ආසාදන

දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක. විශේෂයෙන්, වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවෙකුට ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්වල ආසාදනයක් ඇතිවූ පසු, කනේ ආසාදනයක් ඇතිවීමට වැඩි අවදානමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබේ දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත්, කුමක් කලයුතුද යන්න පැහැදිලි කිරීමයි.   රෝග ලක්ෂණ හඳුනාගැනීම කනේ ආසාදනයක් ඇතිවූ විට පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කනේ වේදනාව. මෙය විශේෂයෙන්, සපන විට, කිරි හෝ වෙනත් දියරයක් උරා බොන විට, හෝ හාන්සි වී සිටින විට ඇතිවිය හැක. කන් පෙත්තෙහි ඉදිමීමක් හෝ…


දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට දියර ලෙස හෝ දියාරු වූ ස්වරූපයකින් මළපහ පිටවීම දැකිය හැක. මෙසේ සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ඇතැම් ආසාදන නිසාය. සාමාන්‍යයෙන්, බඩේ අජීරණයක් යනු දරුණු රෝගයක් නොවේ. නමුත්, බඩේ අජීරණයක් නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය සහ ඛණිජ ලවණ ඉවත්වීම සිදුවිය හැක. එවිට, විජලණය සහ වෙනත් සංකූලතා ඇතිවීමට අවදානමක් ඇතිවේ. එමනිසා, දරුවාට බඩේ අජීරණයක් වැළඳුන විට නිසි අයුරින් දියර සහ ආහාර ලබාදීම ඉතා වැදගත් වේ.   බඩේ අජීරණයක රෝග ලක්ෂණ දියර ලෙස මළපහ පිටවීම. මළ පහකරන වාර ගණන වැඩිවීම. උදරයේ වේදනාව. උණ. ආහාර අරුචිය. වෙහෙසකර බවක් දැනීම. බර අඩුවීම. විජලණය වීම. ඇතැම් විට ඔක්කාරය සහ වමනය ඇතිවිය…


ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත. දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක්…


ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.

ඩෙංගු (Dengue) යනු වෛරසයක් මගින් බෝවන රෝගයකි. ඩෙංගු රෝගය පැතිර යන්නේ ඊඩිස් (Aedes) වර්ගයේ මදුරුවන් මගිනි. ශ්‍රී ලංකාව තුළ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරුවන් විශේෂ දෙක මගින් ඩෙංගු රෝගය පැතිරේ. ඩෙංගු රෝගී පුද්ගලයෙකුට දෂ්ට කල මදුරුවෙකු විසින් නිරෝගී පුද්ගලයෙක් දෂ්ට කරනු ලැබුවහොත්, එම නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය වැළඳීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික වියහැකි බැවින්, එය වැළැක්වීමට දායක වීම ශ්‍රී ලංකා වාසී අප සැමගේ යුතුකමක් මෙන්ම, වගකීමක් වේ. අපි සැවොම ඒ සඳහා පෙළගැසිය යුතුය. 2016 වසරේ මේ දක්වා (2016 ජූලි මස 05 වනදා තෙක්) ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 21,881 ක් වාර්තා වී ඇත. එයින්…


අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

අලුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය සාදයි. අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර…


ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති. ඔබ දරුවාගේ නළලට හෝ ශරීරයේ වෙනත් තැනකට අත තබා බලන විට උණුසුම මදක් වැඩිවී ඇති බවද වැටහෙන්නට ඇති. මෙවැනි වේලාවක ඔබ මුලින්ම සැක කරන්නේ දරුවාට උණ සෑදී ඇති බවයි. නමුත්, ඔබ මෙවැනි අවස්ථාවක මදක් දෙගිඩියාවට පත්වෙනවා නොඅනුමානයි. උණ කටුවෙන් උණ බලනවාද? දරුවාගේ ඇඟ තෙමනවාද? දරුවාට පැරසිටමෝල් ස්වල්පයක් දෙනවාද? නැත්නම් වෛද්‍යවරයෙක් ලඟට දරුවා ගෙනයනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබේ සිතට නැගෙනවා නිසැකයි. සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උණ සෑදුනහොත්,…


ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි. උගුර සේදීම සම්බන්ධව කල පර්යේෂණ දෙකකින් මෙය තහවුරු වී තිබෙනවා. ජපානයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ක්යෝටෝ විශ්ව විද්‍යාල පාසලේ (Kyoto University School of Public Health), මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාතික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Public Health and International Health) පර්යේෂකයන් පිරිසක් මෙයින් එක් පර්යේෂණයක් කර තිබෙනවා. ඔවුන් 2002 සහ 2003 වසර වල අධ්‍යයනය සිදුකර, එහි දත්ත 2003 සහ 2004 වසර වලදී විශ්ලේෂණය කර තිබේ. ඔවුන්…


කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

කුඩා දරුවන් ඇතැම් ආසාදන වලට ලක්වීමට නැඹුරුතාවයක් දක්වයි. අනෙක් ළමුන් සමග නිතර ගැවසීම නිසා, පෙර පාසලේදී හෝ පාසලේදී ළමුන් අතර ආසාදන පැතිරී යාමට වැඩි ඉඩක් ලැබේ. නමුත්, සමහර සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ජීවන රටාවේ ඇතිකරන වෙනස්කම් මගින් ඔබේ දරුවා නිතර ආසාදන වලට ගොදුරු වීම වලක්වා ගැනීමට හැකියාව ඇත. අත් සේදීම අත් සේදීම මගින් ශ්වසන පද්ධතියේ, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ආසාදන සහ වෙනත් ආසාදන වලක්වා ගත හැක. දියර සබන් (Liquid soap) සහ මදක් උණුසුම් ජලයෙන් අත් සේදීමට දරුවා හුරුකරන්න. මේ සඳහා සබන් කැට සහ ඇල් ජලය යොදාගැනීම වුවද කල හැක. අත් සේදීමෙන් අනතුරුව පිරිසිදු, වියලි තුවායකින් හෝ කඩදාසි තුවා (Paper…


සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

මිනිසාට වැළඳෙන රෝග අතරින් බහුලවම පවතින රෝගය සෙම්ප්‍රතිශ්‍යාව වේ. සාමාන්‍යයෙන් එය සතියක් හෝ දෙකක් තුළ කිසිඳු සංකූලතාවයකින් තොරව සුව වේ. නමුත්, ඇතැම්විට සමහර සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට බරපතළ සහ දිගුකල් පවත්නා සංකූලතාවයන් ඇතිවීම සිදුවේ. එමනිසා එම සංකූලතාවයන්ගේ ලක්ෂණ දැනගැනීම වැදගත් වියහැක. එවැනි රෝගීන්ට වැඩිදුර ප්‍රතිකාර මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අවශ්‍ය විය හැක. කෝටර දාහය (sinusitis) කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු වැඩිහිටියන්…


සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව මිනිස් සමාජය තුළ බහුලවම පැතිරුණු රෝගය වේ. එයට හේතුව එහි ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවතීම වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ (විශේෂයෙන් නාස් කුහර තුළ) සහ මද වශයෙන් ශරීරයේ සෙසු කොටස්වල රෝග ලක්ෂණ ඇති කරයි. මෙම රෝගය ඇතිවීමට වෛරස රාශියක් හේතුවන අතර රයිනෝ වෛරසය (Rhinovirus) ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. කොරෝනා වෛරසය (Coronavirus) සහ ඇඩිනෝ වෛරසයද (Adenovirus) එයට අයත් වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගය ඇතිකරන රයිනෝ වෛරස වර්ග 100 කට අධික ප්‍රමාණයක් පවතී. එමනිසා, මෙම රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් අපහසු වේ. බොහෝවිට එක් පුද්ගලයෙකුට වසරක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව දෙවරක් හෝ තෙවරක් වැළඳිය හැක. එසේ…