කාන්තා සෞඛ්‍යය

ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?

සෑම ගර්භණී මවකගේම අපේක්ෂාව වන්නේ තම කුස තුළ සිටින සිඟිත්තාගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමයි. නමුත්, ඇතැම් විට කුස තුළ වැඩෙන දරුවා නිසි පරිදි නොවැඩෙන්න පුලුවන්. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම (Intrauterine growth restriction or IUGR) යනු නූපන් බිළිඳාගේ වර්ධනය වන වේගය අඩුවීම නිසා ඔහු හෝ ඇය ප්‍රමාණවත් පරිදි නොවැඩී තිබීමයි. මෙසේ සිදුවීම නිසා සිඟිති දරුවාට ගර්භණී අවධිය තුළ, දරු උපතේදී මෙන්ම, ඉපදුනු පසුවත් යම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ තිබේ.   කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද? අඩු උපත් බර සාමාන්‍ය දරු ප්‍රසූතියේදී ඇතිවන ආතතීන් දරාගත නොහැකිවීම දරුවාගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම (Hypoxia) දරුවාගේ ශරීරයේ සීනි…


ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?

ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය පිළිබඳව ගර්භණී වූ කාන්තාවන් බොහොමයකට අත්දැකීම් ඇතිවාට සැකයක් නැත. මෙය උදා ආබාධය (Morning sickness) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය උදා ආබාධය ලෙස හැඳින්වුවද, දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක ඇතිවිය හැක. මෙලෙස ඔක්කාරය ඇතිවීම ගර්භණී සමයේ මුල් ත්‍රයිමාසිකය (First trimester) තුළ වැඩි වශයෙන් සිදුවනු දැකිය හැක. නමුත්, ඇතැම් කාන්තාවට මුළු ගර්භණී සමය පුරාවටම උදා ආබාධය පවතී. කලාතුරකින්, උදා ආබාධය උග්‍ර ලෙස ඇතිවන අතර, එය ගර්භණී අතිඡර්දිය (Hyperemesis gravidarum) ලෙස හැඳින්වේ. එසේ වූ විට, ගර්භණී මව රෝහල්ගත කර ප්‍රතිකර්ම ලෙස


මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මද සරුභාවය යනු දරුවෙකු බලාපොරොත්තු වන යුවලකට ඇතිවිය හැකි සැලකිය යුතු මානසික ප්‍රශ්නයකි. කෙසේ වුවත්, ඒ සඳහා සිදුකල හැකි ප්‍රතිකර්ම ගණනාවක් පවතී. මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි. මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර සාධක කිහිපයක් මත තීරණය වේ. ඒවා නම්: මද සරුභාවය ඇතිවීමට හේතුව/හේතු මද සරුභාවය පැවති කාලය කොතරම්ද යන්න ඔබේ සහ ඔබේ සහකරුගේ වයස ඔබේ සහ ඔබේ සහකරුගේ රුචිකත්වය සැබැවින්ම, මද සරුභාවයට හේතුවන ඇතැම් ගැටළු නිවැරදි කිරීම කල නොහැකි දෙයකි. නමුත්, ස්වාභාවිකව ගැබ් නොගන්නා ඇතැම් අවස්ථා වලදී, ආධාරක ප්‍රජනක තාක්ෂණික ක්‍රමවේදයන් (Assisted reproductive technology or ART) මගින් මද සරුභාවයෙන් පෙළෙන යුවලකට ගැබ්ගැනීම සඳහා…


මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

මද සරුභාවය (Subfertility) සඳහා පරීක්ෂණ පැවැත්වීමට පෙර, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඔබේ සහ සහකරුගේ ලිංගික චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලබාගන්නා අතර, එය පදනම් කරගනිමින් ඔහු හෝ ඇය යම් යම් නිර්දේශයන් ලබාදෙනු ඇත. මද සරුභාවය ඇති ඇතැම් අඹු සැමියන්ට ඒ සඳහා හේතුවිය හැකි කිසිඳු විශේෂ හේතුවක් හඳුනාගත නොහැක. කෙසේ වුවත්, මද සරුභාවය ඇති අඹු සැමියන් දෙපළම සඳහා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව රෝග විනිශ්චයට එළඹිය හැක.   පුරුෂයන් සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද? පුරුෂයන්ගේ සරුභාවය සඳහා ඔහුගේ වෘෂණ තුළ ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නිපදවීම සිදුවිය යුතුය. එමෙන්ම, ලිංගික එක්වීමකදී සහකාරියගේ යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු නිසි ලෙස විසර්ජනය වියයුතු අතර, ඒවා ඩිම්බය දක්වා ඵලදායී…


මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.

ගැබ්ගැනීමක් සිදුවීමට නම් ඩිම්බ මෝචනය සහ සංසේචනය ආශ්‍රිත සියළු පියවර පිළිවෙලින් සහ නිවැරදිව සිදුවිය යුතුය. ඇතැම්විට, මද සරුභාවයෙන් පෙළෙන අඹු සැමියන් යුවලෙහි, ඒ සඳහා හේතුවන ගැටළු උපතේ සිටම පැවත එන ඒවා මෙන්ම, පසුකාලීනව වර්ධනය වන ඒවාද විය හැක. එමනිසා, මද සරුභාවය ඇතිවීමට හේතු පිළිබඳව මදක් විමසා බැලීම වැදගත් විය හැක. සාමාන්‍යයෙන්, මද සරුභාවය ඇතිවූ අයගෙන් තුනෙන් එකකට පුරුෂයාගේ ඇති ගැටළු නිසා එය ඇතිවන අතර, තවත් තුනෙන් එකකට කාන්තාවගේ ඇති ගැටළු නිසා එය ඇතිවනු දැකිය හැක. ඉතිරි තුනෙන් එක හටගන්නේ දෙදෙනාගේම ඇති ගැටළු නිසාවෙන් හෝ කිසිඳු ගැටළුවක් හඳුනාගැනීමට නොහැකිවය.   මද සරුභාවය ඇතිවීමට පුරුෂයන්ගේ දක්නට ලැබෙන හේතු මොනවාද? අසාමාන්‍ය ශුක්‍රාණු නිපදවීම…


මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙක් පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, ඇතැම්විට ඔබේ සිහිනය සැබෑවක් කරගැනීම අපහසු විය හැක. මෙය ඔබට පමණක් ඇති ගැටළුවක් යැයි කිසිවිටෙකවත් නොසිතන්න. මද සරුභාවය යනු ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, නිතිපතා ලිංගිකව එකතු වුවත් අවම වශයෙන් වසරක කාලයක් තුළ වත් පිළිසිඳ ගැනීමක් සිදුනොවීමයි. මෙය, ඔබගේ, සහකරුගේ, හෝ දෙදෙනාගේම පවතින ගැටළු නිසා ඇතිවීම සිදුවේ. තරුණ යුවලක් කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, දරුවකු බළාපොරොත්තුවෙන් වසරක කාලයක් නිතිපතා ලිංගිකව එක්වන්නේ යැයි සිතමු. සාමාන්‍යයෙන්, පළමු මාසය තුළ පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ 10% ක ගේ පමණි. මාස 6 ක් ගතවන විට…


වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

වේදනාකාරී ඔසප්වීම ඇති කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක් මින් පෙර ලිපියේ අප සඳහන් කලා. මෙම තත්ත්වය ඇති කාන්තාවක් නාරිවේදය සහ ප්‍රසවවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීම වඩා උචිත වේ. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, වෛද්‍යවරයා හමුවීමට ඔබ සූදානම් විය යුත්තේ කෙසේද සහ වේදනාකාරී ඔසප්වීමට ඇති ප්‍රතිකර්ම පිළිබඳව පැහැදිලි කිරීමයි.   වෛද්‍යවරයා වෙත පැවසීමට මතක තබාගත යුතු කරුණු මොනවාද? ඔබේ රෝගය හා සම්බන්ධ ඇතැම් වැදගත් කරුණු, ප්‍රතිකාර නියම කිරීම සඳහා වෛද්‍යවරයාට වැදගත් වේ. ඒවා නම්: රෝග ලක්ෂණ නිසා ඔබේ එදිනෙදා දිවියට කොතරම් බලපෑමක් සිදුවන්නේද යන්න. වේදනාකාරී ඔසප්වීම ආරම්භ වූයේ කවදාද? ඔබට ඇති වෙනත් සෞඛ්‍ය ගැටළු සහ රෝග. ඔබේ පවුලේ සාමාජිකයන්ට…


වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.

ඔසප්වීමට වහාම පෙර සහ ඔසප්වීම සිදුවන අතරතුර යටිබඩෙහි වේදනාවක් හටගැනීම වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) නම් වේ. මෙය බොහොමයක් කාන්තාවන් අත්දකින තත්ත්වයක් ලෙස හැඳින්විය හැක. ඇතැම් කාන්තාවන්ට මෙය සුළු පීඩාවක් පමණක් වුවද, ඇතැම් අයට සෑම මසකටම දින කිහිපයක් එදිනෙදා කාර්යයන් කිරීමට පවා අපහසු කරන තත්ත්වයක් විය හැක. ඇතැම් විට වේදනාකාරී ඔසප්වීම, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) නම්වූ ගර්භාෂය ආශ්‍රිත තත්ත්වයක් හෝ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නම්වූ ගර්භාෂයේ ඇතිවන ගෙඩි විශේෂයක් වැනි හඳුනාගත හැකි හේතූන් නිසා ඇතිවිය හැක. හඳුනාගත හැකි අභ්‍යන්තර හේතූන් නිසා ඇතිවන වේදනාකාරී ඔසප්වීම, ද්විතීයික වේදනාකාරී ඔසප්වීම (Secondary dysmenorrhoea) ලෙස හැඳින්වේ. එවැනි හඳුනාගත හැකි තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර කිරීම මගින් වේදනාකාරී ඔසප්වීමට නැවතීමේ තිත තැබිය…


කාන්තාවන්ගේ රූසපුව රැකගැනීමට ස්වභාවික උපක්‍රම 6 ක්

කාන්තා ඔබගේ රුව රැකගැනීම සඳහා මිළ අධික රූපලාවණ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය භාවිතා කල යුතුයැයි ඔබ සිතනවා විය හැක. නමුත්, එය එසේ නොවන බව පැවසිය යුතුය. මක්නිසාද, කාන්තාවන්ගේ රූසපුව රැකගැනීම සඳහා යොදාගත හැකි ස්වභාවික උපක්‍රම පවතින අතර, ඒවා වැඩි මිළක් වැය නොකරම භාවිතා කල හැකිවීම විශේෂත්වයකි. මෙම උපක්‍රම, දිනපතාම පාහේ කලහැකි ඒවා වන අතර, එමගින් ඔබේ සමේ පැවැත්මට, හානි අලුත්වැඩියා කරගැනීමට, සහ මානසික ආතතිය නිසා සමට ඇතිවන බලපෑම් අවම කිරීමට අවශ්‍ය සියළුම සත්කාර ලැබෙනු ඇත. මෙම ස්වභාවික උපක්‍රම පිළිබඳව කරුණු ගොනුකර ඇත්තේ, පර්යේෂණ ගණනාවක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.   හොඳින් නිදාගන්න. කාලයක් තිස්සේ, නිදාගෙන අවදි වූ වහාම කැඩපත ඉදිරිපිට සිටගැනීමට ඔබ…


ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

ස්ත්‍රී වන්ධ්‍යාකරණය හෙවත් එල්. ආර්. ටී. සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයකි. මෙහිදී, ශල්‍යකර්මයක් මගින් ෆැලෝපීය නාළය (Fallopian tube) අවහිර කිරීම සිදුවන අතර, මෙම ක්‍රමය සාර්ථක මෙන්ම, ආරක්ෂිතද වේ. එමෙන්ම, සංකූලතා ඇතිවීමට ඇති අවදානමද අඩු ය. එල්. ආර්. ටී. සැත්කම කිරීමේදී, ෆැලෝපීය නාළ කපා වෙන්කර ගැටගැසීම, විශේෂිත වළලු හෝ ක්ලිප් මගින් අවහිර කිරීම, හෝ විද්‍යුත් ක්‍රමයකට පුළුස්සා දැමීම සිදුකරයි. එමගින්, ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීම වැළැක්වෙන බැවින් ගැබ්ගැනීමක් සිදුනොවේ. එල්. ආර්. ටී. සැත්කම, උදර බිත්තියේ විශාල කැපුමක් සිදුනොකර, කුඩා සිදුරු කිහිපයකින් ඇතුළු කරන කැමරාවක් හා අඬු කිහිපයක් ආධාරයෙන් සිදුකරන ලැපරොස්කොපික් (Laparoscopic) ශල්‍යකර්මයක් ලෙස සිදුකල හැක. නැතහොත්, උදර බිත්තියේ කුඩා කැපුමක් යොදා සිදුකරන…


කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?

ශරීරයේ සාමාන්‍ය රෝම වර්ධනය, පුද්ගලයාගෙන් පුද්ගලයාට, පවුල් අතර, සහ ජනවර්ගය අනුව වෙනස් වේ. නමුත්, මධ්‍යධරණී සහ ආසියානු උප මහද්වීප ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ මෙය තරමක් වැඩිපුර දක්නට ලැබේ. කාන්තාවකගේ මුහුණේ සහ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල රෝම වැඩිපුර වර්ධනය වීම, හර්සියුටිස්ම් (Hirsutism) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා කාන්තාවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වන අවස්ථාද පවතී. නමුත්, සාමාන්‍ය රෝම වර්ධනය සහ හර්සියුටිස්ම් තත්ත්වය අතර කඩඉමක් වෙන්කිරීම අපහසුය. කාන්තා ඔබගේ ශරීරයෙත් අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද? සාමාන්‍යයෙන්, මුහුණේ, පියයුරු වල, පපුවේ, කිහිලි වල, රහස් ප්‍රදේශයේ, කලවා වල, සහ උදරයේ මැද ප්‍රදේශයේ රෝම වර්ධනය වීමට ලිංගික හෝමෝන (Sex hormones) වල ක්‍රියාකාරීත්වය බලපායි. නමුත්, ශරීරය පුරා…


ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීම සිදුවේ. මෙය ගර්භණී සමයේ දියවැඩියාව (Gestational diabetes) ලෙස හැඳින්වේ. බොහෝවිට, දරුවා බිහිවීමෙන් අනතුරුව මෙම රෝග තත්ත්වය පහවී යයි. මෙසේ, ගර්භණී සමයේ දියවැඩියාව පහව ගියත්, එවැනි කාන්තාවකට ජීවිතයේ පසු කලකදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී. එමෙන්ම, එවැනි කාන්තාවක් බිහිකරන ලද දරුවාටද, අනාගතයේදී තරබාරු වීමට සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට වැඩි අවදානමක් ඇත. එසේනම්, ගර්භණී සමයේ දියවැඩියාව වැළඳුනු ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් කුමක් කල හැකිදැයි මදක් විමසා බලමු.   ඔබ වෙනුවෙන් කලහැකි දේ කුමක්ද? දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරගන්න. ඔබේ දරුවා බිහිවී, සති 6 ත් 12 ත් අතර කාලයකදී දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා…


මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.

ඊස්ට්‍රජන් (Oestrogen) සහ ප්‍රොජෙස්ටොජන් (Progestogen) හෝමෝන අඩංගු මිශ්‍ර හෝමෝන අලවනය (Combined hormonal patch) යනු ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයකි. එසේ වුවත්, දැනට ශ්‍රී ලංකාව තුළ එය භාවිතා නොකරයි. මෙය සමේ අලවන, හෝමෝන අඩංගු වන ස්ටිකරයක් වැනි දෙයකි. ඔසප්වීම සිදුවූ පළමු දිනයේදී හෝ ඔසප්වීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දිනයේදී, මිශ්‍ර හෝමෝන අලවනයක්, තට්ටම, කලවා, බඩ, හෝ උඩු බාහුවේ පිටත ප්‍රදේශයේ ඇලවිය යුතුය. ඉන් අනතුරුව, සෑම සතියකටම වරක්, අලුත් අලවනයක් බැගින්, මිශ්‍ර හෝමෝන අලවන 3 ක් ඇලවිය යුතුය. එයට පසුව, අලවනයක් ඇලවීමෙන් තොරව දින 7 ක් සිටීමෙන් පසුව, නැවත අලුත් මිශ්‍ර හෝමෝන අලවනයකින් පෙර පරිදි යලි ආරම්භ කල යුතුවේ. මිශ්‍ර හෝමෝන අලවනයක් භාවිතා…