ඔබේ දරුවා

ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

ඔබේ ගෙල දෙපස, ගෙල පිටුපස, දණහිස්, වැලමිට, අතේ මිට, සන්ධි අවට වැනි සමේ රැලි හා නැමුම් ඇති ස්ථාන වල අඳුරු පැහැයක් ඇතිවී, සම ඝනකම් වී, ලප හෝ ඉරි ලෙස දිස්වෙනවාද? මෙය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් (Acanthosis nigricans) නම්වූ සමෙහි ඇතිවන තත්ත්වයකි. ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාදැයි විමසිලිමත් වන්න. මෙය ගෙලෙහි බහුලව දිස්වේ. ඇතැම් අයගේ අත්ල, යටි පතුල, ඉකිලි, කිහිලි, සහ තොල් වලද මෙය දක්නට ලැබේ. ඉතාමත් කලාතුරකින්, සමෙහි නැමුම් හෝ දාර නොමැති මුහුණ, පිට, අත්, සහ පාද වැනි ස්ථාන වලද මෙම තත්ත්වය ඇතිවිය හැක. ඇතැම් විට, සම ඝන නොවී, මෘදුව විල්ලුද ආකාරයට ද පැවතිය හැක. සමේ මෙම තත්ත්වය ඇති…


දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!

දරුවන් තරබාරුවීම ගැන සැලකිය යුත්තේ ඇයි? පසුගිය වසර 30 ඇතුළත, කුඩා දරුවන් තරබාරු වන ප්‍රමාණය දෙගුණයකින් ද, නව යොවුන් වියේ දරුවන් තරබාරු වන ප්‍රමාණය තුන්ගුණයකින්ද ඉහළ ගොස් ඇත. දරුවන් තරබාරු වන ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් පවතින බව පෙනේ. මෙම ප්‍රතිඵල වලට මූලික වශයෙන් හේතුවන්නේ, කැලරි පරිභෝජනය සහ කැලරි දහනය අතර ඇති අසමතුලිතතාවයයි. දරුවන් අධික බරකින් යුක්ත වීමට සහ තරබාරුවීමට ඔවුන්ගේ ජීවන රටාව, ජාන, ආහාර, සහ පාරිසරික සාධක හේතුවේ. දරුවන් අතර තරබාරුකම ඇතිවීමට හේතු උදෑසන ආහාර වේල මගහැරීම ඇතැම් දරුවන් ඔවුන්ගේ උදෑසන ආහාර වේල මගහැරීමට පුරුදුව සිටිනවා. විශේෂයෙන්, මව රැකියාවක් කරනවා නම් හෝ කාර්යබහුල නම් මෙය සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. නමුත්,…


ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?

දරුවන් නින්දෙන් ඇඳ තෙමීම (Bed-wetting or Nocturnal enuresis) බොහොමයක් පවුල් වල ඇතිවන ගැටළුවක්. මෙය කුඩා දරුවන් අතර ඉතා බහුලව ඇතිවන තත්ත්වයක් වේ. නින්දෙන් ඇඳ තෙමීම සිදුවීමට හේතු හෝ එය ක්‍රමයෙන් නතර වන්නේ කෙසේද යන්න වෛද්‍යවරුන් තවමත් සොයාගෙන නැහැ. එය දරුවාගේ වර්ධනය සිදුවන අතරතුර පසුකරන එක්තරා කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ දරුවන් ක්‍රමයෙන් වර්ධනය වනවිට නින්දෙන් ඇඳ තෙමීමෙන් වලකිනවා. බොහෝවිට, කුඩා දරුවන් නින්දෙන් ඇඳ තෙමීම කායික හෝ මානසික ගැටළුවක් නොවේ. ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද? නින්දෙන් ඇඳ තෙමීම යනු දරුවා මුත්‍රා පහකිරීම පාලනය කලහැකි වයසේදීත්, නින්දෙන් නොදැනුවත්වම මුත්‍රා පහවීමයි. මෙය වයස අවුරුදු 6 ට වඩා අඩු දරුවන් අතර බහුල වේ….


ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති. ඔබ දරුවාගේ නළලට හෝ ශරීරයේ වෙනත් තැනකට අත තබා බලන විට උණුසුම මදක් වැඩිවී ඇති බවද වැටහෙන්නට ඇති. මෙවැනි වේලාවක ඔබ මුලින්ම සැක කරන්නේ දරුවාට උණ සෑදී ඇති බවයි. නමුත්, ඔබ මෙවැනි අවස්ථාවක මදක් දෙගිඩියාවට පත්වෙනවා නොඅනුමානයි. උණ කටුවෙන් උණ බලනවාද? දරුවාගේ ඇඟ තෙමනවාද? දරුවාට පැරසිටමෝල් ස්වල්පයක් දෙනවාද? නැත්නම් වෛද්‍යවරයෙක් ලඟට දරුවා ගෙනයනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබේ සිතට නැගෙනවා නිසැකයි. සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උණ සෑදුනහොත්,…


නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද?

නැපි කුෂ්ඨ (Nappy rash) ඔබේ දරුවාටත් ගැටළුවක් වන්නට ඇති. නැපි කුෂ්ඨ කියන්නේ මොනවාද? එය සමේ ඇතිවන ස්පර්ශ ප්‍රදාහයක් (Contact dermatitis) වන අතර, කුඩා දරුවන්ට බහුලව සෑදේ. එය දිගුකාලීනව මළ ද්‍රව්‍ය හා මුත්‍රා සමේ ගැටී පැවතීම, සම වැඩිපුර තෙත්ව පැවතීම, ඇඳුම් සමග සමේ ඇතිවන ඝර්ෂණය, තෙත්වීම නිසා සම මෘදු වීම, සහ සමෙහි සබන්, ක්‍රීම්, හා ආලේපන ඉතිරිවීම ආදිය නිසා සමෙහි ඇතිවන ප්‍රතික්‍රියාවකි. නැපි කුෂ්ඨ වල රෝග ලක්ෂණ මොනවාද? නැපි කුෂ්ඨ කුඩා දරුවාගේ ඉණ, තට්ටම්, ඉකිලි, සහ ලිංගේන්ද්‍රිය අවට සෑදේ. එම ප්‍රදේශ වල සමෙහි පහත රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ දරුවාත් නැපි කුෂ්ඨ වලට ගොදුරු වී ඇත. සම රතු වීම. සමේ පොතු…


ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?

ප්‍රතිශක්තිය යනු ශරීරයේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් හානිකර විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් සුදු රුධිරාණු (White blood cells) විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර, එය ඔබේ දරුවා විවිධ රෝග වලින් සහ ආසාදන වලින් ආරක්ෂා කරයි. ශරීරයට හානිකර විෂබීජ සහ රසායන ද්‍රව්‍ය, ශරීරයට බාහිරින් පැමිණ හානිකරන දේවල් ලෙස හඳුනාගෙන, ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ඇත. නමුත්, වැඩිහිටියන්ට වඩා ආසාදන ඇතිවීමේ අවදානමක් කුඩා දරුවන්ට පවතී. එයට හේතුව, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පැවතීමයි. ඔබේ දරුවා කලින් නිරාවරණය වී ඇති හානිකර විෂබීජ සහ රසායන ද්‍රව්‍ය මතක තබාගැනීමට හැකියාවක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට පවතී. එමනිසා,…


ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි. උගුර සේදීම සම්බන්ධව කල පර්යේෂණ දෙකකින් මෙය තහවුරු වී තිබෙනවා. ජපානයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ක්යෝටෝ විශ්ව විද්‍යාල පාසලේ (Kyoto University School of Public Health), මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාතික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Public Health and International Health) පර්යේෂකයන් පිරිසක් මෙයින් එක් පර්යේෂණයක් කර තිබෙනවා. ඔවුන් 2002 සහ 2003 වසර වල අධ්‍යයනය සිදුකර, එහි දත්ත 2003 සහ 2004 වසර වලදී විශ්ලේෂණය කර තිබේ. ඔවුන්…


අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

අක්‍රීය දුම්පානය (Passive smoking) යනු කුමක්ද සහ එය ඔබේ දරුවාට හානිකර වන්නේ ඇයි දැයි මදක් සොයා බලමු. ඔබ ඔබේ දරුවන් අසල දුම්පානය කරන්නේ නම් හෝ ඔබේ දරුවන් අසල දුම්පානය නොකර වෙනත් තැනක වුවද දුම්පානය කරන්නේ නම්, ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වෙනවා විය හැක. ඔබ දරුවන් අසල දුම්පානය කරනවිට, ඔබගේ සිගරට්ටුවෙන්, බීඩියෙන්, හෝ සුරුට්ටුවෙන් පිටවන විෂ දුම් දරුවා නොදැනුවත්වම ආශ්වාස කරයි. ඔබ දරුවා කෙරෙහි ආදරය නිසා දරුවා අසල දුම් නොබී, වෙනත් තැනක දුම්පානය කලත් ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වේ. ඔබ දුම්පානය කරන විට, විෂ දුම් ඔබේ පෙනහලු තුළට ඇතුලු වේ. ඔබ දුම් නොබොන අවස්ථාවක දී වුවද, ඔබ පිටකරන හුස්මක්…


කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

කුඩා දරුවන් ඇතැම් ආසාදන වලට ලක්වීමට නැඹුරුතාවයක් දක්වයි. අනෙක් ළමුන් සමග නිතර ගැවසීම නිසා, පෙර පාසලේදී හෝ පාසලේදී ළමුන් අතර ආසාදන පැතිරී යාමට වැඩි ඉඩක් ලැබේ. නමුත්, සමහර සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ජීවන රටාවේ ඇතිකරන වෙනස්කම් මගින් ඔබේ දරුවා නිතර ආසාදන වලට ගොදුරු වීම වලක්වා ගැනීමට හැකියාව ඇත. අත් සේදීම අත් සේදීම මගින් ශ්වසන පද්ධතියේ, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ආසාදන සහ වෙනත් ආසාදන වලක්වා ගත හැක. දියර සබන් (Liquid soap) සහ මදක් උණුසුම් ජලයෙන් අත් සේදීමට දරුවා හුරුකරන්න. මේ සඳහා සබන් කැට සහ ඇල් ජලය යොදාගැනීම වුවද කල හැක. අත් සේදීමෙන් අනතුරුව පිරිසිදු, වියලි තුවායකින් හෝ කඩදාසි තුවා (Paper…