෝටිසෝල් (Cortisol) නැමැති ආතති හෝමෝනයක් (Stress hormone) වැඩිපුර ශ්‍රාවය වේ. මෙම ක්‍රියාවලිය රුධිරයේ ඇති කෝටිසෝල් මට්ටම වැඩිකරයි. මානසික ආතතිය මාරාන්තික වන්නේ ඇයි දැයි මදක් විමසා බලමු. කෝටිසෝල් මට්ටම ඉහළ යාම කෙටිකාලීනව පහත සඳහන් වාසි ඇතිකරයි. මොළයේ ඥානය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වය වැඩිවේ. විශේෂයෙන්, කෙටිකාලීන මතකය (Short-term memory) වැඩිදියුණු වේ. කෝටිසෝල් හෝමෝනය ශරීරයේ ඇති බහිස්‍රාවී ද්‍රව්‍ය සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයෙන්…


ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව තිබෙනවා. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ (දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ. නමුත්, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැක.   ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්. වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ…


නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…

නින්ද ගැන අලුත් තොරතුරු දැනගන්න ඔබත් කැමති වේවි. මක්නිසාද, නින්ද ඒ තරමටම අපේ ජීවිතයට සම්බන්ධයි. සෑම කෙනෙක්ම තම ජීවිත කාලයෙන් තුනෙන් එකක් (1/3) පමණ නිදාගන්න බව ඔබ දන්නවාද? නින්ද ගැන සොයාගෙන තිබෙන අලුත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරන්නයි අපි මේ ලිපිය යොදාගන්නේ. මේ තොරතුරු ඔබගේ දැනුමට මෙන්ම ඔබගේ සෞඛ්‍යය මනාව පවත්වා ගන්නත් වැදගත් වේවි. නිදිමැරීම හෙවත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම අනිසි බිය (Anxiety) ඇතිවීමට හේතුවක් වෙනවා. නිතර නිදිමරන අය තුළ තරමක බියසුලු ස්වභාවයක් ඇතිවෙනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබගේ හැකියාවන් වගේම සිතීමේ හැකියාව, මානසික ඒකාග්‍රතාවය, සහ බුද්ධිය සැලකිය යුතු ලෙස අඩුකරන්න සමත් වෙනවා. නිදිමැරීම ඔබගේ මනස ව්‍යාකූල කිරීමට සමත් වෙනවා යන්න එයින් ඔබට…


යටි පතුල් වල වේදනාව සමනය කරගන්නේ කෙසේද?

යටි පතුල් වල වේදනාව පාදුක කවලිකා ප්‍රදාහය (Plantar fasciitis) ලෙස හැඳින්වේ. එය ඇතිවන්නේ කෙසේද යන්න මදක් විමසා බලමු. පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරමින් ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතුවේ. මෙම පටකය පාදුක කවලිකාව (Plantar fascia) ලෙස හැඳින්වේ. මෙම පටකයේ ඇතිවන ප්‍රදාහය (Inflammation) පාදුක කවලිකා ප්‍රදාහය ලෙස නම් කර ඇත. මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව වැඩිපුර භාවිතා කිරීම හෝ වැඩිපුර ඇදීම නිසා දුර්වල වීම, වේදනාකාරී වීම, සහ ඉදිමීමකට ලක්වීමය. යටි පතුල් වල වේදනාව සඳහා හේතු සහ අවදානම් සාධක තරබාරුකම කෙටි කාලයකදී ශරීරයේ බර වැඩිවීම බාල තත්ත්වයේ පාවහන් පැළඳීම (පමණට වඩා මෘදු අඩියක් සහිත හෝ යටි පතුලේ…


හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි

හොඳට නිදාගන්න අපි කවුරුත් කැමතියි. හොඳ නින්දක් ලබාගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන්නත් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දවසකට පැය 6-8 ක් නිදාගත යුතුයි. වැඩිපුර නිදාගැනීම මෙන්ම අඩුවෙන් නිදාගැනීමත් ඔබගේ ජීවිත කාලය කෙටි කරන්න සමත් වෙනවා. ප්‍රමාණවත් අයුරින් නිදාගැනීමෙන් ඇතිවන වාසි මොනවාද යන්න පැහැදිලි කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබගේ මොළය දහවල් කාලයේදී ගොඩක් වෙහෙසෙනවා. එය විවේක ගන්නේ ඔබ නින්දෙහි පසුවන විටයි. මෙම විවේක ගැනීමෙන් ඔබේ මානසික ආතතිය (Stress), අනිසි බිය (Anxiety), විෂාදය (Depression) , සහ නොරුස්සනා බව ආදී මනෝභාවයන් අඩු වෙනවා. හොඳ නින්දක් ලැබූ පසු, ඔබට ඊලඟ දිනයෙහි අවදිවන විට නැවුම් බවක් දැනෙනවා. එය දෛනික ක්‍රියාකාරකම් සාර්ථක කරගැනීමට ගොඩක් වැදගත්. හොඳ…


අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…

අධික රුධිර පීඩනය (Hypertension) වත්මන් සමාජය තුළ බහුලව පවතින රෝග තත්ත්වයකි. එය යම් පුද්ගලයෙකුට වැළඳුන පසු බොහෝවිට යලි සුවකිරීමට නොහැකි අතර, රුධිර පීඩනය පාලනය කිරීම පමණක් සිදුකල හැක. අධික රුධිර පීඩනය පාලනය නොකිරීම නිසා හදවත් රෝග, හෘදය අකර්මණ්‍ය වීම, උපුලුව (Aneurysm), අංශභාගය, වකුගඩු රෝග, ඇස් පෙනීමට හානි සිදුවීම, මතකය අඩුවීම වැනි සංකීර්ණ සංකූලතා ඇතිවේ. ඇතැම් සරළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, අධික රුධිර පීඩනය මනාව පාලනය කිරීමට උපකාරී වේ. ඖෂධ භාවිතය, ආහාර, සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම මෙයට අයත් වේ. පහත සඳහන් ඉඟි 10 අනුගමනය කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමෙහි පවත්වා ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබ රුධිර පීඩනය පාලනය කිරීම…


මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?

මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇතිවේ. එමෙන්ම, ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත්, ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්. එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද, එය ඔබට දෛනික කටයුතු ක්‍රියාශීලීව කිරීමට උනන්දුව ඇතිකරයි. නමුත්, ඔබ අධික මානසික ආතතියක් යටතේ කටයුතු කරයි නම්, එය ගැටළුවක් බවට පත්විය හැක. මානසික ආතතිය දරාගැනීමට ඇති හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමෙන්ම, මානසික ආතතියට ඔබගේ සිතුවිලි වලට, සිතීමට, සහ ක්‍රියාකාරකම් වලට බලපෑම් කිරීමට හැකියාව ඇත. මානසික ආතතියේ රෝග ලක්ෂණ නොරුස්සනා සුලු බව අනිසි බිය (Anxiety) මනෝභාවය (Mood) පහත වැටීම ආත්ම අභිමානය පහත…