සමට සත්කාර කිරීමේදී ඔබ දැනසිටිය යුතු මූලික කරුණු

සම යනු ඔබේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වන කැඩපතකි. එමෙන්ම, එය චිත්‍රයක් ඇඳ ඇති කැන්වසයක් බඳුය. ඔබේ ශරීරයේ ඇති වටිනාම අංග අතරින් එකක් ලෙසද සම දැක්විය හැක. සමට නිවැරදිව සහ හොඳින් සත්කාර කිරීමේදී, බාහිර සහ අභ්‍යන්තර බලපෑම් මගින් ඔබේ සම ආරක්ෂා කරන සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇතිකරගැනීම ඉතා වැදගත් වේ. මක්නිසාද, ජීවිත කාලයටම ඔබට ලැබෙන්නේ එක් සමක් පමණක් වන අතර, ඔබේ දෛනික පුරුදු යනු සමේ යහපැවැත්ම සම්බන්ධ තීරණාත්මක සාධකයකි. එබැවින්, සමට සත්කාර කිරීමේදී එය කලයුත්තේ කෙසේද යන්න පිළිබඳ මූලික කරුණු ඔබ දැනසිටිය යුතුවේ. ඔබේ සම දිනපතා පිරිසිදු (Clean) කරන්න. එහි තෙතමනය ආරක්ෂා කරගන්න (Moisturize). දිනකට දෙවරක් මුහුණ සෝදන්න. උදෑසන එක්වරක් සහ නින්දට යාමට…


දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

දියවැඩියාව නිසා සංකූලතා ඇතිවීමට දිගුකාලයක් ගතවන අතර, ඒවා වර්ධනය වන්නේ සෙමින් ය. දියවැඩියාව වැළඳී පැවතුන කාලය වැඩිවන විට සහ දියවැඩියාව නිසි ලෙස පාලනය නොවන විට සංකූලතා හටගැනීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවේ. අවසානයේදී, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ක්‍රමයෙන් රෝගියා අබල දුබල කිරීම හෝ ජීවිතයට හානියක් වන අයුරින් වර්ධනය වීම සිදුවේ. හෘත්වාහිනික රෝගය (Cardiovascular disease) දියවැඩියාව ක්‍රමයෙන් හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඒවා අතර, පපුවේ වේදනාවත් (ඇන්ජයිනා) සමග එන කිරීටක ධමනි රෝගය (Coronary artery disease) හෙවත් හෘදයේ ඇති කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වී සිහින්වීම හෝ අවහිර වීම, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි සිහින් වීම (Atherosclerosis) ප්‍රමුඛතාවයක්…


සෞඛ්‍ය සම්පන්න බර යනු කුමක්දැයි ඔබ දැනුවත්ද?

සමාජයේ වෙසෙන බොහොමයක් බර පාලනය කරගැනීමට වෙහෙසෙන බව රහසක් නොවේ. කෙසේ වුවත්, ඇතැම් අය බර පාලනය ගැන සිතන්නේ වත් නැතිව කටයුතු කරනු පෙනේ. නමුත්, ස්ථුලතාවය (Obesity) යනු ජාතික ප්‍රශ්නයක් වෙමින් පවතින බව දක්නට ලැබේ. මක්නිසාද, ස්ථුලතාවය සමාජයේ පුළුල්ව පැතිරෙමින් පවතී. ඇතැම් විට, ඔබට සෞඛ්‍ය සම්පන්න බර පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති වන්නට පුලුවන. එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න බර පරාසයට ගමන් කිරීමට සහ එම පරාසය තුළ රැඳී සිටීමට අනුගමනය කල යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ඔබට දැනුමක් නොමැති වීමට පුලුවන. ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) සෞඛ්‍ය සම්පන්න බර ගණනය කිරීම සඳහා භාවිතා කල හැකි එක් සරළ මෙවලමක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය…


තෙල් භාවිතය අඩුකර සුවැති දිවියක් ගත කරමු.

තෙල් හෙවත් මේදය යනු අපේ ආහාරයේ වැදගත් සංඝටකයකි. එබැවින්, බොහෝ අය තෙල් නොමැති ආහාර ගැනීමක් පිළිබඳව සිතන්නේ වත් නැත. ඒ තරමටම, තෙල් අපේ ජීවිතය හා සම්බන්ධව පවතී. නමුත්, නිසි අවබෝධයකින් තොරව තෙල් ආහාරයට ගැනීම, අපේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බව පැවසිය හැක. එබැවින්, ආහාර පිළියෙල කිරීමේදී නිවැරදිව තෙල් භාවිතය සිදුකරන්නේ කෙසේදැයි මදක් විමසා බලමු. තෙල් සහ මේදය ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදිය හැක. ඒවා නම්: සංතෘප්ත මේදය හෙවත් සංතෘප්ත මේද අම්ල (Saturated fat) ඒක අසංතෘප්ත මේදය හෙවත් ඒක අසංතෘප්ත මේද අම්ල (Mono-unsaturated fat) බහු අසංතෘප්ත මේදය හෙවත් බහු අසංතෘප්ත මේද අම්ල (Poly-unsaturated fat) සංතෘප්ත මේදය හෙවත් සංතෘප්ත මේද අම්ල (Saturated…


දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම්, ඒ සඳහා හේතුවිය හැකි තත්ත්ව ගණනාවක් පවතී. නමුත්, වමනය කිරීම සඳහා බොහෝවිට හේතුවන්නේ අජීරණ තත්ත්වයකි. කෙසේ වුවත්, වමනය කිරීම නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය, ලවණ, සහ ඛණිජ ඉවත්වීමට හැකියාව පවතී. දිගටම වමනය පැවතුනහොත්, විජලනය සහ අයන අසමතුලිතතා හටගැනීම වැනි සංකීර්ණ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. එමනිසා, එසේ ඉවත්වන දියර, ඛණිජ, සහ ලවණ නැවත දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. දරුවා වමනය කරන්නේ නම්, කලයුත්තේ කුමක්ද? වමනය කරමින් සිටින දරුවෙක්ට කිරි ආහාර හෝ ඝන ආහාර දීමෙන් වළකින්න. දියර කුඩා ප්‍රමාණ වලින් ලබාදෙන්න. ළදරුවන් සඳහා: සෑම විනාඩි 15-20 කට වරක් ජීවනී මේස හැඳි 1 ක් පමණ දෙන්න. එකවරකට කෙටි වේලාවක්…


ලණු පැනීම ව්‍යායාමයක් ලෙස වැදගත් වන්නේ කෙසේද?

ලණු පැනීම (Jump rope) ව්‍යායාමයක් ලෙස ගත්කල, විනාඩි 8 ක් තුළ සැතපුමක දුරක් දිවීම හෝ පැයකදී සැතපුම් 20 ක් දුර බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක තීව්‍රතාවයට සමාන ව්‍යායාමයකි. සැබැවින්ම, විනාඩි 10 ක් ලණු පැනීම මගින් ආසන්න වශයෙන් කැලරි 140 ක් පමණ දහනය කල හැක. බොහොමයක් ලණු පැනීමේ ව්‍යායාම වැඩසටහන් විනාඩි 10-20 ක් පමණ දිගු වන අතර, ආරම්භයේදී ඔබට එතරම් කාලයක් ලණු පැනීමට නොහැකිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත්, කාලයක් ගතවන විට ඔබට ලණු පැනීමට හැකි කාලය ක්‍රමයෙන් වර්ධනය වේ. ලණු පැනීම මගින් ලැබෙන වාසි කෙටි කාලයකදී අධි-තීව්‍ර ව්‍යායාමයක් (High-intensity exercise) කිරීමට හැකිවීම. අවශ්‍ය උපකරණය සරළ සහ කුඩාවීම. කාර්යබහුල අයෙකුට වුවද කලහැකි…


PCOS තත්ත්වය හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම ගැන දැනගනිමු.

PCOS තත්ත්වය (Polycystic ovary syndrome) හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම, බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙසද හැඳින්වේ. මෙය කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝගයකි. PCOS වැළඳුනු විට ඔසප් චක්‍රයේ ගැටළු මතුවන අතර, ගැබ්ගැනීමට ද අපහසුතා ඇතිවීම දක්නට ලැබේ. එමෙන්ම, කාන්තා ඔබගේ බාහිර ස්වරූපයද වෙනස් කිරීමට PCOS තත්ත්වයට හැකියාව පවතී. නිසි ප්‍රතිකර්ම නොකලහොත්, කල් ගතවත්ම දියවැඩියාව සහ හෘද රෝග වැනි උග්‍ර සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමටද PCOS තත්ත්වය සමත් වේ. PCOS තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ වල කුඩා බිබිලි වර්ධනය වේ. මෙම තත්ත්වය බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. මෙම කෝෂ්ඨ හෙවත් බිබිලි හානිකර නොවූවත්, හෝමෝන අසමතුලිතතාවයක් ඇතිකිරීමට සමත්ය. එමනිසා, PCOS තත්ත්වය…


ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය (dengue) වසංගතයක් මෙන් පැතිර යන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරු විශේෂ දෙක මගිනි. ඩෙංගු රෝගය වෛරසයක් නිසා ඇතිවන්නකි. ඩෙංගු රෝගය වැළඳුනු රෝගියෙකුට දෂ්ට කල මදුරුවෙක් යලි නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කලහොත්, නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය බෝවීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීමට දායක වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම, වගකීමකි. එමනිසා, ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කලයුත්තේ කුමක්දැයි මදක් විමසා බලමු. ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය අනුපිළිවෙලින් බිත්තර, කීටයා, පිලවා, සහ මදුරුවා යන අවධි හතරකින් සමන්විතය. ගැහැණු මදුරුවා ජලය අඩංගු භාජන තුළ සහ ජලය එකතුවන ස්ථාන වල…


තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්,…


ඔබ තරබාරු අයෙක් නම්, පහසුවෙන් බර අඩුකර ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ජන සමාජය ගත්කල, අධිබර සහ ස්ථුලතාවය ක්‍රමයෙන් ජාතික ප්‍රශ්නයක් වෙමින් පවතින බව පෙනේ. එමෙන්ම, අධිබර හෝ තරබාරුකම නිර්ණය කරන ශරීර ස්කන්ධ දර්ශකයේ පරාසයන් ශ්‍රී ලාංකිකයන්ගේ සිරුරු වලට ගැලපෙන පරිදි නැවත සංශෝධනය කර ඇති බව ඔබ තවමත් නොදන්නවා විය හැක. නව සංශෝධනය අනුව, සමාජයේ අධිබර හෝ ස්ථුලතාවය ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශතය තවත් ඉහළ යනු ඇත. අවාසනාවකට මෙන්, අධිබර හෝ තරබාරුකම පවතින විට හෘදයාබාධය, අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම, ඇතැම් පිළිකා, සන්ධි ප්‍රදාහ හෙවත් ආත්‍රයිටිස් වැනි රෝග වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස වැඩිවේ. නමුත්, සිරුරේ බර ක්‍රමයෙන් අඩුකර ගැනීමෙන් මෙම අවදානම විශාල ප්‍රමාණයකින් අඩුකරගත හැක. ඔබ තරබාරු…


එළවළු සහ පළතුරු දිනපතා ආහාරයට ගෙන සුවැති දිවියක් ගතකරමු.

අප බොහොමයක් දෙනා ආහාර වේලට නිසි ප්‍රමාණ වලින් එළවළු, පළා, සහ පළතුරු එකතුකර නොගැනීම සැබැවින්ම ගැටළුවකි. සාමාන්‍යයෙන් දිනකට එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක්, සහ පළතුරු වර්ග දෙකක් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් (Servings) ආහාරයට ගත යුතුය. දිනපතා එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමෙන්, අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින්, ඛණිජ ලවණ, තන්තු, සහ


දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවන්ගේ සමේ ආසාදන (Skin infections) හටගැනීම එතරම් දුලබ දෙයක් නොවන අතර, විසර ගෙඩි සහ සෛලීයදාහය (Cellulitis) දරුවන් අතර දක්නට ලැබෙන සමේ ආසාදන වලට උදාහරණ ලෙස දැක්විය හැක. විසර ගෙඩි හටගැනීමේදී සමේ යම් නිශ්චිත ස්ථානයක සැරව එකතුවීම සිදුවේ. සෛලීයදාහයේදී සමේ ගැඹුරු පටක ස්ථර වල සහ සමට යටින් පවතින පටක වල බැක්ටීරියා ආසාදනයක් හටගැනීම සිදුවේ. බොහොමයක් සමේ ආසාදන වලට හේතුවන්නේ Streptococcus සහ Staphylococcus නැමැති බැක්ටීරියා ගණ දෙකයි. කෙසේ වුවත්, මෙම ආසාදන වර්ග දෙකටම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ. ඔබේ දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද? සමේ ආසාදනයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? විසර ගෙඩි: සමට යටින් ඉදිමීමක් හටගැනීම. ගෙඩිය කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන්…


බයිසිකල් පැදීම ව්‍යායාමයක් ලෙස කරමු.

බයිසිකල් පැදීම, හොඳම හෘත් වාහිනික ව්‍යායාමයක් (Cardiovascular exercise) වන අතර, පැයක් බයිසිකල් පැදීමෙන් ඔබට කැලරි 400 ක් පමණ දහනය කරගත හැක. එපමණක් නොව, එමගින් ඔබේ පාද, උකුළ, සහ තට්ටම් වල මාංශ පේශි ඇතුළුව ශරීරයේ පහළ කොටස ශක්තිමත් වේ. ඔබේ කොන්ද, උකුළ, දණහිස්, සහ වළළුකර ප්‍රදේශ වලට වැඩි ආතතියක් නොමැතිව කලහැකි ව්‍යායාමයක් ලෙස බයිසිකල් පැදීම දැක්විය හැක. නිතිපතා බයිසිකල් පැදීමෙන්, ඔබේ හෘදය සහ පෙනහලු ද ක්‍රමයෙන් ශක්තිමත් වේ. ඔබට බාහිර පරිසරයේ බයිසිකල් පැදීමට අවශ්‍ය නම්, තැනිතලා පාරක්, බයිසිකල් සඳහා වෙන්කල මංපෙතක්, හෝ කඳුකර මාවතක් තෝරාගැනීම සිදුකල හැක. ඔබට අවශ්‍ය වන්නේ ගෘහස්ථව බයිසිකල් පැදීමට නම්, එකතැන පැදිය හැකි ව්‍යායාම බයිසිකලයක් භාවිතාකල හැක….