ජීවිතය

නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්

අපගේ ජීවිතය පහසු කරගැනීම සඳහා විවිධ පහසුකම් වත්මන් සමාජයේ පවතී. විටෙක, එවැනි පහසුකම් අපට පහසුවක් වුවද, ඇතැම්විට ඒවා අපේ ජීවිතය සංකීර්ණ කරන අවස්ථාද නැතුවා නොවේ. එසේ වුවද, නවීන සමාජයේ ජීවත්වන බොහොමයක් අය සරළ ජීවිතයක් ගතකිරීමට සිහින දකියි. එවැනි අය, වැවක් අද්දර වාඩිවී සිටීම, ස්වභාවික පරිසරයේ කාලය ගතකිරීම වැනි දේ සැලසුම් කරයි. නමුත්, යතාර්ථය විසින් එවැනි සිහින බිඳ දමනු නිතර දැකිය හැකි දෙයකි. එසේ වුවත්, උත්සාහය අත්හැරීමට අවශ්‍ය නැත. අපගේ ජීවිත සරළ කරගැනීමට ක්‍රම ගණනාවක් ඇත. සරළ දිවියක් ගතකිරීම ගැන සිතන බොහෝ අයගේ සිහියට නැගෙන්නේ වන ලැහැබක් මැද නිවසක ජීවත්වීම, පිටිසර පළාතකට ගොස් ජීවත්වීම වැනි දේවල්ය. නමුත්, සරළව ජීවත්වීමට නවීන සමාජයෙන්…


දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි අයගෙන් 33.2% ක් දුම්පානය කරන බව ඔබ දන්නවාද? එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලට වැඩිම දායකත්වය දක්වන රෝග තුනේම ප්‍රධාන අවදානම් සාධකයක් ලෙසද දුම්පානය දැක්විය හැක. එම රෝග සහ ඒවා කොතරම් රෝහල් තුළ සිදුවන මරණ වලට දායකත්වය දක්වන්නේද යන්න පහතින් දක්වා ඇත. හෘද රෝග: 14.8% පිළිකා: 11.7% අංශභාගය හෙවත් ආඝාතය: 8.4% එනම්, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 34.9% කට හේතුවන ප්‍රධාන රෝග තුනටම, දුම්පානය අවදානම් සාධකයකි. එමෙන්ම, දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 50% ක් පමණ මියයන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකින් බව සොයාගෙන ඇත. දුම්වැටියක, විෂ රසායන ද්‍රව්‍ය 4000 කට…


අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එයට හේතුව වන්නේ, අප ක්‍රමයෙන් නවීන පන්නයේ ජීවන රටාවකට හුරුවීමය. කෙසේ වුවත්, මෙම අලස වීම අපගේ සෞඛ්‍යයට සැලකිය යුතු ගැටළු රාශියක් ඇතිකර ඇත. අප ක්‍රියාශීලී ජීවිතයෙන් බැහැර වීම නිසා, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවී ඇත. එනම්, ක්‍රියාශීලී නොවීම යන්න බෝනොවන රෝග සඳහා ප්‍රබල අවදානම් සාධකයක් වී හමාරය. මෙය කොතරම් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතිදැයි අවබෝධ කරගැනීමට, වසරකදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් බෝනොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව…


දිගු චාරිකාවකදී කොන්දේ වේදනාව වළක්වාගන්නේ කොහොමද?

බොහෝ විට, අප දිගු චාරිකාවකදී බළාපොරොත්තු වන්නේ නිදහසේ සිටීම සහ විනෝද වීම වුවද, එහිදී ශරීරය මත ඇතිවන ආතතිය හේතුවෙන් කොන්දේ සහ ගෙලේ වේදනාව ඇතිවීම සිදුවිය හැක. මෙසේ සිදුවන්නේ, වාඩිවී සිටීමට අපහසු ආසනයක බොහෝ වේලාවක් ඉඳගෙන සිටීම සහ ශරීරයේ වැරදි ඉරියවු නිසාය. වාසනාවකට මෙන්, දිගු චාරිකාවකදී ඇතිවිය හැකි කොන්දේ වේදනාව හොඳින් සමනය කරගැනීමට මෙන්ම, බොහෝ විට වළක්වා ගැනීමට, පහසු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් හැකියාව ඇත.   සූදානම් වන්න. ගුවන් ගමනකදී මෙන්ම, දුම්රිය ගමනකදීද, අන්තර්ජාලය ඔස්සේ ටිකට් වෙන්කරවා ගැනීම මගින්, දිගු වේලාවක් පෝලිම්වල සිටගෙන සිටීමෙන් වැළකිය හැක. ගුවන් ගමනකදී, සාමාන්‍ය පරිදි පරීක්ෂා කොට ගුවන් යානයට ඇතුළුවීම (Check-in) වෙනුවට, අන්තර්ජාලය ඔස්සේ, ගුවන් තොටුපොලේ…


සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවන අය අතර, සුවැති දිවියකට හේතුවන ප්‍රබල සාධක හෙවත් හොඳ පුරුදු තිබීම දැකිය හැක. සත්‍ය වශයෙන්ම, එවැනි පුරුදු එකක් වත් රහසක් නොවේ. බොහෝවිට, සෞඛ්‍ය සම්පන්න දිවියකින් අපගමනය වීමට හේතුවන්නේ, ඒවා නොදැන සිටීම නොව, එවැනි හොඳ පුරුදු අපගේ ජීවිතයට එක්කර නොගැනීමයි. එබැවින්, සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති, සුවැති දිවියකට හේතුවන හොඳ පුරුදු මොනවාදැයි විමසා බලා, ඒවා අපගේ ජීවිතයටද එක්කර ගැනීම කලයුතුම දෙයකි.   උදෑසන ආහාරය ගැනීම. බොහෝ අය කාර්යබහුල ජීවිතයක් ගතකරන බැවින්, උදෑසන ආහාරය මගහැරීමට හෝ සුළු ආහාරයකින් ලහි ලහියේ කුස පුරවාගැනීමට කටයුතු කරති. මෙම පුරුද්ද එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවේ. හොඳ, සමබර උදෑසන ආහාර වේලක් ගැනීම හේතු…


ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි

සමාජයේ වෙසෙන බොහොමයක් අය, තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ වැවීමට පුරුදුව සිටිනවා. ගෙවත්තේ වැවීමට භාවිතා කරන ශාඛ අතර එළවළු, පළතුරු, මල් වර්ග, සහ වෙනත් විසිතුරු පැළෑටි දැකිය හැකියි. නමුත්, ඒ සඳහා කිසිඳු උනන්දුවක් නොදක්වන පිරිසකුත් අප අතර සිටිනවා. අප මේ ලිපියෙන් පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ, ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි පිළිබඳවයි.   පාරිසරික වාසි ඔබේ ගෙවත්තේම, ඔබට හැකි අයුරින් එළවළු සහ පළතුරු භෝග කිහිපයක් වවන විට, නිෂ්පාදනයට සාපේක්ෂව වැයවන ශක්ති ප්‍රමාණය බොහෝවිට අඩුවේ. එමෙන්ම, අසුරා තැබීමට, ගබඩා කිරීමට, හෝ ප්‍රවාහනය කිරීමට විශාල ඉඩක් වැය නොවන අතර, ඒ සඳහා අමුද්‍රව්‍ය වැයවීමත් ඉතාම අඩුය. ඔබම වවන විට, පරිසරයට හානිකර…


අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම යනු සැබැවින්ම අභියෝගයක්. ඒ නිසාවෙන්ම, බොහොමයක් දෙමව්පියන්, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළම තලයකට ගෙන ඒමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය දකින්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සැලකිය යුතු සාර්ථකත්වයක් ඇතිකරගැනීමට පහතින් දක්වා ඇති ඉඟි අනුගමනය කිරීම ඉවහල් වියහැකි අතර, ඒවා ක්‍රමානුකූලව තම අධ්‍යාපන රටාවට එකතුකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු නිසැකය. මුළින්ම, හොඳ කාලසටහනක් සාදාගන්න. සැමවිටම, පාඩම් කිරීම සඳහා ඔබේ මනස අවදියෙන් සිටින වෙලාවක් තෝරාගන්න. පාඩම් කරන කාලය වැඩිවූ පමණින්, අධ්‍යාපන කටයුතු සාර්ථක වේයැයි සිතන්න එපා. ඔබ පාඩම් කරන කාලය තුළ ඔබගේ කාර්යක්ෂමතාවය, අධ්‍යාපන කටයුතු වල සාර්ථකභාවය තීරණය කරයි. පාඩම් කිරීම සඳහා, බාධා අවම වන නිස්කලංක තැනක් තෝරාගන්න….


ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ඔබේ මතකය, සංවේදන, කෙටිකාලීන, සහ දිගුකාලීන මතකයන් ලෙස කොටස් තුනකට බෙදෙන බවත්, එම කොටස් තුනෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව සරළ පැහැදිලි කිරීමකුත් පසුගිය ලිපියකින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්නයි. මතකය සැලකිය යුතු ලෙස වැඩිකරගැනීමට යම් යම් ක්‍රමවේදයන් භාවිතා කල හැකියි. මතකය කාර්යක්ෂම කරගැනීමට නම්, මතකය හා සබැඳි “R” අකුරු තුන අමතක කරන්න බැහැ. Reception (ප්‍රතිග්‍රහණය) Retention (ධාරණය කරගැනීම) Recollection (මතකයට නැගීම)   ප්‍රතිග්‍රහණය (Reception) ප්‍රතිග්‍රහණය කරගැනීමේදී, අවධානයෙන් සහ පරීක්ෂාකාරීව සිටීම කල යුතුවේ. ඔබ ඉගෙනගන්නවා නම්, ඔබේ ගුරුවරයා උගන්වන දේවල් හොඳින් අසා සිටීම, අවධානයෙන් පොත් කියවීම වැනි දේවල් මෙයට ඇතුලත් වේ. එසේ කිරීමෙන්, ඔබට වැදගත්…


ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.

මතකය ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? අමතක වෙන්නේ ඇයි? මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. බොහෝ අයට අමතක වීම ගැටළුකාරී වුවත්, එය සාමාන්‍ය මෙන්ම අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. එයට හේතුව, අපගේ මොළයට ඇත්තේ සීමිත ධාරිතාවයක් වීම සහ දිනපතා අපගේ මොළයට මිලියන ගණනක් තොරතුරු ඇතුළු වීමයි. මේ තරම් විශාල තොරතුරු සමුදායක් මතකයේ තබාගැනීමට අපේ මොළයට හැකියාවක් නොමැති අතර, එවන් වූ විශාල තොරතුරු ප්‍රමාණයක් හැසිරවීමටත් මොළයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවේ. එහෙයින්, අපගේ සිත මොළයට ලැබෙන සෑම තොරතුරක්ම, වැදගත් සහ නොවැදගත් ලෙස බෙදා වෙන්කරයි. මෙය සිදුවන්නේ, අපට නොදැනුවත්වමය. මෙසේ, නොවැදගත් යැයි වර්ගීකරණයට ලක්වූ සෑම තොරතුරක්ම, වැදගත් තොරතුරු වලට වඩා ඉක්මනින් අමතක වීම සාමාන්‍ය දෙයකි….


නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?

සිටගෙන සිටීමෙන් විඩාවට පත්වූ අයෙකුට අසුනක් දකින්නට ලැබෙනවා යන්න මිහිරි අත්දැකීමකි. ඒ තරමටම, අපි ඉඳගෙන සිටීමට ඇල්මක් දක්වන්නෙමු. නමුත්, ඉඳගෙන සිටීම හානිකර යැයි පැවසුවහොත්, ඇතැමෙක් පුදුමයට පත්වේවි. අසුනක් යනු, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවන බව, මදක් විමසා බැලුවහොත් ඔබට වැටහේවි. නිතර ඉඳගෙන සිටීම, දුම්පානය කිරීම තරමටම ඔබේ සෞඛ්‍යයට හානිකර වියහැකි බව විද්වතුන් විසින් සොයාගෙන ඇත. එමගින්, ස්ථුලභාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය හෙවත් අංශභාගය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ඇතැම් පිළිකා වැනි රෝග තත්ත්වයන් වැළඳීමට ඇති අවදානම ඉහළ යයි. වසර 14 ක් තිස්සේ, පුද්ගලයන් 185,000 ක සහභාගීත්වයෙන් කල පර්යේෂණයක්, වසංගත අධ්‍යයනය පිළිබඳ ඇමරිකානු සඟරාවේ (American Journal of Epidemiology) පළවිය….


ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?

බොහෝ අයට තමන් කවුදැයි නියමාකාරයෙන් හඳුනාගැනීමට නොහැකිව සිටිති. එමගින්, ගැටළු මතුවන අවස්ථා එමටය. නමුත්, තමා තුළ සිටින තමන් හඳුනාගැනීම අභියෝගයකි. සැබැවින්ම ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කෙසේද? ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගතහොත්, ඔබට වෙනෙකෙකු නොවී, ඔබම විය හැක. එවිට, ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීම තවදුරටත් අපහසු කාර්යයක් නොවනු ඇත. මදක් සිතා බැලුවහොත්, ඔබේ ජීවිතයේ සිදුවන සහ ඇතිවන බොහෝ දේවල්, රඳාපවතින්නේ ඔබ, ඔබේ අභ්‍යන්තරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න මත බව ඔබට වැටහෙනු ඇත. එසේනම්, ඔබ තුළ සිටින ඔබව නිසි අයුරින් හඳුනා නොගතහොත්, ඔබේ ජීවිතයේ සිදුවන දේවල් නියමාකාරයෙන් වටහා ගන්නේ කෙසේද? ක්‍රමයෙන් තරුණ වියට එළඹෙත්ම, අපි, අප තුළින්ම විවිධ අනන්‍යතාවයන් හඳුනාගැනීමට පෙළඹීම…


යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…

ශ්‍රී ලංකාව තුළ, වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම බෝනොවන රෝග (Non-communicable diseases) නිසා සිදුවන බව ඔබ දන්නවාද? මේ බෝනොවන රෝග මොනවාද? බෝනොවන රෝග යනු ආසාදනය වීමක් නිසා ඇති නොවන, කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීම සිදුනොවන රෝග තත්ත්වයන්ය. ඒවා දිගුකාලයක් තිස්සේ පවතින අතර, ඉතා සෙමෙන් වර්ධනය වේ. බෝනොවන රෝග බොහොමයක් ඇතිවන්නේ අපගේ ජීවිත වල ඇති අවදානම් චර්යාවන් නිසාය. එමෙන්ම, ඒවා දිගුකාලීන සංකූලතා ඇතිකිරීමටද සමත් වේ. යහපත් ජීවන රටාවක් මගින්, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරගෙන, සුවදායී දිවියක් කරා ගමන්කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ප්‍රධාන බෝනොවන රෝග ලෙස හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය හෙවත් ආඝාතය, පිළිකා, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම,…


සර්ප දෂ්ට කිරීමකදී කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වන බැවින් ස්වභාවික පරිසරයේ සර්පයන් බහුලව දක්නට ලැබේ. ගොඩබිම සහ මුහුදු සර්පයන් විශේෂ 104 ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන අතර, ඉන් ගොඩබිම සිටින සර්පයන් විශේෂ 5 ක් උග්‍ර විෂ සහිත වේ. සර්පයන් විශේෂ 70 කට අධික ප්‍රමාණයක්, විෂ රහිත වන බැවින් මිනිසාට හානියක් නොමැත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ හමුවන මුහුදු සර්පයන් සියල්ලම උග්‍ර විෂ සහිත වේ. නමුත්, වාසනාවකට මෙන් මුහුදු සර්ප දෂ්ට කිරීමක් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. සර්ප දෂ්ට කිරීම් බොහොමයක් විෂ රහිත වන අතර, උග්‍ර විෂැති සර්පයෙකුගේ දෂ්ට කිරීමක් සැමවිටම විෂ වන්නේද නැත. සර්ප දෂ්ට කිරීම් වලින් 10% ක් පමණ මාරාන්තික විය හැක. නාගරික…