ඔබේ දරුවා

දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද? වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න…


දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

කුඩා දරුවන් අතර බඩේ කැක්කුම යනු තරමක් සුලභ රෝග ලක්ෂණයකි. තම දරුවාට බඩේ කැක්කුමක් සෑදුනු විට දෙමව්පියන් තරමක් කලබල වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. දරුවාගේ බඩේ කැක්කුමක් හෙවත් උදරයේ වේදනාවක් හටගැනීමට හේතුවිය හැකි සාධක ගණනාවක් පවතී. ඒ අතර උදරයේ වාතය පිරීම, ආතතිය නිසා ඇතිවන මළ බද්ධය, පමණ ඉක්මවා ආහාර අනුභව කිරීම, හෝ බඩේ අජීරණයක් වැනි හේතුවක් පැවතිය හැක. ඇතැම් විට, ශරීරයේ වෙනත් කොටසක වේදනාවක් හටගැනීම නිසා දරුවාට බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථාද දැකිය හැක.   බඩේ කැක්කුම සමග ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද? වමනය ඔක්කාරය දියර ලෙස මළපහ පිටවීම මළ බද්ධය උගුරේ වේදනාව පපුවේ හෝ…


පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට සිදුවන අනතුරු අතර පිළිස්සුම් තුවාළ, ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි තත්ත්වයකි. එය, සුළු පිළිස්සිමක සිට ජීවිතයට අනතුරක් ගෙනදිය හැකි මාරාන්තික පිළිස්සීමක් දක්වා වෙනස් වියහැක. අනතුරක් සිදුවීමට නොදී කුඩා දරුවෙක් සැමවිටම ආරක්ෂාකාරීව බලාගැනීම කල නොහැකි දෙයක් වුවත්, ඇතැම් සරළ ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ දරුවාට පිළිස්සුම් තුවාළ සිදුවීමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැක. ඔබේ සුළු නොසැලකිල්ලකින් ඔබේ දරුවාට හානියක් සිදුවීමට ඉඩ ඇතිබව සැමවිටම මතකයේ තබාගන්න. සැමවිටම ගිණිපෙට්ටි, ලයිටර්, රසායනික ද්‍රව්‍ය, දල්වන ලද ඉටි පන්දම්, ලාම්පු, චිමිනි ආදිය දරුවාට ලඟාවිය නොහැකි ස්ථානයක ආරක්ෂිතව තැබීමට වගබලාගන්න. නිවසේ ඇති දරුවාගේ අතපොවන මානයේ ඇති විදුළි පේනු සහ කෙවෙනි ආවරණය කර තබන්න. විදුළි උපකරණ වල…


දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

උගුරේ වේදනාව යනු දරුවන් අතර තරමක් සුලභ තත්ත්වයකි. බොහොමයක් උගුරේ වේදනාවන් හටගන්නේ වෛරස් ආසාදන හේතුවෙනි. ඒ අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන වෛරස වර්ග ප්‍රමුඛස්ථානයක් ගනී. බැක්ටීරියා ආසාදන නිසාද දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවිය හැක. බොහොමයක් අවස්ථා වලදී, බැක්ටීරියා නිසා ඇතිවන උගුරේ වේදනාව හටගන්නේ Streptococcus pyogenes නැමැති බැක්ටීරියාව නිසාය. කෙසේ වුවත්, එය අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට ඇතිවන්නේ කලාතුරකිනි. උගුරේ වේදනාව ඇතිවන්නේ ආසාදනය වීමක් නිසාම පමණක් නොවේ. ඇතැම්විට, අසාත්මිකතා (Allergies) ඇතිවිට සහ වියළි වාතයට නිරාවරණය වීම නිසාද උගුරේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම, දිගටම ඔබේ දරුවා සිගරට් දුම් වලට නිරාවරණය වේ නම්, කල් පවතින උගුරේ වේදනාවක් ඇතිවිය හැක.  …


දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් වියහැකි තත්ත්වයකි. බොහොමයක් අවස්ථා වලදී, දෙමව්පියන් හෝ වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වී ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා තත්ත්වය දරුණු අතට හැරීම දක්නට ලැබේ. එමනිසා, ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, කලයුතු නිවැරදි ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. එවැනි අවස්ථාවකදී අනවශ්‍ය ලෙස කලබලයට පත්වී කරන අනුවනකම් මගින් ඔබේ දරුවාට වන හානිය දරුණු වනබව සැමවිටම සිතේ තබාගන්න.   ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවී ඇතිබව වටහාගන්නේ කෙසේද? ඔබේ දරුවා ක්ෂණිකව පහත සඳහන් ලක්ෂණ පෙන්වයි නම්, උගුරේ යමක් සිරවී ඇතිබවට සැකකල හැක. අමාරුවෙන් හුස්ම ගැනීම හෝ හතිය/ඇදුම වැනි ශබ්දයක් ඇසීම. කතාකිරීමට, ඇඬීමට,…


ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට (Safety standards) අනුකූල වියයුතු බව ඔබ දන්නවාද? එසේ නොවුනහොත්, ඔබේ ආදරණීය දරුවාගේ විනෝදය පිණිස ලබාදෙන සෙල්ලම් බඩුවක් දරුවාට මාරාන්තික අනතුරක් සිදුකිරීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය වෙළඳපොලෙහි ඇති බොහොමයක් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට අනුකූල නොවේ. එමනිසා, ඔබේ ආදරණීය දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දෙමව්පියන් වශයෙන් ඔබ සහ අනෙකුත් වැඩිහිටියන් සතු වගකීමක් බව සිතට ගන්න. සෙල්ලම් බඩු පිළිබඳ පහත සඳහන් ඉඟි ඔබේ දරුවාට ආරක්ෂිත සෙල්ලම් බඩු තෝරාගැනීමේදී වැදගත් වියහැක. එමෙන්ම, ආරක්ෂිත සෙල්ලම් බඩුවක් දරුවාට ලබාදුන් පසුවද, එහි කැඩීගිය හෝ බුරුල් වූ කොටස් ඇතිදැයි…


නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්. ඔවුන් පාසලට, පංති වලට මෙන්ම, විවිධ පාඨමාලා වලටත් සහභාගී වෙනවා. ඒ වගේම, ඔවුන් ක්‍රීඩා වලටත් සක්‍රීයව සහභාගී වෙන්නෙ මෙම අවධියෙදී. ඔවුන්ගේ මස්පිඩු වර්ධනය, උස යාම, සහ කොණ්ඩය වැවීම ආදිය හොඳින් සිදුවන්නෙත් නව යොවුන්වියේ පසුවන විටදී. එම නිසා, ශරීරයේ යකඩ අවශ්‍යතාවය මෙම අවධියේදී තරමක් වැඩිවීම දක්නට ලැබෙන්නක්. නමුත්, ඇතැම් වැරදි ආහාර පුරුදු නිසා ඔබේ දරුවාගේ ශරීරයට ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවිය…


දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

ක්ලාන්තයක් යනු තාවකාලිකව ඇතිවන සිහි මුර්ජාවීමක් ලෙස හැඳින්විය හැක. දරුවා විජලණය වීම, අධික තාපය, රුධිරයේ සීනි මට්ටම අඩුවීම, අධිකව වෙහෙසීම, අභ්‍යන්තර රෝග තත්ත්ව නිසා මෙන්ම, ඇතැම් විට මානසික ආතතිය නිසාද ක්ලාන්තය ඇතිවිය හැක. කෙසේ වුවත්, ඔබේ දරුවාට ක්ලාන්තයක් ඇතිවුවහොත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. මක්නිසාද, එමගින් ක්ලාන්තය ඇතිවීමට හේතුවූ සැබෑ කාරණය හඳුනාගැනීමට හැකිවන අතර, නැවත ක්ලාන්තයක් ඇතිවීම මගහරවා ගැනීමටද එය උපකාරී වේ.   ක්ලාන්තය ඇතිවීමේදී හටගන්නා රෝග ලක්ෂණ මොනවාද? ක්ලාන්තය ඇතිවීමට මොහොතකට පෙර පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කරකැවිල්ල හිස තෝන්තු වූවාක් සේ දැනීම සුදුමැලි වීම සමබරතාවය බිඳීයාම පෙනීම වෙනස්වීම හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත්වීම හෝ අක්‍රමවත්වීම අධිකව…


දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක. විශේෂයෙන්, වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවෙකුට ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්වල ආසාදනයක් ඇතිවූ පසු, කනේ ආසාදනයක් ඇතිවීමට වැඩි අවදානමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබේ දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත්, කුමක් කලයුතුද යන්න පැහැදිලි කිරීමයි.   රෝග ලක්ෂණ හඳුනාගැනීම කනේ ආසාදනයක් ඇතිවූ විට පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කනේ වේදනාව. මෙය විශේෂයෙන්, සපන විට, කිරි හෝ වෙනත් දියරයක් උරා බොන විට, හෝ හාන්සි වී සිටින විට ඇතිවිය හැක. කන් පෙත්තෙහි ඉදිමීමක් හෝ…


දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට දියර ලෙස හෝ දියාරු වූ ස්වරූපයකින් මළපහ පිටවීම දැකිය හැක. මෙසේ සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ඇතැම් ආසාදන නිසාය. සාමාන්‍යයෙන්, බඩේ අජීරණයක් යනු දරුණු රෝගයක් නොවේ. නමුත්, බඩේ අජීරණයක් නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය සහ ඛණිජ ලවණ ඉවත්වීම සිදුවිය හැක. එවිට, විජලණය සහ වෙනත් සංකූලතා ඇතිවීමට අවදානමක් ඇතිවේ. එමනිසා, දරුවාට බඩේ අජීරණයක් වැළඳුන විට නිසි අයුරින් දියර සහ ආහාර ලබාදීම ඉතා වැදගත් වේ.   බඩේ අජීරණයක රෝග ලක්ෂණ දියර ලෙස මළපහ පිටවීම. මළ පහකරන වාර ගණන වැඩිවීම. උදරයේ වේදනාව. උණ. ආහාර අරුචිය. වෙහෙසකර බවක් දැනීම. බර අඩුවීම. විජලණය වීම. ඇතැම් විට ඔක්කාරය සහ වමනය ඇතිවිය…


නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන්, කුඩා දරුවන් ඉතා සක්‍රීය වේ. ඔවුන් වේගයෙන් ඇවිදීමට, දණගෑමට, අවට ඇති දේවල් ඇදීමට, සහ අතට හසුවන දේවල් මුවේ රුවා ගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි. ඒවා, ඔවුන් අවට පරිසරය සහ තම ශරීරය කුතුහලයෙන් යුතුව විමර්ශණය කිරීමට කටයුතු කිරීම නිසා සිදුවන දේවල් ය. මෙහිදී, වැඩිහිටියන් තම දරුවා ගැන සහ නිවසේ පරිසරය පිළිබඳව හොඳ අවධානයකින් පසු නොවුනහොත්, දරුවාට විපතක් හෝ අනතුරක් සිදුවීමට එයම ප්‍රමාණවත් වේ. එමනිසා, නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේදැයි මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි. ශ්‍රී ලංකාව වැනි දිළිඳු ජනතාව බහුලව සිටින රටක, බොහෝ නිවාස වල දර ලිප පවතින්නේ මුළුතැන්ගෙය තුළ ගෙබිම මතය. එවැනි නිවාසයක ජීවත්වන්නේ නම්, කුඩා දරුවාට…


දරුවාට උණ වලිප්පුව සෑදුන විට කුමක් කරමුද?

උණ තත්ත්වයක් ඇතිවිට වලිප්පුව සෑදීම ඇතැම් කුඩා දරුවන්ගේ දැකිය හැකි ලක්ෂණයකි. සාමාන්‍යයෙන්, මෙසේ ඇතිවන්නේ දරුවාට මාස 6 සිට, අවුරුදු 6 ක් දක්වා ය. මෙම තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ අවුරුද්දත්, අවුරුදු එකහමාරත් අතර දරුවන් අතර ය. මෙසේ ඇතිවන උණ වලිප්පුව, බොහෝවිට පවතින්නේ විනාඩි කිහිපයක් පමණක් වන අතර, ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100.4 (සෙල්සියස් අංශක 38) ට වඩා වැඩිවූ විට හටගනී. උණ වලිප්පුව සෑදුන විට, දෙමව්පියන් සහ අනෙක් වැඩිහිටියන් බොහෝවිට කලබලයට සහ බියට පත්වන මුත්, සාමාන්‍යයෙන් ඒ සඳහා විශේෂිත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන අතර, වෙනත් සෞඛ්‍ය ගැටළු ඇතිවීමද සිදුනොවේ. එක්වරක්, උණ වලිප්පුව සෑදුනු පමණින්, දරුවාට අපස්මාරය (Epilepsy) වැළඳේ යැයි හෝ දරුවාගේ මොළයට හානි…


දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?

සාමාන්‍යයෙන්, හිසරදයක් පවතින්නේ කෙටිකාලයක් වන අතර, එය ඇතිවීමට හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතර, නිදිවැරීම, ඇස් විඩාවට පත්වීම, මානසික ආතතිය, කෝටර දාහය, හිසට පහරක් වැදීම වැනි හේතූන් පවතී. ඇතැම් විට, හිසරදය වෙනත් රෝග ලක්ෂණ සමග වැඩි වේලාවක් පවතින අවස්ථාද ඇත. ඉතාමත් කලාතුරකින්, හිසරදය යනු, වෙනත් බරපතළ රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වියහැක.   රෝග ලක්ෂණ කුඩා දරුවන්ට සහ නවයොවුන් වියේ දරුවන්ට වැළඳෙන හිසරදයේ බහුළතම ආකාර දෙක ලෙස ආතති හිසරදය (Tension headache) සහ ඉරුවාරදය (Migraine) හැඳින්විය හැක. ආතති හිසරදයේ රෝග ලක්ෂණ හිසේ ඉදිරිපස, දෙපස, සහ පිටුපස හිසේ මිරිකීමක් හෝ පීඩනයක් මෙන් වේදනාවක් හටගැනීම එකම ආකාරයට දිගටම පවතින හිසරදය ක්‍රියාකාරී වීමෙන් හිසරදය උත්සන්න…