දියවැඩියාව

දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කලහැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක. දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව පරීක්ෂා…


දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

දියවැඩියාව නිසා සංකූලතා ඇතිවීමට දිගුකාලයක් ගතවන අතර, ඒවා වර්ධනය වන්නේ සෙමින් ය. දියවැඩියාව වැළඳී පැවතුන කාලය වැඩිවන විට සහ දියවැඩියාව නිසි ලෙස පාලනය නොවන විට සංකූලතා හටගැනීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවේ. අවසානයේදී, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ක්‍රමයෙන් රෝගියා අබල දුබල කිරීම හෝ ජීවිතයට හානියක් වන අයුරින් වර්ධනය වීම සිදුවේ.   හෘත්වාහිනික රෝගය (Cardiovascular disease) දියවැඩියාව ක්‍රමයෙන් හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඒවා අතර, පපුවේ වේදනාවත් (ඇන්ජයිනා) සමග එන කිරීටක ධමනි රෝගය (Coronary artery disease) හෙවත් හෘදයේ ඇති කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වී සිහින්වීම හෝ අවහිර වීම, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි සිහින් වීම (Atherosclerosis)…


ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු.   පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක   පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි තවමත් නිසි අයුරින් වටහාගෙන නැති මුත්, ඇතැම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන…


දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ.   ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද? ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස්…


දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

වසර 2015 වනවිට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් මිලියන 1.16 ක් දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් 8.5% ක් විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 1.6% ක් සිදුවන්නේ දියවැඩියාව නිසා වීම, දියවැඩියා රෝගයේ ඇති බරපතලකම මොනවට විදහා දක්වයි. දියවැඩියා රෝගය නිසා ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින්, වෛද්‍ය වෘත්තිකයෙකුට දියවැඩියාව රෝග විනිශ්චය සිදුකල හැක.   දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අනුව රෝගීන් කාණ්ඩ 3 කට වර්ගීකරණය කරනු ලබයි. රෝග ලක්ෂණ රහිත (Asymptomatic) ආකාරය තීව්‍ර (Acute) ආකාරය උපතීව්‍ර (Sub-acute) ආකාරය…


අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එයට හේතුව වන්නේ, අප ක්‍රමයෙන් නවීන පන්නයේ ජීවන රටාවකට හුරුවීමය. කෙසේ වුවත්, මෙම අලස වීම අපගේ සෞඛ්‍යයට සැලකිය යුතු ගැටළු රාශියක් ඇතිකර ඇත. අප ක්‍රියාශීලී ජීවිතයෙන් බැහැර වීම නිසා, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවී ඇත. එනම්, ක්‍රියාශීලී නොවීම යන්න බෝනොවන රෝග සඳහා ප්‍රබල අවදානම් සාධකයක් වී හමාරය. මෙය කොතරම් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතිදැයි අවබෝධ කරගැනීමට, වසරකදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් බෝනොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව…


ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීම සිදුවේ. මෙය ගර්භණී සමයේ දියවැඩියාව (Gestational diabetes) ලෙස හැඳින්වේ. බොහෝවිට, දරුවා බිහිවීමෙන් අනතුරුව මෙම රෝග තත්ත්වය පහවී යයි. මෙසේ, ගර්භණී සමයේ දියවැඩියාව පහව ගියත්, එවැනි කාන්තාවකට ජීවිතයේ පසු කලකදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී. එමෙන්ම, එවැනි කාන්තාවක් බිහිකරන ලද දරුවාටද, අනාගතයේදී තරබාරු වීමට සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට වැඩි අවදානමක් ඇත. එසේනම්, ගර්භණී සමයේ දියවැඩියාව වැළඳුනු ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් කුමක් කල හැකිදැයි මදක් විමසා බලමු.   ඔබ වෙනුවෙන් කලහැකි දේ කුමක්ද? දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරගන්න. ඔබේ දරුවා බිහිවී, සති 6 ත් 12 ත් අතර කාලයකදී දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා…


දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක. ශරීරයේ සීනි පාලනය කිරීමේ හැකියාව දුර්වල වූ (Impaired glucose tolerance) අය, ආහාර ගන්නා රටාව වෙනස් කිරීම සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ආදිය අනුගමනය කලහොත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම වළක්වා ගත හැක. සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගෙන එය පවත්වා ගන්න. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්…


ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීම සඳහා හේතුවන අවදානම් සාධක අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා තත්ත්වයකි. එමෙන්ම, පූර්ව-දියවැඩියාව සහ දියවැඩියාව, ස්ථුලභාවය සමග දැඩිව සම්බන්ධව පැවතීම දක්නට ලැබේ. එමනිසා, මෙම තත්ත්ව දෙකම වළක්වා ගැනීම සඳහා ස්ථුලභාවය මගහරවා ගත යුතුවේ. එනම්, ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. වැඩිහිටියෙකුට පූර්ව-දියවැඩියාව ඇත්නම්, ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle modification) සහ දියවැඩියාව වැළඳීමෙන් වැලකීමට ඖෂධ ලබාගැනීම මගින්, දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් අඩුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, නවයොවුන් දරුවන් සහ කුඩා දරුවන් පූර්ව-දියවැඩියා තත්ත්වයේ සිට දියවැඩියාව දක්වා වර්ධනය වීම වැළැක්විය හැක්කේ කෙසේද යන්න තවමත් පර්යේෂණ මගින් මනාව පැහැදිලි නොවූ…


ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු එක්තරා ආකාරයක අවදානම් සංඥාවකි. දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, දියවැඩියාව වැළඳී ඇතැයි රෝග නිශ්චය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු අගයක පැවතීම පූර්ව-දියවැඩියාව ලෙස හැඳින්වේ. ඇතැම් වෛද්‍ය විශේෂඥයින් මෙය එක් රෝග තත්ත්වයක් ලෙස ද හඳුන්වයි. ඔබේ දරුවාටත් පූර්ව-දියවැඩියාව ඇත්නම්, අනාගතයේදී ඔහුට හෝ ඇයට දියවැඩියාව සහ හදවත් රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇත. පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට නම්, වසර 10 කදී හෝ එයට අඩු කාලයකදී දියවැඩියාව වැළඳීමට ලොකු අවදානමක් පවතී. එනම්, පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට දියවැඩියාව වැළඳීමට ඇති සම්භාවිතාවය 5-10% ක් වේ. නමුත්, නවයොවුන් දරුවන්ට සහ කුඩා දරුවන්ට පූර්ව-දියවැඩියාව ඇතිවිට, එය යථා තත්ත්වයට පත්කරගැනීමට ඇති හැකියාව වැඩිහිටියෙකුට…


දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. දියවැඩියාව වැළඳුන පසු යලි සුවකල නොහැක. නමුත් එම රෝග තත්ත්වය පාලනය කල හැක. දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එවා නම්,…


දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි. එමනිසා, දියවැඩියාව පාලනය කිරීමට පහත සඳහන් ඉඟි 10 ඔබට ප්‍රයෝජනවත් වේවි. ඔබේ බර පාලනය කරගන්න ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 සහ 24.9 අතර තබාගන්න. වඩාත්ම සුදුසු වන්නේ, එය 22 සහ 23 අතර තබාගැනීමයි. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට බෙහෙවින් ඉවහල් වේ. ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. අවම වශයෙන් සතියකට දවස් 5 ක් බැගින්, දවසකට විනාඩි 30-45 ක් සෙමින් දිවීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, හෝ නර්ථනයක…