ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව තිබෙනවා. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ (දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ. නමුත්, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැක.   ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්. වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ…


හදිසි ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද?

මෙවර වෙසක් මාසය ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් කතාබහට ලක්වුණේ මහ වැසි නිසා රට පුරා ඇතිවූ ගංවතුර සහ ප්‍රදේශ කීපයක ඇතිවූ නායයෑම් නිසා. මෙම ස්වාභාවික ආපදාව නිසා ජීවිත රැසක් අහිමි වූ අතර, බොහෝ පිරිසක් අවතැන් කිරීමට එය සමත් විය. සාමාන්‍යයෙන්, මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයක් උද්ගත වූ පසු, ඇතැම් බෝවෙන රෝග ජනතාව අතර පැතිර යාම සිදුවන බව පෙනේ. එමෙන්ම, ඇතැම් බෝ නොවන රෝග උත්සන්න වීම ද දක්නට ලැබේ. එසේ වුවත්, ජීවන රටාව මදක් වෙනස් කරගැනීමෙන්, ස්වාභාවික ආපදාවකට ලක්වීමෙන් අනතුරුවත් සුවෙන් සිටීමට ඔබට හැකියාව ලැබෙනවා. ආපදා තත්ත්වයකදී සුවෙන් සිටින්නේ කොහොමද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ගංවතුර වැනි ආපදා තත්ත්වයකදී ළිං ජලය අපිරිසිදු…


නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?

නියපොතු ලස්සන කරගන්න කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. සමහර පිරිමි අයත් නියපොතු ලස්සනට තබාගන්න අකමැති නැහැ. නියපොතු හොඳින් තබාගැනීම සඳහා ඒවා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. නියපොතු වලට වැරදි ආකාරයට, වැඩියෙන් සාත්තු කරන්න ගිහින් තමයි බොහොමයක් අය නියපොතු අවලස්සන කරගන්නේ. එසේනම්, නියපොතු වලට නිවරැදි ආකාරයට සාත්තු කර ඒවා ලස්සනට තබාගන්නේ කොහොමද? නියපොතු නිතර පිරිසිදුව වියලිව තබාගන්න. ඒවා නිතර අපිරිසිදුවීම හෝ තෙත්ව පැවතීම අවලස්සන වීමට හේතුවක් වෙනවා. එක දිගට බොහෝ වේලාවක් නියපොතු වතුරේ ගිල්වාගෙන වැඩ කරන්න එපා. ඔබේ අත් තෙත් වුවහොත් හැකි ඉක්මනින් අත් පිසදමා වේලාගන්න. ඔබේ අත්වල සම ගොඩක් වියළි නම්, සම වියලීම වලකන ආලේපනයක් (Hand moisturizer) භාවිතා කරන්න. බොහොමයක් අය නියපොතු…


අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?

අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි. අංශභාගය යනු ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්‍රමුඛස්ථානයක් ගනී. අංශභාගය ඉක්මනින් හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද? අංශභාගය ඉක්මනින් හඳුනාගෙන වහාම රෝගියා රෝහලකට ගෙනයාමෙන්, රෝගියා ආබාධිත තත්ත්වයට පත්වන…


ගර්භණී සමයේදී බර පාලනය කරගන්නේ කොහොමද?

ගර්භණී සමයේදී බර පාලනය කරගන්නේ කෙසේද? මෙය කාන්තාවන්ට නිතර මතුවන ප්‍රශ්නයක්. ඇතැම් කාන්තාවන් නම් මේ ගැටළුව ඕනෑකමින්ම නොසලකා හරිනවා. නමුත්, ගර්භණී සමයට පෙර, ගර්භණී අවධියේදී, සහ ගර්භණී සමයට පසුව ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම වෛද්‍යවරු නිර්දේශ කරන්නක්. ඔබගේ ශරීරයේ බර, ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 ත්, 24.9 ත් අතර වන පරිදි පවත්වා ගත යුතුයි. සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමෙන් සහ ශාරීරිකව ක්‍රියාකාරී කාන්තාවක් වීමෙන්, ඔබට සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගැනීමටත්, පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඔබ දරුවා බිහිකිරීමෙන් පසුව අධික බරකින් යුක්ත හෝ තරබාරු කාන්තාවක් නම්, බර අඩු කරගැනීම ක්‍රමාණුකූලව කල යුතුවේ. මෙහිදී සතියක් තුළ ග්‍රෑම් 500 ත්…


කන්තුශ්වසන යෝග්‍යතාවය සහ බර අඩුකරගැනීම

කන්තුශ්වසන යෝග්‍යතාවය (Cardiorespiratory fitness) සහ බර අඩුකරගැනීම (Weight loss) අතරින් වඩා හොඳ කුමක්ද? ඔබ මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර නොදන්නවා විය හැක. කන්තුශ්වසන යෝග්‍යතාවය යනු හෘදයේ සහ ශ්වසන පද්ධතියේ නිරෝගී සහ ශක්තිමත් භාවයයි. මෑත කාලයේදී කරන ලද පර්යේෂණයක් මගින් කන්තුශ්වසන යෝග්‍යතාවය, හෘද රෝග නිසා ඇතිවන මරණ ඇතුළුව සියලු හේතු නිසා ඇතිවන මරණ සඳහා ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුකරන බව සොයාගෙන ඇත. නමුත්, ශරීරයේ බර අඩු කරගැනීම පමණක් නිසා හෘද රෝග හේතුවෙන් ඇතිවන මරණ සහ අනෙකුත් සියලු හේතු මත සිදුවන මරණ අඩු නොවන බව පෙනී ගොස් ඇත. ඔබගේ කන්තුශ්වසන යෝග්‍යතාවය නැති වුවහොත්, සියලු හේතු නිසා ඇතිවන මරණ සඳහා ඇති අවදානම ඉහළ…


ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?

ගර්භණී සමයේ ව්‍යායාම කිරීම සහ වෙහෙස වීම නොකල යුතු යැයි මතයක් සමාජයේ පවතී. ඒ එමගින් මවට සහ කුස තුළ වැඩෙන දරුවාට හානියක් වේ යැයි බියක් පවතින නිසා. එම මතය අප සමාජයේ පවතින හුඹස් බියක් ලෙස හැඳින්විය හැකියි. මෙම ලිපිය මගින් ගර්භණී සමයේ ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි, ගර්භණී මවක් වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම කලයුතු අවස්ථා, සහ ගර්භණී මවක් ව්‍යායාම කිරීම නතර කලයුතු අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගර්භණී මවක් නිතර ව්‍යායාම කිරීමෙන්, ඇයට ගර්භණී සමයේදී ඇතිවන අපහසුතා අඩුවන අතර, සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ද හිමිවේ. ඒවා නම්, කකුල් ඉදිමීම, පාද වල නහර ගැටගැසීම, සහ වෙහෙසකර බව වැනි ගැටළු ඇතිවීම…


ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද?

ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කෝපි, අර්තාපල්, පීච්, සහ වම්බටු වැනි ආහාර වල අඩංගු රසායනික ද්‍රව්‍යයකි. එය බහුලව කෝපි වල දක්නට ලැබෙන අතර හරිත කෝපි (Green coffee) වල 7% ක් දක්වා ප්‍රමාණයක් අන්තර්ගත වේ. සාමාන්‍ය කෝපි වල අඩංගු ක්ලෝරොජෙනික් අම්ල ප්‍රමාණය, ඒවා සකස් කිරීමට රත්කරන බැවින් මදක් අඩුවේ. ක්ලෝරොජෙනික් අම්ලය, ආහාර ගැනීමෙන් පසු රුධිරයට සීනි නිදහස් වීම අඩුකරන අතර, අක්මාව තුළ මේද පරිවෘත්තිය (Metabolism) වැඩි කරයි. එමනිසා, ක්ලෝරොජෙනික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේ සීනි පාලනය, දියවැඩියාව ඇතිවීම වැලැක්වීම, සහ ශරීරයේ බර පාලනය සිදුකල හැක. ක්ලෝරොජෙනික් අම්ලය ආහාර වල ඇති මේදය, ශරීරයට අවශෝෂණය කරගැනීම ද පාලනය කරයි. එය මේද පටක වලින් ශ්‍රාවය කරන…


ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති. ඔබ දරුවාගේ නළලට හෝ ශරීරයේ වෙනත් තැනකට අත තබා බලන විට උණුසුම මදක් වැඩිවී ඇති බවද වැටහෙන්නට ඇති. මෙවැනි වේලාවක ඔබ මුලින්ම සැක කරන්නේ දරුවාට උණ සෑදී ඇති බවයි. නමුත්, ඔබ මෙවැනි අවස්ථාවක මදක් දෙගිඩියාවට පත්වෙනවා නොඅනුමානයි. උණ කටුවෙන් උණ බලනවාද? දරුවාගේ ඇඟ තෙමනවාද? දරුවාට පැරසිටමෝල් ස්වල්පයක් දෙනවාද? නැත්නම් වෛද්‍යවරයෙක් ලඟට දරුවා ගෙනයනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබේ සිතට නැගෙනවා නිසැකයි. සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උණ සෑදුනහොත්,…


ව්‍යායාම වලදී දහනය වන කැලරි ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද?

ව්‍යායාම කරන අතරතුර දහනය වන කැලරි ප්‍රමාණය දැනගැනීමෙන්, ව්‍යායාම මගින් ඔබගේ බර අඩුවන ප්‍රමාණය ගැන අදහසක් ඇතිකර ගැනීමට පුලුවන. මක්නිසාද, අමතර කැලරි 7778 ක් දහනය කිරීමෙන් ශරීරයේ බර කිලෝග්‍රෑම් 1 ක් අඩුවේ. ව්‍යායාම මගින් දහනය වන කැලරි ප්‍රමාණය සාධක කිහිපයක් මත රඳා පවතී. ඒවා නම්, වයස (Age) බර (Weight) උස (Height) ව්‍යායාමයේ තීව්‍රතාවය (Intensity) ව්‍යායාම කරන කාල සීමාව (Duration) පළමු පියවර ව්‍යායාම වලදී දහනය වන කැලරි ප්‍රමාණය දැන ගැනීමට නම්, මුලින්ම ඔබගේ විවේකයෙන් සිටින විට පරිවෘත්තීය සීඝ්‍රතාවය (Resting Metabolic Rate/RMR) දැනගත යුතුවේ. විවේකයෙන් සිටින විට පරිවෘත්තීය සීඝ්‍රතාවය යනු ඔබ විවේකයෙන් සිටින විට දිනකට වැයවන හෝ අවශ්‍ය වන කැලරි ප්‍රමාණයයි. එය…


බර අඩුවීම සඳහා දවසකට කොපමණ ව්‍යායාම කල යුතුද?

දවසක් තුළදී ඔබ ආහාර වලින් ගන්නා කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ශාරීරික ක්‍රියාකාරකම් වලින් දහනය කරන්නේ නම්, ඔබේ ශරීරයේ බර අඩුවීම සිදුවේ. ඔබගේ ශරීරය තුළ දිනකට දහනය වන කැලරි ප්‍රමාණය කොපමණද යන්න රඳා පවතින්නේ ඔබේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිදුවන වේගය, ඔබගේ බර, ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity) හා ව්‍යායාම කරන කාලසීමාව, සහ ව්‍යායාම නොකරන විට ඔබ දවස තුළ කොතරම් ක්‍රියාශීලී ද යන සාධක මතය. උදාහරණයක් වශයෙන්, ඔබගේ වෘත්තිය තුළදී ඔබට ශාරීරිකව වැඩිපුර වෙහෙස වන්නට සිදුවේ නම්, අමතර ව්‍යායාම කිරීමකින් තොරවම බර අඩුවීම සිදුවේ. එමෙන්ම, ඔබ දවසකට පැය කිහිපයක් ව්‍යායාම කලත්, ඔබ දවසේ අනෙක් කාලය තුළ ක්‍රියාශීලී නැතිනම් සහ ආහාර වලින් කැලරි…


කුරුලෑ වලින් රුව රැකගමු!

කුරුලෑ යනු සමේ බහුලව ඇතිවන තත්ත්වයක් වන අතර, සාමාන්‍යයෙන් මුහුණ, පිට, සහ පපුව යන ප්‍රදේශ වල හටගනී. සමෙහි කලුහිස් (Blackheads) සහ සුදුහිස් (Whiteheads) හටගැනීම කුරුලෑ වල සරළ ආකාරය වේ. ප්‍රදාහයට ලක්වූ, ආසාදිත, සැරව බිබිලි හටගැනීම, කුරුලෑ වල උග්‍ර ස්වරූපය ලෙස හැඳින්විය හැකි අතර, ඒ නිසා සමේ කැළැල් ඇතිවීම ද සිදුවේ. එමනිසා, කුරුලෑ වලින් ඔබේ රූපාලංකාරයට බලපෑමක් ඇතිවේ. කුරුලෑ ගැටවරයන් (Teenagers) අතර සහ තරුණ වැඩිහිටි අය අතර බහුලය. වයස 14-17 වන ගැහැණු ළමුන් අතර සහ වයස 16-19 වන පිරිමි ළමුන් අතර කුරුලෑ බහුලව දක්නට ඇත. සාමාන්‍යයෙන්, වයස විසි ගණන් වනවිට කුරුලෑ ඇතිවීම දක්නට නොලැබේ. ඇතැම් විට, කුරුලෑ වැඩිහිටි අවධිය තෙක්ම හටගන්නා…


නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…

නින්ද ගැන අලුත් තොරතුරු දැනගන්න ඔබත් කැමති වේවි. මක්නිසාද, නින්ද ඒ තරමටම අපේ ජීවිතයට සම්බන්ධයි. සෑම කෙනෙක්ම තම ජීවිත කාලයෙන් තුනෙන් එකක් (1/3) පමණ නිදාගන්න බව ඔබ දන්නවාද? නින්ද ගැන සොයාගෙන තිබෙන අලුත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරන්නයි අපි මේ ලිපිය යොදාගන්නේ. මේ තොරතුරු ඔබගේ දැනුමට මෙන්ම ඔබගේ සෞඛ්‍යය මනාව පවත්වා ගන්නත් වැදගත් වේවි. නිදිමැරීම හෙවත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම අනිසි බිය (Anxiety) ඇතිවීමට හේතුවක් වෙනවා. නිතර නිදිමරන අය තුළ තරමක බියසුලු ස්වභාවයක් ඇතිවෙනවා. ප්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබගේ හැකියාවන් වගේම සිතීමේ හැකියාව, මානසික ඒකාග්‍රතාවය, සහ බුද්ධිය සැලකිය යුතු ලෙස අඩුකරන්න සමත් වෙනවා. නිදිමැරීම ඔබගේ මනස ව්‍යාකූල කිරීමට සමත් වෙනවා යන්න එයින් ඔබට…