සුවැති දිවිය

දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

සමහර විට, යම් යම් තීරණ ගැනීමේදී අප දෙගිඩියාවකට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය නිතරම ඉස්මතුවීම සාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් විට, ව්‍යාධියක් වැනි දෙගිඩියාව ඔබේ ජීවිතයේ විවිධාකාර පැති අවුල්සහගත කිරීමට පුළුවන. අප අතරින් බොහොමයකට එවැනි මට්ටමකට දෙගිඩියාව ඇති නොවූවත්, වත්මන් සමාජයේ පවතින තෝරාගැනීම් සංඛ්‍යාව වැඩිවීමත් සමග දෙගිඩියාවක් ඇතිවීමට ඇති සම්භාවිතාවය මදක් වැඩිය. අපගේ මොළයේ නළල ආසන්නයේ ඇති ලලාට බාහිකය (Frontal cortex) නැමැති කොටසෙහි ඉදිරියෙන්ම ඇති ප්‍රදේශය (Prefrontal cortex) ට පිං සිදුවන්නට, නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේ. නමුත්, එම කොටසට එකවර හැසිරවිය හැක්කේ ආසන්න වශයෙන් තොරතුරු 7 ක් පමණි. කෙසේ වුවත්, මදක් වෙනස් ආකාර වලට තීරණ ගැනීමට ඔබ කැමැත්තක් ඇතිකරගතහොත්, නිවැරදි තීරණ…


සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්

අප සැමදෙනාටම මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය බව කිවහොත් එය නිවැරදියි. නමුත්, ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද? අප දන්නා පරිදි සුවැති දිවියක් ගතකරන අය දුම්පානය නොකරයි, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගනියි, ව්‍යායාම කරයි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ගනියි. පෙනෙන ආකාරයට එය සරළ දෙයක් ලෙස සිතීමට පුලුවන. නමුත්, එසේ කිරීම සඳහා තම දිනචර්යාවේ වෙනස්කම් කිරීමට උත්සාහ කල අයෙකුට එය කියන තරම් පහසු නොවන බව වැටහෙනු ඇත. ඇතැම් අය එකවරම තම දිවියේ විශාල වෙනස්කම් කිරීමට උත්සාහ කර අපහසුතා වලට මුහුණ දෙයි. එවිට, උනන්දුව හීනවීම නිසාවෙන් උත්සාහය අත්හැරීම බහුලව සිදුවන දෙයකි. එසේ නම්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කලයුත්තේ කුමක්ද?…


වෙහෙස දැනීම අඩුකරගන්නේ කොහොමද?

එක දිගටම කායිකව හෝ මානසිකව මහන්සි වී වැඩකරන විට වෙහෙස දැනීම එතරම් අරුමයක් නොවේ. ඔබ පෙරදින නිදිවරාගෙන වැඩකලේ නම් හෝ උදෑසනම පැවරුමක් කිරීමට හෝ විභාගයකට මුහුණදීමට තිබේ නම්, තරමක වෙහෙසකාරී බවක් ගතට මෙන්ම සිතටද දැනීම සාමාන්‍ය දෙයකි. එවන් විටෙක අපේ ශරීර ශක්තිය මදක් හීනවී ඇති සෙයක් අපට දැනේ. මානසික ආතතියද එයට එක් හේතුවකි. වෙහෙස අඩුකරගැනීම සඳහා උණුසුම් කෝපි කෝප්පයකට මදක් පිහිට වියහැකි යැයි සිතන මුත්, නිදිවරාගෙන වැඩකරන විට පාන්දර 2 ට 3 ට පමණ කැෆේන් අඩංගු එවැනි පානයක් ගැනීමෙන් ඔබේ මුළු නින්දම අවුල් සහගත වීමට එය හේතුවක් වියහැක. එවිට, පසුදින ඔබට දැනෙන වෙහෙසකාරී බව නැවත ඔබ කෝපි හෝ තේ කෝප්පයක්…


රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

අධික රුධිර පීඩනය පාලනය කරගැනීමට මෙන්ම, එය වැළඳීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අයෙකු වුවද ඔබේ ජීවන රටාවේ මෙම වෙනස්කම් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය බව අමතක නොකල යුතුය. ඒ සඳහා ඔබට කලහැකි දේවල් නම්:   සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම. ඔබේ ආහාරයේ වැඩිපුර එළවළු, පළතුරු, මාළු, මේදය අඩු මස්, කුරුට්ට සහිත සහල් හා ධාන්‍ය, සහ මේදය අඩු කිරි ආහාර අඩංගු කරගැනීම රුධිර පීඩනය පාලනය කරගැනීමට සහ අධික රුධිර පීඩනය වැළඳීම වළක්වා ගැනීමට එකලෙස වැදගත් වේ. එළවළු සහ පළතුරු වලින් බහුලව ලැබෙන පොටෑසියම් ද මේ සඳහා ඉවහල්…


සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

ඔබට ජීවත්වීමට ඇත්තේ සකස්කරන ලද ආහාර වලට මුල් තැනක් දෙමින්, ව්‍යායාම වලින් තොරව, මිතුරන් සමග විනෝද වීමට අවස්ථාවක් නැතිව නම්, සුවැති දිවියක් ගතකිරීම සැබැවින්ම අභියෝගයක් වියහැක. කෙටි ආහාර බහුලව ඇත්නම්, ශාරීරික ක්‍රියාකාරකම් අල්ප නම්, සහ මත්පැන් කරා නිතර යොමුවන්නේ නම්, සුවැති දිවියක් කරා ගමන්කිරීමට ඔබට ඇති අවස්ථා ක්‍රමයෙන් ඇහිරෙනු ඇත. කෙසේ වුවත්, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිවන අතර, එමගින් ජීවිත කාලයද දිගුවනු ඇත. සැබැවින්ම, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?   රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම හෘද රෝග, දියවැඩියාව, අංශභාගය වැනි ඔබේ දිවියේ ගුණාත්මකභාවයට සැලකිය යුතු ලෙස හානිකරන රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම, සුවැති දිවියකින් ලැබෙන දිගුකාලීන…


මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ශාරීරික යෝග්‍යතාවය සහ නිසි පෝෂණය ආදී සාධක ඇත්නම් වැඩිහිටියෙකුට දිගු ආයුකාලයක් ගතකිරීම එතරම් අපහසු දෙයක් නොවේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සංඝටක දෙකක් ලෙස ආහාර සහ ව්‍යායාම දැක්විය හැක. කෙසේ වුවත්, මෙහිදී මනස සහ ශරීරය අතර පවතින සම්බන්ධතාවයද අප අමතක නොකල යුතුය. දශක ගණනාවක් තිස්සේ, ව්‍යායාම, කායවර්ධනය, තන්තු බහුල ආහාර, එළවළු, පළතුරු ආදී සෞඛ්‍ය සම්පන්න දිවියකට අවැසි සාධක කතාබහට ලක්වුවත්, ඇතැම් විට පහසුවෙන් අමතක වන වැදගත් සාධකයක් වන්නේ අපේ මොළයයි. සමහර වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, කායික රෝග ගණනාවක්ම හටගැනීම සඳහා අපේ මොළය ක්‍රියාත්මක වන ආකාරය සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එබැවින්, මානසික සුවතාවය යනු අපට ඉතාම වැදගත් වන දෙයකි. හදිසි අනතුරකින් සිදුවූ…


ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

ඔබගේ රුධිර පීඩනය මැනීම සඳහා වෛද්‍යවරයා සුළං පිරවිය හැකි පටියක් ඔබේ බාහුවේ ඔතා, එයට ක්‍රමයෙන් සුළං පුරවමින් සහ සුළං ඉවත් කරමින් පරීක්ෂා කරනු ඇත. ඒ සඳහා ඔහු හෝ ඇය රුධිර පීඩනමානය (Sphygmomanometer) නම් වූ උපකරණයක් භාවිතා කරයි. රුධිර පීඩනයෙහි අගය දක්වන්නේ රසදිය මිලිමීටර් (millimeters of mercury or mmHg) වලින් වන අතර එයට සංඛ්‍යා දෙකක් ඇතුලත් වේ. මුල් සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප කරන විට ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය සංන්‍යස්ත පීඩනය (Systolic pressure) නම් වේ. දෙවන සංඛ්‍යාව මගින් ඔබේ හෘදය රුධිරය පොම්ප නොකරන අවස්ථාවේදී ධමනි තුළ ඇති පීඩනය දැක්වෙන අතර, එය වින්‍යස්ත පීඩනය (Diastolic pressure) නම් වේ….


ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

මිතුරන් හා ඥාතීන් ඇසුරුකරන විට මෙන්ම, නිවසේදී හා කාර්යාලයේදී කටයුතු කරන විට මතුවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමටද ආත්ම විශ්වාසය වැදගත් වේ. ආත්ම විශ්වාසය නැතිවුවහොත්, ඔබේ දෛනික කටයුතු කරගැනීමට පවා අපහසු බවක් ඔබට දැනෙනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය පළුදු කරන සිතුවිලි සහ හැසිරීම් සියල්ල ඉවත්කිරීමට ඔබට නොහැකි වුවත්, ඇතැම් ක්‍රියාකාරකම් වලට ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කලහැක.   සෘණාත්මක සිතුවිලි හඳුනාගැනීම. ඔබේ සිතුවිලි ආත්ම විශ්වාසය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන්නේ යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. ඔබ අතින් අත්වැරදීමක් සිදුවන සැමවිටම “මම කොතරම් මෝඩ දෙයක්ද කලේ?” හෝ “ඇයි මම එහෙම කලේ?” වශයෙන් සිතුවිලි ඔබේ සිත තුළ ඉබේම ජනිත වියහැක. මෙවැනි සිතුවිලි කෙරෙහි අවධානය යොමුකරන්න. ඉන්…


ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය. මෙම වෛරස් ආසාදනය මගින් ඇතිකරන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සහ සෙම්ප්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝවිට කිසිඳු ප්‍රතිකාරයකින් තොරවම සුව වේ. නමුත්, ඇතැම් පුද්ගල කාණ්ඩ වලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත.   ඉන්ෆ්ලුවෙන්සා රෝගය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද? වයස අවුරුදු 2 ට අඩු දරුවන් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් ගර්භණී මාතාවන් ප්‍රතිශක්තිය…


ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද?

ඔබටත් විෂාදයේ (Depression) රෝග ලක්ෂණ තිබෙනවාද? සැබැවින්ම, අපේ සිතට දුක, තනිකම, හෝ මානසික මට්ටම පහත වැටීම දැනෙන අවස්ථා නැතුවාම නොවේ. මානසිකව වැටීම යනු යමක් අහිමි වූ විට, ජීවිතය කම්කටොලු වලින් පිරුණු විට, හෝ ආත්ම විශ්වාසය බිඳුනු විට ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාවකි. නමුත්, එවැනි හැඟීම් කායික රෝග ලක්ෂණ ඇතිකිරීම, රෝග ලක්ෂණ දිගුකාලයක් පැවතීම, සාමාන්‍ය ක්‍රියාශීලී දිවියෙන් ඈත්වීම දක්වා වර්ධනය වියහැක. මේ අවස්ථාවේදී, වෛද්‍ය උපදෙස් පැතීම ඇඟට ගුණය. මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් ඔබට විෂාදයේ රෝග ලක්ෂණ ඇතිදැයි පරීක්ෂා කර, නිසි ප්‍රතිකර්ම යෙදීමට හැකියාව ඇත. නිසි ප්‍රතිකර්ම නොකලහොත් දැඩි විෂාදයේ (Major depression) රෝග ලක්ෂණ උත්සන්න වී මාස ගණනක් හෝ ඇතැම්විට වසර…


අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) නිසා ඔබේ ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවීමෙන්, ඒවාට සහ ඔබේ ශරීරයේ අවයව වලට හානි සිදුවිය හැක. රුධිර පීඩනය වැඩිවන තරමට සහ රුධිර පීඩනය පාලනය නොවී පවතින කාලය වැඩිවන තරමට, ඔබේ ශරීරයට සිදුවන හානිය වැඩිවේ. එමනිසා, අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. පාලනය නොකරන අධික රුධිර පීඩනය නිසා පහත සඳහන් සංකූලතා ඇතිවිය හැක.   හෘදයාබාධය සහ අංශභාගය අධික රුධිර පීඩනය මගින් ධමනි බිත්ති වල ආස්තරය (Lining) ට හානි වීමෙන්, කොලෙස්ටරෝල් තැන්පත්වීම ඇරඹේ. එමගින්, ධමනි බිත්ති ඝනකම්වීම සහ නම්‍යශීලීභාවය නැතිවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය Atherosclerosis ලෙස හැඳින්වෙන…


නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්. ඔවුන් පාසලට, පංති වලට මෙන්ම, විවිධ පාඨමාලා වලටත් සහභාගී වෙනවා. ඒ වගේම, ඔවුන් ක්‍රීඩා වලටත් සක්‍රීයව සහභාගී වෙන්නෙ මෙම අවධියෙදී. ඔවුන්ගේ මස්පිඩු වර්ධනය, උස යාම, සහ කොණ්ඩය වැවීම ආදිය හොඳින් සිදුවන්නෙත් නව යොවුන්වියේ පසුවන විටදී. එම නිසා, ශරීරයේ යකඩ අවශ්‍යතාවය මෙම අවධියේදී තරමක් වැඩිවීම දක්නට ලැබෙන්නක්. නමුත්, ඇතැම් වැරදි ආහාර පුරුදු නිසා ඔබේ දරුවාගේ ශරීරයට ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවිය…


නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු.

2016 වසරට සමු දී අප 2017 නව වසරට පා තබා ඇත්තෙමු. නව වසරේදී සුවැති දිවියක් පවත්වා ගැනීම සඳහා ඔබට සපුරාගැනීමට යම් යම් ඉලක්ක පැවතිය හැක. එය, බර අඩුකරගැනීම, දුම්පානය නතර කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට හුරුවීම වැනි දෙයක් විය හැක. එසේනම්, ඔබේ ඉලක්කය සපුරාගැනීම සඳහා එයට අනුගත වියයුතු හොඳම ක්‍රමය කුමක්ද? මනෝ විද්‍යාඥයන්ට අනුව, යම් ඉලක්කයක් හොඳින්ම සාර්ථක කරගැනීම සඳහා, ඔබගේ ප්‍රධාන ඉලක්කය විශේෂිත, ප්‍රමාණවත්, නියමිත කාලයක් තුළ සපුරාගැනීමට හැකි කුඩා ඉලක්ක කිහිපයක් බවට පත්කල යුතුවේ. නව වසරේදී, සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සකස් කරගත යුතු ආකාරය පිළිබඳ ඉඟි ගණනාවක් පහත දැක්වේ. එක් ප්‍රධාන ඉලක්කයක් වෙන්කර ගන්න. එවිට, ඔබේ…